MAHINDA JANAPATRHI KARANNA WENAWA

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    අවුරුදු 10 ක් වයසැති දැරියක් පාසල් යන අතරතුර පැහැරගැනීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීමේ පුවතක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

    බණ්ඩාරවෙල මකුල්ඇල්ල, වනසිරිගම ප්‍රදේශයේ පදිංචි දැරියක් අද උදෑසන 6.50 පමණ පාසල් යෑම සඳහා නිවසින් පිටව ගොස් තිබේ.

    අවුරුදු 10 ක් වයසැති ඇය ඉගෙනුම ලබන්නේ මකුල්ඇල්ල විද්‍යාලයේ 6 වන වසරේය.

    දැරිය පවසන අන්දමට පාසලට යන මග ඇති වන සංරක්ෂණයට අයත් ටර්පන්ටයින් රක්ෂිතයක් තුළ ඇති මාර්ගයේ මෙම දැරිය වෙනදා මෙන් පාසලට යමින් සිට තිබේ.

    දැරිය වැඩිදුරටත් පවසා ඇත්තේ එලෙස ගමන් ගන්නා විට ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු ඇයව ඔසවා ත්‍රී රෝද රථයට දමා ගෙන ගිය බවය.

    පැහැරගැනීමට ලක් වූ දැරිය පොලීසියට පවසා ඇත්තේ අදාළ පුද්ගලයින් දෙදෙනා ත්‍රී රෝද රථයට දමා ගැනීමෙන් පසු තමන්ට බීමට යමක් දුන් බවය.

    නමුත් ඒවා තිත්ත රසයෙන් තිබු බැවින් කටේ රඳවාගෙන පසුව පිටතට විසි කර පසුව ත්‍රි රෝද රථයෙන් පැන ගොස් තිබේ.

    පසුව ත්‍රී රෝද රථයෙන් පැන ගිය අදාළ දැරිය පාසලට ගොස් පංති කාමරය තුළ හඬමින් සිටියදී පංතිභාර ගුරුවරිය විසින් විමසා තිබේ.

    අනතුරුව විදුහල්පතිනිය විසින් ගුරුවරියක් සමග අදාළ දැරිය බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

    පොලීසිය පැවසුවේ මේ වනවිට සිද්ධිය පිළිබඳ පරීක්ෂණ බණ්ඩාරවෙල පොලිස් කාන්තා කාර්යාංශය මගින් සිදුකරන බවය.