මෙයට හේතුව කුමක්ද ? උත්තරය බය ...
ඇයි බය ? වැරදි කරන හින්දා ....
වැරදි කරන අය කොමත් අන්තිමට මිත්‍යාවේ පිහිට පතනවා , ඔවුන්ට , සමාජයේ ආරක්ෂාව නැති හින්දා
වැරදි කරන්නම ඕනේද මචන් බය වෙන්න. එක එක කරදර එන කොට මිනිස්සු බෝධි පූජා කරනවා, සෙත් ශාන්ති කරනවා, හදහන බලලා ඒවා මොනවා හරි කරනවා, කිරි දාන දෙනවා, හිගන්නට දාන දෙනවා, බලු කපුටු දාන දෙනවා, නූල් බදිනවා, සුර දානවා, මුදු දානවා, කෝවිල් ගානේ යනවා, පූජා බඩු වට්ටි දෙවියන්ට පූජා කරනවා (කතරගම ගිහින් මිනිස්සු කරන්නෙත් ඒකයි), ගෙයි දේ පොළ ආරක්ෂාකරනවා, යන්ත්‍ර මන්ත්‍ර කරනවා, පන්සල් ගිහින් කොඩි ගෙට ගහනවා සෙත් වේවා කියලා ගහලා. වැරදි කරන්නම ඕනේ නෑ මිනිස්සු තුළ කොහොමත් බය කියන දේ තියෙනවා ආගම් වුනත් ඇති වුනේ ඒ බය සමනය කරගන්නයි. මම මහින්දට කඩේ යනවා නෙවෙයි නමුත් මේකෙත් ඇත්තක් තියෙන්න ඔනේ නැත්නම් ඔහොම මෙච්චර කාලයක් ඉන්න විදියක් නෑ නේ.