Maithri rejects MR

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,709
    9,366
    113
    හිටපු ජනපති මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතික්ෂේප කර ඇති බව ආරංචිමාර්ග පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පස්වරුවේ රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂනායක රැස්වීම ආරම්භ කර ඇත. ඊට‍ සහභාගී වූ සාමාජිකයෙකු සඳහන් කළේ මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විරුද්ධ වූ බවයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් සන්ධානයෙන් හෝ නිදහස් පක්ෂයෙන් නොවන වෙනත් පක්ෂයකින් මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

    අද රාත‍්‍රියේ තීරණාත්මක සාකච්ඡාවක්

    හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) රාත්‍රියේ පැවැත්වෙන රැස්වීමකදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිලගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසා සිටියා. ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට තරග කරන ආකාරය අදාළ රැස්වීමේදී තීරණය කරන බවයි.

    මේ අතර, කථානායක චමල් රාජපක්ෂ වටා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ සටන ගෙන යාමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති අමාත්‍ය සරත් අමුණුගම ප්‍රකාශ කළා. නිදහස් පක්ෂ නාම යෝජනා මණ්ඩලයේ සාමාජිකයෙකු ද වන ඔහු මේ බව සඳහන් කළේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වී ඇත්දැයි නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්තගෙන් අද (02) මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියා. ඒ පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවට සහභාගි වී ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදීයි. එවැනි තීරණයක් ගෙන නොමැති බව ඔහු එහිදී කියා සිටියා.

    මේ අතර මැදමුලන දී ඊයේ (01) විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ සඳහන් කළේ තමන් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත්වන බවයි. ජනතා ඉල්ලීම මත තීරණය ගත් බවද හෙතෙම සඳහන් කළා. කෙසේ වෙතත් මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන පක්ෂයකින් ද යන්න ප්‍රකාශ කළේ නැහැ.

    දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ සුළු පක්‍ෂ කිහිපයක එකතුවෙන් සන්ධානයක් ගොඩ නගා වෙනම ලකුණකින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තරගයට එනු ඇති බවයි.


    hiru
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    11038385_1454841614837182_5565720236346544438_n.jpg