Make Money with APK Review Websites + SEO Guide Part I

ravindra.xfiles

Junior member
  • Apr 23, 2009
    61
    32
    18
    Machan, mamath adsense walata site ekak haduwa.. 3 times reject .. 4th time damma .. still pending.. umbata pm kala.. adahasak denna puluwan nam watinwa.. :yes::yes:
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    මේක නම් සම්පුර්ණයෙන්ම බැලුවා..මමත් site එකක් කළා කාලෙකට කලින්. Tharuroxforjustice මෙම්බර්ටත් pm දාලා අහලා තියනවා සමහර දේවල්. උත්තර නම් ඇවිත් නැහැ..දැන් මගේ site ඒකේ domain ඒකත් expire වෙලා..යේම ගන්න 70$ යනවා..එහෙම හරි ආයේම පටන් ගන්න කැමති. මේ ත්‍රෙඩ් ඒක දිගටම කරන් යන්න...ගොඩක් වටිනවා..ජය වේවා
     

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    ela. jaya wewa! :-)

    machan newsletter theme eka aulak nadda?
    man use karala nam na. content walata hoda nam, clean nam, custom karaganna puluwan nam araganna.

    මේක නම් සම්පුර්ණයෙන්ම බැලුවා..මමත් site එකක් කළා කාලෙකට කලින්. Tharuroxforjustice මෙම්බර්ටත් pm දාලා අහලා තියනවා සමහර දේවල්. උත්තර නම් ඇවිත් නැහැ..දැන් මගේ site ඒකේ domain ඒකත් expire වෙලා..යේම ගන්න 70$ යනවා..එහෙම හරි ආයේම පටන් ගන්න කැමති. මේ ත්‍රෙඩ් ඒක දිගටම කරන් යන්න...ගොඩක් වටිනවා..ජය වේවා
    ela. next update eka dawas 10k wage athulatha danawa machan. wade karagena yamu. oya parana profie eke access na machan danata. balamu issarahata eka hadaganna. jaya wewa!
     

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    සති දෙකක් හරියටම ගත වුනා. හිතනවා මේ වෙනුවෙන් යම් කැප කිරීමක් කරලා මේ ගැන හොයල බලල දැන් ඉන්නව ඇති කියල කට්ටිය. තමන් කරන්නේ මේ දේ කියන එක තෝරගෙන ඇති කියල. එහෙම කලේ නැත්නම්, එහෙම උනන්දුවක් තිබුනේ නැත්නම් වගකීමෙන් කියනවා ඔයාට මේ ගමන යන්න අමාරු වෙයි. හරි අපි මේ ගැන අන්තිමට කතා කරමු. දැන් පාඩමට යමු.


    අද අපි කතා කරන්න යන්නේ ඔයා තෝරගත්තු ඇප් එකට අදාලව කොහොමද keyword research එකක් කරගන්නේ කියලා. මේක තමයි කොඳු නාරටිය වෙන්නේ ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ. මේ වැඩේදි මම ඇත්තටම free tools recommend කරන්නේ නෑ. ඒක කියන්න ඕන මුලින්ම. මොකද අපේ project එකක් සාර්ථක වෙන්න නම් ඒකේ accuracy එක අවම 95% කටවත් වැඩි වෙන්න ඕන keyword research එක. ගහෙන් ගෙඩි එන්න වගේ අපේ main focus keyword එක කොහේ හරි free tool එකක ගහල ආ මෙන්න suggest keyword ටික ආවා, ආ මෙන්න long tail keyword ටික ආවා, ආ මෙන්න keyword difficulty එක පට්ටම low ආ ඒ කියන්නෙ මෙක හොද එකක් තමයි... etc මේ වගේ ආතල් ගන්න එපා keyword research එකක් කරන්න යද්දී.

    මේක most important factor එක ඔයාගේ project එකේ. Project එකේ සාර්ථකත්වය රඳාපවතින වැදගත්ම සාධකයක් මේක. ඉතින් මේක නේද හරියටම කරගන්න ඕන.

    free tools වලින් ඉස්සර වැඩ කරල හොඳ හොඳ අත්දැකීම් තියෙන නිසාම ඒවා ගැන කියන්න යන්නෙ නෑ. මම recommend කරන්නෙ ahrefs එක. හේතුව 24/7 keyword database එක update වෙන හොදම service එකක් කියන්න පුලුවන්. ඇත්ත ගොඩක් අයට ගන්න සල්ලි නෑ තමයි. මේකට කරන්න පුලුවන් දේවල් දෙකක් තියෙනව. 1. කුහකකම නැතුව තමන් වගේම තව දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක එකතු වෙලා tool එක මාසෙකට buy කරල පාවිච්චි කරන එක. 2. Group buy දෙන සයිට් එකකින් අරගන්න එක. මේක ගොඩක් ලාබයි ඇත්තටම. මම recommend කරන්නේ groupbuyseotools.net එක. තමන්ට හොද වෙන ඒවා තියෙනම් පහලින් දාගෙන යන්න. අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙයි.



    කලින් කිවුව වගේ keyword research එක තමයි මූලිකම දේ වෙන්නේ අපේ project එකේ සාර්ථකත්වයට හේතුවන. අපේ වෙබ් සයිට් එකේ content writing වලදි වැදගත්ම දේ තමයි වැඩිපුරම search වෙන keyword terms අදුනගන්න එක. අපි හදන content එක, user කෙනෙක් search කරන keyword phrase වලට අදාලව සහ පහසුවෙන් සොයාගන්න ඉඩ සලස්වල දෙන එකයි අපි keyword research එකකදි කරන්න ඕන.

    සාමාන්‍යයෙන් හරියටම keyword research එකක් කරන්න සතියක්වත් ගත වෙනවා sure shot ම results generate කරගන්න නම්. Long list analyze කරගෙන, compare කරගෙන මේ දේ කරද්දී ඒ වගේ කාලයක් ගත වෙනවා දවසට ලොකු වෙලාවක් වැඩ කලත්. ඒ ගත වෙන කාලය කොච්චර වුනත් ඒක මාරම වැදගත් ඔයාගේ results ලැබෙන කාලයට. ඒ කියන්නේ ලොකු කාලයක් වැය කරගෙන හරිම keywords ටික අරගත්තා කියන්නේ ඔයාට ඒකෙන් results ලැබෙන්න ගත වන කාලය බොහොම අඩු වෙනව එතකොට.



    ඇයි keyword research එක වැදගත් වෙන්නේ?

    High volume සහ low difficulty keywords හොයාගන්න එකම නෙවෙයි keyword research එකක් කියන්නේ. Keywords වල value එක, ඒ keywords ඔයාගේ brand එකට, product එකට. Service එකට match වෙන විදිය සහ ඔයාගේ users ලා ඒ keywords use කරන විදිය, targeted audience එකක් ඒ keywords use කරනවද.. මේ හැමදේම keyword research එකක් කරද්දී බලන්න ඕන. එහෙම කලොත් තමයි ඔයාගේ onsite offsite strategy එකත් එක්ක සයිට් එකක් stable ranking වල තියෙන්නේ ගොඩක් දුරට. ඒ නිසා මේකට මොන තරම් වෙලාව ගත්තත් ප්‍රශ්නයක් නැහැ.


    මොනවද keyword වර්ග තියෙන්නේ?

    මේක ගැන විස්තර කියන්න ගියොත් සෑහෙන වෙලාවක් ඒ වෙනුවෙන් ගත කරන්න වෙනවා. මොන තරම් keywords වර්ග තිබුනත් මේ ත්‍රෙඩ් එකෙ මම keyword research එක විදියට කරන්නෙ general website එකකට keyword research එකක් කරගන්න විදිය. Commercial website එකකට, corporate website එකකට සහ affiliate website එකකට කරන විදිය වෙනස් වෙනව යම් යම් කාරණා එක්ක. මොකද අපි අපේක්ෂා කරන ප්‍රතිඵල වෙනස් නිසා එකකට එකක්.

    Keywords types මොනවද කියල දැනගන්න මෙ article ටික කියවන්න.




    කවුරුහරි මම මේ දාන සයිට්ස් කියවන්නේ නැත්නම් inbox ඇවිත් ඒ දේ ආයේ ආයේ අහනවනම් මම උත්තර දෙන්නේ නෑ එයාලට නම්. මොකද කම්මැලියොන්ට උදවු කරල වැඩක් නැති නිසා.


    කොහොමද keyword research එක කරගන්නේ?

    මම කලිනුත් කිවුවා එක එක අය මේක එක එක විදියට කරනව. මම කරන විදිය තමයි මම කියන්නෙ. Idea එක විතරක් අරගෙන තමන්ට ගැලපෙන විදියට හදාගන්න. මොකද මගේ විදියට මම වැඩ කරද්දී මේ තාක් කල් එකම එක සයිට් එකක්වත් මොන තරම් update ආවත් rank drop වෙලා නෑ. වගකීමෙන් කියන්නේ ඒක. හැබැයි ත්‍රෙඩ් එකක් ඇතුලේ සම්පූර්ණ මෙතඩ් කියන්න ගියොත් ලොකු කාලයක් ඒ වෙනුවෙන් ගත කරන්න වෙනවා. ඒ නිසා සාමාන්‍ය දේවල් ටික කියනව. ප්‍රශ්න අහන්න ත්‍රෙඩ් එකේ අමතර දේවල් ගැන. එතකොට ඒ දේවල් ගැන කියල දෙන්නම්.

    අපි යමු steps වලට..

    • පලවෙනි කාරනේ තමයි තමන්ගේ niche එක හොදට study කරන්න. තමන්ගේ project එකට කීවර්ඩ්ස් හොයන්න කලින් ඉස්සෙල්ලම් කරන්න ඕන දේ තමයි තමන්ගේ topic එක ගැන ගැඹුරටම ගිහින් හොයන එක. ඒකේ පැතිරීම ගැන අවබෝධයක් ලබාගන්න එක තමයි වැදගත්ම දේ. ඒ විදියට හොයද්දී ඔයාට ලැබෙන අදහස් ඔක්කොම නෝට් කරගන්න spread sheet එකක. මෙතනදි ලැබෙන තව දෙයක් තමයි මෙච්චර කාලයක් දැක්ක නැති පැතිකඩක් වුනත් මේ වෙලාවෙදි ඔයා දකින්න පුලුවන් ඒ නිච් එක ගැන.
    මෙතනදි තව extra දේවල් ටිකක් තියෙනව කරන්න.
    • ඇප් එකක් නම් ඔයා ඒක download කරල use කරල බලන්න ඕන මේකෙ වෙන්නෙ මොනවද කියන එක. ඔයා user කෙනෙක් වෙන්න ඕන මුලින්ම. එහෙම නැතුව එක එක සයිට් අටවගත්ත කියල ඒකට වෙන මහන්සිය අඩු කරගන්න ලැබෙන එකක් නෑ අනාගතයෙදි.
    • ඊලගට ඔයාගේ ඇප් එක හෝ ඒ niche එකට අදාලව තියෙන online community වලට join වෙන්න ඕන. Forums, social media groups වලට එකතු වෙන්න ඕන. එකතු වෙලා බලන්න ඕන මොනවද ඒ ගැන මිනිස්සු කතා වෙන්නේ කියල. එතකොට ඔයාට ලොකු අවබෝධයක් ගන්න පුලුවන් ඒකේ potential එක ගැනත්.

    • ඔයාගේ goals ටික මුලින්ම අදුනගන්න.
    ප්ලෑන් එක හදාගන්න කලින් මේ වෙබ්සයිට් එකෙ goals ටික අදුනගන්න.
    • මගේ වෙබ්සයිට් එක කවුද?
    • මගේ website එකේ brand එක මොකද්ද?
    • මොකක් නිසාද මගේ වෙබ්සයිට් එක විශේෂ වෙන්නේ?
    • මොකද්ද මගෙ website එකෙන් ලැබෙන benefit එක?
    මේ දේවල් ටික අදුනගත්තට පස්සේ ඔයාට පුලුවන් ඔයාගේ සයිට් එකට ඕන කරන අනන්‍යතාව ගොඩ නගාගන්න අවශ්‍ය කරන සැලසුම හදාගන්න. මේකත් එක්ක ඔයාගේ keyword research එක content marketing සහ seo strategy එකට ඒ කාරනා ප්‍රයෝජනවත් වෙනව.

    මේ හැමදේම ඔයාගේ සයිට් එකට අදාලව note down කරගන්න අර මම කියපු spreadsheet එකේම.

    • අදාල මාතෘකා ටික එකතු කරන්න.
    මේකෙදි වෙන්නේ ඔයාගේ main idea එකට අනූව topics එකතු කරන එක. ලොකුම topic එකක ඉදන් පුන්චිම topic එකකට යනකල්ම ඔයා සයිට් එකේ අදහසට අනූව මාතෘකා එකතු කරගන්න ඕන.

    උදාහරණයක් catmouse apk එකම ගත්තොත්:

    Catmouse apk safety tips

    Catmouse apk user guide

    Catmouse apk is legal

    Catmouse apk toubleshoot

    මේ වගේ topics එකතු කරගන්න ඕන මුලින්ම. වැඩි පුරම හිතන්න මොන topics ද users ල search කරන්නේ කියන එක. අවසානේ ඔයාට පුලුවන් මේ topics ම කුඩා කොටස් වලට කඩාගෙන ඒවට related keywords ටික වෙන වෙනම එකතු කරගන්න අර කියපු sheet එකේම.

    • Seed keyword ලිස්ට් එකක් හදාගන්න
    දැන් ඔයා ඔයාගේ niche එකේ අවශ්‍ය කරන sub topics ටික හදල ඉවරයි. දැන් එහෙනම් කරන්න ඕන ඒවට ගැලපෙන seed keywords list එක වෙන වෙනම එකතු කරගන්න එක. මේ හොයන keywords ටික අනිවාර්යෙන්ම related වෙන්න ඕන ඔයාගේ topic එකට ඒ වගේම audience එක ඒවා හොයන keywords වෙන්න ඕන. මේක කරන්න දැන් හරිම ලේසියි හේතුව ඔයා ඔයාගේ niche එක sub topic වලට කඩල තියෙන නිසා.


    • හොද keyword research tool එකක් පාවිච්චි කරල deep research එකට යන එක.
    මේකට මම පාවිච්චි කරන්නේ ahrefs සහ google keyword planner එක. GKP එකේ දැන් දෙන්නේ range එකක් නිසා ඒ keywords ම adword campaign එකකට දැම්මම volumes පෙන්නනව. ඒක අමතර දෙයක්. Ahrefs ගන්න සල්ලි නැති අයට කරන්න දේවල් දෙකක් තියෙනව. 1. Groupbuy දෙන සයිට් එකකින් මාසයකට අරගන්න එක. 10$ක් වගේ වියදම් වෙයි ඒකට. 2. යාලුවෝ කීපදෙනෙක් එකතු වෙලා අරගන්න එක. අපි ahref guide එක අවසානයට යවමු.

    • search intent එක අදුනගන්න එක.
    මේක තමයි keyword research එකක හදවත විදියට මම දකින්නේ. මේක හරියටම කලොත් ඔයා research කරන keywords වල ranking accuracy එක අතිශයින්ම ඉහල යනව. Search intent එක හරියට අදුනගත්තොත් ඔනේම website එකක් skyrocket කරන්න පුලුවන්. ගොඩාක් seo expert ලා කියාගන්න අය search intent follow කරන්නෙවත් නෑ, ඔවුන් හැමවෙලාවෙම කරන්නෙ third party tool එකකට තමන්ගේ වගකීම බාරදීලා ඒකේ results 100% හරි කියල බාරගන්න එක. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. කවදාවත් third party tool එකක result එකක් මත depend වෙන්න එපා!! යැපෙන්න එපා!! තමන් deep research එකක් නොකර එතනින් එහාට යන්න එපා. මේක වගකීමෙන් කියන්නේ. මම අනන්ත එවල තියෙනවා screenshots පවා සමහර අය පට්ටම low difficulty එකක් තියෙන CPC වැඩි keyword එකක් හොයාගෙන ඒකේ සතුට කියන්න. deep research එකක් කරලනම් වැරැද්දක් නෑ ඒකේ. ඒත් ඇත්තටම ඒ අර third party tool එකකින් විතරක් එන result එක මත ඇස් දෙකෙන් දැකල එන ආවේගය මත කරන දේවල්. ඒක වැරදියි කියන්නයි ඕන කලේ.

    ඇයි search intent එක වැදගත් වෙන්නේ මේච්චරටම..

    අද මේ වෙනකොට google engine එක වැඩිපුරම run වෙන්නේ machine learning මත. ඒ කියන්නෙ algorithm process වෙන්නේ machine learning එක්ක. මේක එන්න එන්නම් දියුණුවට පත් වෙනව. හේතුව තමයි දිනපතා මිනිස්සු පාවිච්චි කරන user queries, search terms එක්ක සංසන්දනය කිරීමේ හැකියාව දවසින් දවස ඉතා සීග්‍රයෙන් ඉහල යන නිසා.

    Search intent එකක් කියන්නෙ “මොකද්ද හේතුව මිනිස්සු මේ වචන පේලිය(search term එක) internet එකේ හොයන්න” කියන දේ. ඇයි මිනිස්සු මේ දේ හොයන්නේ කියන එක algorithm එක දැන් පරීක්ෂා කරනව machine learning technology එකත් එක්ක.

    ඒකට මේ technology එක හිතන කරුනු ටිකක් තියෙනව.

    • ඇයි මිනිස්සු මේක හොයන්නේ?
    • මෙයාලා මේක හොයන්නේ ප්‍රශ්නෙකට උත්තරයක් බලාපොරොත්තුවෙන්ද?
    • මෙයාලා මේ හොයන්නේ විශේෂ වෙබ්සයිට් එකක්ද?
    • මෙයාලා මේක හොයන්නේ මොනවහරි මිලට ගන්නද?
     

    Attachments

    • 1592390548466.jpeg
      1592390548466.jpeg
      62.1 KB · Views: 727
    • 1592390565855.jpeg
      1592390565855.jpeg
      51.3 KB · Views: 727
    • 1592391256239.jpeg
      1592391256239.jpeg
      59 KB · Views: 738
    • 1592391456770.jpeg
      1592391456770.jpeg
      45.5 KB · Views: 723
    • 1592391490055.jpeg
      1592391490055.jpeg
      75.2 KB · Views: 222
    • 1592392361661.jpeg
      1592392361661.jpeg
      106.3 KB · Views: 720
    • 1592392397024.jpeg
      1592392397024.jpeg
      107.3 KB · Views: 728
    • 1592392456216.jpeg
      1592392456216.jpeg
      75.2 KB · Views: 728
    • 1592392520290.jpeg
      1592392520290.jpeg
      107.3 KB · Views: 224
    • 1592392659786.jpeg
      1592392659786.jpeg
      64.4 KB · Views: 733

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    මේ සිද්ද වෙන්නෙ machine learning process එක නේ. ඔයාට පුලුවන් keyword research එකේදී මේ machine එක බවට mind එක පත් කරන්න. අනිවාර්යෙන්ම results ලැබෙනවා එහෙම කලොත්. ඔයා හිතන්න ඔයා තමයි ඔයාගෙ සයිට් එකේ niche එකට අදාලා audience එක කියල. ඇයි මම මේක හොයන්නේ? මම මොනවද මේක හොයාගන්න type කරන්න ඕන search bar එකේ, මම මේ buy කරන්න යන්නේ හරිම දේද? මම කොහොමද හරිම සයිට් එක අදුනගන්නේ? මේ සයිට් එකෙන් මට ඕන දේ කෙරෙනවද? .... etc මෙන්න මේ වගේ user ඔයා වෙන්න. ඔයාට ඒ ideas ටික ආවට පස්සේ search intent එක ගැන ඔයාට පුලුවන් ඒ ඔයාගේ keyword research results ටික තවදුරටත් tune කරල ගන්න. Large volume තියෙන keywords අරගන්න එක හොදයි, නමුත් audience එකට හරියටම 100% ගැලපෙන, user ලගේ search intent වලට හරියටම match වෙන keywords ටික ගන්න පුලුවන් නම් ඒක තමයි වටිනම දේ.


    • Long tail keyword අරගන්න එක.
    Commercial site එකකදි නම් මම use කරන්නෙම long tail විතරයි. ඇයි, ඒ long tail ඔස්සේ එන visitor එන්නේ අනිවාර්යෙන්ම දෙයක් buy කරන මානසිකත්වයෙන්. ඉතින් සයිට් එක හරියටම ගොඩනගල තිබුනොත් මේ user ව buyer කෙනෙක් බවට convert වෙනව කිසිම අපහසුවකින් තොරව. දැන් මේ අපි කරන්න යන විදියේ සයිට් වලට වුනත් long tail keyword, search phrases වලින් ගැලපෙනම, targeted audience එකක් සයිට් එකට ගෙන්න ගන්න පුලුවන්. Long tail keywords වලට visitors ලා count එක අඩු වුනත් ඒ එකතු වෙන පිරිස නිසා සයිට් එකේ usage එක වැඩි වෙනව. හේතුව ඔවුන් targeted audience එකක් නිසා. කොහේ හරි spam backlink එකක් ගහල, ආතක් පාතක් නැතුව එන traffic එකක් නෙවෙයි ඒක. Genuine targeted traffic එකක්. මේක increase වෙන්න වෙන්න overall site එකේ reputation එක පවා ඉහල යනව. long tail pro එක ඕන අය කියන්න. දෙන්නම්.

    මොනවද මේ long tail keywords කියන්නේ. ඇත්තම් කියනවනම් අපි අර කලින් කතා කරපු sub topics වල user කෙනෙක් වචන කීපයක් එකතු කරගෙන type කරන queries තමයි long tail keywords බවට පත් වෙන්නේ. මේවයේ volume එක ගොඩක් අඩුයි. Search intent එකකට සයිට් එකක් හදන එක හරිම ලේසියි long tail keywords එකතු කරගත්තට පස්සේ.



    • ඔයාගේ competitors ලාව හොයල එයාලගේ keywords අරගන්න එක.
    ඔයාගේ niche එක ගැන keyword research එක වෙනම කලාට මදි. මේ step එකත් ඒකට එකතු වෙන්න ඕන stable keyword research එකක් කරගන්න නම්. Ahref වලින් ඒක හොදින්ම කරගන්න පුලුවන්. SEM වලිනුත් පුලුවන් ඇති. මම ට්‍රයි කරල නෑ, කරල බලන්න තියෙන අය. මේක හොදම විදියක් ඔයාගේ keyword research එක කරද්දී. ඔයාගේ competitor ලා කරන දේවල් ගැන ඔයා දැනගන්න ඕන. Keywords වගේම site experience එකත් අපේ top competitor ලගෙන් අපි උස්සන්න ඕන. Keyword ranking opportunities අදුනගන්න competitor analyze එක උදවු වෙනව. මේ ගැප් එක අදුනගන්න පුලුවන් ඔයා competitor ගේ related keywords analyze කරල ඒවයින් low to medium range එකේ keywords ටික අරගත්තම.


    මේ කියපු කාරනා ටික හරියට කලොත් ඔයාට පුලුවන් වෙනව හොදම content strategy එකක් වගේම හොද SEO strategy එකක් හදාගන්න ඔයාගේ සයිට් එකට. මේකට කොච්චර කාලය වැයවුනත් ඒ වැය කරන කාලය අනාගතයට කරන ආයෝජනයක් වෙයි. මම කලිනුත් කිවුවා මේකට මට සාමාන්‍යයෙන් සතියක් වගේ යනවා. සමහර වෙලාවට ඒ කාලය කැප කිරීමේ වටිනකම කොච්චරද කියනවනම් backlink එකක්වත් නැතුව සයිට් එක first page එකට ආපු අවස්ථා තිබුනා. ඒ නිසා වගකීමෙන් කියන්නේ වැඩ කරන්න. ඕනේ තරම් resources තියෙනව YouTube එකේ ඒවා බලන්න. තව articles කියවන්න.


    අපි යමු දැන් මුලදි නවත්තල ආව ahref එක පාවිච්චි කරල මේ ඇප් සයිට් එකට අදාලව keyword research එකක් කරගන්න විදිය ගැන බලන්න. ahref එක සීමිත පිරිසකට දෙන්න පුලුවන්. ත්‍රෙඩ් එක අන්තිමට බලන්න.

    මම මේකෙදි example එක විදියට අරගන්නවා මේ app එක.

    root genius

    මුලින්ම ඔයාගේ keyword එකේ trend එකක තවම තියෙනවද? ඒක ඉහලටද පහලටද යන්නේ? සමාන්‍ය මට්ටමක තියෙනවද මෙන්න මේ කරුන හොයල බලන්න ඕන.

    සාමාන්‍යයෙන් ups and downs එක්ක හොඳ පැතිරීමක් තියෙනවනම් ඒ topic එක ගැන තවදුරටත් අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්. මේක බලන්න පහුගිය මාස 3 සහ අවුරුද්දක කාලයක් ඇතුලෙ කොහොමද පැතිරීම කියන කාරනේ.

    මේ මාස 3ක පැතිරීම

    1592390548466-jpeg.82526


    මේ අවුරුද්දක trend එක මේ niche topic එකේ

    1592390565855-jpeg.82527


    මම තේරුම් ගත්ත දැන් මේ topic එකේ සමාන්‍ය වියාප්තියක් තියෙනව කියන එක. ඊලගට යන්න buzzsumo එකට ගිහින් බලන්න ඕන මේ keyword topic එකට තියෙන social engagement එක කොච්චරද කියන එක. මෑතක ඉදන් ඒවායේ engagement එක අඩුම 500 වත් නැත්නම් ඔයාට ඒ වෙනුවෙනුත් මහන්සි වෙන්න වෙනව social engagement එක මේ වෙනුවෙන් හදන්න. buzzsumo වල පුලුවන් ඒ ඒ topic වලට දැනට publish වෙලා තියෙන articles වල analysis එකක් ගන්න. ඒකෙන් idea එකක් ගන්න මොනවගේ content base එකකට ඔයාට යන්න වෙනවද කියන එකත්.

    1592391256239-jpeg.82528


    ඒ වගේම related keywords වල trend එක බලන්නත් පුලුවන්..

    1592391456770-jpeg.82529


    ඊලගට ahref එකට එන්න ඕන. ඒ ඇවිත් අපේ main keyword එක enter කරගෙන united states දාලා search කරන්න ඕන. ඒ වෙලාවේ keyword details update වෙලා නැත්නම් ඒක ඒ වෙලාවෙම update කරගන්න.

    මෙතනදි අර ඔයාලා කලින් හදාගනිපු spreadsheet එක ප්‍රයෝජනයට ගන්න ඕන. ඒකේ ඔයා target කරන්න බලාපොරොත්තු වෙන keywords 15ක් 20ක ලිස්ට් එකක් හදාගන්න ඕන. මම පාවිච්චි කරන spreadsheet එක මෙතන දානව. ඕනම් කෙනෙක්ට ඒක edit කරගෙන use කරන්න පුලුවන්. ඉස්සරහට එන හැම වැඩක්ම ඒකේ note වෙන්න ඕන.


    ඊටපස්සෙ එන result එක තමයි මේ.

    1592392361661-jpeg.82531


    එතකොට මෙතනදි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ කහ පාටින් රවුම් කරල තියෙන තැන බොරුවට රැවටෙන්න එපා. මේකෙ කියන විදියට backlinks 6 ඕන මේක මේ keyword එකට රෑන්ක් කරන්න. ඒක අමු බොරුවක්. ඒ ඇයි කියන එක තව ඇතුලට ගියාම බලන්න පුලුවන්.

    ඊලගට බලන්න search positions වල වෙනස් වීම මොනවගේද විහිදිලා තියෙන්නේ කියන එක. 1 to 10 search engine rank positions වල තියෙන sites මොන වගේද, ඒවා authority sites ද කියන එක ගැන අදහසක් ගන්න. ඒවත් ඇතුලටම analyze කරගෙන යන්න.

    Keywords අරගනිද්දී මම මෙහෙම filter එකක් තියාගන්නව. Difficulty එක 12ට අඩුවෙන්, search volume එක ගොඩාක් වෙලාවට min 500+ විදියට setup කරගන්නව. හේතුව 12ට 10ට අඩු keywords ඇත්තටම rank කරන්න හරිම ලේසියි හොද seo strategy එකක් එක්ක.

    1592392397024-jpeg.82532


    බහුතරයක් ගත්තොත් මේකේ keyword volume එක ඇත්තටම මීට වඩා ගොඩක් වෙනස් වෙන්න පුලුවන්. ඊලග වැදගත්ම කාරනේ සමහර වෙලාවට අපි US දාලා මේව search කලත් වෙනත් country එකක මේක මීට වඩා සෑහෙන්න වෙනස් වෙන අවස්ථාවල් තියෙනව අනිවාර්යෙන්ම. මේකෙත් එහෙම දෙයක් තියෙනව.

    1592392456216-jpeg.82533


    Indonesia වල බලන්න volume එක වෙනස්, keyword difficulty එක same. හැබැයි සමහර වෙලාවට මේක US වලට වඩා සෑහෙන්න අඩු වෙනව. ඒ වගේ වෙලාවට ඒ keywords වෙනම අරගෙන country extension එකක් විදියට translate languages පාවිච්චි කරල ඒ ඒ රටවල් වලට ගැලපෙන විදියට pages setup කරල අදාල රටට රෑන්ක් කරන්න පුලුවන් ඒ page එක. මේක තව පොඩි කාරනා ටිකක් තියෙනවා. ඔයාල දැනගන්න ඕන මගෙන් දැනුම අරගන්න. ත්‍රෙඩ් එකේ ප්‍රශ්න අහන්න කියන්නෙ ඒකයි. එකම දේ 10 දෙනෙක්ට කියන වෙලාව ඉතුරු වෙනව ඒකෙන්.

    1592411266010.jpeg


    Main competitor ව site search එකට දාලා එයාගෙ organic keywords ටිකත් අරගන්න. අරගෙන ඒවත් deep analyze කරගන්න. කොච්චර එයාලා බරක් දීලා තියෙනවද කියන දේ හොයල ගන්න.

    1592392659786-jpeg.82535


    මේකෙ DR, UR මේවා දැකල බය වෙන්න එපා. ahrefs එකේ දෙන මේ metric එක ගැන වදවෙන්න දෙයක් නෑ. මොකද domain resell කරන්න ඕන වුනාම site එකක මේ DR, UR සති 3ක්, 4ක් වගේ ඇතුලත 80කට 90කට වැඩි කරන්න පුලුවන් ලේසියෙන්ම. ඒකට පොඩි trick එකක් විතරයි තියෙන්නේ. ඕනනම් අහන්න කියල දෙන්නම්. ඒක කිසිම වැදගත් කමක් නම් නෑ සයිට් එකට. reselling value එක වැඩි කරගන්න පුලුවන්. එච්චරයි.

    එතකොට මේක ගැන බැලුවොත් පේනවා මේ top site එක anchor text වල විහිදීම මෙලෝ රහක් නෑ ඇත්තටම. URL distribution බැලුවොත් මාරම low quality links තියෙන්නේ. ලේසියෙන්ම outrank කරල දාන්න පුලුවන් හරි strategy එකකට වැඩ කරගෙන ගියොත්. මේ වගේ ගොඩක් සයිට්ස් තියෙනව එලියේ. හොයල අරගන්න අරගෙන හොදට analyze කරන්න. අනිවා දාර loophole තියෙන්නේ ගොඩාක් සයිට් වල.

    15.jpg


    Trusted flow එක සෑහෙන්න අඩුයි. අපි try කරන්න ඕන හැමතිස්සෙම අපේ competitor ට වඩා වැඩි වැඩ ප්‍රමානයක් කරන එක නෙවෙයි, වැඩ වල quality එක වැඩි කරන එක. දැන් මම මේ topic එකට වෙබ්සයිට් එකක් හැදුවොත් මම අනිවාර්යෙන්ම මේ සයිට් එක මාස 3ක් ඇතුලත outrank කරනව. හේතුව හරි strategy එකකට, quality over quantity කියන තැන ඉදන් වැඩ කරන්න ඕන.

    17.jpg


    16.jpg


    Organic keywords, competitor ගේ keywords මේ හැම එකක්ම ඔයාට ඕන වෙනවා. ඇත්තටම keyword research එක කරන විදිය ගොඩාක්ම විස්තර කරන්න ගියොත් ලොකු කාලයක් ඒ වෙනුවෙන් වැය කරන්න වෙනව. මොකද මේ keywords වලට රෑන්ක් වෙලා තියෙන pages වල content එකේ quality එක ඒ ඒ pages වලට පාවිච්චි වෙලා තියෙන backlinks ප්‍රමානය, ඒවායේ quality එක, අපිට ඒවට වඩා quality links build කරන්න පුලුවන්ද බැරිද කියන එක, ඒ content quality එක අපිට දෙන්න පුලුවන්ද කියන එක, authority site තිබුනත් ඒවායේ අදාල pages වලට පාවිච්චි වෙලා තියෙන anchor text වල quality එක, ඒවට හැදිලා තියෙන backlinks ප්‍රමානය වැඩිද අඩුද කියන එක, competitor ගේ කොච්චර backlinks ගානක් තිබුනත් ඒයාගේ anchor text වල විහිදීමත්, ref domain වල quality එකත් කියන කාරනා දෙක හරියට check කරගත්තොත් ඊට වඩා ඉහල quality එකක් තියෙන backlinks අඩු ප්‍රමානයකින් ඒ keyword එකට සයිට් එකක් outrank කරල දාන්න පුලුවන්. මේ වගේ කරුනු ගනනාවක් තියෙනව research එක කරද්දී.
     
    Last edited:

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    ඊලග එක ත්‍රෙඩ් එකකින් ඒක කියනකොට ඒකේ තියෙන ගොඩාක් විස්තර කරන්නත් අමාරුයි ඇත්තටම. මොකද ඒක මාර වෙලාවක් වැය වෙන දෙයක්. නමුත් අහන්න තියෙන ඕනෙම දෙයක් ත්‍රෙඩ් එකේ ප්‍රශ්න විදියට අහන්න. ඒ අයට ඒ වෙලාවට කරන්න ඕන දේ කියන්නම්. අහන දේවල් PM දාලා අහන්න එපා. පොදුවෙ ත්‍රෙඩ් එකේ අහන්න. මොකද ඒක අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙන නිසා ගොඩක් වෙලාවට. තමන්ගේ සයිට් ගැන ප්‍රශ්න inbox අහන්න එපා. මෙතන ත්‍රෙඩ් එකේ අහන්න. ඒකට දෙන උත්තරය අනිත් අයටත් වැදගත් වෙයි. මොකද මේක හැමෝම උඩට යන්න ඕන ගමනක්.

    තව දේවල් හොයන්න. අමාරු තැන් ටික ප්‍රශ්න විදියට අහන්න. මටත් මොනාහරි මග ඇරිලා නම් ඒකත් කියන්න. එතකොට ඒ ගැනත් කියන්නම්. මගේ ලොකු වැඩ ගොඩක් අස්සෙයි මේ ත්‍රෙඩ් එක කරගෙන යන්නේ. මේ අවුරුද්ද විශේශ අවුරුද්දක් නිසා. හැමදේම ලගට වැටෙනකල් බලන් ඉන්න එපා. වැඩ කරන්න. හිර වෙන තැන් වල අහන්න. competitor ව analyze කරගන්න විදියත් පොඩ්ඩක් ඊලග ත්‍රෙඩ් එකේ මුලට කියල දෙන්නම්. ඒවටත් guides තියෙනව internet එකෙම. ඒවා බලන්න.
    මේ වීඩියෝස් ටික ඔක්කොම බලන්න. Keyword research එකක් කරගන්න විදිය ගැන.




    මේ දේ ගැන ත්‍රෙඩ් එක දාලා, විස්තරයක් දාලා සති දෙකක් මේ වෙනුවෙන් දීලා බලාපොරොත්තු වුනේ මේ දේ කරනවනම් ඒ ගැන හොදට විස්තර හොයල එන පිරිසකට එතනින් එහාට මේ දේ අරගෙන යන විදිය කියල දෙන්න. එහෙමවත් උනන්දුවක් නැත්නම්, තමන්ට වෙලාව නෑ කියනවනම්, තමන්ගේ ජීවිතේ වෙනසක් කරන්න තරම් තමන්ගේ හිත ඉඩ දෙන්නේ නැත්නම් ඒක ඇත්තටම තමන්ගේ පවුකාරකම තමා. ඒක පවුකාරකම, වෙනත් වචනෙකින් කියනවනම් කාලකණ්ණි කම නිසා වෙන දෙයක්. සමාවෙන්න ඕන එහෙම කියනවට. නමුත් යථාර්ථය ඒක. හැබැයි තමන්ගේ පව කියන සංකල්පය සම්පූර්ණයෙන්ම නිලීන කරවන්න පුලුවන් තමන්ගේ උපරිම උත්සාහයෙන් සහ කැපවීමෙන්. වාසනාව කියල දෙයක් මේ ලෝකේ නෑ. තියෙන්නේ අධික අසාවක් එක්ක මිශ්‍ර වුන අධික වීර්‍යය හැමවෙලාවෙම අපිව ජයග්‍රහනය කරා ගෙනියන එක. මට මගේ ජීවිතේ හැමදේම ලැබුනේ වාසනාව නිසා නම් නෙවෙයි. වගකීමෙන් කියන්නේ. වාසනාව හරි, දෙයක් ලගට වැටෙනකල් බලන් හිටිය නම් හරි, මගේ ජීවිතේ ඉබේම වෙනස් වෙයි කියල බලන් හිටිය නම් අද මම මෙතන නැහැ කීයටවත්.

    ජීවිතේ ඉහලට අරගෙන එද්දී මම තේරුම් ගනිපු කාරනා කීපයක් තිබුනා. එකක් තමයි අපේ පව කියන දේ හැම වෙලාවකම උත්සාහ කරන්නේ අපිව බිමටම ඇදලා දාන්න. අපි මොනතරම් ඉහලට යන්න උත්සහ කලත්, මේ දැන් ඉදන් වෙනස් වෙනව කියල හිතුවත් ඒ වෙනුවෙන් යම් පියවරක් ගන්න තරම් හිතට හයියක් ලැබෙන්න අපේ පව ඉඩ තියන්නේ නෑ. මොකද පොර කැමති අපිව සදාකල් කම්මැලි කරවල, අපිව ඉන්න තැනටත් වඩා පහලට යවන්න හෝ අපිව දැනට ඉන්න තැනම රඳවන්න එතන අපිට සැපයි කියල දැනෙන්න සලස්වල. මෙන්න මේ කාලකණ්ණිකම, ඒ පවුකාරකම පරාද කරන්න පුලුවන් අධික වීර්යයෙන්, අධික උත්සාහයෙන් විතරමයි. ඒකට සිතිවිල්ලක් ඕන වෙනවා ගොඩක් බලවත්. ඒක කරන්න මනස ශක්තිමත් නැත්නම් ඉස්සෙල්ලාම කල යුතු දේ මනස වෙනස් කරන එක. ඒක කරන්නත් ඉඩ දෙන එකක් නෑ ඔයාට. ලේසියෙන් ඒ දේ කරන්න ඉඩ දෙන්නේ නෑ ඔයාගෙ යටි හිත. මොකද අවුරුදු 20ක් එක දිගට program වුන මොලයක් ආයේ reprogram කරනව කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. වගකීමෙන් ඒකත් කියන්නේ. ඒකට මොකද්ද කරන්න ඕන. අන්න ඒ දේවල් ටික කියල දෙන්නම්.

    මොකද අපේ මනස හදන්නේ නැතිව අපිට අවශ්‍ය තැනට යන්න ලැබෙන්නේ නෑ ඇත්තටම. මොකද මනස හදන්නේ නැතිව අපි කොච්චර ඉහලට යන්න ගියත් ආයේ අපිව හිටපු තැනටම ඇදලා ගන්න අපේ යටි හිතට ගත වෙන්නෙ පොඩි කාලයක් විතරයි. අන්න ඒ නිස ඒ ගැන අපි කතා කරමු. කතා කල යුතුයි අනිවාර්යෙන්ම. ත්‍රෙඩ් එක දිග වැඩි වෙන නිසා ඒක වෙනම දාන්නම්. දැනට පොඩි උපදෙසක් විතරක් දෙන්නම්. Social media, TV සහ news බලන එකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. අඩුම අවුරුද්දක කාලයකට. සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. ඒක කරන්න හිත ඉඩ දෙන්නේ නැත්නම් ඒක තමයි කාලකණ්ණිකම කියන්නේ. මම social media පාවිච්චි කරන්නේ නෑ අදටත්. එලකිරි එකේ වුනත් home page එකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. Follow කරන්නේ මේ field එක නම් මේ forum එක විතරක් bookmark දාලා load කරගන්න. මම කරන්නේ නම් එහෙම.

    කිසිම විදියක negativity එකක්, කුනු ගොඩවල් ඔලුවට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ දැන්. ඒ තරම් negative දේවල් එලකිරි home page එකේ, Facebook, Instagram එකේ තියෙනවා. තව කෙනෙක් ගැන තරහ වපුරන දේවල්, කා කොටා ගැනීම්, තවත් අයව විනිශ්චය කරන පෝස්ට්ස්, මේ වගේ කිසිම තේරුමක් නැති, උපන්නාට ජීවත් වෙන කාලකන්නි මිනිස්සු කරන දේවල්. යහපත් දෙයක් තමන්ගේ ජීවිතේට වැදගත් දෙයක් එකතු වෙන්නෙ නෑ ඇත්තටම. ඇතුල් වෙන්නේ වයිරය, ද්වේශය වගේ ආවේග විතරයි. මේ දේවල් වලින් ඈත් නොවුනොත් ඔයාට මේ ගමන එන එක හීනයක් විතරක් වෙයි හැමදාමත්. ඒකත් වගකීමෙන් කියන්නේ. ඊලග ත්‍රෙඩ් එකෙන් හම්බවෙමු. Onsite seo part එක ගැන අපි ඊලගට කතා කරනව.

    P=>T=>F=>A==>R

    Mind එක උපන්දාසිට program කරල තියෙන විදිය - Program
    හේතු වෙනව සිතිවිලි වලට - Thoughts
    සිතිවිලි හේතු වෙනව හැඟීම් වලට - Feelings
    හැගීම් හේතු වෙනවා ක්‍රියාවලට - Actions
    ක්‍රියා හේතු වෙනව ප්‍රතිඵල වලට - Results

    ජය වේවා!

    longtail pro, ahrefs, majestic වැඩක් කරන සීමිත පිරිසකට දෙන්න පුලුවන්.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,679
    2,750
    113
    thanks mchn part 2 dammata.
    mata prashna wagayak thiyenawa. methana samahara ewa internet eken hoyala mama idea ekak gaththa. but mama kemathi oyage personal answers ganna puluwannam oyage opinion ekath ekka.

    1. oya root genius example eka gaththoth, root genious site eka nethuwa oya 1st page eke dena anith sites okkoma wage apk download/ software sharing sitesne malavida wage. e kiyanne e wage apk sharing sites witharak thiyena keyword ekak unath apita apk micro niche site ekakin outrank karanna puluwanda? dan oya root genious eka karana kena godak welawata site eka patan ganna kalin 1st page eke thiyenna aththe okkoma apk sharing sites ne. normally kiyanne 1st page eke api target karna wage sites nethnam e keywords try karala wedak nehe kiyalane.
    2. rootgenius wage context ekakata adsense dala thiyenne kohomada? account eka pitin ban wenne nedda policy violation nisa?
    3. mama apk niche site ekakata keyword research ekak karanna try kara. mata hambunu okkoma high search volume keywords video streaming, mod apk ehema nethnam rooting related ewa. e wage ekak try karana eka therumak weida?
    4. apk review site ekakata keyword research ekak karaddi main keyword volume eka minimum keeyak wage thiyenna oneda ape effort ekata return ekak enna? 1000 per month madi neda?
    5. meka nam adala nethi prashnayak kuthuhalayak api nisa ahanne, kohomada ara site eka lankawe kenekge kiyala kiwwe? domain whois guard ekak dalane thiyenne.
    6. me prashne ada context ekata adala nehe. but puluwannam answer ekak denna. mage wena site ekak thiyenawa. ekath micro niche site ekak. eke eka post ekak kalin ecommerce keyword ekakata (ex: keyword eka washing machine nam mage page eka best washing machine) rank wela thibuna. passe google update ekakin page ekata kela una. dan 1st page okkoma wage thiyenne ecommerce sites. mage page eka apahu 1st page ganna beri weida google eken ecommerce sites walata proirity denawanam?
    7. ahrefs ekak share karanawanam matath denna puluwanna.
     
    • Like
    Reactions: chega995 and KEZI

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Indonesia වල බලන්න volume එක වෙනස්, keyword difficulty එක same. හැබැයි සමහර වෙලාවට මේක US වලට වඩා සෑහෙන්න අඩු වෙනව. ඒ වගේ වෙලාවට ඒ keywords වෙනම අරගෙන country extension එකක් විදියට translate languages පාවිච්චි කරල ඒ ඒ රටවල් වලට ගැලපෙන විදියට pages setup කරල අදාල රටට රෑන්ක් කරන්න පුලුවන් ඒ page එක. මේක තව පොඩි කාරනා ටිකක් තියෙනවා. .


    මචං මෙන්න මේක පොඩ්ඩක් කියලා දීපන්කො කොහොමද කරන්න ඕනා කියලා.. මගේ main කිවර්ඩ් එකක් තියෙනවා... එක ට ගොඩක් රටවල් වලින් හොද ට්‍රැෆික් එකක් තියෙන එකක් හැබැයි hard difficultly තියෙන එකක්... නමුත් සමහර රටවල් චෙක් කරාම difficultly එක තියෙන්නේ 3-4-5 ඔය වගේ ගණන් ahrefs එකේ.... ඒ රටවල් වල හොද ට්‍රැෆික් එකක් තියෙනවා ඒ කිවර්ඩ් එකට.... මම fiverr වලින් ඉන්දුනීසියා වල එකෙක් අල්ලන් මගේ English එක ආයි ලියවෙව්වා ඉන්දුනීසියා බෂාවෙන්... නමුත් මුකුත් වෙනසක් උනේ නැනේ.. මොකක් ද කරන්න ඔනා?
     

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    thanks mchn part 2 dammata.
    mata prashna wagayak thiyenawa. methana samahara ewa internet eken hoyala mama idea ekak gaththa. but mama kemathi oyage personal answers ganna puluwannam oyage opinion ekath ekka.

    1. oya root genius example eka gaththoth, root genious site eka nethuwa oya 1st page eke dena anith sites okkoma wage apk download/ software sharing sitesne malavida wage. e kiyanne e wage apk sharing sites witharak thiyena keyword ekak unath apita apk micro niche site ekakin outrank karanna puluwanda? dan oya root genious eka karana kena godak welawata site eka patan ganna kalin 1st page eke thiyenna aththe okkoma apk sharing sites ne. normally kiyanne 1st page eke api target karna wage sites nethnam e keywords try karala wedak nehe kiyalane.

    outrank karanna puluwan. hethuwa e e domain wala authority eka mona tharam hadala tibunath api target karana keyword ekata adalawa eya rank karala thiyena page ekata include wela tiyena content eke quality eka, ekata hadila thiyena high quality backlinks kochchara build welada kiyana eka, socials shares kochchara gihinda, e content eke use wela thiyena keywords monawada kiyana karana measure karagattama e gana idea ekak ganna puluwan. samahara welawata ewaye e pages rank wela tiyenne backlinksekakin dekakin. samahara welawata ekama eka backlink ekakwath nathuwa, e site eke domain eke thiyena power eka nisa saha hariyata tharagayak denna competitor kenek powerfull nathi kama nisa

    2. rootgenius wage context ekakata adsense dala thiyenne kohomada? account eka pitin ban wenne nedda policy violation nisa?

    na. old adsense accounts use karanna ona me wada walata. ilaga eka e wage site ekakata adsense ganna widiya man kalin kiwuwa comment ekaka.

    3. mama apk niche site ekakata keyword research ekak karanna try kara. mata hambunu okkoma high search volume keywords video streaming, mod apk ehema nethnam rooting related ewa. e wage ekak try karana eka therumak weida?

    prashnayak na. terumak weida nadda kiyana eka thiranaya wenne e matha yodana mahansiya matha. onema site ekak rank karagaththoth e ena traffic eka monetize karanna puluwan

    4. apk review site ekakata keyword research ekak karaddi main keyword volume eka minimum keeyak wage thiyenna oneda ape effort ekata return ekak enna? 1000 per month madi neda?

    1000+ tibunama athi. 500+ wage thiyena keyword 10k 15 ekathu karaganna list ekata. okkoma volume eka 10000+ wage ena widiyata.

    6. me prashne ada context ekata adala nehe. but puluwannam answer ekak denna. mage wena site ekak thiyenawa. ekath micro niche site ekak. eke eka post ekak kalin ecommerce keyword ekakata (ex: keyword eka washing machine nam mage page eka best washing machine) rank wela thibuna. passe google update ekakin page ekata kela una. dan 1st page okkoma wage thiyenne ecommerce sites. mage page eka apahu 1st page ganna beri weida google eken ecommerce sites walata proirity denawanam?

    ai google update eken kelawune kiyana eka hewuwe nadda? godak aya kelawuna kiyanawa, namuth ai kelawune kiyana eka hoyanne na. ai kelawune kiyana reason eka hoyanna. troubleshoot karanna purudu wenna ona site ekak watunama ai watune kiyana eka gana igena ganna terum ganna puluwan wenna one. e udaharane anuwa site eke quality eka aye wadi karala, hodata hadala post update karala( content rich)kaloth hq backlink build kaloth site eka rank wewi.

    7. ahrefs ekak share karanawanam matath denna puluwanna.
    inbox msg ekak danna. dennam

    මචං මෙන්න මේක පොඩ්ඩක් කියලා දීපන්කො කොහොමද කරන්න ඕනා කියලා.. මගේ main කිවර්ඩ් එකක් තියෙනවා... එක ට ගොඩක් රටවල් වලින් හොද ට්‍රැෆික් එකක් තියෙන එකක් හැබැයි hard difficultly තියෙන එකක්... නමුත් සමහර රටවල් චෙක් කරාම difficultly එක තියෙන්නේ 3-4-5 ඔය වගේ ගණන් ahrefs එකේ.... ඒ රටවල් වල හොද ට්‍රැෆික් එකක් තියෙනවා ඒ කිවර්ඩ් එකට.... මම fiverr වලින් ඉන්දුනීසියා වල එකෙක් අල්ලන් මගේ English එක ආයි ලියවෙව්වා ඉන්දුනීසියා බෂාවෙන්... නමුත් මුකුත් වෙනසක් උනේ නැනේ.. මොකක් ද කරන්න ඔනා?

    patta. ehenam machan language ekata site eke subpage ekak hadanna. example.com/ph me wage hadala ekata ara hadapu languages page eka dala onsite part eka hariyata karanna. lang header codes hema hariyata dala adla language ekata adala keywords tika hariyata use karanna. meta and also page content ekatath. e wage nikanma main site eke content ekama translate karanna epa. eka wenas karanna. ilagata indonisan ref domain extension walin backlinks ganna ona. expierd domain ekak dekak hoda ewa hoyaganna ona. nathnam guest post araganna ona groups thiyenawane owa share karana. ewaye inna adala site owners la backlinks sell karanawa e e ratawal wala country extentions walin. ewa use karanna. ita amatharawa web 2.0 network ekak gahanna e language eken wenamama. ekata wenamama genuine build karanna. hq links build karanna adala keyword walin. nathnam adala rate domain ekak buy karanna chance ekak tiyenam hodama de fast ma ranking method eka thamai country extension domain ekak aran site ekak gahana eka. aniwa rank wenawa ikmanatama. hosting location ekath balapanawa, but ara tharamatama na. country extension eka marama wadagath, e nisa domain ekak ganna puluwan nam thawath hodai