Malaysia Flight MH370 Missing-Web sites Gossips

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    නැතිවූ යානයේ යැයි සැක කොටස් ඉන්දීය සාගරයෙන්?
    Published on Thursday, 20 March 2014 10:14

    satellite_missing_malaysian_plane.jpg

    Australi 410px 14 03 20අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානයේ බවට සැකකෙරෙන කොටස් 2 ක් ඉන්දීය සාගරයේ දකුණු මුහුදු සීමාවට ආසන්නයේ දක්නට ලැබෙන බව ඕස්ටේ‍්‍රලියානු අගමැති ටෝනි ඇබට් පවසා තිබේ.

    එරට චන්ද්‍රිකා ඡායාරූපවලින් මේ පිළිබඳව අනාවරණ වී ඇති බව ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

    වැඩිදුර පරීක්ෂණ සඳහා එම ප‍්‍රදේශයට ගුවන් යානා කිහිපයක් පිටත් කර යැවීමට ඕස්ටේ‍්‍රලියාව විසින් මේ වනවිටත් පියවර ගෙන ඇත.

    පුද්ගලයන් 239ක් සමග පසුගිය 08දා අතුරුදහන් වූ මෙම යානය සෙවීමට මේ වන විටත් රටවල් 26ක් එක්ව සිටියි.


    slmirror
     
    Last edited:

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අතුරුදන් යානය ගැන ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් හෙළිදරව්වක්


    1394743089000-1394726008000-EPA-TAIWAN-MALAYSIA-MISSING-PLANE.jpg

    අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ බවට සැක කළ හැකි කොටස් 2ක් ඉන්දීය දකුණු මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඇතැයි හඳුනාගෙන ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් පවසයි.

    චන්ද්‍රිකා ඡායා රූපවලට අනූව හඳුනාගෙන ඇති එම වස්තූන් අතුරුදන් වූ යානයේ බවට සැක කළ හැකියැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

    කෙසේ වෙතත් ඒවා කවර ආකාරයේ වස්තූන්ද යන්න ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අනාවරණය කර නැතැයි විදෙස් වාර්තාවල දැක්වෙයි.

    තමන් මේ පිළිබඳව මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට දුරකථනයෙන් දැනුම්දුන් බවද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

    අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය සෙවීමේ කටයුතුවලට ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 25ක් පමණ මේවන විට කටයුතු කරමින් සිටී.

    ඔස්ට්‍රේලියාව ද ඒ සඳහා විශේෂ ගුවන් යානා කිහිපයක් යොදා ඇත.

    ඉකුත් 8 වැනිදා මගීන් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ, ක්වාලාලම්පූර් සිට චීනයේ, බීජිං දක්වා පියාසර කරමින් තිබූ බෝයිං 777 එම්.එච් 370 නැමැති ගුවන් යානය අතුරුදන් විය.

    එකී ගුවන් යානයට සිදුවුයේ කුමක්දැයි නිශ්චිතව ප්‍රකාශ කිරීමට මෙතෙක් කිසිදු රටකට හැකියාවක් ලැබී නැත.


    ada derana
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ඕස්ට්‍රේලියාවෙන් හෝඩුවාවක්
    140315063004-01-malaysia-missing-plane-0315-horizontal-gallery.jpg

    අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 20 බ්‍රහස්පතින්දා - 10:49 GMT

    අතුරුදහන් වූ ගුවන් යානය සෙවීම
    අතුරුදහන් වී ඇති මලයාසියානු ගුවන් යානයේ සුන්බුන් යැයි සැලකෙන කොටස් චන්ද්‍රිකා ඡයාරූප වලට හසුවී ඇතැයි ඔස්ට්‍රෙලියානු අගමැති ටෝනි ඇබට් පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.

    කැන්බරා හි දී පාර්ලිමේන්තුව ඇමතු අගමැතිවරයා කියා සිටියේ, ක්වාලාලම්පුර් සිට චීනයේ බෙයිජිං නගරය කරා ගමන් ගනිද්දී අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳව තමන්ට විශ්වාසදායක තොරතරු ලැබී ඇති බවයි.

    සමුද්‍ර ආරක්ෂක අධිකාරියේ ප්‍රකාශක ජෝන් යන්ග් කියා සිටියේ බටහිර ඕස්ට්‍රේලියානු වෙරළේ පර්ත් නගරයට කිලෝ මීටර් දෙදහස් පන්සීයක් නිරිත දිගින් හමු වී ඇති සුන්බුන් වලින් එක් කොටසක් දිගින් මීටර් විසි හතරක් පමණ වන බවයි.

    සුන්බුන් සොයා ගැනීම දුෂ්කර බවත් සුන්බුන් අතුරුදහන් වූ යානයට අයත් නොවීමට ඉඩ තිබෙන බවත් ජෝන් යන්ග් වැඩි දුරටත් පැවසීය.

    ඔස්ට්‍රේලියාව,නවසීලන්තය සහ ඇමරිකානු නැව් සහ ගුවන් යානා ඉහත කී සුන්බුන් හමුවූ බව කියන ප්‍රදේශය කරා ලඟා වෙන බවයි වාර්තා වෙන්නේ.


    bbc
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මිනිස්සු 239ට වටිනාකම කොච්චරද? අතුරුදන් වුනේ ගුවන් යානයක් මිසක් සබ්මැරීනයක් නොවෙයි

    403x296_259344_missing-malaysia-airlines-plane-crashe.jpg

    හිතන්න පුලුවන් නේද පැහැරගැනීමක් කළානම් ඒක කරපු කණ්ඩායම සතියක් තිස්සෙ හැංගිලා ඉඳීවිද ගුවන් යානෙ මගීන් ප්‍රාණ ඇපයට තියාගත්බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නොකර. අනතුරක් වුනානම් සතියක් තිස්සෙ කිසිම ආරංචියක් නොලැබෙන්නත් හේතුවක් නෑ. මොකද යානය 100%ක්ම ගිලෙන්න විදියක් නෑ කිසිම කැබැල්ලක් පා නොවී (අතුරුදන් වුනේ ගුවන් යානයක් මිසක් සබ්මැරීනයක් නොවෙයි -ඉතින් වතුරට උඩින් ගමන් කරපු දෙයක් අනතුරට පත් වෙද්දි මොකක් හෝ කැබැල්ලක් ජලය මතුපිටට එන්න ඕන).


    රටවල් කීයක් නම් අතුරුදන් වුනු ගුවන් යානය හොයන්න මහන්සි ගන්නවද? කී දෙනෙක්නම් ඒ ගැන හැමදාම විටින් විට හොයනවාද? මේ ගැන කතා වෙද්දි අපේ කාර්ය මණ්ඩලේ කෙනෙක් කීවා නියම කතාවක්.

    ගුවන් යානෙ අතුරුදන් කළේ කලින් කරපු සැලසුමක් අනුවයි. මොකද රුසියාව-යුක්රේනය-ක්‍රිමියාව අතර ප්‍රශ්නෙදි ඇමරිකාවට කරකියා ගන්න දෙයක් නැතිව පොඩි උන්ව බයකරන්න කතා කියමින් හිටියට කිසිම දෙයක් කරගන්න බැරි වුනා.

    තමන් කීව දේ සතේකට මායිම් නොකළ රුසියාවට ළඟින් තමන්ගෙ හමුදාව ස්ථානගත කරන්න ක්‍රමයක් නැතිව අහස පොළව ගැටලන්න කල්පනා කරපු ඇමරිකාව ගුවන් යානෙ අතුරුදන් කළා. දැන් ඒක හොයන්න අනික් රටවල් එක්ක ඇමරිකාවත් මහන්සි වෙනවා.

    දැන් ඉතින් ආසියාවෙ ගුවන්තොටුපොළවල් වරායවල් ඇමරිකාවට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න පුලුවනි කිසිම ප්‍රශ්නයක් නැතිව. මොකද බොහොමයක් රටවල් තමන්ගෙ වරායවල්,ගුවන්තොටුපොලවල් නැතිවුනු ගුවන්යානෙ හොයන වැඩේට යොදාගන්න අවසර දීලායි තියෙන්නෙ.


    ඉතින් මිනිස්සු 239ට වටිනාකම කොච්චරද?


    http://roshanherath.blogspot.com/2014/03/239.html
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අතුරුදහන් ගුවන් යානයේ කොටස් දෙකක් හමුවේ ?
    March 20, 2014 at 1:45 pm | lanka C news

    _73680132_malaysian_airliner_search_v2_624map.gif

    අතුරුදහන් ගුවන් යානයේ කොටස් දෙකක් හමුවේ ?
    පසුගිය 08 වන සෙනසුරාදා දින සිට අභිරහස් ලෙස අතුරුදන්ව ඇති මැලේසියානු ගුවන් යානයේ කොටස් ලෙස සැක කල හැකි ද්‍රව්‍ය දකුණු ඉන්දීය මුහුදේදී හමු වූ බව ඕස්ටේ‍්‍රලියානු අගමැති ටෝනි ඇබට් එරට පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කලේය.

    ඔස්ටේ‍්‍රලියානු චන්ද්‍රිකා පද්ධතියේ ඒවා සටහන් වී ඇති බවත් කැබලි දෙකෙන් එකක් මීටර් 25ක පමණ විශාලත්වයෙන් යුක්ත බවත් එරට සමුද්‍ර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් සඳහන් කර ඇත.

    යානය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කර ඇති අතර එම ප‍්‍රදේශයට නෞකා 6ක් සහ හෙලිකොප්ටර් යානා 3ක් ද මැලේසියානු බලධාරීන් විසින් යොමු කර ඇත.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අතුරුදන් යානය ගැන ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් හෙළිදරව්වක්
    අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ බවට සැක කළ හැකි කොටස් 2ක් ඉන්දීය දකුණු මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඇතැයි හඳුනාගෙන ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් පවසයි.

    චන්ද්‍රිකා ඡායා රූපවලට අනූව හඳුනාගෙන ඇති එම වස්තූන් අතුරුදන් වූ යානයේ බවට සැක කළ හැකියැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුවේදී පවසා ඇත.
    137653.jpg

    කෙසේ වෙතත් ඒවා කවර ආකාරයේ වස්තූන්ද යන්න ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අනාවරණය කර නැතැයි විදෙස් වාර්තාවල දැක්වෙයි.

    තමන් මේ පිළිබඳව මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට දුරකථනයෙන් දැනුම්දුන් බවද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

    අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය සෙවීමේ කටයුතුවලට ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 25ක් පමණ මේවන විට කටයුතු කරමින් සිටී.

    ඔස්ට්‍රේලියාව ද ඒ සඳහා විශේෂ ගුවන් යානා කිහිපයක් යොදා ඇත.

    ඉකුත් 8 වැනිදා මගීන් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ, ක්වාලාලම්පූර් සිට චීනයේ, බීජිං දක්වා පියාසර කරමින් තිබූ බෝයිං 777 එම්.එච් 370 නැමැති ගුවන් යානය අතුරුදන් විය.

    එකී ගුවන් යානයට සිදුවුයේ කුමක්දැයි නිශ්චිතව ප්‍රකාශ කිරීමට මෙතෙක් කිසිදු රටකට හැකියාවක් ලැබී නැත.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අතුරුදන් යානයේ කොටස් තියෙනවා

    ටෝනි ඇබට් කියයි


    2014 මාර්තු 20 10.40 a.m

    Malaysia_flight.jpg

    Malaysian-air1මාර්තු 08 දා සිට අතුරුදන්ව තිබෙන මැලේසියා එයාර්ලයින්ස් සමාගමට අයත් ගුවන් යාන‍යේ සුන්බුන් බවට සැකකෙරෙන වස්තූන් දෙකක් චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ හඳුනාගනු ලැබ ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති ‘ටෝනි ඇබට්’ පාර්ලිමෙන්තුව හමුවේ නිවේදනය කොට තිබේ. මෙම සුන්බුන් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂිතගුවන් යානයක් අදාළ ප්‍රදේශයට යැවීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් කියා සිට ඇත. රටවල් 26 ක් යානය සොයා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුම් සිදු කරමින් සිටින අතර ඕස්ට්‍රේලියානු නෞකා සෙවීම් මෙහෙයුම් සිදු කරමින් සිටින්නේ ඉන්දියන් සාගරයේ දකුණු දිග කලාපයේය.
    දැනට චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ පමණක් හඳුනාගනු ලැබ ඇති මෙම සුන්බුන් කොටස් සොයා ගැනීම ඉතා අසීරුවනු ඇති බවත්, ඒවා ඇතැම්විට යානයේ කොටස් නොවිය හැකි බවටත් ටෝනි ඇබට් අනතුරු අඟවා සිටියි. මීට පෙරද සුන්බුන් ලෙසට සැක කරණු ලැබ වස්තූන් මෙලෙස චන්ද්‍රිකා තාක්ෂණයෙන් හඳුනාගනු ලැබුණද ඒවා යානය හා සම්බන්ධ වූවක් නොවන බවට වැඩිදුර විමර්ශණවලදී අනාවරණය විය.


    lakbima
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    යානය සෙවීමේ නව සෝදිසි මෙහෙයුම් අසාර්ථකයි

    අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 20 බ්‍රහස්පතින්දා - 17:41 GMT


    සති දෙකකට ආසන්න කාලයකට පෙර අතුරුදහන් වූ MH370 මැලේසියානු ගුවන් යානය සොයා ගැනීමට මෙතෙක් ගත් සියලු ප්‍රයත්න අසාර්ථක වී ඇත.

    ඉන්දීය සාගරයේ දකුණු කලාපය නැව් සහ ගුවන් යානා යොදා ගනිමින් දැඩි පිරික්සුමකට ලක් කළත් යානය සම්බන්ධයෙන් කිසිදු ළකුණක් වත් දක්නට ලැබී නැති බවයි වාර්තා වන්නේ.

    අද බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව අමතා කතා කළ ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් ,අතුරුදහන් යානයේ ‘වීමට ඉඩකඩ ඇති’ කොටස් කීපයක් චන්ද්‍රිකා ඡායාරූප වලට හසුව ඇති බවක් කියා තිබුණි.

    චන්ද්‍රිකා ඡායාරූප
    එම ප්‍රකාශය කරමින් අගමැතිවරයා, ‘වීමට ඉඩකඩ ඇති’ යන වචන අවධාරණය කළ බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය මගින් වාර්තා කෙරුණේ.

    චන්ද්‍රිකා ඡායාරූප වල දැක්වෙන ස්ථාන හසු කර ගැනීමට ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවේ යානයක් අදාළ සෝදිසි ප්‍රදේශයේ ගවේෂණයක නිරත වූ නමුත් කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව නිලධාරීහු ප්‍රකාශ කළහ.


    ඔස්ට්‍රේලියාව අතුරුදහන් වූ යානය සෙවීමේ මෙහෙයුම් පෙරට ගෙන යමින් සිටින්නේ, එම යානය පියාසර කරමින් තිබුන නියමිත දිශාවට සහමුලින්ම වෙනත් කලාපයක් වන ඉන්දියානු සාගරයේ දකුණු කලාපය ඔස්සේයි.

    යානයේ සුන්බුන් විය හැකි බව පැවසෙන කොටස් පිළිබඳව ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්තිය පල වීමෙන් අනතුරුව චීනයේ බේජිං නගරයේ සිට තොරතුරු ගෙනෙමින් බීබීසී වාර්තාකාරිනී සෙලියා හට්න් කියා සිටියේ ගුවන් මගීන්ගේ ඥාතීන් එම පුවත විශ්වාස නොකරන බවයි.

    නෑදෑයන් ගේ මතය
    එක් චීන ජාතිකයකු බීබීසී මාධ්‍යවේදිනියට කියා සිටියේ අතුරුදහන් ගුවන් යානයේ සිටි තම පුත්‍රයා තවමත් ජීවතුන් අතර සිටින බව තම විශ්වාසය වන බවයි.

    මේ අතර මැලේසියාව ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියානු චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන සුංබුන් සිය MH370 යානයේ ඒවා විය නොහැකි බවයි.

    අද බ්‍රහස්පතින්දා සිදු කෙරුණ සෝදිසි මෙහෙයුම් වලට කුණාටු සහ දැඩි වර්ෂාවෙන් බාධා එල්ල වූ බවක් ද වාර්තා වෙයි.

    අදාළ මෙහෙයුම් සිකුරාදා යළි ආරම්භ කරන බවත් නිවේදනය කොට ඇත.


    BBC
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ප්‍රධාන ගුවන් නියමුවා මගේ නෑදෑයෙක් මලයාසියානු විපක්ෂ නායක පිළිගනියි


    අතුරුදන් වූ ගුවන් යානය පැදවූ ප්‍රධාන නියමුවා මලයාසියානු විපක්‍ෂ නායකවරයාගේ ප්‍රබල ආධාරකරුවකු නිසා යානය අතුරුදන් වීමට එම සම්බන්ධය බලපෑවා දැයි සැකයක් මතුවී තිබේ.

    විපක්‍ෂ නායක අන්වර් ඊබ්‍රහිම්ගේ ප්‍රබල ආධාරකරුවකු වන ගුවන් නියමුවා ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීම පිණිස ගුවන් යානය පැහැරගෙන යන්නට ඇතැයි මේ මතය පළ කරන පිරිස පවසති. ගුවන් නියමුවා තමාගේ දුරින් ඥාති අයකු බව විපක්‍ෂ නායකවරයා ඊයේ ප්‍රසිද්ධියේ පිළිගත්තේය.

    mawbima
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    හම්බ වෙච්ච ඔක්කොම කෑලි අතුරුදන් යානයේ ඒවා නොවුණේ ඇයි?


    ගුවන්යානය සෙවීමේ කටයුතුවලට සහාය දක්වන ලෙස රටවල් 25කින් මලයාසියාව ඉල්ලීම් කළේය. චීනය, ඇමෙරිකාව වැනි පසමිතුරු රටවල්ද එකම අරමුණකින් යානය සෙවීමේ කටයුත්තට දායක වී ඇත.

    නාවික යාත්‍රා 50ක් ගුවන් යානා 40ක් පමණ සෙවීමේ කටයුතුවලට යොදවා ඇත. චීන සහ ඇමෙරිකානු යුද නැව්ද මේ කටයුත්තට යොදවා ඇත. මුහුදේ පාවෙන තෙල් පැල්ලම් වියට්නාම් ගුවන් නිරීක්ෂණකයන් සොයාගත් අතර තවත් නිරීක්ෂක පිරිසක් යානයේ ‍ෙදාරක් යැයි සැක කරන වස්තුවක් මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත්තේය. ගවේෂකයන්ට අතුරුදන් වූ යානයේ කොටස් හමුවූ බවට තවත් වාර්තාවක්ද මේ අතර ප්‍රචාරය විය. එහෙත් මේ කිසිවක් අතුරුදන් වූ යානයට සම්බන්ධ ඒවා නොවන බව පසුව හෙළි විය.


    mawbima
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    සුන්බුන් සොයන්න ඔබාමාගෙන් ඩො.බිලියන 35ක ගුවන්යානයක්

    ඇමෙරිකානු ගුවන් හමුදාවේ සුපිරි යානාවක් වන ඩොලර් බිලියන 35ක් වටිනා 'බෝයිං ර්ථී8ඒ පොසීඩන්' වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානාවක් මේ මෙහෙයුම් කටයුතුවලට එක් කිරීමට ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා තීරණය කර තිබේ.

    සතුරු සබ්මැරීන හඳුනාගැනීමේ සුවිශේෂී උපකරණවලින් සමන්විත පොසීඩන් යානාව බෝයිං සමාගම විසින් ඇමෙරිකානු ගුවන් හමුදාව සඳහාම නිර්මාණය කරන ලද්දක් වන අතර සිය රාජකාරියට පරිබාහිරව නැතිවූ ගුවන් යානාවක් සෙවීමේ කටයුත්තක නිරත වන පළමු වතාව මෙය බව පැවැසේ.

    මෙවැනි යානා 6ක් ජපානයේ ඔහිනාවාහි පිහිටා ඇති ඇමෙරිකානු ගුවන් කඳවුරේ නවතා තිබෙන අතර ඉන් එක් යානාවක් මෙසේ මැලේසියාවට පැමිණ තිබේ. මෙවැනි යානාවකට මුහුදු පතුලේ ගමන් කරන සබ්මැරීන්, ගිලී ඇති නෞකා වැනි දේ සොයාගැනීමේ විශේෂ හැකියාවක් ඇති බව පැවැසේ. අතුරුදන් වූ යානයේ යැයි සැක කරන කොටස් සොයා ඉන්දියා සාගර කලාපයට ඇමෙරිකා යානාව යෙදවීමට ඕස්ට්‍රේලියා බලධාරීන් සහය වී ඇති අතර මෙහෙයුම් පිළිබඳ ඇමෙරිකාවේ පෙන්ටගන් ආරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුර විස්තර සපයා නැත. පසුගිය මාර්තු 07 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි සිට චීනයේ බීජිං බලා ගමන් යානය අතුරුදන් වී ඊයේ (20දා) වන විට දින 13ක් ගතවෙද්දී යානාවේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් යානාවේ සෙවුම් කටයුතු ප්‍රමාද කරන්නේ යැයි පවසමින් මැලේසියා රජයට දැඩි දෝෂාරෝපණ එල්ල කර තිබේ.


    mawbima
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    යානයේ සියලුම දෙනා මියගොස්ද? කඩා වැටුනේ පැසිෆික් සාගරයටද?
    0 March 20, 2014 5:33 pm Hits(117)

    ඉන්දීය ප්‍රවිනයෙකුගෙන් හෙළිදරව්වක්

    අශාන් පරණහේවා


    පසුගිය 8 වැනිදා මගීන් 239 ක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබූ බෝයිං 777-200 වර්ගයට අයත් එම්.එච්. 370 ගුවන් යානය අතුරුදහන් වීම සම්බන්ධයෙන් මතකයන් තුලට යාමට හැකි ආත්මයන්ට ඇතුළුවීමේ ප්‍රවීනයෙකු වන රාමචන්ද්‍ර ගුරුජී විසින් ඉන්දීය රූපවාහිනියකට පැමිණ අතුරුදහන්වූ යානාවට සිදුවූ දේ සම්බන්ධව පෙන්වා දී ඇත.

    ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇත. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කරයි.

    යානයේ සිටි පුද්ගලයෙකුගේ ආත්මයේ ආකාරයට යානයේ සිටි අයෙකු ගුවන් නියමු මැදිරිය වෙත ගොස් යානය තමන් පාලනයට ගත් බව ඇය දුටු ආකාරය පැවසුවේය. යානය මුහුදට කඩා වැටුනාට පසු යානයේ කහ පැහැති ආලෝක පහන් දිගින් දිගටම දැල්වී ඇති අතර පසුව යානයේ එක් දොරකින් ජලය ඇතුලට එන ආකාරයද මෙම කාන්තාව විසින් පැහැදිලි කරනු ලබයි.

    පසුව යානය සම්පූර්ණයෙන්ම ජලයෙන් පීරී යන අවස්ථාවේ අදාල ආත්මය මියගිය ආකාරය රූපවාහිනියේ හොඳින් පෙන්වා දී ඇත. මැලේසියානු යානය අතුරුදහන් වී මේ වනවිට දින 13ක් ගතවී ඇතත් තවමත් යානය සොයාගැනීමට තාක්ෂණයෙන් බලගතු කිසිඳු රටක් සමත් වී නොමැති අතරවාරයේ මෙලෙස ඉන්දීය ආත්ම තුලට ගමන් කිරීමේ ශක්තියක් ඇති රාමචන්ද්‍ර ගුරුජී විසින් පෙන්වා ඇති සාක්ෂි මේ වනවිට දැඩි මතභේදයකට සහ මාතෘකාවට ලක්වී ඇත.

    http://youtu.be/D_iXAsDWzL8


    mawbima
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    චීනයට, ඉන්දීය මුහුදු තීරයට ඇතුල්වීමට අවසර නෑ
    Published on Friday, 21 March 2014 12:13


    අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීම සඳහා සිය යුද නෞකා ඉන්දීය මුහුදු තීරයට ඇතුල්වීමට අවසර ලබා දෙන මෙන් චීන රජය විසින් කරන ලද ඉල්ලීම ඉන්දියාව විසින් අද (20) ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    චීන ජාතිකයින් 150ක් ගමන් ගත් මෙම ගුවන්යානය සෙවීම සඳහා ඉන්දීය මුහුදු සීමාවේ පිහිටා ඇති අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු තීරය පරීක්ෂා කිරීම සඳහා චීන යුද නෞකා යෙදවීමට ඊයේ චීන රජය විසින් නිල ඉල්ලීමක් කර ඇත.

    එම ඉල්ලීම ආචාරශීලීව ප්‍රතික්ෂේප කර ඇති ඉන්දීය රජය පවසා ඇත්තේ මේ වනවිටත් ඉන්දියානු නාවික හමුදාව සහ ගුවන් හමුදාව අදාළ ප්‍රදේශය පරීක්ෂා කරමින් සිටින බැවින් අදාළ ප්‍රදේශය යළිත් අන් කිසිවෙකු විසින් පරීක්ෂා කිරීමට අවශ්‍ය නොවන බවත්ය.


    slmirror
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    MH-370 යානය අතුරුදහන්ව ඇත්තේ තවත් ‘බර්මියුඩා’ ත‍්‍රිකෝණයක
    March 21, 2014 at 9:17 am | lanka C news
    MH-370 යානය අතුරුදහන්ව ඇත්තේ තවත් ‘බර්මියුඩා’ ත‍්‍රිකෝණයක
    පසුගිය 08 වන දා සිට මේ දක්වා අබිරහස් ලෙස අතුරුදහන්ව ඇති මැලේසියානු ගුවන් යානය එරට ආසන්න මුහුදු කලාපයේ ඇති බර්මියුඩා ති‍්‍රකොණයකට සමාන කලාපයක අතුරුදහන්ව ඇතැයි මත පලව තිබේ. මේ මතය ඉදිරිපත් කරන ඇමරිකානු විද්‍යාඥයන් පවසන්නේ ඒ පිළිබඳ නිල ප‍්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි.

    මේ අතර ඉන්දීය සාගරයේ දකුණු කලාපයේ චන්ද්‍රිකා ඡයාරූප උපයෝගී කර ගනිමින් සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම් යළි ආරම්භ කර ඇත.

    යානය සෙවීම සඳහා ඉන්දියානු මුහුදු සීමාවට පැමිණීමට චීන රජය සිදුකළ ඉල්ලීම ඉන්දීය රජය ප‍්‍රතික්ෂේප කර ඇත. චීනය යානය සෙවීමේ මුවාවෙන් ඔත්තු බැලීමේ උත්සාහයක නිරත වන බවට ඉන්දීය රජය චෝදනා එල්ල කර ඇත.

    මේ වන වන විට අලූත්ම විදෙස් වාර්තා පවසන්නේ දකුණු ඉන්දීය මුහුදේ චන්ද්‍රිකා ඡයාරූපවල තිබූ කොටස් අතුරුදන් යානයේ නොවිය හැකි බවත් ඒවා බොහෝ විට පැපුවා නිව්ගිනියා වෙත ගිය භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක හෝ යානයක කොටස් විය හැකි බවත්ය.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අද, සිකුරාදාත් ගුවන් යානය පිළිබඳව කිසිදු ලකුණක් නෑ

    අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 21 සිකුරාදා - 10:49 GMT


    ඉන්දීය සාගරයේ දකුණු කලාපයේ අද, සිකුරාදා දෙවැනි දිනයේත් කළ සෝදිසි මෙහෙයුම්වලින් අතුරුදහන් වූ MH370 මැලේසියානු ගුවන් යානය පිළිබඳව කිසිදු ලකුණක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

    යානය අතුරුදහන් වී අදට සති දෙකක් ඉක්මවා ගොස් ඇත.

    සබැඳි තේමා
    කාලීන පුවත් , ජාත්‍යන්තර, ඔස්ට්‍රේලියාව , පැහැරගැනීම්
    දැනට යානය සෙවීමේ කටයුතු සිදු කෙරෙන ප්‍රදේශය මිහි මත ඇති ලඟා වීමට අතිශය දුෂ්කර ස්ථානයක් ලෙසයි ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් කියා සිටියේ.

    එසේ නමුත්, ගුවන් යානයේ කඩා වැටුණු කොටස් ඇත්නම් ඒවා සොයා ගන්නා බවට ඔහු පොරොන්දුවක් දුන්නේය.

    චීනය යානය සෙවීමේ මෙහෙයුම් වලට නෞකාවන් කිහිපයක්ම යොදවා තිබේ.

    අතුරුදහන් වූ යානයේ චීන ජාතිකයන් එක සිය පනස් දෙනෙක් ගමන් කරමින් සිටියහ


    bbc
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    MH-370 සොයන මෙහෙයුම් අතහැර දැමේ.. NASA ජීවය සොයා හබල් දුරේක්‍ෂයෙන් සක්වල පීරයි
    March 22, 2014 at 11:31 am | lanka C news
    MH-370 සොයන මෙහෙයුම් අතහැර දැමේ.. NASA ජීවය සොයා හබල් දුරේක්‍ෂයෙන් සක්වල පීරයි
    පසුගිය 08 වන දින සිට මේ දක්වා අතුරුදහන්ව පවතින MH-370 මැලේසියානු ගුවන් යානය සෙවීම මේ වන විට අතහැර දමා ඒ වෙනුවට එහි ගමන් ගත් මගීන් සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට මැලෙසියානු බලධාරීන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

    අතුරුදහන් ගුවන් යානය සම්බන්ධයෙන් මේ දක්වා තහවුරු කළ කිසිඳු සාක්‍ෂිකයක් මෙතෙක් ලැබී නැති අතර ඉන්දීය සාගරයේ දකුණු කලාපය මූලික කරගෙන තව දුරටත් සෝදිසි කිරීම් සිදු කෙර්.

    මේ අතර නාසා ආයතනය සිය හබල් දුරේක්‍ෂය ආධාරයෙන් ආලෝක වර්ෂ ගණනාවක් ඈතිත් පිහිටි ග‍්‍රහලෝකවල ජීවය සොයමින් කරන සිදු කරන් පර්යේෂණය නව මට්ටමකට ගෙන ඇති අතර අගහරු හි ස්ථානගත කර ඇති කියුරියෝසිටි යානයෙන් එහි ජලය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙලිවී ඇති යයි කියා ඒ මත ජනාවාස ඇති කිරීමේ සැලසුම් පිළිබඳව සාකච්චා පවත්වමින් සිටී
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    තෙවැනි සතියටත් නැතිවූ යානය සොයයි
    Published on Saturday, 22 March 2014 10:22
    MH370 410px 22-03පසුගිය 08දා පුද්ගලයන් 239ක් සමග අතුරුදහන් වූ MH370 මැලේසියානු ගුවන්යානය සෙවීමේ කටයුතු ඇරඹී මේ වන විට සති තුනක් ගතවී තිබේ.

    මෙම යානය හිතාමතාම ගුවන් පථයෙන් ඉවත් කර ඇතැයි මැලේසියානු නිලධාරීන් පවසයි.

    මෙම යානය සොයමින් සිටින ජාත්‍යන්තර කණ්ඩායම් මීට දින තුනකට පෙරාතුව සිය අවධානය දකුණු ඉන්දීය සාගරය දෙසට යොමු කර තිබුණි. ඒ, එම ප්‍රදේශයෙන් සුන්බුන් වැනි යමක් දිස්වී ඇතැයි වාර්තා වීමෙන් පසුවය.

    කෙසේ වෙතත්, මේ දක්වා කිසිවක් සොයාගැනීමට මෙම ජාත්‍යන්තර කණ්ඩායම් වලට හැකිවී නැත.

    ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට කි.මී. 2,500ක් නිරිත දෙසින් පිහිටි වර්ග කි.මී. 23,000ක මෙම මුහුදු ප්‍රදේශය සෙවීමට ඕස්ට්‍රේලියාව විසින් මේ වන විට ගුවන් යානා 5ක් යොදවා ඇති අතර, චීනය, ජපානය හා බ්‍රිතාන්‍යයේ නෞකා ද මීට එක්වීමට නියමිතය.

    SL mirror
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ගුවන් යානාවට මොකද වුණේ?‍ ජ්‍යොතිෂවේදීන් කියන කතා

    දේශාංශ 52ත් 92ත් කලාපයේ යානය තිබෙනවා..

    ප්‍රවීණ ‍ජ්‍යොතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා

    නැති වුණ යමක් සොයා ගැනීමට ඇතිවන ආශාව මිනිස් සමාජයේ දුරාතීතයේ සිට පැවතෙන්නකි. ගැමියෙකුගේ බුලත් මල්‍ලේ සිට රටකට අයත් ගුවන් යානයක් වුවද නැති වූ පසු සොයා ගැනීමේ වුවමනාව එක ලෙසම බලපායි. මිනිසුන් එවැනි අවස්ථාවල ජ්‍යොතිෂය නිමිති අංජනම් පේන වැනි දේවල පිහිට පැතීමට පෙළඹී තිබේ.

    ‍ජ්‍යොතිෂ විද්‍යාවට අනුව ගුවන් යානය යනු වායු යානයකි. නැව මුහුදු යානයක් ලෙසත්, අශ්ව කරත්ත ජීවියෙකු සහිත ගොඩබිම යානයක් ලෙසත් හැඳින්වෙයි. ගුවන් යානය වායු යානයක් වන බැවින් ඉන් සංකේත වනුයේ සෙනසුරුයි. රාශි 12 හේ ඇති මිථුන, තුලා, කුම්භ රාශි වායු රාශින්ය.

    මලයාසියාවේ ක්වලාලාම්පූර් සිට මෙම යානය පිටත්ව ඇත්තේ 2014 මාර්තු 8 දා අලුයම 1.20ට ආසන්නවය. ඒ වන විට අක්ෂාංශ හා දේශාංශ සොයා ඊට අදාළ ලග්නය සොයා බලන කල යානය පිටත්ව ඇත්තේ
    වායු රාශියක්වූ තුලා රාශිය උදා වූ මොහොතේය.

    නමුත් ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියට අනුව ඒ මොහොතේ පවතිනුයේ අරමුණු ව්‍යාකූල කරනා අහස් සිතියමකි. වක්‍ර වූ සෙනසුරුගේ බලපෑම නිසා එසේ වෙයි. එහෙත් මෙම යානය කඩා වැටී නැති බව පවසනුයේ සෙනසුරු සාමාන්‍ය වශයෙන් ජීවිත හානි නොකරනා බැවිනි. සෙනසුරු වක්‍ර වූයේ මාර්තු 4දා වන අතර එය නිම වනුයේ ජූලි 21දාටය.

    ලෝකායතන ‍ජ්‍යොතිෂ විද්‍යාව අනුව දේශාංශ 82ත් 92ත් අතර සහ අක්ෂාංශ 7ත් 12ත් අතර කලාපයේ යානය රඳවා ඇති බව පැවැසිය හැක.

    මෙවැනි අනතුරු ගැන ‍ජ්‍යොතිෂයෙන් කිව නොහැකියි
    මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමි

    දුරු රටක සිදු වූ මෙවැනි අනතුරු පිළිබඳ නිවැරදි සහ නිශ්චිත තොරතුරු ජ්‍යොතිෂ නියමයන්ට අනුව පැවැසිය නොහැක. ‍ජ්‍යොතිෂය නිසි පරිදි හදාරා ඇති, ඊට ගෞරව කරනා කිසියම් පුද්ගලයෙකු මෙවැනි දේ පිළිබඳ අනාවැකි පළ නොකරන බව වගකීමෙන් කියන්න පුළුවන්.

    එහෙත් ‍ජ්‍යොතිෂය නිසි පරිදි හදාරා නැති, ඊට නිසි ගෞරවයෙන් නොසලකන කෙනෙකුට මෙවැනි මත පළ කරමින් රට කැළඹීම එතරම් දෙයක් නොවෙයි.

    අනෙක් කරුණ තමයි අනාවැකි පළ කිරීම යම් කෙනෙක් ‍ජ්‍යොතිෂය අනුව අනාවැකි පළ කරන බව කීවත් ‍ජ්‍යොතිෂ්‍ය කියන්නේ ඔවුන් පවසන ආකාරයේ අනාවැකි පළ කරන ක්‍රමයක් නොවේ.

    එවැනි අනාවැකි කියන කෙනෙකුට ඉන්ද්‍රීය ඥානය ඉක්මවා ගිය අනීන්ද්‍රීය ඥානයක් තිබිය යුතුයි. එහෙත් වර්තමානයේ අනාවැකි පළ කරන බොහෝ දෙනා කරන්නේ තම පෞද්ගලික අත්දැකීම් අනුසාරයෙන් අනාවැකි පළ කර ඊට වලංගු බවක් ලබා ගැනීමට ‍ජ්‍යොතිෂය ඈඳා ගැනීමයි.

    මොන ක්‍රමයකින් හෝ ඕනෑම කෙනකු පළ කරන මෙවැනි අනාවැකියක සම්භාවිතාවය 1/2යි. අහඹු ලෙස මෙවැනි අනාවැකි සාර්ථක වුවහොත් එය පැවැසූ පුද්ගලයාට වන ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා. ඒත් අසාර්ථක වන ඒවා සමාජයට ඉක්මනින් අමතක වෙනවා.

    යානය පිටත් වූ වේලාව නිවැරදිව දැන ගත්තොත් වුණ දේ කියන්න පුළුවන් ප්‍රවීණ ‍ජ්‍යොතීර්වේදී කලාශූරී හේම ශ්‍රී අමරසිංහ

    ‍ජ්‍යොතිෂය යනු ෙතේ‍ර කාලය පිළිබඳවම පැවැසිය හැකි දියුණු ශාස්ත්‍රයකි. එහෙත් එවැනි ප්‍රකාශ සඳහා නිවැරදි ග්‍රහ පිහිටීම් සහ ඊට අදාළ මූලාශ්‍රද කාල වේලාවන්ද ඉතා නිවැරදිව අවශ්‍ය වෙයි.

    මෙම තත්ත්වය උදාහරණ සහිතව පහදන්නේ නම් වාහනයක් පිටත් වන වේලාව නිවැරදිව දන්නේ නම් ඊට අදාළ තක්කාල ක්ෂේත්‍රය නිසි පරිදි සකසා එමගින් එම වාහනය අනතුරකට මුහුණ දෙන්නේද යන්න පැවැසිය හැක.

    එහෙත් එකී අනතුර කුමන ආකාරයෙන් කුමන ස්ථානයේ සිදුවන්නේද යන්න පැවැසිය නොහැක. මෙම ගුවන් යානය සම්බන්ධ සිදුවීමද එසේමය. යානය පිටත් වූ වේලාව නිවැරදිව දන්නේ නම් ඊට අදාළව තත්කාල කේන්ද්‍රය පිළියෙළ කර එය අනතුරකට පත් වෙන්නේද යන්න පැවැසිය හැක.

    එහෙත් එකී අනතුර ප්‍රධාන නියමුවා විසින් සිදුකළ පැහැර ගැනීමක්ද ත්‍රස්තවාදී පැහැර ගැනීමක්ද වැනි තියුණු අනාවැකි ‍ජ්‍යොතිෂය මගින් පැවැසිය නොහැක. එවැනි තියුණු මතයක් පළ කළ හැක්කේ අනතුර සැලසුම් කළ පුද්ගලයාට පමණකි.

    අනෙක් කරුණ නම් මෙලෙස පළ කරන අනාවැකිවලින් බහුතරය 50:50 සම්භාවිතාව සහිත ඒවා වීමය. උදාහරණයක් ලෙස මෙම මලයාසියානු ගුවන් යානය පැහැර ගැනීම හෝ මුහුදට කඩා වැටීම දැක්විය හැකියි.

    මෙය පැහැර ගැනීමකට ලක්වූයේ නම් ඒ බවට පළ කරන අනාවැකි සාර්ථක වී ඒවා පළ කළ පුද්ගලයන්ට පුළුල් ප්‍රචාරයක් ලැබේ. එහෙත් අසාර්ථක වන අනාවැකි සමාජයට ඉතා පහසුවෙන් අමතක වන බැවින් ඒවා පළ කළ වංචනිකයන්ට ආරක්ෂාව සැලසේ.

    මෙවැනි ප්‍රවණතා ගැන අප එතරම් පුදුම විය යුතු නොවේ. පසුගිය දිනෙක කතරගම දෙවිඳුන් දර්ශනය වන බවට එක්තරා ‍ජ්‍යොතීර්වේදියෙකු පැවැසූ අනාවැකියකින් මුලා වී ලක්ෂ ගණන් බැතිමතුන් කතරගමට රැස්වූ අතර , කලකට පෙර නිකවැරටිය මීවැල්ලාව සහ දොළුකන්ද ඇතුළු සිද්ධස්ථාන වෙත අන්ධ භක්තියෙන් මිනිසුන් ඇදී යාම මෙවැනි මිථ්‍යාවන්ට හොඳ උදාහරණය. එහෙත් මිථ්‍යාවට වැඩි ආයුෂ නැති බව පමණක් අවසානයට සඳහන් කළ හැකිය.

    මේ ගැන අනාවැකි කිවහැක්කේ සමාජයට බොරු කරන්නන්ට පමණයි
    ප්‍රවීණ ‍ජ්‍යොතීර්වේදී අමරසේන වේගිරිය

    අතුරුදන් වූ යානය පිළිබඳ විවිධ මත පළ වෙනවා. ඒත් ‍ජ්‍යොතිෂය අනුව මේ වගේ තියුණු අනාවැකි කියන්න බෑ. යානය පිටත් වූ වේලාව අවසන් තත්පරයට ගණනය කර එමගින් තත්කාල කේන්ද්‍රයක් සකසා අනතුරක් වේද නොවේද යන්න පමණක් කිව හැකියි. එය අහවල් පුද්ගලයා පැහැර ගන්නා බව වැනි තියුණු අනාවැකි පැවැසීම මගින් මෙකී වටිනා ශාස්ත්‍රය සමාජයේ අවමානයට ලක් වෙනවා.

    යම් කෙනෙකු මේ කරුණු ගැන පළ කරන අනාවැකි අපේ ගම්වල මිනිසුන් හවසට වර්ෂාව ඇතිවේද, නැද්ද යන්න ගැන දහවල් වරුවේ පවසන අනාවැකිවලට දවෛනි වෙන්නේ නෑ.

    ඒ හැර මේ වගේ ස්ථිර අනාවැකි කියන්න පුළුවන් වන්නේ ධ්‍යානලභී මහා දිවැස්ලාභී පුද්ගලයන්ට පමණයි. එවැනි පුද්ගලයන් මෙවැනි විකාර නොකියනා බැවින් මේ වර්ගයේ අනාවැකි පවසන්නේ සමාජයට බොරු කරන්නන් ලෙස දැක්විය හැකියි.

    තත්කාල කේන්ද්‍රයක් හදාගත්තොත් අනතුරක් වෙයිද නැද්ද කිව හැකියි
    ප්‍රවීණ ‍ජ්‍යොතීර්වේදී ධර්ම ශ්‍රී මුද්දුවගේ

    අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය ගැන විවිධ පාර්ශ්වයන් අනාවැකි පළ කරනවා. ඒත් මේ තරම් සහතික කරලා අනාවැකි කියන්න ජ්‍යොතිෂ්‍යයට බෑ. ‍ජ්‍යොතිෂ්‍ය අනුව සෙනසුරු කියන්නේ අහස් කුස
    කැළඹිලි අනතුරුවලට මුල් වන ග්‍රහයෙක්.

    සෙනසුරු 12 වැන්නට සම්බන්ධ වීම නිසා අහස් කුස සම්බන්ධ අනතුරු විය හැකි බවට ඇති ‍ජ්‍යොතිෂ්‍ය මූල ධර්ම මුල් කර ගෙන ගුවන් අනතුරු ගැන අනාවැකි කියන්න බෑ. මේ ගැන කියන්න තක්කාල ක්ෂේත්‍රය සැකසීම අනිවාර්යයි. ඒ සඳහා යානය පිටත් වූ වේලාව නිශ්චිතව දැනගත යුතුයි. විවිධ මාධ්‍ය ඒ ගැන විවිධ දේ කියනවා.

    තක්කාල කේන්ද්‍රයක් සාදා ගත්තත් අනතුරක් වෙයිද යන්න පමණයි කියන්න පුළුවන්. මොන ආකාරයේ අනතුරක් වෙයිද කියා කියන්න බෑ.
    ක්‍රිෂ්ණ මූර්ති තුමා මේ විෂය ගැන ‍පොත් රැසක් පළ කර තිබෙනවා. ඒ එකකවත් මේ වගේ අනතුරු ගැන සඳහන් නෑ. දුරදිග නොබලා ඇතැමුන් කරන ප්‍රකාශ නිසා ‍ජ්‍යොතිෂ්‍ය අවතක්සේරුවට ලක් වෙනවා.

    - අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු


    Hot & fast news