Mama ada temple giya

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මෙතන එක පුද්ගලයෙක් අපූරු කමෙන්ට් එකක් දමලා තියෙනවා. මම ඔය දැක්ක පළවෙනි පාර නෙවෙයි. මේ පුද්ගලයා කිසිම ආගමක් අදහන්නේ නැති කෙනෙක්. ඒ වගේම කිසිම දර්ශණයක් අනුව ජීවත් නොවෙන කෙනෙක්. මේක නිසා මේ චරිතෙ හැම වෙලේම උත්සාහ කරනවා, මිනිස්සුන්ට පේන්න, ආගමක් හෝ දර්ශණයකට හෝ සංකල්පයකට අපහාස වෙන කමෙන්ට් එකක් දමලා කැපිලා පෙනෙන්න. අනෙක් ආගම් දර්ශණ පිළි නොගැනීම පුද්ගල අයිතිය. ඒත් අපහාස කිරීම වැරදියි. ඒ ඇරුනම තමංට කියන්න දෙයක් තියෙනවා නම්... ඒක කියන විදිහක්, තැනක් තියෙනවා.

    තමං නිර් ආගමිකයෙක් නම්, තමං විස්වාස නොකරන එකට අනික් මිනිස්සුන්ගේ ලබ්දීන්ට සංකල්පවලට අපහාස කරගෙන පොර ටෝක් දීලා නැති ප්‍රශ්ණ ඇති කරන්න එපා. අනික් උනුත් ආගමක් ජාතියක් නැති, අනාථ තනිවුන චරිතවලට කුණුහරුපෙන් බැනවදින්න එපා. ගන්න ඕනේ පියවර ගන්න.

    ......
     
    • Like
    Reactions: Johnnie_Walker