MANKAD : මන්කාඞ්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    MANKAD මන්කාඩ්

    1937023.JPEG


    පසුගියදා අවසන් වුන ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර පස්වන එක්දින තරගයෙදි සචිත්‍ර සේනානායක විසින් බට්ලර්ව පන්දු යවන්නාගේ අන්තයේදි දවා ගැනීමත් සමගම "මන්කාඩ්" වචනය යළි කරලියට අවා.ඇයි මෙයට මන්කාඩ් කියන්නේ?




    ඉන්දීය පිලේ හිටපු නායකයකු වන විනෝ මන්කාඞ් විසින් 1947-48 තරගවාරයේදී ඕස්ට්‍රේලියානු පිතිකරුවකු වන බිල් බ්‍රවුන් පන්දු යවන්නාගේ අන්තයේදී දෙවරක්ම දවා ගැනීම හේතුවෙන් පන්දු යවන්නාගේ අන්තයේදී පිතිකරුවකු දවාගැනීම 'මන්කාඩ්' ක්‍රමය ලෙසින් ප්‍රසිද්ධ වී තිබෙනවා.


    Mankading.gif

     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සචිත්‍ර සේනානායක විසින් එංගලන්ත පිළේ පිතිකරු ජොස් බට්ලර් දවා ලන ලද ආකාරය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණයට එරෙහිව කිසිදු ක්‍රියාවක් සිදුකර නැතැයි එංගලන්තයේ ‘මාර්ලිබෝන්’ ක්‍රිකට් සමාජය(MCC) පවසයි.

    140605140201_fraser_stewart_304x304_mcc.jpg

    MCC කළමනාකරු ෆ්රේසර් ස්ටුවට්

    MCC සහ ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ කළමනාකරු ෆ්රේසර් ස්ටුවට් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අවසන් එක් දින තරඟයේදී සචිත්‍ර සේනානායක විසින් පිතිකරු ජොස් බට්ලර් දවා ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට කිසිදු චෝදනාවක් කළ නොහැකි බවයි.

    බර්මිංහැම් නගරයේ පැවැත්වුන පස් වන සහ අවසන් එක් දින තරඟයේදී පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක විසින් එංගලන්ත පිළේ පිතිකරු ජොස් බට්ලර් දවා ලන ලද්දේ ඔහු විකට්ටුවෙන් පිටත රැඳී සිටියදී කඩුල්ල බිඳ හෙළමින්.

    එවැනි අවස්ථාවක ක්‍රීඩකයකු දවා ලීම ක්‍රිකට් ලෝකයේ හඳුන්වනු ලබන්නේ ‘මන්කාඩ්’(Mankad) යනුවෙනි.

    ‘මන්කාඩ්’ (Mankad) දවාලීම ක්‍රිකට් ක්‍රීඩා නීතියට අනුකූල නමුත් ඉහත කී දවාලීම ක්‍රිකට් ලෝකයේ බලවත් සාකච්ඡාවට ලක් වූ මාතෘකාවක් බවට පත් වී ඇත.

    නීතියට එකඟයි
    MCC සහ ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ කළමනාකරු ෆ්රේසර් ස්ටුවට් පෙන්වා දෙන්නේ, ජොස් බට්ලර් දවා ලූ ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩා නීතිය උල්ලංඝනය වීමක් සිදුව නැති බවයි.

    “අනතුරු ඇඟවීමක් නොකර ඒ දවාලීම සිදු වුනා නම් එය ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවයට එක්තරා බලපෑමක් වෙනවා. නමුත් මෙතන පිතිකරුට අනතුරු ඇඟවීම් කීපයක්ම සිදුකර තියෙනවා” ඔහු වැඩිදුරටත් කියා සිටියි.

    ‘බර්මිංහැම්’ තරඟයට පෙර ලන්ඩන් නගරයේ ‘ලෝඩ්ස්’ ක්‍රීඩාංගනයේ පැවති එක් දින තරඟයේ දීත් ජොස් බට්ලර් කඩුල්ලෙන් පිටත රැඳී සිටීමේ කාරණය මතු වූ බව දැන ගැනීමට ඇති බවත් එම්.සී.සී කළමනාකරු කියා සිටියි.

    ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ‘ලෝඩ්ස්’ ක්‍රීඩාංගනය අයත් වන්නේ එම්.සී.සී ක්‍රිකට් ක්‍රීඩා සමාජයටයි.

    BBC