Sachithra Senanayake'ge wade

after

Member
Sep 5, 2009
3,692
486
0

:lol::lol::lol::lol::lol:
Kari wade = Hoda wade

අපි හැමවිටම ක්‍රීඩා කරන්නේ ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගන්න විදිහට. නමුත් අනිත් කණ්ඩායම් ඒක කරන්නේ නැතුව ක්‍රිකට් ක්‍රීඩාවේ නීතියට පිටින් ක්‍රීඩා කරන විට අපිට නීතිය ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා. ඒක සාධාරණයි කියලයි මට හිතෙන්නේ"
- මහේල ජයවර්ධන


එංගලන්ත පිතිකරු ජෝස් බට්ලර් 'මන්කාඩ්' ක්‍රමයට දවා ගත්තේ ඔහු අවවාද නොතකා දිගින් දිගටම තණතිල්ලේ සිය සීමා ඉරෙන් ඉදිරියට පැමිණ අයුතු වාසියක් ලබා ගැනීම හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මහේල ජයවර්ධන ප්‍රකාශ කරයි.

අඟහරුවාදා එජ්බස්ටන් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගයේ 44 වැනි පන්දු වාරයේදී එංගලන්ත පිතිකරු ජොස් බට්ලර් පන්දු යවන්නාගේ අන්තයේ සීමා ඉර ඉක්මවා යාම හේතුවෙන් සචිත්‍ර සේනානායක විසින් කඩුල්ල බිඳ දමා ඔහු දවා ගැනීම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය බිඳ දැමු ක්‍රියාවක් හැටියටයි, එංගලන්ත නායකයා සහ ඇතැම් ක්‍රීඩා විචාරකයන් විග්‍රහ කරන්නේ.

නමුත් අඟහරුවාදා තරඟය ජය ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට නායක ඇන්ජලෝ මැතිව්ස් වෙනුවෙන් සහභාගි වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මහේල ජයවර්ධන පැවසුවේ, තම කණ්ඩායම අදාල දවා ගැනීම සිදු කළේ ඉන් පෙර පන්දු වාරයේ පිතිකරුට දෙවරක්ම අවවාද කිරීමෙන් අනතුරුව බවයි.

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදීද ජෝස් බට්ලර් මෙම වැරැද්ද සිදු කළ බව ද මහේල ජයවර්ධන පෙන්වා දුන්නේය.

'වැරැද්ද කලිනුත් කළා'

"අපිට ඒක කරන්න වුනේ, ඔහු ඒක නැවැත්තුවේ නැති නිසා. අපි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු තරගය ගත්තොත් බට්ලර් හා බොපාරා අවසන් පන්දු වාර දහයේ ලකුණු දෙකේ ඒවා විසි දෙකක්ම දිව්වා," යනුවෙන් ඔහු සඳහන් කළේය.

"අපි හැමවිටම ක්‍රීඩා කරන්නේ ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගන්න විදිහට. නමුත් අනිත් කණ්ඩායම් ඒක කරන්නේ නැතුව ක්‍රිකට් ක්‍රීඩාවේ නීතියට පිටින් ක්‍රීඩා කරන විට අපිට නීතිය ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා. ඒක සාධාරණයි කියලයි මට හිතෙන්නේ," යනුවෙන්ද මහේල ජයවර්ධන පැවසීය.

නමුත් එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටර් කුක් පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම දැවී යාම ප්‍රතික්ෂේප නොකිරීම පිළිබඳව තමන් අතිශය කණගාටු වන බවයි.

"මම මීට කලින් තරගයක මේක වෙනවා දැකල නැහැ. ඔහු හරියටම ලකුණක් ලබාගන්න ඉදිරියට අවොත් මට හිතාගන්න පුළුවන් මේක හරියි කියලා, නමුත් ඔහු මෙතෙන්දි ඉදිරියට ආවේ පොඩි දුරක්," යනුවෙන් ද එංගලන්ත කණ්ඩායමේ නායකයා සඳහන් කළේය.

තරඟය අවසානයේ ශ්‍රී ලංකා සහ එංගලන්ත නායකයන් අතර බහින්බස් වීමක්ද ඇතිවූ අතර ඇතැම් එංගලන්ත ක්‍රීඩා ලෝලීන් ශ්‍රී ලංකා නායකයාට හා සචිත්‍ර සේනානායකට තම අප්‍රසාදය පලකරනු ද දක්නට ලැබිණ.

ඉන්දීය පිලේ හිටපු නායකයකු වන විනෝ මන්කාඞ් විසින් 1947-48 තරගවාරයේදී ඕස්ට්‍රේලියානු පිතිකරුවකු වන බිල් බ්‍රවුන් පන්දු යවන්නාගේ අන්තයේදී දෙවරක්ම දවා ගැනීම හේතුවෙන් පන්දු යවන්නාගේ අන්තයේදී පිතිකරුවකු දවාගැනීම 'මන්කාඩ්' ක්‍රමය ලෙසින් ප්‍රසිද්ධ වී තිබේ.





-BBC Sinhala
 
Last edited:

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
186633.2.jpg
 

jers

Member
Sep 28, 2007
120
1
0
Is Unavailable
cheating kiyanne neethiyak nattan. neethiyak thiyenawanan cheating wenne kohomada?
anika sachiya manussakamata warn kalane deparakma.. thawa monawada?
kohomada talent eka thiyena ekata arinna thamai okun balan inne hamadama.
eda muralli. ada sachiya

duka kiyanne sub contnnt eke welath indian ballo puka dena eka okata.
kochchara puka dunnath untath wenne okamai.
 

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    kari wadak wenne kohomada uu kalin warn karanawane itin karanda deyak naha
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඔතන cheated by Jos Buttler කියල දාන්න ඕනා.මොකද ඌනෙ හොරට දුවන්නෙ :lol:
     
    කරපු දේ ගැන කිසිම වැරද්දක් කියන්න බෑ. මෙන්න හේතු.
    1. අපි වගේ රටක් දිනද්දී සුද්දෝ මොනවා හරි අංචියක් අදිනවා අම්පයර්ලට කියල. මෙතන එහෙම එකක් නෙවෙයි. කාටත් පෙනෙන දෙයක්.
    2. කලින් පැහැදිලිවම අවවාද කරලා තියෙද්දී තමයි සුද්ද එහෙම කරේ. ඉල්ලගෙන කෑවෙ.
    3. ඔහොම කලින් ඉස්සරහට ගිහින් අනිසි වාසියක් ලබාගන්නවා. සමහර විට එක ලකුණ ගන්න තියන එක දෙකක් වෙනවා කලින් ඉස්සරහට ගිය නිසා. නැත්නම් රනවුට් එකක් යන්න තියන එක නැති වෙනවා අර ක්‍රීස් කරන වෙලාව ඉස්සරහට යන නිසා. මිලිසෙකන්ඩ් එකක් උනත් වටිනවා. එතකොට එහෙම දේකින් ගන්න වාසිය අසාධාරණ බව පිළිගන්නේ නැත්නම් මේකත් අසාධාරණ නෑ.
     
    • Like
    Reactions: gayankuwait