Mariyawe – Gunadasa Kapuge | මාරියාවේ - ගුණදාස කපුගේ
මාරියාව යනු විශාල රැල්ලකි. සුනාමියක් යනු මාරියාවේ දරුණු අවස්ථාවක් ලෙස සැලකේ. ධීවරයාට මාරියාව යනු කරදර දුක් දොම්නස් කන්දකි. ධීවරයා මාරියාවට නවතින ලෙස ආයාචනා කරයි.
මෙතැනින් අහන ගමන් පහලින් කියවන්න.
මාරියාවේ මාරියාවේ මාරියාවේ
මාරියාවේ ඔහෙ නවතින්නේ
සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩදී පලයන්නේ
නුඹ ආදා සිට පැළ අඳුරේ මයි
සතුට සාම සොම්නස නොරැඳෙන්නේ
නුඹ ආදා සිට පැළ අඳුරේ මයි
සතුට සාම සොම්නස නොරැඳෙන්නේ
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩදී පලයන්නේ
නුඹ ආදා සිට නිවුනු ලිපේ ගිනි
හද තුල මෙලවී ඇවිලෙන්නේ
නුඹ ආදා සිට නිවුනු ලිපේ ගිනි
හද තුල මෙලවී ඇවිලෙන්නේ
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩදී පලයන්නේ
මාරියාවේ මාරියාවේ මාරියාවේ
මාරියාවේ මාරියාවේ මාරියාවේ
වළාලය යනු මුහුදේ යෑමට සුදුසු කාලයයි.
කලින් මාරියාවෙන් ඔහු හොඳටම බැටකා ඇතිසේය. ඔහුට කිසිම සැනසීමක් නැති සෙයකි.
නුඹ ආදා සිට පැළ අඳුරේ මයි
සතුට සාම සොම්නස නොරැඳෙන්නේ
ඔහුගේ ආදරණීය බිරින්දෑ මාරියාවෙන් රැගෙන ගියා වැනිය.
නුඹ ආදා සිට නිවුනු ලිපේ ගිනි
හද තුල මෙලවී ඇවිලෙන්නේ
යන පදවැලෙන් ගම්‍ය වන්නේ එය නොවේද?
ඉතා සුවිශේෂී ගණයේ ගීතයක් මෙය. පදරචනයහි භාව ගම්‍ය කිරීමේ හැකියාව හා කපුගේ ගේ සුවිශිෂ්ඨ ගායන කෞශල්‍යය මොනවට පැහැදිලි කරන ගීතයක් ලෙසය කතෘට හැඟෙන්නේ. මේ තේමාව ඔස්සේ ගැයිත ගීත බොහොමයක් අතරෙන් මෙය විශේෂ වන්නේ එහෙයිනි.
රණ්බන්ඩා සෙනවිරත්නයන්ගේ තවත් අනගි නිර්මාණයක්.
ඉතා සංකීර්ණ හැඟීම් මාලාවක් ජනිත කරන්නට සමත් වෙන සංයෝජනක් , ඇසූ මුල් අවස්ථාවේ මට කිසිම විශේෂයක් නොදැනුනු නමුදු අර්ථ රසය වරක් අත්විඳි පසු මගේ ප්‍රියතම ගීයක් බවට මේ පත්විණ.
සංගීතයත් කපුගේ මහතාගෙන් මයි. මේ මානව හිතවාදියා ගැන ලිවීමට බොහෝයි. තවත් ලිපි කිහිපයක් ඉදිරියේදී පැමිණේවි.
ඔබටත් යමක් හැඟිණි නම් කොමෙන්ටු විවෘතයි.
ගොඩාක් ස්තුතියි වැම්පයර් සහොදරයා...