කපුගේ

waligamaya

Well-known member
  • නන්නාදුනන ලෙසේ
    මඟතොට යළීත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන
    අපි යමු දුරස් වෙලා

    මේ වචන ටික මාර විදියට shock එකක් වගේ වැදුනා බන් හදවත පතුලටම. අවුරුදු ගානක මතකයන් මේ වචන ටික කියවන තත්පර 2,3 ඇතුලේ හිතේ ඇඳිලා ගියා. :sorry:

    නියම කළා කෘතියක් මිනිස්සුන්ගේ සැබෑ ජිවිතයේ අද්දැකීම් වල ප්‍රතිබිම්බය. එකයි එවගේ කළා නිර්මාණ සදකලිමවම මිනිසුන් අතර එක ලෙසම මතකයේ රැදෙන්නේ. කවිය ගිතය කියන්නේ පුදුමාකාර නිර්මාණයක් බන් සිනමා පටයක, නව කතාවක කෙටිකතාවක සම්පුර්ණ අද්දකිමම වචන කිහිපයකින් මිනිත්තු කිහිපයකින් පෙන්වනවා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ සිද්දිය උනේ 1997 අවුරුද්දේ වෙන්න ඕන.
    අවුරුද්දේ තියන හුඟාක් නැකත් දවස්වලට අපේ band එකට wedding එකක් අනිවාර්යෙන්ම තිබුන. එදත් ඒ වගේම day & night homecoming එකක් තිබුන. වැඩේ තියෙන්නේ කොහෙද කාගේ වැඩක්ද කියන දේ අපිට අදාල උනේ නැහැ. වැඩේට එක්කයන්න band owner ගෙදරටම van එක එවනවා.

    එදා party එක තිබුනේ බලපිටියේ මට මතක විදිහට. වැඩේට ගියාට පස්සේ තමයි කිව්වේ ගුණදාස කපුගේ මහත්තය එනවා කියල party එකට. කාලයට සාපේක්ෂව hit වෙලා ඉන්න හැම artis ගේම සින්දු කීපයක් බලල තියන හින්ද ඉතින් කපුගේ එන එක අපිට ලොකු වෙනසක් උනේ නැහැ. කීප වතාවක්ම කපුගේ සහ දිවුල්ගනේ එක්ක indoor shows play කරලා තිබුන හින්ද කපුගේගෙ සින්දු 10 ක් 15 ක් play කරන එක simple වැඩක් උනා ඒ කාලේ .

    අපේ වැඩේ අපි කරන් ගියා අපේ පාඩුවේ. ඔන්න කපුගේ මහත්තයත් ඉතින් ටිකක් සප්පායම් වෙලා stage එකට ගොඩ උනා කියමුකෝ. ඒ කාලේ hit වෙලා තිබුන සින්දු කීපයක් play කරපු අපි මගේ ආසම සින්දුවක් වෙන "මේ සඳේම සෙවනැල්ලේ " කියන සින්දුව play කරන්න පටන්ගත්ත. එත් එක්කම කපුගේ අපේ percussion play කරන කෙනා ලඟට ගිහින් මොකක්දෝ කිව්වා. අපේ එකා stic එකෙන්ම මාව පෙන්නුවා. කපුගේ මාගාවට ඇවිත් කියපි පුතා මට මේ සින්දුවේ වචන මතක නැහැ කියල. දැන් ඉතින් මම සින්දුවේ introduction එක play කරගෙන යනවා. දැන් ඉතින් සින්දුව මග නවත්තන්නත් බැරි හින්ද මම කිව්වා මටනම් මතකයි මම වචන ටික කියන්නම් කියල.
    එවෙලේ කපුගේ කිව්වා පුතා ඉස්සෙල්ල කියන්න පද දෙකක් ඊට පස්සේ මම එකම ආයේ කියන්නම් කියල. මමත් එකඟ උනා . සින්දුව අපි දෙන්න එක්ක ගායනා කරා සහෝයෝගෙන්. කපුගේ ගැන artical එක දැක්කම මටත් මේ සිද්දිය මතක් උනා. මගේ ජීවිතේ අමතක නොවෙන සිද්දියක් ඒක .

    කපුගේ කියන්නේ බොහොම අවංක හිත හොඳ මනුස්සයෙක්. එත් එයාගෙම අවාසනාවට තදින් බීමට ඇබ්බැහිවෙලා හිටිය . කපුගේ එක්ක කනබොන තැන්වල ඉතින් ඕන තරම් මමත් ඉඳල තියනවා. තිබහට වතුර බොන විදිහට තමයි කපුගේ බිව්වේ. අපරාදේ රටට වටිනා මනුස්සයෙන් අකාලයේ නැති උනා . සිංහල සංගීතයට කවදාවත් කපුගේලගේ අඩුව පුරවන්න කාටවත් බැරි වේවි.

    අයියේ උඹ නම් මාරම වාසනාවන්තයි මෙහෙම අවස්ථාවක් උදාවෙන්න
    :yes::yes::yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නන්නාදුනන ලෙසේ
    මඟතොට යළීත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන
    අපි යමු දුරස් වෙලා

    මේ වචන ටික මාර විදියට shock එකක් වගේ වැදුනා බන් හදවත පතුලටම. අවුරුදු ගානක මතකයන් මේ වචන ටික කියවන තත්පර 2,3 ඇතුලේ හිතේ ඇඳිලා ගියා. :sorry:
    ]

    ඒ...ජේසා... වීඩියෝ එකෙන් වැදුන පාර උඹ හතර අතේ යනව නේහ් ඒක කියව කියව
    :D
     
    • Like
    Reactions: waligamaya

    gepa

    Well-known member
  • කපුගේ ගේ මුලින්ම හිට් උනු කැසට් එකේ මුදලින් බාගෙකට වඩා වියදම් කරල ඒ කාලේ ගෙයක් හදාගන්න කපුගේ ගේ යලුවෙක්ට ඒ සල්ලි දීලා තියෙන්නේ.. කපුගේ අරන් තියෙන්නේ ඒ ලැබුනු මුදලින් සුලු මුදලයි.. රත්න ශ්‍රී කිව්වේ ලක්හඬේ ප්‍රෝග්‍රැම් එකේදි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කපුගේ ගේ මුලින්ම හිට් උනු කැසට් එකේ මුදලින් බාගෙකට වඩා වියදම් කරල ඒ කාලේ ගෙයක් හදාගන්න කපුගේ ගේ යලුවෙක්ට ඒ සල්ලි දීලා තියෙන්නේ.. කපුගේ අරන් තියෙන්නේ ඒ ලැබුනු මුදලින් සුලු මුදලයි.. රත්න ශ්‍රී කිව්වේ ලක්හඬේ ප්‍රෝග්‍රැම් එකේදි

    ඔව් බං..ඒ වගේ ගොඩක් අයට උදව් කරල තියනව කපුගේ මහත්තය......
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    කපුගේ මහත්තයා (නිකම්ම කපුගේ කියලා කියන්න හිතෙන්නෙ නෑ බං) විශිෂ්ඨ ගායකයෙක් විතරක් නෙවෙයි මනුස්සකම් අතින් ඉහළම සැබෑම මනුස්සයෙක්. එකපාරක් ගාල්ලෙ තිබිච්ච අමරදේව උපහාර වැඩසටහනකට ඇවිත් (ලෙල්ලටම ගහලා) ස්ටේජ් එකට අමාරුවෙන් නැගලා මෙහෙම කිව්වා.
    "අමරදේවල ලංකා‍වටම එකයි යකෝ ඉන්නෙ" කලබල වෙච්ච නිවේදකයා "හා හා කපුගේ අයියා" කියනකොට අමරදේව මාස්ටර් හින‍ාවෙවී කියනවා "කපුගේ කතා කරන්නෙ අනිත් අය වගේ මූණිච්චාවට නෙවෙයි හදවතින්. එයාට කතා කරන්න දෙන්න" කියලා.
    සන්ෆ්ලවර් එක්ක සිංදු කිව්වා කියල බණින කවුරුවත් ඒ සල්ලි වලින් කපුගේ මොකද කළේ කියලා කියන්නෙ නෑ. අහිංසක මිනිහෙකුට ගෙයක් හදාගන්න ඒ සල්ලි දුන්නා කියලා රත්නශ්‍රී වතාවක් ඉන්ටවීව් එකකදී කිව්වා.
    කපුගේ මහත්තයා නොහිටින්න කරුණාරත්න දිවුල්ගනේ කියලා ගායකයෙක් නෑ. නමුත් එතුමා ජීවතුන් අතර ඉන්නකම් ප්‍රමාණවත් ඇගයීමක් ලැබුණෙ නෑ කියන එකයි මගේ හැගීම. හැබැයි තව සියවස් ගාණක් එතුමා මිනිස්සුන්ගෙ හදවත් වල නම් ජීවමානව ඉදීවි.
    කපුගේ මහත්මයාගෙ සින්දුවක් ගැන විචාරයක් ඉස්සරහට දාන්නම්.
    මේ වගේ වටින ත්‍රෙඩ් එකක් පටන් ගත්තට උඹට පින්...
     
    waligamaya

    Well-known member
  • කපුගේ මහත්තයා (නිකම්ම කපුගේ කියලා කියන්න හිතෙන්නෙ නෑ බං) විශිෂ්ඨ ගායකයෙක් විතරක් නෙවෙයි මනුස්සකම් අතින් ඉහළම සැබෑම මනුස්සයෙක්. එකපාරක් ගාල්ලෙ තිබිච්ච අමරදේව උපහාර වැඩසටහනකට ඇවිත් (ලෙල්ලටම ගහලා) ස්ටේජ් එකට අමාරුවෙන් නැගලා මෙහෙම කිව්වා.
    "අමරදේවල ලංකා‍වටම එකයි යකෝ ඉන්නෙ" කලබල වෙච්ච නිවේදකයා "හා හා කපුගේ අයියා" කියනකොට අමරදේව මාස්ටර් හින‍ාවෙවී කියනවා "කපුගේ කතා කරන්නෙ අනිත් අය වගේ මූණිච්චාවට නෙවෙයි හදවතින්. එයාට කතා කරන්න දෙන්න" කියලා.
    සන්ෆ්ලවර් එක්ක සිංදු කිව්වා කියල බණින කවුරුවත් ඒ සල්ලි වලින් කපුගේ මොකද කළේ කියලා කියන්නෙ නෑ. අහිංසක මිනිහෙකුට ගෙයක් හදාගන්න ඒ සල්ලි දුන්නා කියලා රත්නශ්‍රී වතාවක් ඉන්ටවීව් එකකදී කිව්වා.
    කපුගේ මහත්තයා නොහිටින්න කරුණාරත්න දිවුල්ගනේ කියලා ගායකයෙක් නෑ. නමුත් එතුමා ජීවතුන් අතර ඉන්නකම් ප්‍රමාණවත් ඇගයීමක් ලැබුණෙ නෑ කියන එකයි මගේ හැගීම. හැබැයි තව සියවස් ගාණක් එතුමා මිනිස්සුන්ගෙ හදවත් වල නම් ජීවමානව ඉදීවි.
    කපුගේ මහත්මයාගෙ සින්දුවක් ගැන විචාරයක් ඉස්සරහට දාන්නම්.
    මේ වගේ වටින ත්‍රෙඩ් එකක් පටන් ගත්තට උඹට පින්...

    :yes::yes::yes: පිදිය යුත්තන්ට පිදිය යතුයි මචෝ
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    :yes::yes::yes: පිදිය යුත්තන්ට පිදිය යතුයි මචෝ
    අනිවා මචං
    මම එතුමාට ගරු කරන එක හේතුවක් තමයි මම විශ්වාස කරන දේශපාලන දර්ශනය කපුගේ දර්ශනය සමග සමපාත වීම.
    කරුමෙ කියන්නෙ කාලකන්නි යෙහෙන් ‍වැජඹෙද්දි වටින මිනිස්සු විහින් විනාස වී යාම
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කපුගේ මහත්තයා (නිකම්ම කපුගේ කියලා කියන්න හිතෙන්නෙ නෑ බං) විශිෂ්ඨ ගායකයෙක් විතරක් නෙවෙයි මනුස්සකම් අතින් ඉහළම සැබෑම මනුස්සයෙක්. එකපාරක් ගාල්ලෙ තිබිච්ච අමරදේව උපහාර වැඩසටහනකට ඇවිත් (ලෙල්ලටම ගහලා) ස්ටේජ් එකට අමාරුවෙන් නැගලා මෙහෙම කිව්වා.
    "අමරදේවල ලංකා‍වටම එකයි යකෝ ඉන්නෙ" කලබල වෙච්ච නිවේදකයා "හා හා කපුගේ අයියා" කියනකොට අමරදේව මාස්ටර් හින‍ාවෙවී කියනවා "කපුගේ කතා කරන්නෙ අනිත් අය වගේ මූණිච්චාවට නෙවෙයි හදවතින්. එයාට කතා කරන්න දෙන්න" කියලා.
    සන්ෆ්ලවර් එක්ක සිංදු කිව්වා කියල බණින කවුරුවත් ඒ සල්ලි වලින් කපුගේ මොකද කළේ කියලා කියන්නෙ නෑ. අහිංසක මිනිහෙකුට ගෙයක් හදාගන්න ඒ සල්ලි දුන්නා කියලා රත්නශ්‍රී වතාවක් ඉන්ටවීව් එකකදී කිව්වා.
    කපුගේ මහත්තයා නොහිටින්න කරුණාරත්න දිවුල්ගනේ කියලා ගායකයෙක් නෑ. නමුත් එතුමා ජීවතුන් අතර ඉන්නකම් ප්‍රමාණවත් ඇගයීමක් ලැබුණෙ නෑ කියන එකයි මගේ හැගීම. හැබැයි තව සියවස් ගාණක් එතුමා මිනිස්සුන්ගෙ හදවත් වල නම් ජීවමානව ඉදීවි.
    කපුගේ මහත්මයාගෙ සින්දුවක් ගැන විචාරයක් ඉස්සරහට දාන්නම්.
    මේ වගේ වටින ත්‍රෙඩ් එකක් පටන් ගත්තට උඹට පින්...

    නියම මනුස්සයෙක්. මම දන්න විදියට කපුගේ ගෙ නෝනා ගාල්ලේ කරාපිටියේ නේද? මම දකිනවා ඉස්සර වෑන් එකේ කරාපිටිය පැත්තට යනවා.
     
    waligamaya

    Well-known member

  • අනිවා මචං
    මම එතුමාට ගරු කරන එක හේතුවක් තමයි මම විශ්වාස කරන දේශපාලන දර්ශනය කපුගේ දර්ශනය සමග සමපාත වීම.
    කරුමෙ කියන්නෙ කාලකන්නි යෙහෙන් ‍වැජඹෙද්දි වටින මිනිස්සු විහින් විනාස වී යාම

    හොද විචාරයක් දාපන් මචෝ.
     
    waligamaya

    Well-known member
  • නියම මනුස්සයෙක්. මම දන්න විදියට කපුගේ ගෙ නෝනා ගාල්ලේ කරාපිටියේ නේද? මම දකිනවා ඉස්සර වෑන් එකේ කරාපිටිය පැත්තට යනවා.

    කපුගේත් ගාල්ලේ මිනිහෙක්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කපුගේ මහත්තයා (නිකම්ම කපුගේ කියලා කියන්න හිතෙන්නෙ නෑ බං) විශිෂ්ඨ ගායකයෙක් විතරක් නෙවෙයි මනුස්සකම් අතින් ඉහළම සැබෑම මනුස්සයෙක්. එකපාරක් ගාල්ලෙ තිබිච්ච අමරදේව උපහාර වැඩසටහනකට ඇවිත් (ලෙල්ලටම ගහලා) ස්ටේජ් එකට අමාරුවෙන් නැගලා මෙහෙම කිව්වා.
    "අමරදේවල ලංකා‍වටම එකයි යකෝ ඉන්නෙ" කලබල වෙච්ච නිවේදකයා "හා හා කපුගේ අයියා" කියනකොට අමරදේව මාස්ටර් හින‍ාවෙවී කියනවා "කපුගේ කතා කරන්නෙ අනිත් අය වගේ මූණිච්චාවට නෙවෙයි හදවතින්. එයාට කතා කරන්න දෙන්න" කියලා.
    සන්ෆ්ලවර් එක්ක සිංදු කිව්වා කියල බණින කවුරුවත් ඒ සල්ලි වලින් කපුගේ මොකද කළේ කියලා කියන්නෙ නෑ. අහිංසක මිනිහෙකුට ගෙයක් හදාගන්න ඒ සල්ලි දුන්නා කියලා රත්නශ්‍රී වතාවක් ඉන්ටවීව් එකකදී කිව්වා.
    කපුගේ මහත්තයා නොහිටින්න කරුණාරත්න දිවුල්ගනේ කියලා ගායකයෙක් නෑ. නමුත් එතුමා ජීවතුන් අතර ඉන්නකම් ප්‍රමාණවත් ඇගයීමක් ලැබුණෙ නෑ කියන එකයි මගේ හැගීම. හැබැයි තව සියවස් ගාණක් එතුමා මිනිස්සුන්ගෙ හදවත් වල නම් ජීවමානව ඉදීවි.
    කපුගේ මහත්මයාගෙ සින්දුවක් ගැන විචාරයක් ඉස්සරහට දාන්නම්.
    මේ වගේ වටින ත්‍රෙඩ් එකක් පටන් ගත්තට උඹට පින්...

    නියමයි මචන්...එතුමා ගැන දන්න දේවල් බෙදාගත්තට ගොඩක් පිං..තවත් දන්න දේවල් තියනවා නම් ත්‍රෙඩ් එකේ ඉදිරියට පෝස්ට් කරන්න
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    කපුගේ - රත්නශ්‍රී සුසංයෝගයෙන් සිංහල සුභාවිත ගී කෙතේ අස්වැද්දූ සුන්දර ගී ප්‍රමාණය අප්‍රමාණයි. ඒ අතරින් පෞද්ගලිකව වඩාත්ම මා සිත් ගත් ගීයක් තමයි "මගෙ බිසවුනේ අසාපන්" කියන ගීතය. ගුණදාස කපුගේ ශූරීන් විසින්ම සංගීතවත් කෙරුණු මේ ගීතය "වෙස්සන්තර ජාතකය" තම පෞද්ගලික අත්දැකීමක් හා මුසුකර වර්තමාන සමා‍ජයේ සුලබ අනුවේදනීය අත්දැකීමක් රසිකයාට සමීප කරවනවා.
    රත්නශ්‍රී විජේසිංහ රාජකාරි ජීවිතයේ අනන්ත දේශපාලන කෙනෙහිලි කම් වලට ලක්වුණු තැනැත්තෙක්. ඔහු ගුරුවරයෙකු ලෙස සේවය කරන සමයේ ඉතා දුෂ්කර ප්‍රදේශයක් වන "හුලංදාව" ට ස්ථාන මාරුවක් ලබනවා. (මට මෙතැනදී රත්නශ්‍රී ගේ "වස්සානය" කවි පංතිය සිහිවෙනවා. එහි එක් තැනක තියෙනවා 'හුලංදා ඔය කිමද මල්වරව ඉල්මහට' කියලා) තම බිරිඳ හා දරුපැටව් තනිකර දමා තියෙන්නේ කොහේද වත් නොදන්නා පළාතක යන්නට සිදුවුණු පියෙකුගේ, ස්වාමිපුරුෂයකුගේ හැබෑ වේදනාත්මක හැඟීම් අපි මෙහිදී දකිනවා. සන්නිවේදනය එතරම් නොදියුණු ඒ කාලයේ මෙය තවත් දුෂ්කර අත්දැකීමක් වන්නට ඇති.

    මගෙ බිසවුනේ අසාපන්
    නුඹ මන්ද්‍රි දේවි නොවුනේ

    ඔහු තම බිරිය අමතන්නේ මගෙ බිසවුනේ යනුවෙන්. ඇය වෙනුවෙන් හදේ නැගෙන ලයාර්ද ගෞරවනීය බව මෙහි හොඳින් අපට දැනෙනවා. 'නුඹ මන්ද්‍රි දේවි නොවුනේ' කියද්දී මම වෙස්සන්තර රජ්ජුරුවො නොවන බව ඔහු අපට පසක් කරනවා. එනම් මම මේ උත්සහා කරන්නේ දරු දන්දෙන්නට නොවෙයි. දරුවන් රැක ගන්නටයි.

    නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
    සාපැටව් එහි නිදන්නේ

    මේ කොයිතරම් නම් ආදරණීය හැඳින්වීමක්ද? ඔබ චන්ද්‍ර මඩල වන්නේ එහි මගේ සාපැටවුන් නිදන නිසා. මගේ දරුවන් සාපැටවුන් වගේ. ඒ හිමයේ වගවලසුන්ට උන් ගොදුරු කරන්නට බැහැ. ඒනිසා උන් හාමතේ නොලා නගරේ නවතින්න. නමුත් මේ මහ හිමයට හීනෙන් ඇවිත් මගේ රිදෙන හිතේ සඳුන් තවරාපන්.

    හිමවතට ඇවිත් හීනෙන්
    හිත සඳුන් තවරපන්නේ

    මේ ජීවිතේ දුෂ්කරයි. ඒත් නුඹ එතෙරට වහල්කමට දෙන්නටවත්, දරුවන් මෙහෙකාරකමට දන්දෙන්නටවත් මා සූදානම් නෑ. දිවි පුදා හෝ ඔබ රැක ගන්නම්. නමුත් ඒ බුදුබව පතා පෙරුම් පුරන්නට නම් නෙවෙයි.

    දිවි පුදා ඔබ රකින්නම්
    නොපුරා එහෙත් පෙරුම් දම්

    තම අඹුදරුවන් තනිකර පිටරටවල, දුෂ්කර ප්‍රදේශවල නැවතී රාජකාරියේ යෙදෙන කී දාහක් මේ සමාජයේ ඇතිද? ඒ කාගෙත් හදවත්වල බුර බුරා නැගෙන තනිකම වේදනාව මේ ගීයේ කැටිවී තිබෙනවා නොවේද?
     
    Last edited:

    බොහොම ස්තූතියි මචෝ....රත්න ශ්‍රී විජේසිංහ සර්ගෙ පද වැලක් කියන්නෙ ඉතින් අමා පැන් වගේ තමයි.....අර්ථ රසයෙන් පරිපූර්ණයි.....ඒත් එක්ක කපුගේ මහත්තයගෙ හඬ සහ සංගීතය එකතු උනාම වටිනාකම කියල නිම කරන්න බෑ...