මම හිතන විදියට ගෙවී ගිය සෑම දවසක්ම ගෙවන අද දවසට වඩා රසවත්. ඇත්තම කියනවනම් මටත් අනන්ත ඔහොම හිතෙනව. මොන කරදර තිබුණත් ගෙවුණු අතීතය හරිම රසවත්. ඒත් දැන් මොන දේවල් තිබුණත් කිසිම සතුටක් නැහැ. ඉස්සර පොඩි දේකින් සතුටුවුනත් දැන් එහෙම සතුටක් දැනෙන්නේ නැහැ. සමහරු හිතයි මෙහෙම කියනකොට මට මානසික රෝගයක්වත්ද කියල. ඒත් ඇත්ත ඒක තමයි.