Matakada Issara Rupavahini, ITN?

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,806
    4,934
    113
    Uba digatama single innawada ban proposal ekak wath baluwe nadda?
    හෙව්වේ නැද්ද හෙව්වේ නැද්ද කියල අහන්නේ නැතුව උබ පොඩ්ඩක් හොද ගෑණියක් බලල මුට ප්‍රෝපෝස් කරලා උදවුවක් දීපන්කො. :rofl:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,083
    2
    15,848
    113
    අපේ දැන් ගෙදරට මුලින්ම එද්දිමයි TV එකක් ගෙනත් තියෙන්නෙ 1993 දි. අඟල් 21 National Color TV එකක්. මතක කාලෙ ඉඳලම එ‍්ක ගෙදර තිබුණා. තාමත් එ‍්ක තියෙනවා. දැන් හැබැයි හරියට පේන්නෙ නම් නෑ, focus නැති කේස් එකක් තියෙන්නෙ.

    මතක අ‍ැති කාලෙක ගත්තෙ 1994 අගදි වගේ deck එකක්. එ‍්කෙන් Jurassic Park VHS එකක් දාලා බැලුවා. ඩයිනෝසිරස් මූණ තියල කාර් එක පෙරළන හැටි තමයි මට හොඳටම මතක තිබ්බෙ. තුන් පාරක්ම බලන්න ඕන කියල Rent කරල පස්සෙ එ‍්ක සල්ලිවලටම ගෙනාවා.

    මට හොඳට මතකයි එ‍්කෙ තැන තැන නවත්තලා ඉන්න ඩයිනෝසරයොන්ගෙ චිත්‍ර අ‍ැන්දා. රබර්වලින් හදපු ඩයිනෝසිරස්ලා සෙට් එකක් ඉන්න පෙට්ටියක් තමයි මට 5 වෙනි උපන්දිනයට හම්බුණේ. (මම 1 වසරෙ පළවෙනි වාරෙම පන්තියෙ පළවෙනියා වෙලත් තිබ්බ නිසා දෙකටම එකට වගේ 😎) ගෙදර සයිප්‍රස් ගහෙන් අතු කපාගෙන මිදුලෙ ගස් වගේ හිටවල, ඩයිනෝසිරස්ලා තියල, සෙල්ලම් කාර් එහෙම තියල photos එහෙම ගන්නවා. ඊට පස්සෙ එ‍්වා develop කරන් අ‍ාවාම මාර fun.

    මට හොඳට මතකයි ස්වර්ණවාහිනී පටන් ගත්ත එක. එ‍් දවස්වල අ‍ැන්ටනාව එක එක පැත්තට කරකවන්න ඕන එක එක චැනල් අහු වෙන්න. ඉස්කෝලෙ ගිහින් අ‍ැවිත් ස්වර්ණවාහිනී එකම තමයි වැඩිපුර බැලුවෙ. හතරෙ වගේ ඉඳල 6 වෙනකල් කාටූන් ගොඩක් තිබ්බා. ඊට පස්සෙ රෑට news බලන්න අ‍ැන්ටනාව අ‍ායෙ ITN එක පැත්තට කරකවන්න ඕන. ස්වර්ණවාහිනී පටන් ගත්ත දවස්වල නිව්ස් ගියේම නෑ. අ‍ායෙ ටිකට් එහෙම බලන්න රූපවාහිනී එක පැත්තට කරකවන්න ඕන.

    ඉරිදා උදේට ස්වර්ණෝදය කියල එකක් ගියා එ‍් දවස්වල. අන්න එ‍්ක නම් අනිවාර්යයෙන්ම බලනවා. එ‍්කෙ ඔය වෙන රටවල සීන් එහෙම හරියට තිබුණා. එ‍්වට හෙන අ‍ාසාවෙන් හිටියෙ.

    අපි ඉන්න තැන එක්ක පිදුරුතලාගලයි, කිකිළියාමානයි කඳු දෙක හරියටම දෙපැත්තෙ නිසා චැනල් නම් සේරම වගේ ඉස්සර ඉඳලම අහු වුණා. රූපවාහිනී, ITN, චැනල් EYE, TNL, ස්වර්ණවාහිනී පහ තමයි තිබ්බෙ. පස්සෙ සිරසත් අ‍ාවා හැබැයි සිරස එච්චර හරියට පෙනුණෙ නෑ.

    2001 ශිෂ්‍යත්වෙට වැඩ කරද්දි TV දවසට පැයයි බලන්න හම්බුණේ. හවස කාටුන් ටික නම් අනිවාර්යයෙන්ම වගේ බැලුවා. ශිෂ්‍යත්වෙ පාස් වෙලා Royal එකට තේරුණාට පස්සෙ LG අඟල් 29 Flat screen එකයි, Sony DVD player එකයි ගෙදරට ගත්තා. එ‍්කෙන් නම් හැබැයි වැඩිය එක දිගට බලන්න වුණේ නෑ කොළඹ හොස්ටල් එකේ හිටපු නිසා.

    6 වසරෙ ඉතින් බයේ බයේනෙ හිටියෙ. හැබැයි 7 වසරට ගියාට පස්සෙ ටිකක් ගැම්මට හිටියා. එ‍් දවස්වල CD මාරු කරන වැඩේ සෑහෙන තිබ්බා. නිවාඩුවට එද්දි කට්ටියගෙන් CD එහෙම අරන් එනවා, එහෙම ගෙනත් Film ගොඩක් බැලුවා. එ‍් ලොකු TV එක හැබැයි මම 10 වසරෙ ඉද්දි කැඩුණා.

    අ‍ායෙ TV එකක් ගත්තෙ නම් අවුරුදු කීපයක්ම ගියාට පස්සෙ. අර පරණ TV එක සාමාන්‍යයෙන් වැඩ කරපු නිසා ලොකු අවුලක් තිබුණෙ නෑ. හැබැයි එ‍්කට DVD player එකේ AV පාට තුනේ cable ගහන්න බැරි නිසා කොහෙද තැනකින් AV signal එක RF කරන Converter එකක් හොයාගෙන අ‍ාවා. එ‍්කෙනුත් DVD බලන්න පුළුවන් හැබැයි ලොකු Flat TV එකේ බලල පුරුදු වෙලා අරකෙ බලද්දි අවුල්.

    O/L වලට 10A ගත්තට පස්සෙ මට Computer එකක් ගත්තනෙ. එතකොට එ‍්කෙන් දාලා මොනිටරේ films බැලුවා සෑහෙන්න. O/L ඉවර වෙලා A/L පටන් ගන්න කාලෙ මොනවත් නොකර ගෙදරමනෙ හිටියෙ. එ‍් ටිකේ නම් සෑහෙන්න films ගොඩක් බැලුවා. එ‍් කාලෙම අර ලොකු TV එකත් කොළඹ අරන් ගිහින් හදාගෙන අ‍ාවා, එ‍්කට VGA to AV converter එකක් ගෙනත් computer එකෙන් දාලා films බැලුවා, games ගැහුවා සෑහෙන්න.

    A/L පටන් අරන් හොස්ටල් prefect වෙලා ගියාට පස්සෙ නම් ලොකුවට TV බැලිල්ලක් සිද්ධ වුණේම නෑ. නිවාඩුවට ගෙදර එන එකත් අඩු වුණා ටියුෂන් එහෙම එක්ක. හැබැයි අපි Prefect ලා නිසා හොස්ටල් එකේ TV එක තිබ්බනෙ. එ‍්කෙන් හැම සති අන්තෙම වගේ රෑට Films බැලුවා.

    ඔය ටික තමයි TV සම්බන්ධ මතක. 😁😁
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,526
    8,728
    113
    Galaha
    Eh deka witarai tibbe issara- mulinma awe ITN 1979.
    Ape tatta gatta podi 14 inch TV ekak, car battery eken reta duwanne, moko power line eke voltage eka hungak adui reta issara. So tatta dawalta car battery eka charge karana enawa handiye kaden reta ekata hai karala TV eka balanna. Pamanak dawas wala wata pita minissu enawa Sinhala film ekak daana welawata awith okkoma balanawa.
    Tama tiyenawada Rupavahini ITN ponnayo???
    මටත් මතකයි හවස ඉඳල රෑ 10 විතර වෙනකල් කරන්ට් එක අඩුයි පිලමන්ට් බල්බ් වල එලිය ඉටි පන්දමක එලිය තරමටම dim වෙනව. පීක් ටයිම් එකේ. මහින්ද මහත්තය ආවේ නැත්තන් ඒ එක්ස්පිරියන්ස් එක දැනුත් ගන්නතිබුනා කට්ටියට. :rolleyes:
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,009
    5,285
    113
    මූ පොඩි කාලෙ ගෙදර ආපු වනචරයන්ගෙන් තමයි මේව පුරුදු උනේ 👇

    NJ-VpV.gif
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,129
    15,784
    113
    35
    Spain
    අපේ දැන් ගෙදරට මුලින්ම එද්දිමයි TV එකක් ගෙනත් තියෙන්නෙ 1993 දි. අඟල් 21 National Color TV එකක්. මතක කාලෙ ඉඳලම එ‍්ක ගෙදර තිබුණා. තාමත් එ‍්ක තියෙනවා. දැන් හැබැයි හරියට පේන්නෙ නම් නෑ, focus නැති කේස් එකක් තියෙන්නෙ.

    මතක අ‍ැති කාලෙක ගත්තෙ 1994 අගදි වගේ deck එකක්. එ‍්කෙන් Jurassic Park VHS එකක් දාලා බැලුවා. ඩයිනෝසිරස් මූණ තියල කාර් එක පෙරළන හැටි තමයි මට හොඳටම මතක තිබ්බෙ. තුන් පාරක්ම බලන්න ඕන කියල Rent කරල පස්සෙ එ‍්ක සල්ලිවලටම ගෙනාවා.

    මට හොඳට මතකයි එ‍්කෙ තැන තැන නවත්තලා ඉන්න ඩයිනෝසරයොන්ගෙ චිත්‍ර අ‍ැන්දා. රබර්වලින් හදපු ඩයිනෝසිරස්ලා සෙට් එකක් ඉන්න පෙට්ටියක් තමයි මට 5 වෙනි උපන්දිනයට හම්බුණේ. (මම 1 වසරෙ පළවෙනි වාරෙම පන්තියෙ පළවෙනියා වෙලත් තිබ්බ නිසා දෙකටම එකට වගේ 😎) ගෙදර සයිප්‍රස් ගහෙන් අතු කපාගෙන මිදුලෙ ගස් වගේ හිටවල, ඩයිනෝසිරස්ලා තියල, සෙල්ලම් කාර් එහෙම තියල photos එහෙම ගන්නවා. ඊට පස්සෙ එ‍්වා develop කරන් අ‍ාවාම මාර fun.

    මට හොඳට මතකයි ස්වර්ණවාහිනී පටන් ගත්ත එක. එ‍් දවස්වල අ‍ැන්ටනාව එක එක පැත්තට කරකවන්න ඕන එක එක චැනල් අහු වෙන්න. ඉස්කෝලෙ ගිහින් අ‍ැවිත් ස්වර්ණවාහිනී එකම තමයි වැඩිපුර බැලුවෙ. හතරෙ වගේ ඉඳල 6 වෙනකල් කාටූන් ගොඩක් තිබ්බා. ඊට පස්සෙ රෑට news බලන්න අ‍ැන්ටනාව අ‍ායෙ ITN එක පැත්තට කරකවන්න ඕන. ස්වර්ණවාහිනී පටන් ගත්ත දවස්වල නිව්ස් ගියේම නෑ. අ‍ායෙ ටිකට් එහෙම බලන්න රූපවාහිනී එක පැත්තට කරකවන්න ඕන.

    ඉරිදා උදේට ස්වර්ණෝදය කියල එකක් ගියා එ‍් දවස්වල. අන්න එ‍්ක නම් අනිවාර්යයෙන්ම බලනවා. එ‍්කෙ ඔය වෙන රටවල සීන් එහෙම හරියට තිබුණා. එ‍්වට හෙන අ‍ාසාවෙන් හිටියෙ.

    අපි ඉන්න තැන එක්ක පිදුරුතලාගලයි, කිකිළියාමානයි කඳු දෙක හරියටම දෙපැත්තෙ නිසා චැනල් නම් සේරම වගේ ඉස්සර ඉඳලම අහු වුණා. රූපවාහිනී, ITN, චැනල් EYE, TNL, ස්වර්ණවාහිනී පහ තමයි තිබ්බෙ. පස්සෙ සිරසත් අ‍ාවා හැබැයි සිරස එච්චර හරියට පෙනුණෙ නෑ.

    2001 ශිෂ්‍යත්වෙට වැඩ කරද්දි TV දවසට පැයයි බලන්න හම්බුණේ. හවස කාටුන් ටික නම් අනිවාර්යයෙන්ම වගේ බැලුවා. ශිෂ්‍යත්වෙ පාස් වෙලා Royal එකට තේරුණාට පස්සෙ LG අඟල් 29 Flat screen එකයි, Sony DVD player එකයි ගෙදරට ගත්තා. එ‍්කෙන් නම් හැබැයි වැඩිය එක දිගට බලන්න වුණේ නෑ කොළඹ හොස්ටල් එකේ හිටපු නිසා.

    6 වසරෙ ඉතින් බයේ බයේනෙ හිටියෙ. හැබැයි 7 වසරට ගියාට පස්සෙ ටිකක් ගැම්මට හිටියා. එ‍් දවස්වල CD මාරු කරන වැඩේ සෑහෙන තිබ්බා. නිවාඩුවට එද්දි කට්ටියගෙන් CD එහෙම අරන් එනවා, එහෙම ගෙනත් Film ගොඩක් බැලුවා. එ‍් ලොකු TV එක හැබැයි මම 10 වසරෙ ඉද්දි කැඩුණා.

    අ‍ායෙ TV එකක් ගත්තෙ නම් අවුරුදු කීපයක්ම ගියාට පස්සෙ. අර පරණ TV එක සාමාන්‍යයෙන් වැඩ කරපු නිසා ලොකු අවුලක් තිබුණෙ නෑ. හැබැයි එ‍්කට DVD player එකේ AV පාට තුනේ cable ගහන්න බැරි නිසා කොහෙද තැනකින් AV signal එක RF කරන Converter එකක් හොයාගෙන අ‍ාවා. එ‍්කෙනුත් DVD බලන්න පුළුවන් හැබැයි ලොකු Flat TV එකේ බලල පුරුදු වෙලා අරකෙ බලද්දි අවුල්.

    O/L වලට 10A ගත්තට පස්සෙ මට Computer එකක් ගත්තනෙ. එතකොට එ‍්කෙන් දාලා මොනිටරේ films බැලුවා සෑහෙන්න. O/L ඉවර වෙලා A/L පටන් ගන්න කාලෙ මොනවත් නොකර ගෙදරමනෙ හිටියෙ. එ‍් ටිකේ නම් සෑහෙන්න films ගොඩක් බැලුවා. එ‍් කාලෙම අර ලොකු TV එකත් කොළඹ අරන් ගිහින් හදාගෙන අ‍ාවා, එ‍්කට VGA to AV converter එකක් ගෙනත් computer එකෙන් දාලා films බැලුවා, games ගැහුවා සෑහෙන්න.

    A/L පටන් අරන් හොස්ටල් prefect වෙලා ගියාට පස්සෙ නම් ලොකුවට TV බැලිල්ලක් සිද්ධ වුණේම නෑ. නිවාඩුවට ගෙදර එන එකත් අඩු වුණා ටියුෂන් එහෙම එක්ක. හැබැයි අපි Prefect ලා නිසා හොස්ටල් එකේ TV එක තිබ්බනෙ. එ‍්කෙන් හැම සති අන්තෙම වගේ රෑට Films බැලුවා.

    ඔය ටික තමයි TV සම්බන්ධ මතක. 😁😁
    අපිටත් තිබ්බේ නැෂනල් ටීවී එකක් බන්, මන් තාම ඒක තියාගෙන ඉන්නවා. වැඩ කරනවද බැලුවේ නැහැ. අන්තිමටම එකේ උඹ කිව්වා වගේ කලර් අවුලක් ආවා. පරණ නිසා අයින් කරලා වෙන එකක් ගත්ත. පරණ TV එක අවුරුදු 20ක් විතර හොඳට වැඩ කළා. අපිටත් දෙණියාය සයිඩ් එකෙන් එන සිග්නල් නිසා යසට පෙනුන. ඇන්ටෙනා කරකවන්න ඕන වුනේ නැහැ. නිපොන් බූස්ටර් එකකුත් දාල තිබුනේ. MTV ආපු කාලේ UHF සිග්නල් අල්ලාගන්න ඕන නිසා තව ඇන්ටෙනා එකක් හදාගත්ත. ඇලුමිනියම් බට පයිප්ප බට වලින් එක හදා ගත්තේ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,526
    8,728
    113
    Galaha
    අපිටත් තිබ්බේ නැෂනල් ටීවී එකක් බන්, මන් තාම ඒක තියාගෙන ඉන්නවා. වැඩ කරනවද බැලුවේ නැහැ. අන්තිමටම එකේ උඹ කිව්වා වගේ කලර් අවුලක් ආවා. පරණ නිසා අයින් කරලා වෙන එකක් ගත්ත. පරණ TV එක අවුරුදු 20ක් විතර හොඳට වැඩ කළා. අපිටත් දෙණියාය සයිඩ් එකෙන් එන සිග්නල් නිසා යසට පෙනුන. ඇන්ටෙනා කරකවන්න ඕන වුනේ නැහැ. නිපොන් බූස්ටර් එකකුත් දාල තිබුනේ. MTV ආපු කාලේ UHF සිග්නල් අල්ලාගන්න ඕන නිසා තව ඇන්ටෙනා එකක් හදාගත්ත. ඇලුමිනියම් බට පයිප්ප බට වලින් එක හදා ගත්තේ.
    නැශනල් කියන්නෙ දැන් පැනසොනික් නේද? අපේ තිබ්බෙත් පැනසොනික් එකක් 1999 ගෙනාපු. විසි කරන්න දුකයි පොඩි කාලේ කාටුන් එහෙම බලපු ට්ව් එක නිසා. ඕක ඉස්සරහ අපේ ළමා කාලය කොච්චරනම් ගතවෙලා ඇත්ද කියල හිතෙනව ඒ කලෙට යනව මතක්වෙනකොටත්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,129
    15,784
    113
    35
    Spain
    නැශනල් කියන්නෙ දැන් පැනසොනික් නේද? අපේ තිබ්බෙත් පැනසොනික් එකක් 1999 ගෙනාපු. විසි කරන්න දුකයි පොඩි කාලේ කාටුන් එහෙම බලපු ට්ව් එක නිසා. ඕක ඉස්සරහ අපේ ළමා කාලය කොච්චරනම් ගතවෙලා ඇත්ද කියල හිතෙනව ඒ කලෙට යනව මතක්වෙනකොටත්.
    ඔවු නැෂනල් එක අයිති මත්සුශිටා එක රීබ්‍රෑන්ඩ් කරා පැනසොනික් කියල.
     
    • Like
    Reactions: max_pain

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,402
    41,475
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔව් පොන්නයො ඔය චැනල් දෙකම තියෙනවා.
    අපෙ පියා නම් ගෙනාවෙ ගෙදරට ටී වී එක අනූහතරෙ වගෙ .
    මට ඒක ගේන මතකය තිබ්බා.
    බ්ලැක් ඇන්ඩ් වයිට් පොඩි ටී වී එකක් .
    පෙනුනෙ චැනල් කීපයයි .
    වැඩියෙන්ම බැළුවෙ ජාතික නාළිකාව.
    ඩිස්කවරි චැනල් එක මතකයි .
    මුතුහර මතකයි
    කලා හරඹ මතකයි
    ටින් ටින් මතකයි
    මායා බන්ධන මතකයි .
    2003 පියා ගෙනාව කලර් ටී වී එක .
    සෝනි 21 ඉන්චස් ටී වී එක .
    ඒ කාලෙ හැටියට ඒක සිරා .
    ඔන්න ඔක්කොම චැනල් ටික බැළුවා .
    Tho 94 tama Black and White da kalu ponnayo?