match eka නිසා_ගස්_කපලා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    match eka නිසා_ගස්_කපලා

    සිරි ලංකාවනේ..:lol:

    ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (31දා) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය සඳහා විශේෂ ආරක්‍ෂාවක් ක්‍රීඩාංගණයට යෙදවීමට බලධාරීන් හා පොලීසිය කටයුතු කර තිබේ.

    දඹුල්ල ක්‍රීඩාංගණයේ ආසන පහසුකම් පවතින්නේ ප්‍රේක්ෂකයන් 18,000කට පමණක් වුවත්, ඉකුත් ඉරිදා (28දා) ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දඹුල්ලේ පැවැති තෙවැනි එක්දින තරගය නැරඹීම සඳහා නියමිත ධාරිතාව ඉක්මවා ජනකායක් පැමිණ සිටියේය. මෙම තරගයට පෙර දිනය වනවිටත් ප්‍රවේශපත් සියල්ල විකිණී අවසන්ව තිබුණද, බොහෝ පිරිසක් එදින තරගය නැරඹීමට පැමිණ සිටි අතර, ආරක්ෂිත ගේට්ටු කඩා බිඳ දමමින් ක්‍රීඩාංගණයට ඇතුළු වූහ.මෙම තත්ත්වය පාලනය කිරීමට ආරක්‍ෂක අංශවලටද දැඩි වෙහෙසක් ගැනීමට සිදුවිය.

    අතර ඉකුත් ඉරිදා (28දා)දඹුල්ල ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරගයක් පැවැත්වූයේ (තෙවැනි තරගය) වසර 06කට පසුව වීම මෙතරම් විශාල ප්‍රේක්‍ෂක පිරිසක් පැමිණීමට ප්‍රධාන හේතුවක් වූ බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ නමුත් තරගය අවසානයේ ප්‍රේක්ෂකයන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, ඒ හේතුවෙන් තත්ත්වය සමථයකට පත්කිරීමට පැයකට ආසන්න කාලයක් ගතවිය. මේ සියලු කාරණා පදනම් කරගනිමින් ක්‍රීඩාංගණයේ අද (31දා) තරගයේදී විශේෂිත ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

    මේ අතර ඉකුත් තරගයේ ප්‍රේක්‍ෂකයන් විශාල සංඛ්‍යාවක් ලැගුම්ගෙන සිටි ක්‍රීඩාංගණය වටා තිබූ ගස් ඊයේ (30දා) දිනය වනවිට කපා ඉවත් කිරීමට ක්‍රීඩාංගණ බලධාරීන් කටයුතු යොදා තිබුණි. කෙසේ නමුත් එවැනි ක්‍රියාවක් හදිසියේ සිදුකිරීම ගැන ඇතැම් පිරිස් මවිතය පළ කරයි.මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (30දා) රාත්‍රියේදී නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අද (31දා) තරගයේ ප්‍රවේශ පත්‍ර සියල්ල විකිණී අවසන් බවයි. එම නිසා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් තරගය පැවැත්වෙන දඹුල්ල ක්‍රීඩාංගණයේ දොරටු අවහිර නොකරන ලෙස ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

    unnamed-27.jpg

    unnamed-72.jpg
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    යකෝ ගහක් පැළ වෙන්න කොච්චර කල් යනවද?

    අනික එකේ උද නැගලා මැච් එක බැලුවම මුන්ට තියෙන රුදාව..

    ගහ කපපු එකාගේ සහ අනුබල දුන්න උන්ට බඩම පලයන්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ මිනිස්සු හරි වෙනස්.:D

    යකෝ ගහක් පැළ වෙන්න කොච්චර කල් යනවද?

    අනික එකේ උද නැගලා මැච් එක බැලුවම මුන්ට තියෙන රුදාව..

    ගහ කපපු එකාගේ සහ අනුබල දුන්න උන්ට බඩම පලයන්

    වැඩක් නෑ බන් කියලා ස්ටේඩියම් එකේ 18000 ක් දාන්න පුලුවන් නම් ටිකට් ඔක්කොම විකිනිලා නම් ආයේ මොන‍ රෙද්දට ගස් උඩ ඉදන් බැලුවට දබුල්ල ක්‍රිඩාංගනය ලස්සන ඔය වටේ තියෙන ගස් ටිකයි වැව හින්දයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩක් නෑ බන් කියලා ස්ටේඩියම් එකේ 18000 ක් දාන්න පුලුවන් නම් ටිකට් ඔක්කොම විකිනිලා නම් ආයේ මොන‍ රෙද්දට ගස් උඩ ඉදන් බැලුවට දබුල්ල ක්‍රිඩාංගනය ලස්සන ඔය වටේ තියෙන ගස් ටිකයි වැව හින්දයි.
    කියනුම කවරේද පතියා.....
    සොන්නබවේ උපරිමය.....
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,350
    20,753
    113
    Panadura
    වැඩක් නෑ බන් කියලා ස්ටේඩියම් එකේ 18000 ක් දාන්න පුලුවන් නම් ටිකට් ඔක්කොම විකිනිලා නම් ආයේ මොන‍ රෙද්දට ගස් උඩ ඉදන් බැලුවට දබුල්ල ක්‍රිඩාංගනය ලස්සන ඔය වටේ තියෙන ගස් ටිකයි වැව හින්දයි.

    :yes: :yes: :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    වැඩක් නෑ බන් කියලා ස්ටේඩියම් එකේ 18000 ක් දාන්න පුලුවන් නම් ටිකට් ඔක්කොම විකිනිලා නම් ආයේ මොන‍ රෙද්දට ගස් උඩ ඉදන් බැලුවට දබුල්ල ක්‍රිඩාංගනය ලස්සන ඔය වටේ තියෙන ගස් ටිකයි වැව හින්දයි.

    aneda kiyanne