Maxthon එක්ක Youtube වැඩකිඩ..පට්ටයි හො‍ඳේ :-)

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
Maxthon එක්ක Youtube වැඩකිඩ..පට්ටයි හො‍ඳේ :-)

ඔන්න යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ පොඩි Trick එකක්.:cool::cool::cool: දින පතා Videos බලන්න YouTube යන අපේ යාළුවන්ට තියෙන ලොකු ප්‍රශ්ණයක් තමයි. YouTube එකේ තියෙන Videos තමන්ට පහසු ආකාරයකට බලන්න බැරි කම සහ බාගත(Download) කරගන්න තියෙන අපහසුතා. බාගත කරගන්න නම් Internet download manager වැනි උසස්තත්වයේ මෘදුකාංග තිබුනත් අපේ අය කීයෙන් කීදෙනාද එවැනි වාණිජමය මෘදුකාංග මුදල් ගෙවල ගන්නේ.:no::no: බොහෝ අය කරන්නේ Crack කරල බාවිතා කරන එක. ඒකත් ටික කාලයි, මේ සඳහා අතුරු විසඳුම් විදියට විවිද Browser addons, extensions තිබුනත් ඒවාත් යම් යම් අවස්තාවලදී හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔය මම කිව්වෙ Youtube එකේ Videos බාගත(Download) කරගන්න ගියාම විඳින්න වෙන කරදර.


අනිත් දේ තමයි YouTube හි වීඩියෝවක් බලන විට තමන්ට අවශ්‍ය විදියට එහි ප්‍රමාණය වෙනස්කරගන්න, පහසුවෙන් Minimize, Maximize කරගන්න, තමන් කැමති තැනකට චලණය කරන්න වගේ ගොඩක් බාවිතා කරන්නාගේ පහසුවට හේතුවෙන කරුනු අන්තර්ගතවන්නේ නැහැ. ‍මෙවැනි පහසුකම් බාවිතා කරන්නට නම් JetAudio වැනි සාමාණ්‍ය Desktop Media Player එකක් බාවිතා කරන්න වෙනවා. නමුත් ඉහත සඳහන් කල සියලු ගැටලු වලට විසඳුම් Maxthon වෙබ් බ්‍රව්සරයත් සමග අපට ලැබිලා තියෙනවා. මෙය Maxthon වෙබ් බ්‍රව්සරයටම විශේෂිත වූ ගුණාන්ගයක්.

මම පහතින් දක්වල තියෙන්නේ කොහොමද YouTube එක Maxthon Web Browser එකත් සමග සහයෝගයෙන් වැඩ කරන්නේ කියලා.:cool:



sinhalapress-maxthon-01.jpg


sinhalapress-maxthon-02.jpg


sinhalapress-maxthon-03.jpg


sinhalapress-maxthon-04.jpg

Maxthon වෙබ් බ්‍රව්සරය අනේක් වෙබ් බ්‍රවිසරයන් හා සසඳන විට ඉතා වේගවත් මෙන්ම බාවිතා කරන්නාට පහසුවෙන අන්දමින් සැලසුම් කරන වෙබ් බ්‍රව්සරයක් කියන්න පුලුවන්. දැනටමත් ගොඩදෙනෙක් මෙය බාවිතා කරලත් ඇති. තවමත් උත්සාහ කරල නැති අය උත්සාහ කරල බලල අදහස් කියන්නකෝ..

ඉස්සුවෙ SinhalaPress බ්ලොග් එකෙන් (වෙබ් අඩවි නිර්මාණකරනය සම්බන්ද eBooks Download කරගන්න මෙතෙන්ට යන්න)

ප්‍රයෝජනවත් වූවායයි සිතනවානම් අරවයින් (REP++) දමා ගැසුවාට පවු නැත :):cool::)
 
  • Like
Reactions: naleen rox

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
Maxthon පාවිච්චි කරන්නේ Internet Explorer Trident Engine එකයි ඒක නිසා ඒක Slow.
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
bump.. mama nam real player thamai !
ඒක මචන් normal media player එකක්නේ..මේක මේ යූටියුබ් එකත් එක්ක සහයෝගයෙන් වැඩ කරන වෙබ් බ්‍රවිසර්එකක්..