Mazda Demio 2009 - A.K.A ඩෙම - A.K.A කොස් ඇටේ

මේක තමයි මගේ පලවෙනි වාහනේ. Mazda Demio 2009, අවුරුදු පහක් පාවිච්චි කරලා පහුගිය දවසේ විකිණුව..... විකුණලත් ගත්තේ demio [Mazda 2] එකක් ම තමයි 2015 එකක්

අවුරුදු 5ක අත්දැකීම් එක්ක තමයි මේක ලියන්නේ. ටිකක් දිග වෙයි bear with me
මුලික හැදින්වීම
mazda කියන්නේ ලංකාවේ එච්චර ප්‍රසිද්ද වර්ගයක් නෙවේ. හැමෝම mazda කිව්වම කියන්නේ, හපෝ තෙල් කරන්නේ නෑ, ඕව විකුනන්න බෑ, පාර්ට්ස් හෙන ගණන් etc etc.
නමුත් වෙන රටවල mazda කියන්නේ toyota එක්ක කරට කර, නැත්තම් toyota වලට වඩා ප්‍රසිද්ද, පාවිච්චි වෙන වර්ගයක්.
mazda වල වාහන මොඩල් ගොඩක් නෑ, Demio තමා entry level වාහනේ mazda වල තියන. මේක ජපානේ පාවිච්චියට හදන්නේ Demio නමින් [JDM] , international market එකට එන්නේ Mazda 2 කියන නමින්.
මුලින් වීඩියෝ ටිකක් බලල ඉමු. [appatizers]
Engine & transmission Specification
මේකේ එන්ජින් වර්ග 2ක් එනවා 1.3L සහ 1.5L. ලංකාවේ වැඩි පුරාම තියෙන්නේ 1.3L 4 cylinder DVVT එක තමයි. 1.3 එන්ජිමෙන් 90hp බලයක් සහ 124Nm ටෝක් එකක් නිපදවන්න පුළුවන්.


ට්‍රාන්ස්මිෂන් එක ගත්තොත් 5 speed manual ,4 speed auto , CVT කියන වර්ග 3ම තියනවා. ලංකාවේ බහුලව තියෙන්නේ 4 speed Auto එක
Exterior
වාහනේ බැලු බැල්මට කොස් ඇටයක් වගේ හැඩයක් තියෙන්නේ.


මේ තියෙන්නේ ඉස්සරහින් බැලුවම පේන විදිය

මට හිතෙන විදියට ඉස්සරහ පෙනුම සැහෙන්න හොඳයි
මේ තියෙන්නේ පස්සෙන් බැලුවම පේන විදිය

මේකේ ඉස්සරහ සහ පස්ස දොර 4 ම අංශක 90 ටම වගේ අරින්න පුළුවන්. එක නිසා නගින්න බහින්න ලේසියි.


පිටි පස්සේ trunk එක අරින්න තියෙන්නේ මේ කළු පාට button එක ඔබල

පිටිපස්සේ washer එකක් එක්ක wiper එකක් එනවා, ඊට අමතරව 3rd break light එකක් එනවා


tire detail මේ තියෙන්නේ

මම දාල තියෙන්නේ මේක

ඉතුරුටික දාන්න bump එකකින් සහයෝගය දෙන්න. අලුත් එළකිරි එක චාටර්. දිග ත්‍රෙඩ් දාන්නත් බෑ, ළඟ ළඟ පොස්ට් දාන්නත් බෑ
දෙවන කොටස
https://elakiri.com/threads/mazda-demio-2009-review-5-years-of-experience.1956505/#post-25747932
තෙවන කොටස
https://elakiri.com/threads/mazda-demio-2009-review-5-years-of-experience.1956505/#post-25747980
හතරවන කොටස
https://elakiri.com/threads/mazda-demio-2009-review-5-years-of-experience.1956505/#post-25747988
පස්වන කොටස
https://elakiri.com/threads/mazda-demio-2009-review-5-years-of-experience.1956505/#post-25747991
හයවන කොටස
https://elakiri.com/threads/mazda-demio-2009-review-5-years-of-experience.1956505/#post-25748000
අවසාන කොටස
https://elakiri.com/threads/mazda-demio-2009-review-5-years-of-experience.1956505/#post-25748012
Last edited: