14" ගත්තම තියෙන අවුල තමයි මේ..
සූම් කරලා බලන්න වෙන්නේ.. scale & layout 100% දැම්මොත් ඇස් වලට අමාරුයි.ෆොන්ට්ස් එහෙම පට්ට පොඩියි.
150% දාලා සමහර සොෆ්ට්වෙයාර් පාවිච්චි කරද්දී ඉන්ටර්ෆේස් එකේ සමහර ෆීචර්ස් බලන්න ස්ක්‍රෝල් ඩවුන් යන්නත් වෙනවා..15.6" වල ඔය අවුල එන්නේ නෑ.ගානට සයිස් එකට ඇජස්ට් වෙනවා.
දවසම මේසේ උඩ තියාගෙන පාවිච්චි කරනවා නම් 15.6" අවුලක් නෑ.ට්‍රැවල් කරන එකෙකුට නම් 14" හොඳයි,අර scale & layout අවුල ගානක් නැත්නම්
අනිත් එක ඕකේ CPU එක. ඕකේ තර්මල් ත්‍රොටලින් එනවා හෙවි ලෝඩ් එකක් දුන්නම.ඔය ජෙනරේෂන් එකේ කොහොමත් ත්‍රොටලින් තියෙනවා,i7 8th gen තියෙන තින්ක්පෑඩ් ,එච්පී මොන ලැප්ටොප් එක ගත්තත්.
සාමාන්‍යයෙන් ඔෆිස් වැඩ/යූටියුබ් වගේ එදිනෙදා වැඩ කරගන්න නම් අවුලක් නෑ.