මීයන් ඇල්ල අසල සිදුවූ මේ දුම්රිය අනතුර කුමක්ද?
කොළඹ-මහනුවර දුම්රිය මාර්ගයේ කඩිගමුව සහ ඉහලකෝට්ටේ දුම්රිය ස්ථාන දෙක අතර අංක 5A දරණ බිම්ගෙය පිහිටා ඇත.ඉහලකෝට්ටේ දුම්රිය ස්ථානය අතීතයේ හදුන්වා ඇත්තේ ‘අලගල්ල“ දුම්රිය ස්ථානය කියාය. මේ බිම්ගෙය තිබෙන්නේ ඉහලකෝට්ටේ දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට සැතපුම් තුන්කාලක් පමණ මෙහායිනි. කොළඹ-මහනුවර දුම්රිය මාර්ගය 1867 පටන් ක්‍රියාත්මක වූවත් මේ බිම්ගෙය ඉදිකොට ඇත්තේ 1905 වර්ෂයේ දීය. 1905ට පෙර මේ බිම්ගෙයට පිටතින් වූ කන්දෙහි කැපුමක් හරහා දුම්රිය මාර්ගය ඉදිකර තිබූ අතර එම ස්ථානය හැදින්වූයේ මීයන් ඇල්ල හෙවත් මීන්ගල්ල ලෙසටය. මීයන් ඇල්ල යනු සුද්දන් විසින් දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී දෙපළු කරන ලද දිය ඇල්ලකි.
මේ මීයන්ඇල්ල දුම්රිය දුර්ගය මතින් පහලට පෙරළුණු දුම්රියක් පිළිබදව ජනප්‍රවාදයේ කියැවෙන අතර එම සිදුවීමෙන් පසුව අංක 5A බිම්ගෙය ඉදිකර ඒ තුලින් දුම්රිය ධාවනය කිරීමට කටයුතු කළ බැව් ජනප්‍රවාදයේ තිබේ. කෙසේ නමුත් දුම්රිය ඉතිහාසය සම්බන්ධ ලේඛණ කිසිවක මෙවැනි දුම්රිය අනතුරක් ගැන තොරතුරු මෙතෙක් මා හට නම් හමුවී නොතිබුණි. එබැවින් මීයන්ගල්ල අසල දී පහලට පෙරළුනායැයි කියන දුම්රියේ කතාව හුදු ප්‍රබන්ධයක් වියහැකි බව සිතුවෙමි.
1898 එංගලන්තයේ the Engineer සගරාවෙහි පලවන මේ කතාව මීයන්ඇල්ල අසල සිදුවූ දුම්රිය අනතුරක් ගැනය. දිනය 1897 සැප්තැම්බර් 28 වනදා ය. කොළඹ කොටුවෙන් රාත්‍රී 9.45ට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ තැපැල් දුම්රිය මීයන් ඇල්ල දුම්රිය දුර්ගය මතට එදින කඩාවැටී තිබූ ටොන් 7000ක පමණ යෝධ ගල් සහ පස් ගොඩක් මතට ගමන්කොට ඇතිබව කියයි. මීදුම තත්වය මත ( සහ දුර්වල ඉදිිරිපස ලාම්පුඑළිය මත) රියදුරා ඉදිරියෙහි වූ බාධකය දැක නොමැතිබව ද කියයි. දුම්රිය මගේ ආරක්ෂාවට සිදුවූ රාත්‍රී මුරසංචාරකකරුවා මෙම යෝධ නායයාම සිදුවූ තැනට එපිටින් මහනුවර අන්තයේ සිටිබැවින් කොළඹ සිට පැමිණෙන දුම්රිය නවතාගැනීමට නොහැකිවූ බවද කියයි.Engineer සගරාවෙහි පලවන තොරතුරු එපමණය.
කදුකර දුර්ගයේ එක පැත්තක අඩි දහසක පමණ බෑවුමක් ඇති තැනක දුම්රිය මාර්ගය මතට යෝධ ගල්/පස් ගොඩක් වැටී ඇති තැනක් තුලට ධාවනය වූ මේ දුම්රියට ඉන් අනතුරුව සිදුවන්නට ඇත්තේ කුමක්ද. මා දන්නා තරමින් අතීතයේ සිටම රඹුක්කන-කඩුගන්නාව අතර ඇති නැග්ම තරණය කිරීම සදහා රාත්‍රී තැපැල් දුම්රිය වලට පසුපසින් සහායක එන්ජිමක් (බෑන්ක් එන්ජින්) යොදවයි. මේ දුම්රියද එසේ ධාවනය කල එකක් නම් ඉදිරිපස එන්ජිම පස් කන්ඩියේ හිරවුවද පසුපස ඇන්ජිමෙන් රියපෙට්ටි තවදුරටත් ඉදිරියට තල්ලුකිරීමට වෙරදරයි. එවිට සිදුවන්නට ඇත්තේ කුමක්ද?
දුම්රිය ඉතිහාසයේ මෙවැනි අනතුරක් ගැන තොරතුරු මා හට හමුවී නැති අතර 1864 සිට 1970 පමණ දක්වා ලංකා පරිපාලන වාර්තාවල දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පලකර ඇති තොරතුරුවල සියලුම දුම්රිය අනතුරු සම්බන්ධව තොරතුරු (ජීවිත සහ දේපල හානි ආදියද ඇතුලත්ව) සදහන් වේ. මිලකල නොහැකි වටිනාකමකින් යුත් මෙම ලංකා පරිපාලන වාර්තා ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ පාර්ලිමේන්තුවේ පුස්තකාලය සතුව තිබේ. නමුත් අවාසනාවකට ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබෙන 1897 වර්ෂයට අදාල පරිපාලන වාර්තා පිටපත එහි භෞතික තත්වය දුර්වල වීම මත පාඨකයන් වෙත නිකුත් කරීම සිදු නොකරයි. එබැවින් මේ දුම්රිය අනතුර ගැන වැඩිදුර තොරතුරු සොයාගැනීම අසීරු වී ඇත.
තොරතුරු සටහන - නලින් අබේසිංහ සොයුරා.

Last edited: