මම දන්නෑ උබල කොහොමද කියල මම අවුරුදු 15ක් විතර බයික් පැදල තියෙන්නෙ වැරදියට. මේ නිසා මම සෑහෙන්න සැරයක් මැරෙන්න ගිහින් තියෙනව.
මගේ ලොකුම අවුල වංගුවකදි බයික් එක හරව ගන්න බැරි කම. හෙමින් ගිහින් තමයි හරවන්න පුලුවන්. හයියෙන් ගිහින් බෑ. මේ කේස් එක නිසා යාලුවොත් එක්ක බයික් එකන් ට්‍රිප් යනකොට මම තමයි පස්සෙන්ම යන්නේ උන් එක්ක යන්න බැරි නිසා. මම බලන් ඉද්දි උන් විදිනව වංගු වලින් පිස්සු හැදෙන්න. මම හිතුවෙ ඒ උන්ගෙ ටැලන්ට් එක කියල.
මම ලයිසොම ගන්නකොට ලර්නර්ස් එකෙන්වත් මේව කියල දුන්නෑ.



මම මේ මෙතඩ් එක මේ ලගදි අහම්බෙන් යූටියුබ් එකේ දැකල ට්‍රයි කරා. අම්මටසිරි ගජනායක කිව්වලු යකෝ ගේමක් නෑ බන්. පිස්සු කොර. දැන් ගේමක් නැතුව බෙන්ඩ් ඒව ගන්න පුලුවන්.
මෙතඩ් එක බොලාට කියන්නම්. ඊට කලින් කියපන් තොපි කොහොමද වංගු වලදි බයික් එක හොදට නවල ගන්නෙ කියල.
මට ෂුවර් සෑහෙන්න උන් මේ මෙතඩ් එක දන්නෑ කියල.

Last edited:


