MediaFire [a-z]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කවුරුත් දන්නවනේ අන්තර්ජාලයේ තියෙන නොමිලේ අපේ Data ගබඩා කරලා එවා අනිති අය එක්ක බෙදාගන්න තියෙන Web අඩවි ගැන.වර්ථමානයේ ගොඩක් කථා බහට ලක්වෙන මාතෘකාවක් වෙලා තියෙන්නේ අන්තර්ජාල පරිශීලකයින්ගෙ අතර.

    Megaupload.RapidShare,Filesonic,Fileserve,Wupload,Hotfile
    වගේ සයිට් ගැන අහල ඇතිනේ.සමහරවිට එවා භාවිතාකරලත් ඇති මේ වෙනකොට ඔගොල්ලො.ඒ වගේම ලෝව පුරා ගොඩ දෙනෙක් භවිතා කරන වෙබ් අඩවියක් තමයි Mediafire කියන්නේ.අපි බලමු මොකද්ද මේ Mediafire වෙබ් අඩවිය කියන්නෙ කියල

    307ywsg.jpg


    About Mediafire

    United States
    හි ටෙක්සාස් ප්‍රදේශය මූලස්ථානය කරගනිමින් 2006 වසරේ Derek Labian පුද්ගලයා සමග කීප දෙනෙක්ව එක්ව mediafire.com යන ඩොමින් නේමය යටතේ Mediafire වෙබ් අඩවිය අන්තර්ජාලයට මුසුකරන ලදී.2008 වසර වන විට මිලියන 60ට අධික පරිශීලකයින් ප්‍රමාණයක් සිටින ලොව ප්‍රබල දත්ත හුවමාරු වෙබ් අඩවියක් ලෙස අන්තර්ජාල විශ්ලේෂකයින් අතර පිළිගැනීමක් ඇති විය.Alexa විමසුමට අනුව ලොව 68 වන ස්ථාන‍ය වෙබ් අඩවියට හිමිවේ.පරිශීලනය අනුව විවිධ පැකේජයන් හදුන්වාදී ඇති මෙම අඩවිය නොමිලේ භාවිතාකරන්නන්ට අනෙකුත් මෙවැනි වෙබ් අඩවි වල නොමැති අංග පවා ඇතුලත් කර ඇත.
    Every month, more than 150 million people use MediaFire to send and receive 760 million files to their friends, family, fans, colleagues, and clients.

    How To USE Mediafire

    අපි දැන් බලමු කොහොමද Mediafire වෙබ් අඩවිය සමග සම්බන්ධවෙලා අපේ Data අඩවියට ඇතුලත් කරන්නෙ,අනිත් අය එක්ක Data බෙදාගන්නෙ සහ අනිත් අය වෙත අතුලත්කර ඇති Data අපි භාවිතාකරන්නෙ කියලා.

    Create Mediafire Account

    මේ ලින්ක් එක ඔස්සේ ගියාම පහල තියෙනව් විදියේ වෙබ් පිටුවක් එනවා ඒ ඔස්සේ ඔගොල්ලන්ට Mediafire ගිණුමක් තනාගන්න පුලුවන්

    2ildhmt.jpg


    ඕනම කෙනෙකුට නොමිලේ 200MB File Size එකකින්ද Pro Account හිමියෙකුට 4GB Size එකකින්ද ව්‍යාපාරික මට්ටමේ Account හිමියෙකුට 10GB File Size එකකින්ද දත්ත ගබඩා කිරීමේ හා භාගතකිරීමේ හැකියාව ඇති (නිශ්චිත නොමැත ) අතර ඒ ඒ Accounts වලට අදාලව සැපයෙන සේවාද මෙහිදී දක්නට පුළුවන්

    අපි ඉතින් Free ගිණුමක් ස්ථාපනය ස්ථාපනය කරගත්තොත් නරකක් වෙන එකක් නෑ මොකද අපි මහාපරිමාණ Uploads වලට නොයන නිසා Free සේවා ලබාගැනීට Try It කියන Button එක Click කරල ඉදිරියට යමු.
    එහෙම ගියාම දෙවන පියවර ලෙස ඔබට මෙන්න මේ අකාරයේ විස්තර පුරවණයක්(ෆෝරමයක්)එන්න ඕනේ

    3320bdc.jpg


    ෆෝරමයට ආදාල Details ඇතුලත් කරන්න අදාල ස්ථානවල.මෙම Details ගිණුමක් ආරම්භ කිරීමට අවශ්‍යම Information නිසා සැපයිය යුතුයි.එය ඔබගේ මතු ප්‍රයෝජනයට උපකාරී වනු ඇත.විස්තර ඇතුලත් කරල Create Account & Continue යන Button එක Click කරල ඊළග පියවර සදහා යන්න.Mediafire අඩවියේ සෙවා ගැන ඔගොල්ලො කැමැත්තක් දක්වන්නේ නැත්නම් දවස් 30ක money back guarantee එකක් දෙනව කියලා ඒ ගොල්ලො කියනවා.


    Create Account & Continue කරහම ඔබේ ගිණුම ස්ථාපනය වූ බවට Notification එකක් දිස්වෙන අතර ඉන් පසු පහත අකාරයේ පිටුවකට ඔබව රැගෙන යයි.


    ixh6yd.jpg


    මේ ඉසවුවට කියන්නෙFile Manager ඉසවුව කියලා.ඔගොල්ලො Upload කරන Files මේ පිටුවෙ තමයි Display වෙන්නෙ

    මෙහි A වලින් පෙන්නනේ ඉහතින් කිව්ව ඔගොල්ලො Upload කරන Files පිළිවෙලට ගබාඩාවෙල තියෙන තීරුව.තවද ඔගොල්ලොන්ට ඕන File එකක් ඔගොල්ලන්ගේ පරිඝණකයෙන් මෙතනට Drag And Drop ක්‍රමයට ඇතුලත් කරගන්න පුලුවන්.

    online-free-storage-mediafire.jpg



    ඉස්සර මේ ඉසවුව මේන්න මේ අකාරයටයි පෙනුණේ.දැන් අලුත් Interface(Design) එක යටතේ මෙහෙමයි පේන්නේ

    Bවලින් පෙන්නන්නේ Folders Panel එක.Mediafire වල තියෙන විශේෂත්වයක් තමයි අපට ඕනෙ නම් එකම විදියේ Files (MP3,mkv,jpg) ගොඩක් Upload කරන්න අපිත පුලුවන් Folder එකක් Open කරල ඒකට Files Upload කරන්න.එහෙම Folders කීපයක් හැදුවම එවා පිළිවෙලට බලාගෙන භාවිතා කරන්න පුලුවන්.හරියට අපේ Computer එකේ Hard Disk එකේ Folders වල Data Store කරල කරල තියෙනව වගේ.තවත් පහසුවෙන්නFolder Panel එක Expand View කරලත් බලාගන්න පුළුවන්.

    C
    කියන එකෙන් අපිට අපේ Account එකට Files Upload කරන Panel එකත් D වලින් අපට ඕනෙ නම් අලුත් Folder එකක් Create කරගන්නත් පුළුවන්

    E වලින් අපේ Account එකේ Details() බලාගන්නත් අවශ්‍යයමක් තියෙනව නම් යාවත්කාලීන කරන්නත්(වෙනත් පැකේජ් එකකට මාරු වෙන්න වගේ )රහස් පදේ වෙනස් කරගන්න එහෙමත් මයි එකවුන්ට් එකට පිවිසිලා කරගන්න පුළුවන්

    6404th.jpg


    මෙන්න මෙහෙමයි ඒ My Account Page එක පේන්නෙ.අපි Upload කරල Share කරපු Files කොච්චර ප්‍රමාණයක් Download කරාද.අපි කොපමණ Space එකක් Use කරල තියෙනවද වගේ දේවල් බලාගන්න පුලුවන්.

    Upload Section

    අපි බලමු කොහොමද අපේ Computer එකේ තියෙන Data/Files Mediafire Site එකට Upload කරන්නෙ කියලා.වෙනත් File Shearing Sites වට වඩා වේගවත්ව සහ පහසුවෙන් Mediafire වෙත Files Upload කරගන්න ඔබට පුලුවන්.

    23qyxr8.jpg


    Mediafire ඒකට Drag And Drop ක්‍රමයට හෝ කලින් කිව්ව C කොටුවට අදාල Upload කියන Button එක Click කරලා මේ ඉහතින් පේන Window එකට එන්න පුළුවන්.මේක තමයි Uploader Panel එක

    මේකේ P කියන තැන Click කරහම Q කියන Box එක Open වෙනවා එකෙන් පෙන්නන්නේ අපේ Computer එකේ තියෙන Files.ඒකෙන් අපිට Upload කරගන්න පුළුවන් File Or Files තෝරල දෙන්න පුළුවන්.එහෙම අපි එකෙන් එක තෝරල දෙන Files R අකුරින් පෙන්නන විදියට පෙළට දිස්වෙනවා ඉන් පසු Begin Upload කියන Button එක Click කරහම අපි Select කරපු Files එකෙන් එක Upload වෙනව බලාගන්න පුළුවන්.

    6e4553c0cbd581578fda414a1316acb13a1b9d0a99d057f4996993302877d1a46g.jpg


    Mediafire භාවිතාකරන්නන්ගේ පහසුව සහ ආරක්ෂාව සදහා අලුතින් එකතුකරල තියෙන අංගය තමයි මේ පින්තූරයේ
    S වලින් පෙන්නුම් කරන්නේ.මේක bit-defender Plugin එකක්.මේකෙන් අපි Upload කරන Files Quick Scan එකකට ලක් කරල තමයි Upload වෙන්නේ.Web අඩවිය හරහා Virus,Key loggers වගේ භයානක දේවල් හුවමාරු වෙන එක නවත්වන්න තමයිමේ ක්‍රමය හදුන්වාදීල තිබෙන්නේ.

    Sharing System

    අපි Upload කරපු Files අපිට අපි කැමති Site එකක Share කරගන්න පුළුවන් අපි Upload කරන හැම File/Data ගොනුවකටම වෙනමම Sharing Link එකක් ලැබෙනවා.ඒ අපේ පහසුවට මෙන්ම අපි Share කරන Files Download කරන අයගේ පහසුව තකාය.


    1918d9c123640109542b63852dafe956a9c0ec4b59e679429eebf7b6984060856g.jpg


    මෙන්න මේ විදියට අපිට අපේ Files සදහා Link එකක් ගන්නත් පහල තියෙන විදියට එවා Web අඩවි ඔස්සේ අනිත් අයට ලබාගන්න Links Share කරන්නත් පුලුවන්

    54dpd.jpg


    Download System

    Mediafire හරහා Share කරපු Link එකේ අපිට Download කරගන්න ඕන Files වලට අදාල Links උඩ Click කරලා File එකට අදාල Mediafire පිටුවට ගියහම පහත පින්තූරේ වගේ දිස් වේවී


    faucl2.jpg


    Mediafire වල Download Page එකේ මෙන්න මේ විදියට File එකේ නමත් File එකේ Size එකත් පෙන්නනවා.මෙතන තියෙන Download කියන Button එක Click කරහම අපිට IDM/JDownloader වගේ තුන්වන පාර්ශවයේ මෘදුකාංගයක් හරහා අදාල File එක අපේ පරිඝණකයට ගබඩාකරගත හැකිය.

    අපිට මේ Fileඑක මේ මොහොතේ Download කරගන්න අනවශ්‍ය නම් පසුව Download කරගන්න බලාපොරොත්තුවෙන් අපේ Account එකට Add කරගෙන තියාගන්න පුළුවන්.එහෙම කරන්න ඕනෙ නම් W අකුරෙන් පෙන්නන +
    ලකුණ (Add To My Account) සහිත ස්ථානය Click කරලා එන Notification එක උඩ Click කරන්න.එම පහසුකම වලංගු වන්නේ මුරපදයකින් ආරක්ෂා කර නැති (Non Password Protect) Files පමණක් කියල මතක තියාගන්න එකත් නරකම නෑ
    ___________________
    මේ වගේ අපිට අන්තර්ජාලයේදී එදිනෙදා දත්ත හුවමාරුකරගන්න අපේ දෙයක් අන්තර්ජාලයේ ගබඩාකරල තියාගන්න වගේ වැඩ වලට මේ Mediafire වෙබ් අඩවිය භාවිතාකරන්න පුළුවන්.FBI ආයතනය කියන පරිදි ගොඩක් අන්තර්ජාතික සංගීත නිර්මාණ අනවසරයෙන් Mediafire වෙබ් අඩවියට ඇතුලත් කරල නිෂ්පාදකයින්ගේ අණුදැනුමක් නැතිව ලොවපුරා නොමිලේ බෙදාහරිනවලු.SOPA/PIPA වගේ පනත් මගින් Mediafire වගේ ගොඩක් අඩවි වලට වර්ථමානයේ තර්ජන එල්ල වෙලා තියෙන බවකුත් පේන්න තියෙනවා.
    _____________________________________________

    ගොඩක් එලකිරි භාවිතකයන් මීඩියාෆයර් ගැන කලින් ඉන්දලම දන්නව ඇති නමුත් නොදන්න අයත් ඇති.ඒ අය වෙනුවෙන් මේ ලිපිය ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියල හිතනාවා .Mediafire අඩවිය හා සම්බන්ධ Tips And Tricks ටිකක් පස්සේ මේ ත්‍රෙඩ් එක හා සම්බන්ධ කරන්න බලාපොරොත්තුවෙනවා !

    ©2011/MB/EK.COM




     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට පට්ට ! :love::love::love:
    11.gif

    බබී ට මොකෝ media fire ගැන Tread එකක් දාන්න හිතුනෙ ?:cool::cool::cool:
    අපේ ක්ලාස් එකේ ගොඩක් උන් දන්නෙ නෑ :sorry: මීඩියාෆයර් යූස් කරන්න මුන් MCP එක කරාට ෆේස්.බුක් එකේ චැට් කරන්න විතරයි දන්නෙ මොනාහරි මී.ෆයර් දාලා දුන්නහම දාහක් ප්‍රශ්න ඕයි:angry::angry::angry: එපා වෙනව ඒකයි මේක දැම්ම;)NIBM Eke Unuth Ohomama Thamai Keepa Denek Erenna
     
    • Like
    Reactions: පොඩ්ඩා

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපේ ක්ලාස් එකේ ගොඩක් උන් දන්නෙ නෑ :sorry: මීඩියාෆයර් යූස් කරන්න මුන් MCP එක කරාට ෆේස්.බුක් එකේ චැට් කරන්න විතරයි දන්නෙ මොනාහරි මී.ෆයර් දාලා දුන්නහම දාහක් ප්‍රශ්න ඕයි:angry::angry::angry: එපා වෙනව ඒකයි මේක දැම්ම;)NIBM Eke Unuth Ohomama Thamai Keepa Denek Erenna

    හුටා ! :rofl::rofl:
    tips and tricks ටිකත් දා ඉක්මනට !
    7.gif
    :love:
    7.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන් ගොඩක් අයට වැදගත් වෙයි:yes:
    එත් අපිනම් නම් ඕක පාවිචිචි කරන්නෙ ගොඩක් කල් ඉදලා:P
    +++ජයවේවා
    11.gif