සෞදි කුමරු සේසතම දන්දෙයි
ලොව ධනවත්ම පුද්ගලයන් කිහිපදෙනාගෙන් අයෙක් වන සෞදි අරාබියේ අල්වලීද් බින් තලාල් කුමරු සිය සම්පූර්ණ ධනයම සමාජ සුභසාධන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට ඔහු මෙලෙස පරිත්‍යාග කර ඇති මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 32කි.
අදාළ මුදල ඔහු විසින් පවත්වාගෙන යන අල්වදීද් ෆිලන්ත්‍රොෆීස් සංවිධානය වෙත ඔහු පරිත්‍යාග කර තිබේ.
ඔහු පවසා ඇත්තේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් විසින් 1997දී පිහිටුවන ලද ගේට්ස් පදනම ඔහුට මෙම කාර්යය කිරීම සඳහා අඩිතාලම දැමූ බවයි.
ඔහු විසින් පරිත‍්‍යාග කරන ලද මුදල් විවිධ සංස්කෘතීන් අතර අවබෝධය වර්ධනය කිරීම, කාන්තාවන් බලාත්මක කිරීම සහ දරුණු ආපාදා තත්වයන් වලදී ආධාර සැපයීම වැනි කටයුතු සඳහා යොදාගැනීමට නියමිත වේ.
ෆෝබ්ස් සඟරාව විසින් ඉදිරිපත් කර ඇති ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ අල්වලීද් බින් තලාල් කුමරු 34 වැනි ස්ථානයේ පසුවෙයි