මට වඩා පඩි ගන්න අය මගෙම ව්‍යාපාරයේ හිටියා

සොෆ්ට්ලොජික් ව්‍යාපාර සමූහයේ සභාපති
අශෝක් පතිරගේ
වසර 20 ක සිය ඉතිහාසය තුළ රටේ ව්‍යාපාරික ක්ෂේත්රයේ හිනිපෙත්තටම නගින්නට සොෆ්ට්ලොජික් ව්‍යාපාර සමූහය සමත්ව සිටියි. පරිගණක හා ඒ ආශ්රිත ව්‍යාපාර තුළින් සිය ගමන ඇරැඹූ සොෆ්ට්ලොජික් අද විවිධාංගීකරණය වූ ව්‍යාපාර ජාලයක් බවට පත්ව තිබේ. සිය ගමනේදී අද සොෆ්ට්ලොජික් පැමිණ සිටින්නේ ශ්‍රී ලාංකේය ව්‍යාපාර ක්ෂේත්රයේ ප්‍රමුඛයා වීමේ දොරකඩය. වසර විස්සකට පෙර සාමාන්‍ය ලෙසින් ඇරැඹි එම ව්‍යාපාර ගමන මෙතරම් මුදුනකට නැංවීමේ නියමු කාර්ය භාරය සිදු කරන ලද්දේ, සොෆ්ට්ලොජික් ව්‍යාපාර සමූහයේ සභාපති හා කළමනාකාර අධ්යක්ෂ අශෝක් පතිරගේ මහතාය. සොෆ්ට්ලොජික් ව්‍යාපාරයේ සාඩම්බර ගමන් මඟ පිළිබඳව අශෝක් පතිරගේ මහතා සමග කළ සාකච්ඡාවයි මේ.
ඔබ ව්‍යාපාරික ක්ෂේත්රයට පිවිසුන තැනින් අපි කතාවට පිවිසෙමු...
මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. උසස් පෙළ අධ්‍යයන කටයුතු හැදෑරීමෙන් පසු මම අවුරුදු 17 දී රැකියාවක් සඳහා අයදුම්පත්‍රයක් යොමු කළා. ඒ ජෝන් කීල්ස් ආයතනයේ, තොරතුරු තාක්ෂණික අංශයට. ඒ සඳහා විභාගයක් පැවැත්වුවා, එයින් මම පළමුවැනියා ලෙස සමත් වෙලා රැකියාව ලබා ගත්තා.
දෙවැනි වර උසස් පෙළ කරන්න තියෙද්දී, නිකමට වගෙයි මම රැකියාවක් සඳහා අයදුම්පත්‍රයක් යොමු කළේ. කොහොමටත් විශ්වවිද්‍යාලයට යන්න මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ නිසා ලැබුණු රැකියාවට යන්න මම තීරණය කළා. ඒත් මම රැකියාවට යන කොට ජෝන් කීල්ස් ආයතනයෙන් ඉල්ලීමක් කළා, මට දෙවැනි වර උසස් පෙළ කරන්න නිවාඩු ලබා දෙන්න කියලා. නමුත් රැකියාවත් එක්ක මම දෙවැනි වාරයේ උසස් පෙළ විභාගය ගැන හිතුවේ නැහැ.
ජෝන් කීල්ස් ආයතනයේ වසර 9 ක් මම සේවය කළා. ජෝන් කීල්ස් කියන්නේ විශාල ආයතනයක්, සමූහ ව්‍යාපාරයක්. මේ නිසා සේවයේ යෙදී සිටින විට මට ව්‍යාපාරික තත්ත්වය ගැන අවබෝධයක් ලැබුණා. ඒ නිසා මටත් හිතුනා අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනේ, මේ තත්ත්වයටම ගේන්න කියලා. ඒක මගේ ඔළුවේ හැම වෙලේම තිබුණා.
ඊට පස්සේ 1991 දී මම, මාත් එක්ක ජෝන් කීල්ස් එකේ වැඩ කරපු කිහිප දෙනෙකුත් එකතු කරගෙන නව ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ ව්‍යාපාරය තමයි සොෆ්ට්ලොජික්.
ජෝන් කීල්ස් වගේ සුවිශාල ආයතනයක් දෙස බලාගෙන, එවැනි ව්‍යාපාරයක් බිහි කරන්න හදන විට පළවෙනි අභියෝගය වන්නේ ප්‍රාග්ධනයයි. ඒ අභියෝගයට ඔබ මුටහුණ දුන්නේ කොහොමද?
වසර ගණනක් සේවය කර ජෝන් කීල්ස් ආයතනයෙන් ඉවත් වන විට ලැබුණු මුදල තමයි එතැනදී මුල් ආයෝජනය වුණේ. ඒ මුදල රුපියල් ලක්ෂ 10 ක් විතර වුණා. ඒක තමයි සොෆ්ට්ලොජික් ව්‍යාපාරයේ ආරම්භක ප්රාග්ධනය. පරිගණක මෘදුකාංගවල සිට පරිගණක ආශ්රිත ව්‍යාපාරික කටයුතුවල තමයි අපි මුල් කාලයේ නිරත වුණේ. ඊට පස්සේ ලෝකයේ තිබෙන කීර්තිමත් භාණ්ඩවල වෙළෙඳ නියෝජිතයන් බවට අපි පත් වුණා. මෙසේ ක්‍රම ක්‍රමයෙන් අපි ආපු ගමනට අද අවුරුදු විස්සක් වෙනවා. එදා සිට අද දක්වා අපි විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍ර ගණනාවකට අවතීර්ණ වෙලා තිබෙනවා. ඒවායින් මේ රටේ ප්‍රමුඛතම ව්‍යාපාරයක් බවට සොෆAට්ලොජික් පත්වී තිබෙනවා.
පරිගණක තාක්ෂණික උපකරණ ආදියෙන් නොනැවතී, සොෆ්ට්ලොජික් ව්‍යාපාරය විවිධ ක්ෂේත්‍ර කරා පැතිරී ගොස් තිබෙන බව ඔබ පවසනවා. ඒ සඳහා යොමුවූ ආකාරය පිළිබඳව කතා කළහොත්...

sirawatama