Menna thawa thoththa babii kenek

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    :D:D

    Mama dan naaa..mata mathaka naa..mama hitiye naaa..eee mama neweiii...

    Sunday, August 5, 2012
    කලින් විවාහ වුනා කියලා මම දන්නේ නෑ- අරුණි රාජපක්ෂ
    2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ විවාහ වී ඇති බව මීට පෙර වාර්තා වුණා.

    සරත් අමුණුගම ගේ පුත් පාර්ලිමේන්තු මංත්‍රී දිලුම් අමුණුගම විසින් කරගන ඇති විවාහයන් කිහිපයක් අතුරින් දෙවන විවාහය සිදුරගන ඇත්තේ අරුණි රාජපක්ෂ සමඟ බවයි එම පුවත් වලින් කියවුනේ.

    පසුගිය ජූනි මාසයේ පුවත්පතකට ඇය පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් නැති බවත්, තෝරාගන්නා කෙනා අඩි 6 ට වඩා උස විය යුතු බවත්ය.

    නමුත් මේ සතිඅන්තයේ පුවත්පතකට ඇය විසින් පවසා තිබෙන්නේ තමන්ට පෙම්වතෙක් සිටිනා බවත්, කලින් විවාහ වීම පිළිබඳ කිසිවක් නොදන්නා බවත්, එම ජායාරූප තමන් නොදුටු බවත්ය.

    කීපදෙනෙකුට ආදරේ කරපු කෙනෙක් අදරයේදී විශ්වාස කරන්න පුලුවන්ද?
    පුළුවන්. මිනිස්සුන්ට හැමදාම වරදින්නේ නෑ.

    ඔබට ආදරේදී කී වතාවක් වැරදුනාද?
    තුන් වතාවක්

    විවාහයක් කියන්නේ හදිසියේ සිදුවියයුතු දෙයක් ද?
    නෑ බොහොම කල්පනාවෙන් සිදුවියයුතු දෙයක්.

    එහෙනම් ඔබ හදිසියේ විවාහ උනේ?
    කවුද කියන්නේ?

    කන්ද උඩරට තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එක්ක විවාහ ගිවිසගත්ත කියන එක බොරුවක් කියලද කියන්නේ?
    එහෙම කතාවක් තියනවද? මම නම් එහෙම එකක් ගැන දන්නේ නෑ.

    වෙබ් අඩවි වල තිබුන චායාරූප ඔබේ නෙවෙයිද?
    මම ඒවා දැක්කේ නෑ.

    ගින්නක් නැතිව දුමක් නගියිද?
    සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්.



    පසුගිය කාලයේ රූපවාහිනී නාලිකාවක ප්‍රධානියෙක් එක්ක තිබුනි කියන සම්බන්දතවයටත් කණකොකා හැදුවද?
    කණකොකා හඩන්න එහෙම සම්බන්ධයක් තිබුනේ නැහැනේ.

    වගකිමෙන්ද කියන්නේ?
    ඔව්. වගකීමක් නැතිව වචන පාවිච්චි කරන්න බැහැනේ. නිවේදිකාවක් උනාම මාධ්‍ය ප්‍රධානියාට සම්බන්ධ කරනවා. නිලියක් උනහම නළුවට සම්බන්ධ කරනවා. ඕවා කතා විතරයි.

    කටකතා වලට බයද?
    අපෝ නෑ. මම ඒවා ගැන හිතන්නේ නැහැ.

    දැන් පෙම්වතෙක් ඉන්නවද?
    ඔව්.

    කවුද?
    නම ගම හෙළි කරන්න බෑ.

    Night Club යනවද?
    පුරුද්දකට යන්නේ නැහැ. ඒත් වෘත්තීය අවස්තාවකටනම් යනවා.

    මත් ද්‍රව්‍ය පාවිච්චි කරනවද?
    නැහැ. මම ඒවාට විරුද්දයි.

    මත් ද්‍රව්‍ය, Night Club යන්නේ නැතිව නිරුපිකාවකට පැවැත්මක් තියනවද?
    ඇයි නැත්තේ! එක මහා මෝඩ සංකල්පයක්.

    හදහන් විස්වාස කරනවද?
    ඔව්.

    විවාහයෙදී?
    ඔව්. විවාහයේදීත් මම හදහන් බලයි.

    ගැහැණු ළමයින්ට තිබිය යුතුම මොනවද?
    චරිතය.

    ඔබටත් එය තියෙනවද?
    නැත්නම්!!
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    නමුත් මේ සතිඅන්තයේ පුවත්පතකට ඇය විසින් පවසා තිබෙන්නේ තමන්ට පෙම්වතෙක් සිටිනා බවත්, කලින් විවාහ වීම පිළිබඳ කිසිවක් නොදන්නා බවත්, එම ජායාරූප තමන් නොදුටු බවත්ය.

    මට මුකුත් මකත නැහැනෙ ඕයි කිවුවද දන්නැ:lol::lol: