menna weda

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    http://www.divaina.com/2010/06/15/provin03.html
    චරිතය හොඳ නැති අම්මාගෙන් බේරෙන්න
    පාසල් වියේ දෝණි දීගෙක යන්න හදයි

    අරණායක - ගරුමුනි තිලකරත්න

    අරණායක හකුරුගම්මන, (බූවැලිකඩ) පිහිටි මහ පළාත කොට්‌ඨාසයේ උප්පැන්න විවාහ මරණ ලේකම් කාර්යාලය වෙත ඉකුත් දිනෙක පාසල් යන වයසේ පසුවන ලාබාල තරුණ යුවළක්‌ද කැටුව පැමිණි කාන්තාවන් දෙදෙනෙකි.

    විවාහ ලේකම්වරයා වෙත පැමිණි එක්‌ කාන්තාවක්‌ "සර් මේ මගෙ පුතා, මේ අරයගෙ දුව, මේ ළමයා අපේ ළමයත් එක්‌ක ඊයේ අපේ දිහාවෙ ආවා. මේ දෙන්න කියනව බඳින්න ඕනලු. මේ කාලෙ මේවට විරුද්ධ වෙන්න අවවාද දෙන්න ගියාම වෙන වෙන දේවල් කරගන්නව නේ. ඊට ඉස්‌සෙල්ලා අපේ යුතුකම ඉටු කරපුවාම ඉවරයිනේ"ඇය කියද්දී ඇය සමග පැමිණි අනෙක්‌ කාන්තාවද එම කතාව අනුමත කරන්නාක්‌ මෙන් හිස සැලුවාය.

    කාන්තාවගේ හෑල්ලට සවන් යොමාගෙන සිටි විවාහ ලේකම්වරයා ප්‍රශ්නාර්ථයක්‌ නගාගෙන කාන්තාවන් දෙදෙනා දෙසත් ලාබාල තරුණ යුවළ දෙසත් මඳ වේලාවක්‌ බලා සිටියේය.

    "මොනවා මේ ළමයි දෙන්න කසාද බන්දන්න? මේ දෙන්නගෙ වයස කීයද? තාම ඉස්‌කෝලෙ යන වයසනෙ."

    "සර් දුවට දහතුනයි. පුතාට දහ අටයි. දෙන්නම ඉස්‌කෝලෙ යනවා. දුව කියනව පුතාව බඳින්න ඕනලු. අයෙ අම්ම ළඟට නම් කොහොමටවත්ම යන්න බැරිලු." පළමු කාන්තාව කීවාය.

    "ඇත්තද මේ කතාව? මොකද මේ කසාද බඳින්න තියෙන හදිස්‌සිය?" ලේකම්වරයා තරුණියගෙන් ප්‍රශ්න කළේය.

    "ඔව් සර් මට ආයෙ ගෙදර නම් යන්න බෑ. කසාද බඳින්න හදිස්‌සි කරන්න මේ අයියගෙන් මේ වනතුරුම අබමල් රේණුවක තරම්වත් වැරැද්දක්‌ වෙලා නෑ. මට මේක කියාගන්න බෑ සර්. මේ ලියුම කියවල බලල සර්ම තීරණයක්‌ ගන්න."

    කඳුළු සලමින් එසේ කී තරුණිය එතෙක්‌ සඟවාගෙන සිටි ලිපියක්‌ විවාහ ලේකම්වරයා අත තැබීය.

    "මගේ අම්මගෙ චරිතෙ හොඳ නෑ. මට තාත්ත ඉන්නවා. අම්මා වෙන කෙනෙක්‌ සමග අයුතු සම්බන්ධයක්‌ පවත්වනවා. ඒ හාදකම කීප සැරයක්‌ම වගේa අතටම අහුවුණා. අම්මට ඒ ගැන ගානක්‌ නෑ. මහෙම ගියොත් මගේ ජීවිතේට මොනවා වේවිද කියන්න බෑ. මම යාළුවෙලා ඉන්න අයිය හරිම හොඳයි. මම තවම පිරිසිදු චරිතයක්‌ තියෙන කෙල්ලක්‌. මම කසාද බඳින්න ඕනය කියන්නෙ මට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න තියෙන එකම විසඳුම මේක නිසයි. නැතිනම් අම්ම මාවත් කාටහරි බිල්ලට දේවි කියල මගේ හිත කියනවා."

    ශෝකාලාපයක්‌ වූ එම ලිපිය කියෑවූ විවාහ ලේකම්වරයා, "මේ ගැන ඔය ළමයාගේ අදහස මොකක්‌දැයි" තරුණයාගෙන් විමසීය.

    "සර් මෙයා එක්‌ක මම යාළුවෙලා හිටපු එක ඇත්තයි. මේ වනතුරු මෙයාට මගෙන් වරදක්‌ වෙලා නෑ. මෙයාගෙ අම්මගෙ ප්‍රශ්නෙ නිසයි අපේ ගෙදරට එක්‌කන් ගියේ. ඒ වුණත් දැන්ම බඳින්න නම් බෑ. මට ඉගෙන ගන්න ඕනෑ. අම්මලාගේ බලකිරීමටයි මම මේ ආවෙ. මේ නංගි ගැන මට දුකයි."

    තරුණයාගේ පාපොච්ඡාරණය ඇසූ විවාහ ලේකම් සාමවිනිසුරු ගාමිණී බණ්‌ඩාර ඇටම්පාවල මහතා,

    "මට මේ අයට මුලින්ම කියන්න තියෙන්නෙ මේ දෙන්නව කසාද බන්දවන්න නීතියෙන් කිසිම ඉඩක්‌ නෑ කියන එකයි. මෙතන වැරැද්ද මේ දරුවන්ගෙ නෙමෙයි වැඩිහිටියන්ගෙයි. මේ සිද්ධියට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන මේ ගෑණු දරුවගෙ අම්මයි. අද අපේ තරුණ තරුණියන් වැඩි දෙනෙක්‌ නොමඟ යන්න දෙමව්පියන්ගේ ආශීලාචාරකම් නිසයි. මේ සිද්ධිය මේ රටේ හැමෝම පාඩමකට ගත යුතුයි."

    මෙහිදී තරුණ සිසුවාගේ මව ඉදිරිපත්වී තරුණියගේ නිසි වයස එළැඹෙණ තුරු රජරට ප්‍රදේශයේ සිටින සිය ඥතිවරියකගේ රැකවරණය යටතේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්‌ථාව සලසාදී පසුව සිය පුතණුවන්ට ඇය විවාහ කර දෙන බවට විවාහ ලේකම්වරයාට පොරොන්දුවක්‌ දුන්නාය.
     
    • Like
    Reactions: Djram