Merapeum, Cefotaxime, Cefotaxime, imipanum, Cilastatin, Lorazepam, Calcium Gluconate, සහ Cindamicine යන ඖෂධ හිඟයක්...

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Blog


    පසුගිය රජය සමයේ ගෙන්නූ බාල ඖෂධ වර්ග 08ක් ඉවත් කරයි​



    December 16, 2024

    iri news



    ඖෂධ වර්ග අටක ගුණාත්මකභාවය අඩුවීම නිසා(quality Failure) පසුගිය සතියෙහිදී භාවිතයෙන් ඉවත් කර තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමති සන්ධානය සඳහන් කරයි.

    Merapeum, Cefotaxime, Cefotaxime, imipanum, Cilastatin, Lorazepam, Calcium Gluconate, සහ Cindamicine යන ඖෂධ කාණ්ඩ අට අයත් ඖෂධවලින් කොටසක් මේ ආකාරයට ඉවත් කර තිබෙන බවද එම සංගමයේ සභාපති විශේෂඥ චමල් සංජීව මහතා සඳහන් කළේය.

    පසුගිය ආණ්ඩු සමයේදී ගෙන්වූ මෙම ඖෂධවලින් වර්ග කිහිපයක් ගෙන්වනු ලබන්නේ සමාග දෙකක් බවත් මේ නිසා මෙම ඖෂධ වර්ගවල හිඟයක් ඉදිරියේදී ඇති විය හැකි බවත් හෙතෙම පවසා සිටියේය.
    මේ පිළිබඳව වර්තමාන ආණ්ඩුව අවධානය යොමු කර අදාළ ඖෂධ තොග කලට වෙලාවට ගෙන්වීමට කටයුතු කළ යුතු බවත් භාවිතයෙන් ඉවත් කළ ඖෂධවලට අදාළ අලාභය අදාළ සමාගම්වලින් අයකර ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

    මෙම ඉවත් කළ ඖෂධ අතර ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ රැසක් පවතින බවත් තවමත් ස්‍යෙඛ්‍ය සේවාවේ ඇතැම් ස්ථානවල ඉහළ තනතුරු දරනු ලබන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී පත් කළ නිලධාරීන් බවත් ඒ මහතා පැවසීය.

    මේ නිසා දිගින් දිගටම ඖෂධ සම්බන්ධ ගැටලු ඇනිවෙමින් තිබෙන බවත් වර්තමාන ආණ්ඩුව මේ පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය.