බංග්ලාදේශය කියන්නේ අපට වඩා සම්පත් තියෙන ස්ථාවර රටක්, ගල් අඟුරු, ගෑස් නිධි තියෙනවා, මේවා වටින්නේ ආර්ථිකය ස්ථාවර කරගන්න, ලෝක ආර්ථික අර්බුද ආවත් මෙහෙම සම්පත් තියෙන රටවල් කෙළින් ඉන්නවා, අපේ රටේ තෙල් ගල් අඟුරු ගෑස් මේ මොකුත් නැහැ, පොස්පේට් මිනිරන් ටිකක් තියෙනවා, ඛනිජ වැලි නිධි තියෙනවා, එත් නමුත් විශාල ආර්ථික වාසියක් ගන්න ඒ මදි, මොකද අපි මේවා යවන්නේ අමුද්‍රව්‍ය විදිහට, ඉතින් එකෙනුත් වාසියක් ගන්න නම් ලංකාවේ ද්විතීයික කර්මාන්ත තියෙන්න ඕන, එහෙම නැහැ, තාක්ෂනය නැහැ, ඉතින් එකත් අමුද්‍රව්‍ය විදිහට යවන්නේ. අපේ රටේ මේ තියෙන ඛනිජ සම්පත් වලින් වැඩක් ගන්න නම් ඒ ගැන දැනුමක් තාක්ෂණයක් තියෙන උන් ගෙන්නවා ගන්න ඕන, එත් අවුල එහෙම කරද්දී අපේ උන් මැරෙන්න හදනවා සම්පත් විකුනනවා කියල, අන්තිමේ මොකවත් නැහැ, අපේ රටේ අදහසක් තියෙනවා එකෙක් පොහොසත් නම් ඌ හොරා, මගඩියක් කරලා ධනවත් වුනේ, ඌ දුප්පත් මිනිස්සුන්ගේ ධනය හූරා කනවා, ඔය වගේ වැල් බයිලා, ඔය ඇටිටියුඩ් ඔක්කොම සනීප කරගන්න ඕනේ. දැනටමත් අපි ප්‍රමාදයි.