MG වාහන අඩු කුලේ ද?

Colours

Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    කුල මල හොයන්න එපා බන් , වාහනේ හොදයිනම් ගනින්
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    ara DFSK SUV ekak tiyenne. Namak mataka na.
    Mahindra nan bolero eka witarai. Ethakota SUV ekak tibune nane?
    මම හිතුවා පඩි ටෝක් දෙද්දි. බොලෙරෝ එක පැදලද බන් ගුණ දොස් කියන්නෙ ඇවිල්ලා මෙතන :LOL:, අනික ඒක මල්ටි පර්පස් එකක්. තියෙන්නෙ බර වැඩ වලට. නැතුව ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එකට නෙවෙයි. සෑහෙන රිලයබල් සහ ලාබයි. පාවිචි කරන එකෙක් ගෙන් අහල බලපන් තේරෙයි.

    DFSK SUV එක ආවෙත් 2019 පස්සේ. ඒත් කමක් නෑ අඩු ගානේ නමක් දන්නෙත් නෑ. හැබැයි 2016 පැද්දාලූ. නිකමට හරි ඔය අලුත් එකට නැගල බලපන් එතකොට තේරෙයි මචන්. මම පැදල බලල තියනවා.

    මහින්ද්‍රා එකේ ස්කෝර්පියෝ ඇති අලුත් එක. පොලිසිවලට ලගදි දුන්න එකේ ලක්සරි වර්ශන් එක. පොඩ්ඩක් බලහන්.

    ඉස්සරහට, චයිනීස් ඉන්ඩියන් වාහන තමා නැගල යන්නේ. එකක් උන්ගේ ප්‍රොඩක්ශන් කොස්ට් එක අඩුයි. සේම් ලෙවල් වාහනයක් සෑහෙන කම්පෙටිටිව් ප්‍රයිස් එක්කට දුන්නැකි. අනික උන්ගෙ ඉකොනොමි එක එක්ස්පෑන්ඩ් වෙන්වා ඒකෙන් ටෙක්නොලොජි සහ ප්‍රොඩක්ශන් පැත්ත දියුණු වෙන්වා. අනික ගොඩක් ජපන් වාහන දැන් හදන්නෙ, තායි, ඉන්දුනීසියා කොස්ට් එක හින්දා. ඒක තමා දැන් ටොයොටා වත් ලොකු කාලයක් වාහනයක් තියෙන විදිහට හදන්නෙ නෑ. ඒක අලුතෙන් එන ටොයොටා වාහන වලින් පේනවා. හේතුව තමා, අර කලින් කිව්ව වගේ ඔටෝමේශන් දියුණුව හින්දා අලුතෙන් එකක් ගන්න එක ලාබයි වෙන රටවවල අයට පරන එවා රෙපෙයාර් සහ නඩත්තුවට වඩා. හේතුව මිකැනිකල් රෙපෙයාර් වල කොස්ට් එක මාරම වැඩී.

    අනිත් එක EV, චයිනා තමා ග්ලෝබල් ලීඩර්. ඉන්ඩියා කැචින් අප්.

    europe, japan, වාහන එක ගොඩේ දාල හොදයි කියන්ඩත් බෑ, ඉන්දියන් චයිනීස් ඒවා එක ගොඩේ දාල නරකයි කියන්ඩත් බෑ. ඕක බ්‍රෑන්ඩ් වලටත් අදාලයි.
    අනික ලංකාවේ තියන සමහර එව්වගේ ජපන් නම විතරයි.

    එනිවේ, ගානේ ත්‍රී වීල් එකක්වත් තියන්වද ? :p
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මම හිතුවා පඩි ටෝක් දෙද්දි. බොලෙරෝ එක පැදලද බන් ගුණ දොස් කියන්නෙ ඇවිල්ලා මෙතන :LOL:, අනික ඒක මල්ටි පර්පස් එකක්. තියෙන්නෙ බර වැඩ වලට. නැතුව ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එකට නෙවෙයි. සෑහෙන රිලයබල් සහ ලාබයි. පාවිචි කරන එකෙක් ගෙන් අහල බලපන් තේරෙයි.

    ඔව්. බොලෙරෝ එක විතරයි පැද්දෙ. වෙන මහින්ද්‍රා ඒව පදින්න අදහසකුත් නෑ 😂😂 කොහොම උනත් බොලෙරෝ එකයි, මහින්ද්‍රා SUV එකකුයි එකවගේ කියන්නෙ නෑ මම. මට මහින්ද්‍රා ඒව සෙට් වෙන්නෙ නෑ. එච්චරයි මම කියන්නෙ.

    කොහොමත් තව අවුරුදු දහයක් ගියත් අද තියෙන ජැපනීස්, යුරෝපියන් වාහනේක තත්වෙට මහින්ද්‍රා එන්නෙ නෑ උබ කොච්චර අකමැති උනත්. 😂 ඒ ආවත් එදාට ඒ ජැපනීස් එක තියෙන්නෙ තව අවුරුදු දහයක් ඉස්සරහින්. ඒ නිසා ඉතින් මට නං චීන, ඉන්දියන් වාහන මගේ වියදමෙන් ටෙස්ට් කරල දෙන්න පුපේ අමාරුවක් නෑ වෙන ඔප්ෂන් තියෙන නිසා.😹 ඔප්ෂන් නැති රටවල් වලට හිත හදාගන්න හේතු එක්ක හොඳයි කියන්න පුලුවන් 🤦🏻

    DFSK SUV එක ආවෙත් 2019 පස්සේ. ඒත් කමක් නෑ අඩු ගානේ නමක් දන්නෙත් නෑ. හැබැයි 2016 පැද්දාලූ. නිකමට හරි ඔය අලුත් එකට නැගල බලපන් එතකොට තේරෙයි මචන්. මම පැදල බලල තියනවා.

    උබ 2019 ඕව බලන්න කලින් කොල්ලො මම ඔය ලබ්බ 2016 පැද්දෙ. DFSK glory… 😂😂 උබට 2019 ආවෙ උනාට අපිට ඕව 2016 ඉඳන් පැද්දා. 🤣

    ඔය බාල චයිනීස් වාහන දිහා ඇහැක් ඇරලවත් බලන්න ඕන නෑ බන් මට. බංකොළොත් රටවල් වල ඕව සුපිරි වාහන උනාට මට එහෙම නෑ.

    මහින්ද්‍රා එකේ ස්කෝර්පියෝ ඇති අලුත් එක. පොලිසිවලට ලගදි දුන්න එකේ ලක්සරි වර්ශන් එක. පොඩ්ඩක් බලහන්.

    ඉස්සරහට, චයිනීස් ඉන්ඩියන් වාහන තමා නැගල යන්නේ.
    එකක් උන්ගේ ප්‍රොඩක්ශන් කොස්ට් එක අඩුයි. සේම් ලෙවල් වාහනයක් සෑහෙන කම්පෙටිටිව් ප්‍රයිස් එක්කට දුන්නැකි. අනික උන්ගෙ ඉකොනොමි එක එක්ස්පෑන්ඩ් වෙන්වා ඒකෙන් ටෙක්නොලොජි සහ ප්‍රොඩක්ශන් පැත්ත දියුණු වෙන්වා. අනික ගොඩක් ජපන් වාහන දැන් හදන්නෙ, තායි, ඉන්දුනීසියා කොස්ට් එක හින්දා. ඒක තමා දැන් ටොයොටා වත් ලොකු කාලයක් වාහනයක් තියෙන විදිහට හදන්නෙ නෑ. ඒක අලුතෙන් එන ටොයොටා වාහන වලින් පේනවා. හේතුව තමා, අර කලින් කිව්ව වගේ ඔටෝමේශන් දියුණුව හින්දා අලුතෙන් එකක් ගන්න එක ලාබයි වෙන රටවවල අයට පරන එවා රෙපෙයාර් සහ නඩත්තුවට වඩා. හේතුව මිකැනිකල් රෙපෙයාර් වල කොස්ට් එක මාරම වැඩී.

    අනිත් එක EV, චයිනා තමා ග්ලෝබල් ලීඩර්. ඉන්ඩියා කැචින් අප්.

    චයිනා වල හොඳ වාහන කීයක් ලංකාවෙ තියෙනවද බන්? 😹
    හොඳ බ්‍රෑන්ඩ් පෙන්නලා කුණු ජරාව තමා ලංකාවට ගෙන්නන්නෙ. මොනෑෂ් පෙන්නලා සයිටොං ගෙන්නුවේ අන්න ඒ වගේ. 😹

    europe, japan, වාහන එක ගොඩේ දාල හොදයි කියන්ඩත් බෑ, ඉන්දියන් චයිනීස් ඒවා එක ගොඩේ දාල නරකයි කියන්ඩත් බෑ. ඕක බ්‍රෑන්ඩ් වලටත් අදාලයි.
    අනික ලංකාවේ තියන සමහර එව්වගේ ජපන් නම විතරයි.

    ඇයි චයිනීස් වාහන බහුතරේට වඩා eu, Japan වාහන බහුතරේ හොඳයි කියන්න බැරි? නිකන් කියන්නං වාලෙ කියවන්න එපා බන්. තේරුමක් ඇති දෙයක් කියහන්. 😂😂

    එනිවේ, ගානේ ත්‍රී වීල් එකක්වත් තියන්වද ? :p

    කුණු චයිනීස් ගූ ගොඩවල් වලට වඩා වටින වාහන 2ක් තියෙනවා 😹😹😹 තව ඕන නං ගන්නත් පුලුවන්.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේක දිග හෑල්ලක් වෙයි. කැමති නම් විතරක් කියවන්න.

    චීන වාහන කවදා හරි දවසක ලෝකයේ හොඳ වාහන අතරට ඒවි. නමුත් ඒ දිනය එන්නේ කවදාද කියන එක ගැන නම් මම අනාවැකි කියන්නේ නැහැ. මම නම් චීන හෝ කොරියන් වාහනයක් ගන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඒක මගේ වයසේ අයට තියන ප්‍රශ්නයක් මිසක් වාහන වල කොලිටි එකේ ප්‍රශ්නයක් නොවෙයි.

    60, 70 දශක වල අපේ තාත්තලාගේ පරම්පරාව කාලේ ජපන් වාහන සැලකුවේ බාල වාහන හැටියටයි. ඒ කාලේ බ්‍රිටිෂ්, ජර්මන්, ෆ්‍රෙන්ච්, ඇමරිකන් වාහන තමයි හොඳ වාහන හැටියට සැලකුවේ. 70 දශකයේ අග භාගේ (මම ලයිසන් ගන්න කිට්ටුව) අපේ ගෙදර තිබුන විලීස් ජීප් එක විකුනලා වෙනත් වාහනයක් ගන්න කොට, මට ඕනෑ උනේ 4DR5 එකක් ගන්නයි. නමුත් තාත්තාගේ තේරීම උනේ හපුටු ලෑන්ඩ් රෝවර් එකක්. ඒ තමයි ඒ කාලේ හැටි.

    80 දශකය වෙනකොට ජපන් වාහන හොඳයි කියන එක හැමෝම පිළිගත්තත්, හුයන්ඩායි, කියා, වගේ කොරියන් වාහන වලට පිළිගැනීමක් තිබුනේ නැහැ. නමුත් 2000 න් පස්සේ විතර ඒ තත්ත්වයත් වෙනස් වෙලා, හුන්ඩායි වලට එහෙම දැන් සෑහෙන හොඳ පිළිගැනීමක් තියනවා.

    මහේන්ද්‍ර ඇන්ඩ් මහේන්ද්‍ර (ඉස්සර ඒ වාහන හැඳින්වුණේ එහෙමයි) වගේ ඒවා දැන් අවුරුදු පනහක් හැටක් හෝ ඊටත් වැඩි කාලයක් (මහේන්ද්‍ර ජීප් 60, 70 දශක වලත් ලංකාවේ තිබුනා) තිස්සේ හැදුවත්, ඉන්දියන් කාරයන්ගේ තියන ගොරහැඩි, රළු, නොසැලකිලිමත් ගතිය නැති කරගන්න තවමත් බැරි වෙලා. ඒවා හැදිලා එනකොට චීනා ලෝකයේ වාහන වෙළඳපොල අල්ලාගෙන ඉවර වෙලා තියෙයි.

    ලංකාවේ වාහන පාවිච්චි කරන අය බහුතරයක් වාහන පාවිච්චි කරන්නේ තමන්ගේ ගමන් පහසුව සලසා ගැනීම මුල් කරගෙන නොවෙයි. ඉන්ධන කාර්යක්ෂමතාවය, සමාජ/ආර්ථික තත්ත්වය පෙන්නීම, ආයෝජනයක් හැටියට, එහෙම නැතිනම් ලස්සනට තියාගන්න වගේ නොවැදගත් කරුණු මුල් කරගෙනයි. දියුණු රටවල මිනිස්සු වාහන පාවිච්චි කරන්නේ ආරක්ෂාකාරීව, විශ්වාසදායකව, ගමන් පහසුව/ප්‍රවාහන අවශ්‍යතා සලසා ගැනීමට හෝ වෙනත් විශේෂිත අවශ්‍යතා සඳහා යි. ඒ නිසා තමයි අඩු මිලට තියන චීන, කොරියන් වාහන වලට ඉහල ඉල්ලුමක් තියෙන්නේ . මේ ගැන මගේ අත්දැකීමක් කියන්නම්.

    මීට වසර විසිපහකට තිහකට පෙර මා සේවය කල සමාගම අපේ දැනුම වැඩි කිරීමට ගේ දොර/ ඉඩම් මිලදී ගැනීම, වාහන මිලදී ගැනීම, ආයෝජනය කිරීම වැනි ක්ෂේත්‍ර වල උපදේශකයන් ගෙන්වා අපිට දේශන පවත්වනවා. එයින් වාහන මිලදී ගැනීම ගැන කියූ දේවල් තාමත් මතකයි.
    ඒ කාලේ කොරියන් වාහන වලට තිබුනේ අද කාලේ චීන වාහන වලට තියන (නො)පිළිගැනීමයි. එක හා සමාන කොරියන්/ජපන්/ජර්මන් වාහන තුනක මිල ගණන් ඩොලර් 15,000/30,000/45,000 ලෙස වුනා. (මේ වාහන මිලදී ගන්නේ ණය ට කියන එකත් කිව යුතුයි.) එයින් කොරියන් වාහනයක් අවුරුදු පහකුත්, ජපන් අවුරුදු 10/ ජර්මන් අවුරුදු 15 කුත් කරදරයකින් තොරව පාවිච්චි කිරීමට හැකියි. වාහන තුනටම වසර 5 ක වොරන්ටියක් ලැබෙනවා. වසර පහකට roadside assistance නොමිලේ ලැබෙනවා. වසර පහකට වරක් ටයර්/බැටරි අළුතෙන් දැමිය යුතුයි. $15,000/30,000/45,000 ලෙස ණය වාරිකය හා පොලිය ගෙවිය යුතුයි. වසර පහක් අවසානයේ කොරියන් වාහනය ඩොලර් 5000 කට විකිණිය හැකියි. වසර 10 අවසානයේ ජපන් වාහනය ඩොලර් 2500 කට විකිණිය හැකියි. වසර 15 අවසානයේ ජර්මන් වාහනය යකඩ බරට ඩොලර් 50 කට (ඒකත් ගෙනිහින් දුන්නොත් විතරයි, ඇවිත් අරං යන්නේ නිකං) විකිණිය හැකියි. මේ අනුව, කොරියන් වාහනයක් 15,000 කට අරං වසර 5 කට වරක් ඒක විකුණා අලුත් එකක් ගැනීම ඉතාම ඥානාන්විත තේරීමයි. පිළිතුර දිග වෙන නිසා මෙහි නොකියූ කරුණු විශාල ගණනක් මේ සඳහා හේතු වෙනවා.මේ නිසා ඉතාම නුවණක්කාර තේරීම වෙන්නේ අඩු කුලේ කොරියන් වාහනයයි. මේ තත්වය වර්තමානයට ආදේශ කලාම, අඩු කුලේ, ලාබ, චීන වාහනයක් හොඳම තේරීම වීම වලක්වන්න බැහැ. දැන් ඕස්ට්‍රේලියාවේ බලන බලන පැත්තේ MG වැහි වැහලා. ඩොලර් 23,000 ඉඳලා තියන MG එකට සමාන හොන්ඩා HRV (ලංකාවේ නම් වෙසල්) එකක් 36,000 වෙනවා. සුබාරුත් ඒ හා සමානයි. ඉතින් හොන්ඩා හෝ සුබාරු දෙකක් ගන්නා මුදලට MG තුනක් ගන්න පුළුවන්.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    oka adu kule wenne vehicle eka hinda newe inna agent hinda :angry:

    oka ehema nah api gawat tibba 2018 awa gaman gatta ekak city eke yanna ehema aulk nah podi podi case awa habei itin average hodai e kale oya price ekata (4.9Mn) brand new tikak usa ewata hari haman vehicle ekak tibbe ne. oka tama tibbe
     
    • Like
    Reactions: deepwater

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    ඔව්. බොලෙරෝ එක විතරයි පැද්දෙ. වෙන මහින්ද්‍රා ඒව පදින්න අදහසකුත් නෑ 😂😂 කොහොම උනත් බොලෙරෝ එකයි, මහින්ද්‍රා SUV එකකුයි එකවගේ කියන්නෙ නෑ මම. මට මහින්ද්‍රා ඒව සෙට් වෙන්නෙ නෑ. එච්චරයි මම කියන්නෙ.

    කොහොමත් තව අවුරුදු දහයක් ගියත් අද තියෙන ජැපනීස්, යුරෝපියන් වාහනේක තත්වෙට මහින්ද්‍රා එන්නෙ නෑ උබ කොච්චර අකමැති උනත්. 😂 ඒ ආවත් එදාට ඒ ජැපනීස් එක තියෙන්නෙ තව අවුරුදු දහයක් ඉස්සරහින්. ඒ නිසා ඉතින් මට නං චීන, ඉන්දියන් වාහන මගේ වියදමෙන් ටෙස්ට් කරල දෙන්න පුපේ අමාරුවක් නෑ වෙන ඔප්ෂන් තියෙන නිසා.😹 ඔප්ෂන් නැති රටවල් වලට හිත හදාගන්න හේතු එක්ක හොඳයි කියන්න පුලුවන් 🤦🏻

    උබ 2019 ඕව බලන්න කලින් කොල්ලො මම ඔය ලබ්බ 2016 පැද්දෙ. DFSK glory… 😂😂 උබට 2019 ආවෙ උනාට අපිට ඕව 2016 ඉඳන් පැද්දා. 🤣

    ඔය බාල චයිනීස් වාහන දිහා ඇහැක් ඇරලවත් බලන්න ඕන නෑ බන් මට. බංකොළොත් රටවල් වල ඕව සුපිරි වාහන උනාට මට එහෙම නෑ.

    චයිනා වල හොඳ වාහන කීයක් ලංකාවෙ තියෙනවද බන්? 😹
    හොඳ බ්‍රෑන්ඩ් පෙන්නලා කුණු ජරාව තමා ලංකාවට ගෙන්නන්නෙ. මොනෑෂ් පෙන්නලා සයිටොං ගෙන්නුවේ අන්න ඒ වගේ. 😹

    ඇයි චයිනීස් වාහන බහුතරේට වඩා eu, Japan වාහන බහුතරේ හොඳයි කියන්න බැරි? නිකන් කියන්නං වාලෙ කියවන්න එපා බන්. තේරුමක් ඇති දෙයක් කියහන්. 😂😂

    කුණු චයිනීස් ගූ ගොඩවල් වලට වඩා වටින වාහන 2ක් තියෙනවා 😹😹😹 තව ඕන නං ගන්නත් පුලුවන්.
    ගොඩක් වයසයි නම් මචන් ඔයාට ඔය කියල තියන එව්වට උත්තර දීල වැඩක් නෑ. එහ්හෙම්බ නෙවෙයි නම් ග්‍රෝ අප් කියල තම කියන්ඩ වෙන්නෙ. වෙන කෙනෙක් ලස්සනට පැහැදිලි කරපු එකක් තිබ්බ. ඒකවත් බලහන්.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    395549759_346369494422100_1643329183592131413_n.jpg

    395621581_346369537755429_1014723765885496350_n.jpg

    395480261_346369591088757_3259004417178101737_n.jpg

    395484979_346369501088766_2554552426537353182_n.jpg

    397658165_346369514422098_4301491172677643951_n.jpg