fodo77

Active member
  • Feb 3, 2015
    388
    168
    43
    අවුරුද්දකට ආසන්න කාලයක් මුළුල්ලේ කිසිත් තොරතුරක් සොයාගැනීමට නොහැකිව අතුරුදන්ව තිබෙන මලයාසියා ගුවන්සේවයට අයත් එම්.එම් 370 අංක දරන ගුවන්යානයට අයත් යැයි සැකකරන ගුවන්යානා පියාපත් කොටසක් මැඩගස්කරය ආසන්නයේ පිහිටි දුපත් වන ලා රියූනියන් වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයා ගත් බව කියති.

    ලා රියූනියන් දුපත ආසන්න ඉන්දියා සාගර කලාපයේ වෙනත් කිසිදු ගුවන්යානයක් අනතුරට ලක්ව ඇති බවට තොරතුරක් නොමැති හෙයින්ද, මුළු ඉන්දියන් සාගරයම සැළකුව ද එම්.එච් 370 හැරෙන්නට වෙනත් ගුවන්යානයක් මෑත කාලයේ එම කලාපයේදී අතුරුදන්ව හෝ වෙනත් අනතුරකට ලක්ව මුහුදේ ගිලී ගොස් හෝ ඇති බවට වාර්තාවක් නොමැති හෙයින්ද පරීක්ෂකයින් තරයේම විශ්වාස කරන්නේ මෙම ගුවන්යානා කොටස එම්.එච් 370 ටම අයත් කොටසක් බවය.

    මෙම කොටස හමුව ඇත්තේ මින් පෙර යානය සොයා මෙහෙයුම් දියත් කෙරුණු මුහුදු කලාපයෙන් සැතපුම් 3000 කට පමණ ඈතින් වීම විශේෂය වේ. පසුගිය වසරේ මාර්තු මස 8 වැනිදා මගීන් හා කාර්ය මණ්ඩලය 239 දෙනෙක් සමඟ එම්.එච් 370 අතුරුදන් විය. එය අවසානයට ගමන් කරමින් සිටියේ ඉන්දියා සාගරය මතිනි. වහාම යානය සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරුණ ද යානයට අත්වූ ඉරණම පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වුණි.
    හමුව තිබෙන ගුවන්යානා කොටස බෝයිං සමාගම වෙත යැවීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇත. සොයාගැනීම පිළිබඳ පළව තිබූ මාධ්‍ය වාර්තාවල යානා කොටස මුහුදු බෙලිකටු වලින් වැසී තිබුණු බව සදහන් විය. එයින් පැහැදිලි වන්නේ මෙය සැළකිය යුතු කාලයක් මුහුදේ තිබී ඇති බවය.

    මෙය අතුරදන් වූ එම්.එච් 370 ටම අයත් යැයි තහවුරු කරගත් පසු යානය සොයා සිදුකෙරෙන මෙහෙයුම් කටයුතු වඩා විශ්වාසයකින් යුතුව ඉදිරියට දියත් කිරීමට පරීක්ෂකයින් අපේක්ෂාවෙන් සිටිති.

    2AF2018800000578-3178978-image-a-45_14382050758541.jpg

    2AF057FD00000578-3178978-image-a-26_14381916062601.jpg

    2AF066A200000578-3178978-From_MH370_Officials_are_examining_debris_found_washed_up_on_Reu-a-23_14381915328831.jpg

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    අපේ එලකිරි වාසින් thread එකක් දාල ඔය Plane එක හෙව්වා. හම්බුනෙ නෑ කියහන්කෝ :D
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    bump , mage interesting ma subject eka Air crash investigation . me siddiyedi 80 %kma chance ekak tiyenna captain suicide kara kiyana paththata.. e wagema thawa loku chance ekak tiyenawa flight eka ginnakata ahuwela eke electronic padhdhati winasha weema nisa transponder athulu upakarana walata hani wela crash una kiyana ekata . aircraft stall ekak wenna widiyak naha mokada flight eka route eka wenas karanawa... hora passport walin giya un denna terrorist group walata sambanda na. habay captain me siddiaya wena kale wenakota sahena manasika athathiyakin idala tiyenawa. hijackers lata lesiyen cockpit eka athulata enna baha.hijack unath ground ekata code walin inform karanna puluwan hijack una kiala.ehema deyak wela naha.transponder eka off karanna sahena danumak one.e nisa ekko meka gini ganeemak nattam boho dorata suicidal ekak :(:(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483

    :yes: ගිනි අරං වෙන්ඩ ඇති.. කෑල්ලක්වත් හම්බවුණේ නෑනෙ.. මේක ඇරෙන්ඩ..