රනමොටෝ, අජිනමොටෝ, මරනමොටෝ, උමසාකි, දෙයියෝසාක්කි කිය කියා ආපු චීන බයික් අද අඩුමගානේ ගැරිජ් එකකවත් තියෙනවද? ඒවා පොලවටම පස් වෙලා ගිහින්. මේවා අඩු මිල නිශ්පාදන. හොද කොලිටි චීන වාහන ලංකාවට එන්නේ නෑ. කවදහරි පැන්ඩා රිලවා වෙලා චෙරි කිව් කිව් ගස්ලබු පැපොල් පැපොල් වෙලා එනකොට තමයි තේරෙන්නේ ගත්ත ගොන්කම් කියලා. මම මේවා කහනවට කියනවා නෙමේ. මාත් දුප්පත් තැනින් අමාරුවෙන් නැගිට්ට කොල්ලෙක්. මම කැමති නෑ අපේ සිංහල කොල්ලෝ නොකා නොබී අමාරුවෙන් හම්බ කරලා ඉතුරු කරන සල්ලි වලට කෙලවෙනවට,ඒකයි මෙච්චර කියන්නේ. බලපන් පරන අසූ ගනන්වල ආපු 28 ඉසුසු මිට්සුබිශි ලොරි තාම දුවනවා වෙඩි වගේ.. ඒත් කෝ අද පෝලිමේ ආපු JMC, ABL, ඒවා දිරලා පාත්වෙලාම ගිහින්.ඔය චීන ජරාවල් වලටත් ඒ ටිකමතමා අව්රුදු දෙකතුනක් යද්දී . කියනදේ නාහන උන් ඔනේ හු@$ක් ගනිල්ලා. හැබැයි දැන්මම චීනෙට විසිටින් වීසා පාරක් වත් ගහගන්න සෙට් කරගනිල්ලා කොම්පැනි වැහුවහම/ගෙන්නන එක නැවැත්තුවහම පාර්ට්ස් හොයන්න යන්න.
මෙන්න ගන්නවනම් "කාර්". 20-12 ත් අතර ගන්න පුලුවන්. කැත නැතුව ඔනේ තැනක යන්න පුලුවන්. කොටින්ම හිතපන් 12-20ක් දීලා අරන් 1ක් වියදම් කරලා හැදුවත් මොකද? කවදා හරි ලාබ පිට විකුනන්නත් පුලුවන්
toyota corolla 110 cristal light
toyota corolla 110
toyota soluna (koriyan but same engine girebox with corolla 110, 15 panala thel wada karanawa. mage 2 weni car eka mekak)
toyota tercel
toyota 100
toyota starlet
toyota corsa
nisaan fb15
nissan fb14 (mekanam dan tikak paranai. eth badu hoda)
nissan pulsar
nissan bluebird (thel poddak horai. habai sapanam supiri )
nissan n16 - (thel poddak horai)
mazda bj5p/ bj3p prado light - yandanam yaka. thel poddak horai
mazda bj5p/ bj3p normal - yandanam yaka. thel poddak horai
mitsubishi ck 1
mitsubishi ck 2
mitsubishi cs3 (20kata puluwan)
suzuki balino (meka 1300cc) - parts chuttak higayi, eth thiyenawa. mage 1 weni car eka
suzuki cultas (meka balino ekema 1500cc eka )
මෙන්න මේවා තමා "කාර්" කියන්නේ. 12-20ත් අතර මේවා මොඩල් එක අනුව ඉන්ග්ලිශ් නම්බර් ගන්න පුලුවන්.තෙල් හොරයි කියලා කිව්වට මේවා 11- 17ත් අතර කරනවා.(මොඩල් එක අනුව ) සොලූනා එකනම් හොදට තියෙනවනම් 16 පැනලා කරනවා. අද්දැකීමෙන් කියන්නේ.
ඔය ජරාවල් එලවලා කොරොල්ලා 110 එකක් හරි bj5p එකක් හරි එලවලා බලපන්. උබලටම හිතෙයි විල්බැරැක්කයක් නේද පැද්දේ කියලා.ඔන්න "එකම මිලට" ගොඩයන්න විදිහක් මම කියලා දුන්නා
මගේ දැන් තියෙන්නේ මේකක්(වයින් රෙඩ් එකක් ) allion 240. 2002 අව්රුද්ද . තාම කිසිම ලෙඩක් නෑ. ගත්තේ 32කට. අද කැත නැතුව 36-38කට දෙන්න පුලුවන්.ලංකාවේ නැති උනාම මාස ගනන් දුවන්නේ නැතුව එකතැන තියෙනවා.ආවහම ගහපු ගමන් ස්ටාර්ට්. උපරිම වෙන්නේ ඩෑශ්බෝඩ් එකේ, ඉන්ටීරියල් වල පුස් එනවා, ඒකත් ඩෑශ්බෝර්ඩ් ක්ලීනර් එක දාලා පිස්ස ගමන් යනවා
ජපන් එකක් ගනිල්ලා