Microsoft සමාගමේ ප්‍රථම ලැප්ටොප් පරිගණකය හඳුන්වš

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,587
    16,437
    113
    Microsoft සමාගමේ ප්‍රථම ලැප්ටොප් පරිගණකය හඳුන්වš



    Microsoft සමාගමේ ප්‍රථම ලැප්ටොප් පරිගණකය මීට සුළු මොහොතකට පෙර හඳුන්වා දුන්නා. එය නමින් Surface Book. නමුත් මෙය තවත් එක් ලැප්ටොප් පරිගණකයක් නම් නෙමෙයි. මෙහි තිරය සම්පූර්ණයෙන්ම ගැලවිය හැකි අතර ටැබ්ලට් පරිගණකයක් ලෙසද භාවිතා කරන්නට පුළුවන්. 267 PPI අගයකින් යුතු අඟල් 13.5 ක තිරයකින් සහ backlit keyboard එකකින් මෙය සමන්විතයි. five points ස්පර්ශ සංවේදී glass trackpad එකකින්ද මෙය සමන්විතයි.

    අභ්‍යන්තරය ගැන සලකා බැලීමේදී මෙම පරිගණකය නවතම Skylake family, Intel Core i5 සහ i7 processors වලින් සහ GDDR5 මතකයක් සහිත Nvidia GeForce GPU එකකින්ද සමන්විතයි. එක් වරක් බැටරිය ආරෝපණය කල විට පැය 12 ක කාලයක් පරිගණකය භාවිතා කල හැක. Microsoft සමාගමට අනුව මෙතෙක් නිෂ්පාදනය කර ඇති අඟල් 13 තිරයකින් යුක්ත වේගවත්ම පරිගණකය මෙය වනවා. තවද මෙය Apple MacBook Pro ට වඩා දෙගුණයක් වේගවත්. ඔක්තෝම්බර් 26 විකිණීම ආරම්භ වන අතර මිල $1,499 සිට ඉහලට ලෙසයි වාර්තා වන්නේ.


    Techguru,lk
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,587
    16,437
    113
    microsoft-surface-book-3.0.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    තව ටික දවසකින් apple එක හෙනම ගහල අකුලෝලා යාවි :P

    බලං ඉදපන් ඒක නං එහෙම ලේසියෙන් වෙන එකක් නෙමෙයි

    ඒ මේ හෙතු නිසා
    Google, Amazon, Facebook තුනේම කම්බයින් revenue එක ඇපල්එකේ revenue එකට වඩා අඩුයි
    iPhone revenue එක විතරක් සම්පුර්ණ මයික්‍රොසොෆ්ට් revenue එකට වඩා ලොකුයි
    iPad revenue එක ෆේස්බුක් revenue එක වගේ 3ගුණයකට වඩා ලොකුයි

    ඇපල් එකෙ අතේ තියන සල්ලි වලින් ෆේස්බුක් එකයි, ට්විටර් එකයි ටෙස්ලා කම්පැනි එකයි ගත්තත් තව සල්ලි ඉතුරු වෙනවා

    තව මතක විදියට 2015 Q1 ඇපල් හොයපු ගාන Amazon එක පහුගිය අවුරුදු 20ට වත් හොයලා නෑ

    ඔහොම වෙන්නෙ iPhone 6S එකේ ප්‍රොඩක්ශන් කොස්ට් එක 250USD විතර වෙන හින්දා හිතපන් අනිත් ඒවයින් කොහොම හොයනවා ඇත්ද කියලා මතක විදියට iPad එයා එකේ කොස්ට් එක 180USD ද කියල කියනවා (මේවට ඉතං මාකටිං සහ R&D වියදම් එකතු වෙන්න වෙයි)

    ඒ වුනාට සර්ෆේස් එක පට්ට. කී බෝඩ් එක ගලවන්න පුලුවන් නිසා තවත් පට්ට
     
    Last edited:

    Similar threads