අවි බලය අවශ්‍යයි. ඒත් අපේ රටට ඔච්චර ලොකු බලයක් අවශ්‍ය නෑ. අපේ රටේ මෙච්චර ලොකු දේවල් පාවිච්චි කරන්න අවශ්‍යතාවයකුත් නෑ. මෝටාර් එකෙන් ගහන්න පුළුවන් තැන් වලටත් අපේ කොල්ලෝ තුවක්කුවෙන් ගැහුවේ. ඒ අතින් බලනකොට අවි බලයේ සීමාවක් තියෙනවා. එතනින් එහාට පුහු ආටෝපයක් විතරයි. වැදගත්ම දේ කිනිස්සක් අරගෙන හරි යුධ බිමට බැහැලා වෙඩි කාලා මැරෙන්න තරම් ශක්තිමත් හිතක් තියෙන්නේ අපේ කොල්ලන්ට විතරයි.