Millenium city raid version 2

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,553
    5,422
    113
    දැන් රටේ ආරක්ෂාවට ඉන්නේ රක්නා ලංකා සහ අවන්ට් ග්‍රේඩ් පුද්ගලික සමාගම්ද ?

    ගෝටා ලංකාවේ ත්‍රිවිධ හමුදාව පුද්ගලිකකරණය කරලද

    :rofl::rofl::rofl:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    fuck රනිල් දැන්ම වැඩ පටන් අරන් වගේ , මට නම් මේ රටේ ඉන්න එකත් එපා වෙලා තියෙන්නේ , රට බෙදුනොත් මම වෙන රටකට යනවා බන්

    :confused::confused::confused:

    Ehemath hithenawa .......
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63


    ආයේ කොටින්ට එන්න දෙයක් නෑ , කොටින්ට සහ පර දෙමළුන්ට ඕන වෙච්ච දෙය රනිලා නිත්‍යානුකුලව ලියල දෙන්න යන්නේ , අනේ හපොයි රට වෙනුවෙන් මැරිච්ච මිනිස්සු

    :(:(:(:(
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    මේ ආණ්ඩුවට එකතු වෙලා ඉන්නෙ මෙලෝ හසරක් දන්නෙ නැති ඉරිසියාව පමණක් ඔලුවල පුරවගෙන ඉන්න ලිං මැඩි මැට්ටො ටිකක්. උන් දැන් පාරෙ අසූචි ගොඩක් දැක්කත් ඉඹල බලනව​. තාම කිසි දෙයක් හරියට හොයා ගත්තෙ නෑ.
     
    • Like
    Reactions: chathu05

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මේ ආණ්ඩුවට එකතු වෙලා ඉන්නෙ මෙලෝ හසරක් දන්නෙ නැති ඉරිසියාව පමණක් ඔලුවල පුරවගෙන ඉන්න ලිං මැඩි මැට්ටො ටිකක්. උන් දැන් පාරෙ අසූචි ගොඩක් දැක්කත් ඉඹල බලනව​. තාම කිසි දෙයක් හරියට හොයා ගත්තෙ නෑ.
    බත්බැලයෙක් අහුවුනා
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    මේ ආණ්ඩුවට එකතු වෙලා ඉන්නෙ මෙලෝ හසරක් දන්නෙ නැති ඉරිසියාව පමණක් ඔලුවල පුරවගෙන ඉන්න ලිං මැඩි මැට්ටො ටිකක්. උන් දැන් පාරෙ අසූචි ගොඩක් දැක්කත් ඉඹල බලනව​. තාම කිසි දෙයක් හරියට හොයා ගත්තෙ නෑ.

    :yes::yes::yes::yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ආණ්ඩුවට එකතු වෙලා ඉන්නෙ මෙලෝ හසරක් දන්නෙ නැති ඉරිසියාව පමණක් ඔලුවල පුරවගෙන ඉන්න ලිං මැඩි මැට්ටො ටිකක්. උන් දැන් පාරෙ අසූචි ගොඩක් දැක්කත් ඉඹල බලනව​. තාම කිසි දෙයක් හරියට හොයා ගත්තෙ නෑ.

    විමලේගේ Cnews එකේ කොමෙන්ට් කොපි පේස්ට් කර කර ඇවිදින්න එපා බං :lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,553
    5,422
    113
    දෑන් Lankawe ආමි 2 ක් තියෙනවද, එකක් රජයෙ අනික රාජපක්ෂලාගෙ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :confused::confused::confused: SIRAWATAMA?? UBA KOHOMADA BAN DANNE?? ADO APITATH KIYAPANKO..MOKAKDA MACHAN GILMART 1??:confused::confused::confused: DANNE NATI NISA AHANNE PODDAK API WAGE DANNE NATI UNTA DANAGANNA KIYAPANKO..!!

    දන්නේ නැත්තම් කටවහන් හිටපන් බං බොරු විදින්නේ නැතුව....ඔතන එලි කරන්න අමුතු රහසක් තිබ්බේ නැහැ ශ්‍රීලංකා මුහුදු සීමාවට එන යාත්‍රා වල අවි කොහොමත් ගබඩා කරේ ගාල්ලෙන්......ගෝටා කරේ ඒක නාවික හමුදාවෙන් අයින් කරලා පුද්ගලික සමාගමකට (රක්නා නෙවෙයි ඒකනේ Defense එකට අයිති) දුන්න එක ඕක අහු උන එකයි උනේ

    එකම ආය කියන්න බෑ බං
     
    දැන් රටේ ආරක්ෂාවට ඉන්නේ රක්නා ලංකා සහ අවන්ට් ග්‍රේඩ් පුද්ගලික සමාගම්ද ?

    ගෝටා ලංකාවේ ත්‍රිවිධ හමුදාව පුද්ගලිකකරණය කරලද

    මේක හරියට ඇමරිකාව ඉරාකේ යුද්දෙට blackwater සමාගමේ කුලී හේවායෝ සල්ලිවලට ගත්ත වගේ වැඩක් නේද? මේ පෞද්ගලික සමාගම් වලට රාජ්‍ය වගකීමක් නෑ. රජයට වගකියන්න බැරි ක්‍රියාවක් කරන්න තියනවනම් සමහර රටවල් මේ වගේ අයට දෙනවා. මම දැනගෙන හිටියෙ නෑ ලංකාවත් එහෙමයි කියල. මෙච්චර හොඳ ආරක්ෂක අංශ තියෙද්දී මේගොල්ලෝ මොනවටද සල්ලි දීල ගන්නේ? තමන්ගෙ ආරක්ෂාවට ගෙදර පරණ තුවක්කුවක් වත් තියාගන්න බැරි රටේ පෞද්ගලික සමාගම් කොහොමද මෙච්චර ලොකු අවි ගබඩා තියන් ඉන්නේ?
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    උපුටා ගැනීමකී.

    :P:P:P:P



    දින දහයකට පසු........ ප්‍රගති සමාලෝචනය....



    • නිසාන් GTR එකක් ඇල්ලීම - අයිතිකරු ලිය කියවිලි සමඟ ඉදිරිපත් වීම.
    • සගවා තිබූ ගුවන් යානකක් ඇල්ලීම - එය මීටර් එන්ජින් කිසිවක් නොමැති දැනට අවුරුදු 20 කට පමණ කලින් නිර්මාණය කල එකක් බව හෙළිවීම.
    • දෙමටගොඩින් අරක්කු කන්ටේනර් ඇල්ලීම - එය නීත්‍යානුකූල භාවය ඉදිරිපත් වීම සහ සැකකරුවන්ට ඇප ලබා දීම.
    • ගාළු වරායේ පාවෙන අවි ගබඩාවක් වැටලීම - එය දැනට අවුරුදු කිහිපයක සිට එහි තිබූ බව හෙළිවීම ,එහි කටයුතු සුපුරුදු පරිදි නැවත අරම්භ වී තිබීම.
    • අරලිය ගහ මන්දිරයෙන් සල්ලි තොගයක් හමුවීම - දැන් කෝ ඒ සල්ලි?
    • විමල්ගේ දූශිත හෝටලය ගැන කීම - අද වන විට විමල් විසින් බුද්ධදාසට එන්තරවාසියක් යවා තිබීම.
    • ගෝඨාභයගේ මිලියන ගණනක් රාජ සන්තක කිරීම - එම ගිණුම "ආරක්ෂක ලේකම්" යන නමට පැවති බව හෙලිදරව් වීම.
    • බැසිල්ට, ගෝඨාභයට විරුද්ධව මර්වින් පොලිසි යෑම. - මෙතෙක් ප්‍රගතියක් නොමැති වීම, කුඩු වලට සම්භන්ධයැයි සඳහන් කල මර්වින් ආතල් එකේ සිටීම.
    • වෙලේ සුදාගේ කට උත්තරෙන් දුමින්ද සිල්වා ගැන හෙළි දරව් වුනේ යැයි කීම, භාරතගේ මරණයටත් වග කිව යුත්තේ දුමින්දයැයි හිරුණිකා දිගින් දිගටම පැවසීම මෙන්ම ඔහුට මැතිවරණයට කලින් ඉඳන්ම කුඩු පිළිබඳ චෝදනා කිරීම - දුමින්ද ආතල් එකේ එළියට වෙලා සිටීම.
    • කුඩු හා එතනෝල් ව්‍යාපාරයට සම්භන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බව කීම - අද වෙනකන්ම කතාවක් නෑ...
    • ජනවාරි 9 වෙනි දින පාන්දර ලේ ගලන කුමන්ත්‍රණයක් සිදු වූ බව කීම - හමුදාපති, පොලිස්පති මෙන්ම මැතිවරණ කොමසාරිස්තුමාද එය ප්‍රතික්ෂේප කිරීම.

    පූර්ව මැතිවරණ කථා සහ ප්‍රගතිය

    • කේපී, කරුණා කොටි බවට පැවසීම. ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන බව කීම - ජවිපෙ පමණක් ඒ ගැන කට ඇර නිහඬ වීම.
    • රටින් පනින්නට නොදී නීතිය ක්‍රියාත්මක කරන බව කීම - වංචාකරුවන් යැයි කියූ කිහිප දෙනෙක්ම රටින් පිටත් වී තිබීම.
    • පෝට් සිටි ව්‍යපෘතිය නවත්වන බව කීම - මේ වන විටත් එහි කටයුතු සිදු වෙමින් පැවතීම.


    සංවර්ධන කටයුතු
    • උතුරු අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් නවතා දැමීම.
    • දකුණු අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත දක්වා දික්වෙන කොටසේ වැඩ නවතා දැමීම.
    • ප්‍රදර්ශනය හා සමගාමීව අදාල ප්‍රදේශ යටිතල පහසුකම් ගොඩ නැඟීම කරගෙන ගිය දැයට කිරුළ ප්‍රදර්ශනය නවතා දැමීම.
    • මහින්දෝදය විද්‍යාගාර වල නාම පුවරු ගැලවීම.

    පශ්චාත් මැතිවරණ ක්‍රියා
    • මැතිවරණෙට කලින් ප්‍රචන්ඩ ක්‍රියා කල පැවති රජයේ සියළු මැති ඇමතිවරුන් නීතිය ඉදිරියට ගෙන ඒම.
    • දෙනෝ දාහක් බලන් සිටියදී මිනිහෙකුට පහරදී අසැබි වචනයෙන් බැනීම සම්භන්ධව වීඩියෝ සාක්ෂි තියාගෙන පලිත තෙවරප්පෙරුමට නිදහසේ ඉන්න සැලැස්වීම.
    • ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට රට වටේ තිබූ ප්‍රචන්ඩත්වයට වග කිව යුතු අය කොහෙද කියාවත් නොසෙවීම.


    දින සියය වැඩ සටහන

    1. කැබිනට් මණ්ඩලය පත් කිරීම.- අද අමාත්‍යාංශයන් ගැසට් කර තිබේ... ආයතන 17ක් කළමණාකරණය කල පාඨලී මැතිතුමා ඉතා වැදගත් සේවයක් ඉටුකල රටකට අවශ්‍යම වන විද්‍යා, තාක්ෂණ හා පර්යේශණ අමාත්‍යාංශයක් නොමැති වීම.
    2. ජාතික උපදේශක සභාව අඩමාන තත්ත්වයේ තිබීම.
    3. ඇමති මණ්ඩලය 25 කට සීමා කරන බව පැවසීම ..මේ වෙන විට කැබිනට් ඇමතිලා 27 , නියෝජ්‍ය ඇමතිලා 9 , රාජ්‍ය ඇමතිලා 11. ඔක්කොම ඇමතිලා 47 ක්. මේ අතර ඇමතිලා පත් නොකළ අමාත්‍යාංශත් තව බර ගාණක් තිබීම.
    4. පාර්ලිමේන්තුව නිසි දිනයට රැස් නොකිරීම, ඒ අනුව අධීක්ෂණ කාරක සභා මෙන්ම ස්වාධීන කොමිෂන් සභා කී ලෙසට කිරීමට නොහැකි වීම. - මේ පිළිබඳ ප්‍රායෝගික අපහසුතා ඇති නිසා ප්‍රමාද වීම බලාපොරොත්තු විය යුතු මෙන්ම සාධාරණ බවද සිතිය යුතුය.

    තවත් ගොඩාක් කරුණු තිබුනත් වැදගත් යැයි හැඟෙන කරුණු ලියා තැබුවෙමි. මෙහි තිබෙන සියළු කරුණු මගේ නොව පසු ගිය දිනවල මාධ්‍ය වල දෝන්කාර දුන් සිදුවීම් වේ. මෙය දැමීමට හේතු වන්නේ හුදෙක්ම අපද මෙම යහපාලනය බලාපොරොත්තු වන නිසාමය. ඉහත කී කරුණු කිවූ ලෙසට ඉටු නොවන බවත් එය සුරංගනා කථා පමණක් වන බවත් අපි මැතිවරණයට කලින්ම කීවෙමු. නමුත් සමහර මිතුරු මිතුරියන් එය එසේ නොවන බවට මත පල කලෙමු.