MindS Photography

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    thebond.jpg

    මෙයාලා දෙන්න පිටි පස්සෙ කතා කීපයක්ම තියෙනවා.

    මෙයාලා දෙන්න මෙහෙම චන්ඩි වගේ තමන්ගෙ රෑ කෑම අරගත්තට, මෙයාලා කරන හැම දෙයක් දිහාම බලාගෙන ඉන්න දෙන්නෙක් ඉන්නවා. ඒ තමා අපේ ගෙදර පූසෝ දෙන්නා. ඉදලා හිටලා දවසක අපේ දෙන්නා මේ දෙන්නගෙන් එක්කෙනෙකුගේ හරි "රහ" බලන්න පුංචි පුංචි උත්සහයන් දරනවා. ඒත් තාම එක දවසක් වත් සාර්ථක වුනේ නැහැ. මොන කරදර ආවත් මුන් දෙන්නා හැමදාමත් හවසට ඔතනට එනවා. තනියෙන් නෙවෙයි. හැමදාමත් එකට...

    මේ දෙන්නා තාමත් කෙල්ලයි කොල්ලයි වගේ හිටියට එක සැරයක් අම්මා, තාත්තත් වුනා. ඒත් ඇත්තටම සතියකටත් අඩු කාලයකට. පැටවු බිත්තරවලින් එලියට ඇවිත් සතියකට විතර පස්සේ පැටවු තුන් දෙනාම අපේ දෙන්නගෙන් එක්කෙනෙකුගේ බඩට ගියා. උන් පස් දෙනාගේ අවසනාවට මේ දෙන්නා කැදැල්ල හදලා තිබුනේ අපේ උළුවස්සේ බීරළු අස්සේ...

    මේ දෙන්නා ඔය බැහැලා ඉන්න තට්ටුව හැදුවේ අපේ අම්මා. අම්මා හැමදාමත් උදේට හවසට ඔතනට බත් පළතුරු දැම්මා. ඔතනින් සෑහෙන දෙනෙක් තමන්ගේ වේල පිරිමහ ගන්නවා. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් අම්මා ඕනේ තරම් කන්න බොන්න දීලා ඇති. ඒත් අම්මගේ ජීවිතේ අන්තිම මාසේ පුරාවටම එක බත් ඇටයක් වත් බඩට දා ගන්න බැරි වුනා. ඒ මොනවා වුනත් අපි තාමත් මෙතනට බත් දානවා...

    මේ කතා ඔක්කොම මට මතක් කරලා දීලා, මේ ෆොටෝ එක ගත්තට පස්සේ මේ දෙන්නා ඉගිලිලා ගියා....
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    | I L L U S I O N |

    illusionhl.jpg

    මේක රත්‍රන් කඳක පින්තූරයක් නෙවෙයි... දිය සෙවළ බැඳිච්චි බිත්තියක්...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    thebond.jpg

    මෙයාලා දෙන්න පිටි පස්සෙ කතා කීපයක්ම තියෙනවා.

    මෙයාලා දෙන්න මෙහෙම චන්ඩි වගේ තමන්ගෙ රෑ කෑම අරගත්තට, මෙයාලා කරන හැම දෙයක් දිහාම බලාගෙන ඉන්න දෙන්නෙක් ඉන්නවා. ඒ තමා අපේ ගෙදර පූසෝ දෙන්නා. ඉදලා හිටලා දවසක අපේ දෙන්නා මේ දෙන්නගෙන් එක්කෙනෙකුගේ හරි "රහ" බලන්න පුංචි පුංචි උත්සහයන් දරනවා. ඒත් තාම එක දවසක් වත් සාර්ථක වුනේ නැහැ. මොන කරදර ආවත් මුන් දෙන්නා හැමදාමත් හවසට ඔතනට එනවා. තනියෙන් නෙවෙයි. හැමදාමත් එකට...

    මේ දෙන්නා තාමත් කෙල්ලයි කොල්ලයි වගේ හිටියට එක සැරයක් අම්මා, තාත්තත් වුනා. ඒත් ඇත්තටම සතියකටත් අඩු කාලයකට. පැටවු බිත්තරවලින් එලියට ඇවිත් සතියකට විතර පස්සේ පැටවු තුන් දෙනාම අපේ දෙන්නගෙන් එක්කෙනෙකුගේ බඩට ගියා. උන් පස් දෙනාගේ අවසනාවට මේ දෙන්නා කැදැල්ල හදලා තිබුනේ අපේ උළුවස්සේ බීරළු අස්සේ...

    මේ දෙන්නා ඔය බැහැලා ඉන්න තට්ටුව හැදුවේ අපේ අම්මා. අම්මා හැමදාමත් උදේට හවසට ඔතනට බත් පළතුරු දැම්මා. ඔතනින් සෑහෙන දෙනෙක් තමන්ගේ වේල පිරිමහ ගන්නවා. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් අම්මා ඕනේ තරම් කන්න බොන්න දීලා ඇති. ඒත් අම්මගේ ජීවිතේ අන්තිම මාසේ පුරාවටම එක බත් ඇටයක් වත් බඩට දා ගන්න බැරි වුනා. ඒ මොනවා වුනත් අපි තාමත් මෙතනට බත් දානවා...

    මේ කතා ඔක්කොම මට මතක් කරලා දීලා, මේ ෆොටෝ එක ගත්තට පස්සේ මේ දෙන්නා ඉගිලිලා ගියා....
    :( photo eka lassana unata eke piti passe thiyana kathawa harima duk barai.ohama thama jeewithe..thaman karapu dewal eka parata labenne na yaluwa..oyage ammatath karapu pin daham ilangata upadina athmeka hamba wei:)
     
    • Like
    Reactions: Mindada hee sara..

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    brghtness.jpg

    මේ "අයියට" වයස අවුරුදු හතරයි. මෙයාව දන්න අපේ ලේන් එකේ හැමෝම මෙයාට කියන්නේ "බාසුන්නහේ.." කියලා. (ඇත්තටම මමත් මෙයාගේ හරි නමක් දන්නෙ නැහැ..)

    මෙයා ඇත්තටම ගරාජ් බාසුන්නහේ කෙනෙක් තමා... මෙයාගේ තාත්තා රස්සාවට කරන්නෙ එයාලගේ වෑන් එකෙන් හයර් දුවන එක. ඉතින් මෙයා බඩේ ඉන්න කාලේ ඉදලම මෙයාට ඇහිලා දැනිලා තියෙන්නෙ වාහනම තමා... ඒ හින්දද කොහෙද මේ "අයියට" තමන්ගේ වයසේ හැටියට වාහන ගැන සෑහෙන ලොකු දැනුමක් තියෙනවා. සමහර වෙලාවට මෙයා කියන දේවල් මම අහලවත් නැහැ. ඒ වගේ වෙලාවලට මෙයා ලස්සනට කියනවා..

    "අයියෝ.. ඔයා ඒකවත් දන්නෙ නැද්ද..."

    මේ දැනුම මතට නිසි මග පෙන්වීමකුත් ලැබුනොත් ලෝකෙටම වැඩක් කරන්න පුලුවන් කාර්මික ශිල්පියෙකු බිහි වෙයි කියලා මට හිතෙනවා. නමුත් ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක මේ පුංචි එකාට එතනට යන්න පුලුවන් වෙයිද කියලා මට සමහර වෙලාවට සැක හිතෙනවා. මෙයා දවසක ඇත්තටම "ගරාජ් බාසුන්නහේ" කෙනෙක් විතරක් වෙයිද කියන සැකය මේ පොඩි එකාගේ ඔය දිලිසෙන හිනාව දකින හැම මොහොතකම මගේ හිතට එනවා...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    :( photo eka lassana unata eke piti passe thiyana kathawa harima duk barai.ohama thama jeewithe..thaman karapu dewal eka parata labenne na yaluwa..oyage ammatath karapu pin daham ilangata upadina athmeka hamba wei:)

    ඔව් සහෝ... අපිට හොඳටම විශ්වාසයි අම්මා කොහේ හරි හොඳ තැනක ඉඳන් අපි දිහා බලාගෙන ඉන්නවා...
     
    • Like
    Reactions: TROJAN-MAN