Bandinakam umba kanne nethiwada inna yanne??අනේ.. ඇඩේනවා....
මම උබේ රෙසිපි ඔක්කොම එකතු කරනවා මචං... බැන්දට පස්සේ වයිෆ් ට කියලා මේ ටික හදාගන්නවා...![]()

Bandinakam umba kanne nethiwada inna yanne??අනේ.. ඇඩේනවා....
මම උබේ රෙසිපි ඔක්කොම එකතු කරනවා මචං... බැන්දට පස්සේ වයිෆ් ට කියලා මේ ටික හදාගන්නවා...![]()


Mix Chopsuey Rice හදන්න කියලා ඉල්ලීමක් තිබුණා. ඔන්න ඒක අද ඉටු කරන්නයි යන්නේ!!
Vegetable Chopsuey එක හදා ගන්නෙත් මේ විදියටමයි!!
![]()
Chopsuey එක හදලා උයා ගත්ත බත් වලට උඩින් දාලා Chilli Paste (http://www.elakiri.com/forum/showthread.php?t=1156579 ) එක්ක කන්න පුලුවන්.
![]()
ඉගුරු හා සුදු ලූනු කුඩාවට කපා ගන්න.
කැරට්, ගෝවා, පක්චෝයි හා හතු වර්ග කීපයක් ග්‍රෑම් 75ක් පමණ බැගින් ගෙන කැබලි වලට කපා ගන්න. Baby Corn, Bamboo Shoot, Chinese Cabbage , Oyster Mushroom වැනි දේවල්ද භාවිතා කරන්න පුලුවන්.
![]()
තෝර හෝ මොදා, ඇටිස්සා වැනි ගල් මාලු වර්ගයක්
දැල්ලන් හා ඉස්සන්
කුකුල් මස්, ඌරු මස් වැනි මස් වර්ගයක්
ග්‍රෑම් 100 බැගින්
![]()
මස් හා මාලු (off -cuts) සුන් බුන් සහ ඉස්සො පොතු ලුණු ටිකක් දමා තම්බා ගන්න.
![]()
තැම්බූ වතුර ටික (Stock) පෙරා වෙන් කර ගන්න. මේ වතුරෙන් බත් උයා ගන්න.
![]()
හතු පක්චෝයි කොළ පාට කොටස හැර එළවලුද මේ ආකාරයට කපා නටන වතුරේ දමා බාගෙට තම්බා ගන්න.
![]()
කටු ඉවත් කල මස් ,මාලු හා දැල්ලන් මේ ආකාරයට කපා ගන්න.
ඉස්සෝ පොතු ඉවත්කර ගන්න.
![]()
තෙල් මේස හැදි 2ක් දමා ඉගුරු සුදු ලූනු බැදගන්න.
![]()
චිකන් හා මස් වර්ග එක්කර ලුණු හා ගම්මිරිස් කුඩු හැදි 1/2 බැගින් දමා හොදින් බැද ගන්න.
![]()
මාලු, දැල්ලන් හා ඉස්සන් එක් කරන්න.
තරමක් බැදුන පසු......
ඔයිස්ටර් සෝස් මේස හැදි 2-3ක්
සීනි තේ හැදි 1/2ක්
අජිනමොටෝ තේහැදි 1/2ක් (කැමති අය)
එක්කරන්න.
![]()
ඉන් පසු තම්බා පෙරාගත් එළවලු ,පක්චෝයි කොළ පාට කොටස හා හතු එක්කර විනාඩි 2-3ක් පිස ගන්න.
ඇල් වතුර කෝප්ප 1/2ක දිය කරගත් කෝන් ෆ්ලවර් තේහැදි 2ක් ටික ටික දමමින් අවශ්‍ය තරමට සෝස් එක හදා ගන්න.
![]()
කලින් පිසගත් බතට උඩින් දමා චිලී පේස්ට් සමග උණුවෙන්ම ආහාරයට ගන්න.




