You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
- Status
-
Not open for further replies.
කාලෙන් කාලෙට එක එක ගේ ගොරිල්ලො එනවා 
මේක අපේ ජයනාත කොලුව (ඉබ්බා)
ඒ දවස් වල ලංකාවේ ඉන්නකොට වෙච්ච සිදුවීමක්..
හැමෝගෙම දැනගැනීම පිනිස දැම්මේ..
හුදු විනෝදය සඳහා පමණයි..
ඔන්න ඒ දවස් වල A/L එහෙම ලියල ඉවර වෙලා ජයනාත ගෙදර ඉන්න කාලේ දවසක් උදේ පාන්දරම ඇහැරලා සෙට් එක කහ කහ මිදුලට බැස්සලු ඉස්කෝලේ යන නංගි කෙනෙක් දිහා බලල දවස පටන් ගන්න කියලා හිතාගෙන....
මූ අත පය හතර ඇදලා ඈනුමක් අරිද්දි ලාවට දැක්කලු මිදුලේ තිබ්බ අඹ ගහේ අමුතු අඹ වල්ලක් තියෙනවා....
අඹ අවාරේ නිසා මූත් ටිකක් සූම් අවුට් කරලා, ෆෝකස් කරලා බැලුවලු....
සමන් දෙවි හාමුදුරුවනේ....අඹ ගහ මුදුනේ කිංග් කොංග්ට ටිකක් පොඩි ගෝරිල්ලෙක් ඉන්නවාලු....ගොරිල්ලා සරමක් ඇඳන් හිටියට ජොකා දාලා නැති නිසා තමා අරූට අවාරේ අඹ පෙනිලා තියෙන්නේ...
ගෝරිල්ලව දැකපු ගමන් මූ මල් පෝච්චියකුත් පෙරලගෙන ගෙට පැනලා දොර වහගත්තලු....ඊට පස්සේ මූ කල්පනා කරනවලු කෝමද ඌ ගේ ඇතුලට ආවේ කියලා....කෝම හරි මුගේ සිස්ටම් එක රිබූට් උනාට පස්සේ මූ 119 කෝල් කරාලු....
හුරතල් ගෑනු කට හඬක්,"සුභ උදෑසනක්....මේ පොලිස් හදිසි ඇමතුම් අංශයයි" කියලා නලෝලා කිව්වලු....
"බුදු අක්කේ අපේ මිදුලේ අඹ ගහ මුදුනේ පත ගෝරිල්ලෙක් ඉන්නවා,ඉක්කනට එන්නකෝ" කියලා මූ දැන් අඬන්න ගත්තලු...
"මේ ඕයි අපි ගෝරිල්ලෝ *කන්නේ නෑ" කියලා අක්කා කෘර විදිහට ෆෝන් එක තිබ්බලු....
අපේ අහිංසක ජයත් අක්කගේ අම්මට මොකුත්ම නොකියා කඳුලු පිහදාගෙන ටෙලිෆෝන් ඩිරෙක්ටෙරිය පෙරලගෙන ගෝරිල්ලෝ පන්නන සර්විස් එකක් හොයන්න ගත්තලු....මෙන්න බොලේ ලොකුවට තියෙනවලු,
" මිදුලේ අඹ ගස් වල නැග සිටින ගෝරිල්ලන් බිමට බස්සවා,දෙකක් ඇන කැලයට ගිහින් දමනු ලැබේ !!! " කියලා...
දැන් අපේ බුවාට ෆුල් ආතල්ලු....ටාර් ගාලා ඒකේ තිබ්බ නම්බර් එකට මූ කෝල් කරලා සීන් එක කිව්වලු....
විනාඩි පහක් ගියේ නැතිලු, සුදු වෑන් එකක් ඇවිත් ගේ ඉස්සරහා නතර කරාලු...ඔන්න ඉතින් ඕකෙන් මහා නසරාණි පෙනුමක් තියෙන ඩයල් එකක් බැහැලා මිදුලට ආවලු....අපේ ජයත් ටී ෂර්ට් එකක් එහෙම දාගෙන මිදුලට බැස්සලු....
"ආහ් මල්ලි කෝ ගෝරිල්ලා???"
"අර ඉන්නේ අයියේ ගහ උඩ"
ඔන්න ඉතින් අර ආපු එකා ගහ යටට ගිහින් බලල කියනවලු, "ආහ් මූ පිරිමි සතෙක්නේ.... " කියලා...
ඔන්න ඉතින් එහෙම කියලා ඌ වෑන් එකට ගිහින් පොඩි කෝටු කෑල්ලකුයි, මාංචු කුට්ටමකුයි, ෂොට් ගන් එහෙකුයි, සැපට හැදිච්ච ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙකුයි අරන් ආවලු....ඇවිත් මාංචු කුට්ටමකුයි, ෂොට් ගන් එකයි, බල්ලයි මුගේ අතට දීලා ඌ කෝටු කෑල්ලත් අරන් ගහට නගින්න ගත්තලු....දැන් ඉතින් අපේ ජයා ෆුල් හොල්මන්ලු....ඔන්න ඉතින් අරූ ගහේ බාගයක් නැගලා කොඳුරලා කියනවාලු,
"මල්ලි මම ගෝරිල්ලා ලඟට ගිහින් මේ කෝට්ටෙන් ඌට අනිනවා....ඌ බැලන්ස් නැතුව ගහෙන් වැටුණු ගමන් ඔය බල්ලව ට්රේන් කරලා තියෙන්නේ උගේ වල්ල කන්න.
... එතකොට ඌ අත් දෙකෙන් ඒක කවර් කරගන්න හදනවානේ....අන්න එතකොටම උඹ පැනලා ඕකගේ අත් දෙකට මාංචු කුට්ටම දාපන්...." කියලා....
එහෙම කියලා මූ ආයෙම ගහේ බඩ ගාන්න ගත්තලු.... දැන් අපේ ජයාටත් ෆුල් සැටිස්ලු....ඒත් මොකටද ෂොට් ගන් එකක්....
"අයියේ මොකටද මේ ෂොට් ගන් එක??? "
"ආහ් මල්ලියේ බැරි වෙලාවත් මම වැටුනොත් එහෙම ඔය බල්ලට වෙඩි තියපන්...."
ත්රෙඩ් එක වැඩනේ...
- Status
-
Not open for further replies.