MOAB බෝම්බය_ගැන

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    සටනකදී මෙතෙක් භාවිත කරන ලද න්‍යෂ්ටික නොවන වඩාත් විනාශකාරී බෝම්බය ඇෆ්ඝනිස්තානයේදී හෙළන ලද බව ඇමෙරිකානු හමුදාව පවසයි.

    ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ උමං සංකීර්ණයකට හෙළන ලද GBU-43/B Massive Ordinance Air Blast Bomb (MOAB) නම් වූ එම බෝම්බය හැඳින්වෙන්නේ 'සියලු බෝම්බවල මව' ලෙසය. 2003 වසරේදී පළමුවරට පරීක්ෂා කරන ලද එම බෝම්බය මේ දක්වා භාවිත නොකෙරිණි.

    පෙන්ටගනය පැවසුවේ ඇමෙරිකානු ගුවන් යානයකින් ඇෆ්ඝනිස්තානයේ නන්ගර්හාර් පළාතේදී බෝම්බය හෙලනු ලැබූ බවය.මේ පිලිබඳ තොරතුරු හෙලිවුයේ සිරියාවේ ගුවන් ප්‍රහාරයකදී වැරදීමකින් මිත්‍ර පාක්ෂික කැරලිකරුවන් 18 දෙනෙකු මිය ගිය බව පෙන්ටගනය පිළිගෙන පැය කිහිපයක් ඉකුත් වෙද්දීය. හවුල් හමුදා විසින් අයිඑස් ඉලක්කයක් ලෙස වරදවා හඳුනාගන්නා ලද ස්ථානයකට අප්‍රේල් 11 වෙනිදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයේදී වොෂිංටනයේ සහය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවේ සාමාජිකයින් පිරිසක් මිය ගියහ.

    'මව් බෝම්බයේ' වගතුග

    ඇෆ්ඝනිස්තානයේ වේලාවෙන් බ්‍රහස්පතින්දා පස්වරුවේදී හෙළන ලද බෝම්බය රාත්තල් 21,600 ක් (කි.ග්‍රැ. 9,800) වූ අතර දිගින් මීටර 9 ට (අඩි 30 ) වැඩිය.


    "ප්‍රදේශයේ එහා මෙහා පහසුවෙන් සැරීමට අයිඑස් සටන්කරුවන් යොදාගත් උමං හා ගුහා සංකීර්ණයක් අපේ ඉලක්කය වුනා. එම සංකීර්ණය නිසා ප්‍රදේශයේ ඇමෙරිකානු ආරක්ෂක උපදේශකයින් වගේම ඇෆ්ඝනිස්තාන හමුදාවද පහසුවෙන් ඉලක්ක කරගැනීමට ඔවුන්ට හැකි වුනා." යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් ෂෝන් ස්පයිසර් පැවසීය.


    ප්‍රහාරයේ ප්‍රථිඵලය කෙබඳුදැයි ඇමෙරිකාව තහවුරු කර නැතත් ප්‍රාදේශීය බලධාරීන් බීබීසී වෙත පැවසුවේ ජ්‍යෙෂ්ඨ අයිඑස් නායකයකුගේ සොයුරෙකුද ඇතුළුව සටන්කරුවන් රැසක් මියයන්නට ඇති බවය.

    GPS මග පෙන්වීමකින් යුතු විශාල අවියක්වන GBU-43/B බෝම්බය හෙලනු ලැබුවේ හර්කියුලිස් වර්ගයේ ප්‍රවාහන ගුවන් යානා අතරින් ඇමෙරිකානු විශේෂ බලකාය භාවිත කරනු ලබන මාදිලියේ යානයකිනි.


    _95638471__95637227_c52d52c8-36e9-4f56-b206-9776c3c5ec6b.jpg


    2003දී MOAB බෝම්බය ෆ්ලොරිඩා හිදී පුපුරුවා හැරුණු අවස්ථාවක්



    _95638468__95637229_6f8e2b2a-86f8-4d6a-8a0e-0a372f95c766.jpg


    පරීක්ෂණයට සුදානම් කෙරුණු MOAB බෝම්බය ෆ්ලොරිඩා හි එග්ලින් ගුවන් හමුදා කඳවුරේදී



    _95638466__95637231_mediaitem95637230.jpg


    bbc-blocks-dark.png
     
    Last edited:
    • Like
    Reactions: buddikagayan