mobile එකට වහල් වෙලා තියෙන තරම්!

Why stick to the phone unnecessarily?


  • Total voters
    8
Jun 10, 2010
6
1
0
34
Warakapola
mobile එකට වහල් වෙලා තියෙන තරම්!

සත්‍ය සිදුවීමක් ඇසුරෙනි. මෙහි එන සියලු නම් ගම් මනඃකල්පිතයි

මේ UK (උතුවන්කන්ද) ප්‍රදේශයේ ලැව් ගින්නකටත් වඩා වේගයෙන් පැතිරෙන කතාවක් පිළිබදවයි.

ඒ ඉසුක නැමති බාල වයස්කාර පාසල් ශිෂ්‍යයෙක් අර්ධ සුපෝඛභෝගී ජංගම දුරකථනයක් මිලදී ගැනීම සම්බන්ධයෙනි.
තිස් දහසකුත් ගානක් වන Sony Ericsson මාදිලියේ Xperia Ray mobile එකක් වන මෙය මිලදී ගැනීමට මොහු විදපු දුක්, කාපු කටු නම් ඉතා සෝචනීයයි.

නිල නොලත් විශ්වාසදායී ආරංචි මාර්ග පවසන අන්දමට අපේ කතා නායක මාස හයක් පමණ කාලයකට බඩට අල්ලන්න කාපු දෙයකුද නැත, බීපු දෙයක්ද නැත.
ගමනකට බිමනකට යන්න ගත්තු වස්ත්‍රයකුද නැත. කොටින්ම ඔහු අතට එන එකදු කාසියක්වත් නෝට්ටුවක්වත් විය පැහැදම් වන සලකුණක්වත් නැති තරම් ය. ඔහු එසේ ජීවත් ක‍ළේ කූට ජීවිතයකි.

ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන බිනර ප්‍රකාශ කරන පරිදි ඔහු වෙලාවට කලාවට මවගෙන් ගාන කඩාගන්න හපනෙකි.
Bus ගාස්තු ඉල්ලගෙන කාටත් හොරා ගත්තු සමෘද්ධි card (පාසැල් ශිෂ්‍යය season) එකෙන් උදේ හවා දෙකේම කිසිදු වෙහෙසක් නොබලා එල්ලීගෙන පොඩිවීගෙන යයි.
කෑම සල්ලි පොත් පිටු අස්සේ සිර කොට පාසැල් දවසම හිස්බඩව ගතකරන්නේ ඹහු හුදී මුස්ලිම් සහෝදරයන් නෝම්බි අල්ලන අයුරු මනාව දැන සිටි බැවිනි.මීට පාසලේ වතුර කරාමයත් ඔහුට බෙහෙවින් උපකාර විය.

මාසෙ අග A/L Tution classවල බරපැන ඉල්ලගන්න ඔහු එම මුදලෙන් 1/3ක් වත් වියදම් නොකරයි. ඒත් එක දවසකටවත් පන්ති cut කරගන්න තරම් ඔහු අනුවන නොවිය.
ඒ ඔහු මාසෙ මුල ගුරු පඩුරු නිසි ආකාරයට පියවා පන්ති card එක ගන්නා මිතුරන්ගේ ආධාරයෙන් එහි Digital printout එකක් මාස් පතා ලබාගත් හෙයිනි.

ඔහුට ජංගම දුරකථනය සදහා මාසිකව යන්නේ රුපියල් 50ක් වැනි සුලු මුදලකි. ඒ ඔහු කිසිවෙකුටවත් වැරදිලාවත් call එකක් ගන්නා පුද්ගලයෙක් නොවන නිසායි. අවශ්‍යතාවය තදබල වූවහොත් පමණක් ඔහු msg එකක් text කරයි.ඒකත් සත 12හෙ එකකි.
මෙසේ ඔහු සැබෑවටම එක් මසකට Hand phone එක වෙනුවෙන් 50ක් වියදම් කරත් ඔහු සතිපතා 50හ ගානෙ තම චූටි නැන්දාගෙන් ගලවන්න පුරුදු වී සිටයහ.

මාසේ අග එන Internet bill එක මාටියා ගහපු මුදලෙන් පියවන නමුත් එයද මවගෙන් ගලවන්න ඔහු අමතක නොකරයි.
CTB නැතිදාට ඔහු private bus එකේ හොරෙන් යනන පුරුදු වී සිටියහ. එය ඔහුට මහ ලොකු කජ්ජක් නොවුනේ ඹහු කොට modelඑකක් වූ බැවිනි.

මෙසේ දුක් පීඩා මැද දිගු ගමනක් ආ ඔහු රුපියල් 15,000ක පොල්ලක් සුදු නැන්දාට තියමින් තම ඉලක්කය සපුරාගත්ත්ය. අවුරුදු සමයේ දණ්ඩ නමස්කාරය හරහා වමට ගැසූ මුදලද ඹහුට මහගු ලෙස මහෝපකාරී විය.

ඒත් දන් තියෙන ප්‍රශ්නය හාත්පසින්ම වෙනස් එකකි. ඒ ඹහු mobile එකට වහල් වෙලා තියෙන තරම්ය .

මැණිකක් රකින නාගයෙක් මෙන් එය කෙල ගා ඔප දමයි. කඩදහි කොලයකින් පිරිමැද කිසිදු shine එකක් ගන්න තැත් කරයි. අව්ව වෙලාවට එය එලියට නොගන්නේ screen එක කලුවෙනවා යැයි උමතු වදන් තෙපලමිනි.

මෙය අහම්බෙන් දකින මිතුරන් විස්මයෙන් විස්මයට පත් වෙයි. ඒ ඔහුගේ මන්ද මානසික වැඩ බලාය. Mobile එක ගන්නට පෙර හා පසු කාලයන් දෙකෙහිම ඔහුව හොදාකාරවම දන්නවුන්ට ඔහුගේ මෙම මානසකත්වයේ පිරිහීම මනාව දර්ශනය විය. නොබෝ දිනකින් සිය පවුල් සාමාජිකයින්ද, අවට ගම්වාසීන්ටද මෙය පිළිඹිබුවිය.
ඒ එක්කම ඔහුගේ පාසැල් ගමන එතනින් නැවැත්වුනේ මෙහි රහසිගත භාවය රකින්නය.

ඔහුගේ එකම සොහොයුරිය අප වෙත හැඩූ කදුලින් පවසා සිටියේ ඔහු රෑට නිදන්නේ phone එක ඇද උඩ තබා බිම වැතිරී යන්නය. බලාගෙන ඉන්න බැරි තැනට වැඩ කටයුතු සිද්ධ වෙමින් පැවැතින.
කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රෑම් රූබන් මහතා වෙත ඉසුකව යොමු කරන ලදි. මෝහන නිද්‍රාවකට පත්කිරීමෙන් අනතුරුව ඹහු තුල වූ ව්‍යාකූලතා සියල්ලට පිලිකම් යොදන්නට වූයේ නොපමාවයි. මාස 3ක් නොකඩවා ප්‍රතිකාර ලත් ඔහු දැන් සුව අතට පත්ව ඇත. පාසැල් ගමනද නිසි ආකාරව සිදු කරයි.

මා ඔහුගේ මිතුරෙකුගේ සීමාවේ ඉද මෙම සිදුවීම සමාජගත කරන එක වැරදි බව මා දනිමි. එනමුත් මේ ලිපිය කියවන ඔබට ඹබගේ මිතුරා මෙම අවදානමෙන් ගලවාගත හැකි ඉඩකඩ නිර්මාණය කිරීම පිණිස මම මිත්‍ර ද්‍රෝහියකුගේ වපසරයේ හිද හෝ ඹබව ආමන්ත්‍රණය කිරීමට ඉටා ගත්තෙමු! ඒ අප හැමටම යහලුවන් වටින හෙයිනි.
ඹහුගේ අප්‍රතිහත ධෛර්ය ප්‍රශන්සනීය වන නමුත් එය ඵලදායී දෙයකට කැප කලේ නම් ඉතා අගනී.

අටුව කඩා පුටුව හැදූ වඩුවෙකු නොවන්නට ඹබ.....ඹබව අමතක කරනු එපා කිසි දිනක, කිසි සේත්ම!.

xperia-ray.jpg