දිවුලපිටිය ප්‍රදේශයේදී ඊයේ පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් සැකකරුවෙක් ජිවිතක්ෂයට පත් විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, සියලු සාක්ෂි අධිකරණය හමුවේ ගොනු කිරීමෙන් අනතුරුව ඉදිරි පරීක්ෂණ මෙහෙයවන බව ය.
මීගමුව සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ පරීක්ෂණ පැවැත් වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගියේ දිවුලපිටිය බරවාවිල ප්‍රදේශයේ පදිංචිව එස්. එම්. කැලුම් සුබසිංහ නමැති 19 හැවිරිදි තරුණයෙකි.
ඔහු සිය වැඩිමහල් සහෝදරයා සමග ඊයේ පස්වරුවේ ප්‍රදේශයේ පැවති මංගල සාදයකට ගොස් ආපසු නිවසට එමින් සිටියදී දිවුලපිටිය බරවාවිල මංසන්ධියේදී පුද්ගලයෙකු සමග බහින්බස්වී ඇතැයි වාර්තාවනවා.
එම අවස්ථාවේ දිවුලපිටිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ ඇති අතර වෙඩි තැබීම සිදුව ඇත්තේ එම අවස්ථාවේදී ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ පැවසුවේ, පුද්ගලයෙකුට උල් ආයුධයකින් ඇණ පළා යමින් සිටිය දී මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ කළ බව ය.
එහිදී සැකකරු පොලිස් නිලධාරීන්ට ද තුවාල සිදු කර පලා යාමට තැත්කළ අවස්ථාවේ වෙඩි තබා ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.
වෙඩි තැබීමෙන් අනතුරුව තුවා ලැබූ කැලුම් සුබසිංහ දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කළ අතර පසුව ඔහු ජීවිතක්ෂයට පත් විය.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ බව කියන පොලිස් නිලධාරියෙකු ද දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ගම්පහ මහ රෝහලට මාරු කර යවා තිබේ.
NewsFirst
Last edited:


