mona kari vadakda?

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක අංශ සමාජිකයන් ඉලක්ක කර ගනිමින් ඉකුත් 14 වැනිදා එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු, පාකිස්තානයට විරෝධය දැක්වීමක් ලෙස, බොලිවුඞ් චිත්‍රපට සහ ටෙලි නිර්මාණවලට පාකිස්තාන නළු නිළියන් සම්බන්ධ කර නොගැනීමට ඉන්දීය සිනමාකරුවන්ගේ සන්සදය තීරණය කර තිබේ.

    ඉන්දීය සිනමාකරුවන්ගේ සන්සදය ගත් තීරණයට බොලිවුඞ් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන් පමණක් නොව, ඉන්දීය නළු නිළියන්ගේ ද සහාය හිමි වී ඇතැයි ද වාර්තා වේ.

    පාකිස්තාන නළු නිළියන් සහ සිනමාකරුවන් බොහොමයක් ඉන්දියාවේ රැඳී සිටිමින් බොලිවුඞ් නිර්මාණවලට දායක වෙයි. බොලිවුඞ් සිනමා නිර්මාණ පාකිස්තානයේ ද ප්‍රදර්ශනය වෙයි. පුල්වාමා ප්‍රහාරයට විරෝධය දැක්වීමක් ලෙස, පාකිස්තානයේ බොලිවුඞ් චිත්‍රපට ප්‍රදර්ශනය ද මේ වනවිට තහනම් කර ඇති බව ද පැවැසෙයි.

    ඉන්දු කාශ්මීරයේ පුල්වාමා පළාතේ ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, පාකිස්තානය සමඟ සියලු සබඳතා නවත්වා, පාකිස්තානය හුදෙකලා කිරීමට ඉන්දියාව සූදානම් වන බව වාර්තා වේ.

    පුල්වාමා ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයෝ 46 ක් ජීවිතක්ෂයට පත් වූහ. ප්‍රහාරය එල්ල කළේ ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ ත්‍රස්ත කල්ලියයි. මෙම ත්‍රස්ත කල්ලියට පාකිස්තාන රජයේ අනුග්‍රහය හිමිවන බවට චෝදනා එල්ල වෙයි. ඉන්දියාව පමණක් නොව, ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ ත්‍රස්ත කල්ලිය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර ඇත.

    ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පාකිස්තානයේ ඔවුන්ගේ මහ කොමසාරිස්වරයා ගෙන්වා ගත් අතර, පාකිස්තානය ද ඉන්දියාවේ නවදිල්ලියේ සිටි ඔවුන්ගේ මහ කොමසාරිස්වරයා ආපසු ගෙන්වා ගත්තේය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තරයේ පවසා ඇත්තේ ප්‍රහාරය එල්ල කළ ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ ත්‍රස්ත කල්ලියට කිසිදු සමාවක් ලබා නොදෙන බවය.
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    කලාකරායොයි ත්‍රස්තවාදිනුයි පටලවගන්න තරම් කුහක ඇයි?:lol: