2025 කොල්ලොන්ට use කරන්න හොද app එකක් ගැන thread එකක් දාන්න හිතුන. මේකේ නම Money Manager. සමහරු දැනටමත් use කරනවා ඇති . මේකෙන් අපි සල්ලි වියදම් කරන එක ගැන හොද අදහසක් ගන්න පුළුවන් . මේකේ UI එක පෙන්වන්නේ මෙහෙම .
ඔයාලට කරන්න තියෙන්නේ , තමන් කරන වියදම්, ලැබෙන ආදායම් මේකේ NOTE කරන එක . සමහර අය පොත් වලත් ලියනවා ඇති . එත් මේක ලේසි .
මේකේ තමන්ට ඕනි විදිහට Accounts , Category , Sub Category හදාගන්න පුළුවන් . Accounts කියන්නේ තමන්ගේ Debit Card , Credit Card වගේ දේවල් . මමනම් Cash කියලත් එකක් දාන් ඉන්නේ අතේ තියෙන මුදල් ගැන idea එකක් ගන්න . Category කියන්නේ අපිට ආදායම් , වියදම් වෙන විදි . ආදායම් වලට , ආදායම් ලැබෙන ක්‍රම . මේක ඔනි නම් Needs , Wants කියලත් හදාගන්න පුළුවන් වියදම් වලට .Needs කියන්නේ අනිවා ඕනි දේවල් . එතකොට Sub Category යටතේ ගෙදරට ගේන Groceries , Fuel , ගන්න බෙහෙත්.... ඔයවගේ ලිස්ට් එකක් හදාගන්න . Wants කියන්නේ අනිවා ඕනි නෑ . කොහේ හරි ට්‍රිප් එකක් යනවනම් , මොනාහරි Electronic ගන්න ඒවා වගේ දේවල්. මුලින් පොඩි time එකක් දීල හැදුවට පස්සේ වියදම් කරන වෙලාවට add කරන්න පුළුවන් . තමන්ගේ අතේ තියෙන ගාන ගැනත් බලාගන්න පුළුවන් . මාසේ අන්තිමට තමන් වැඩිපුර වියදම් කරලා තියෙන්නේ මොනවටද බලල ඉස්සරහ තීරණ ගන්න පුළුවන් . මන් Guide දෙකත් පල්ලෙහා දාන්නම්.
Android : Android User Guide iOS : iOS User Guide
මේක නිසා පොඩි මුල්‍ය විනයක් හැදෙනවා. එහෙනම් 2025 ජයෙන් ජය වෙන්න කියල wish කරනවා හැමෝටම