රටම අන්දයි.. මාස හතරකට කලින් මධ්‍යම අධිවේගය දෙවන අදියරට එකම තැන දෙවරක් වැඩ අරඹලා..
ඊයේ දිනයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතින් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ දෙවන වතාවට බව සිරස රූපවාහිනිය සිය ප‍්‍රවෘත්ති විකශයේදී පෙන්වා දුන්නේය.
2016 ඔක්තෝබර් 6 වනදා ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම ස්ථානයේදීම සමරු ඵලකයක් විවෘත කර මධ්‍ය අධිවේගයේ දෙවන අදියර වැඩ ආරම්භ කල බව එම වාර්තාවේ සදහන් විය.





