more ඇම්ඩන්

Aug 29, 2010
299
111
0
colombo
අඩෝ හැමෝම ඇම්ඩගෙ කතා කියන හිංදා මමත් ඇම්ඩගෙ කතාවක් ලියනවා. ඇම්ඩගෙ කතා කියන්නේ කුණුහරුප කත කියල අමුතුවෙන් කියන්ඩ ඔන නැ නෙව. ඒ හිංදා ගෑනුලමයි එහෙම ඉන්නවනං අපිට “වල් කොල්ලෝ ” කියල බනින්නේනැතුව ඇස් වහගන්ඩ.

ඇම්ඩා දවසක් කාන්තාරේ මැද්දෙන් ගමනක් යනවා. ඔටුවෙක් පිටේ යන්නේ(මොල්ලි දෙකේ ගැනු ඔටුවෙක් ).ඔටුවත් ඉතින් තමන්ගෙ පාඩුවේ පැද්දි පැද්දි යනවා. ඇම්ඩත් ඔටුවගෙ මොල්ලි දෙක මැද්දෙ වාඩි වෙලා ආතල් එකේ යනවා. ඔහොම මොල්ලි දෙක මැද්දෙ ආතල් එකේ පැද්දි පැදි යනකොට ඇම්ඩගේ ආතල් එක වැඩි උනා. කොටින්ම කියනවනං කාන්තාරේ මැද්දේම ඇම්ඩගෙ හැඟීම් ඇවිස්සුනා. ඇම්ඩට දැං ඉන්ඩ බැ.ලඟපාත් මිනිහෙක් පේන්න වත් නැ. හැමදාම වගේ තනියම කොරන්ටත් මොකක්ද වගේ(ඔව් ඒක කොරන්ඩ තමා ). ඇම්ඩට අලුත් අද්ඩහසක් ආවා. නිකන් ඔටුවෙක් එක්ක ඔය වගේ දෙයක් කෙරුවාම මොන වගේ මෙව්ව එකක්ද තියෙන්නේ කියල බලන්න හිතුනා(බයවෙන්න එපා මෙයා. ඔක ඇම්ඩට විතරක් හිතිච්ච එකක් නෙවේ . අතීත්යේ පටන් පැවත එන දෙයක් .
ඇම්ඩා ඔටුවගෙ පිටෙන් බැස්සා. බැහැලා බලනකොට තමා තෙරුනේ එතන ඇම්ඩගේයි ඔටුවගෙයි උස පිලිඹද ප්‍රස්නයක් තියනව කියලා. ඇම්ඩා පොඩ්ඩක් කල්පනා කලා. උගෙ වල් මොලේට ආවා අයිඩියා එකක්. ඌ මොකද කලේ ඔටුවව අරන් ගියා පොඩි වැලිකන්දක් ගාවට (පොඩි වැලිකන්දක් කිව්වට ඇත්තටම නිකන් පොඩි ගැට්ටක් වාගේ තැනක්. ) ඊට පස්සේ ඔටුවව ගැට්ට පාමුල හිටවලා ඇම්ඩා නැග්ගා ගැට්ටට (ඔය ටික කිව්වම ඌ මොකද කරන්න යන්නේ කියලා ඕන එක්කුට තේරෙනවා ඇති කියලා හිතනවා ). ඇම්ඩා ගැට්ටට නගිනකොට ඔටුවා එතන් ඉන්නේ නැතුව පැත්තකට ගියා.
ඇම්ඩා ආයේ ඔටුවව ගැට්ට ගාවට දක්කගෙන ඇවිල්ල එතන හිටෙව්ව. ඊට පස්සේ ආයෙ වැලි ගැට්ටට නැග්ග. ඇම්ඩ ගැට්ටට නගිනකොට ආයේ ඔටුව පැත්තකට ගියා. ආයේ ඔටුවව දක්කගෙන ඇවිල්ල ගැට්ට ගාව හිටවලා ඇම්ඩා ගැට්ටට නැග්ග. එතකොට ආයේ ඔටුවා පැත්තකට යනවා. මේ විදියට හත් අට වතාවක් ඔටුව ගැට්ට ගාවට ගෙනාවත් ඇම්ඩා ගැට්ට නගිනකොට ඔටුවා පැත්තකට යනවා.
ඇම්ඩත් ඇතෑරියේ නැ දිගටම වැඩේ ට්‍රයි කරනවා. ඔහොම ටික වෙලාවක් ට්‍රයි කර කර ඉන්න්කකොට එකපාරටම කාන්තාරේ ඈතින් කෙල්ලෙක් යටි ගිරියෙන් බෙරිහන් දෙන සද්දයක් ඇහුනා
බලනකොට කාන්තාරේ ඉන්න මංකොල්ල කාරයෝ සෙට් එකක් කෙල්ලෙක්ට අතවර කරනවා. ඇම්ඩා මොනව උනත් සාදරන මිනිහා. කැමැත්තෙන් කොරන එක වෙනම දෙයක් බලෙන් කොරන එක තව දෙයක්. ඇම්ඩට මල පැන්නා. ඌ දුවගන දුවගන ගියා සිද්දිය වෙන තැනට. මංකොල්ල කාරයෝ අට දෙනෙක් කෙල්ලෙක්ව දූෂනය කොරනවා. ඇම්ඩා පැන්නා මැද්දට . දන්න වැඩ ඔක්කොම දාලා ගැහුවා මංකොල්ල කාරයෝ අට දෙනාටම (හරියට නිකන් දෙමල ෆිලම් එක්ක ප්‍රදාන නලුවා ගහනවා වගේ . පයින් පාරක් දුන්නම කැරකිලා ගිහින් මීටර් පනක් විතර ඈතින් වැටෙන්නෙ ).
විනාඩි දහයක විතර ෆයිට් සීන් එකෙකින් පස්සේ ඇම්ඩා ඔක්කොම මංකොල්ලකාරයන්ට ගහලා කෙල්ල බේර ගත්තා. කෙල්ලට සිහි නෑ.ඇඳුම් ඔක්කොම ඉරිලා. ඇම්ඩා කෙල්ලව ආපහු ඔටුවා ඉන්න තැනට ගෙනල්ල වතුර ටිකක් එහෙම පෙව්ව. කෙල්ලට සිහිය ආවා.
ඊට පස්සේ කෙල්ලට සිහි නැතිවෙලා හිටපු වෙලාවේ වෙච්ච සම්පූර්න සීන් එක ඇම්ඩා කිව්ව.
කෙල්ලට කතාව අහගෙන ඉන්නකොට ඇම්ඩා ගැන හිතක් පහල උනා.කෙල්ලෙගෙත් හැඟීම ඇවිස්සිල.ඒ මදිවට ඉරිච්ච ඇඳුම ඇඳගෙන ඉන්නේ ( නිකන් සරාගී චිත්‍රපටි කෑල්ලක් වාගේ ). ඊට පස්සේ කෙල්ල මෙහෙම කිව්ව.
“ඇනේ අයියේ, මගේ තවත් නැති වෙන්න දෙයක් නැ. අයිය මාව බේරගන්න කලින් උන් මගෙ ඔක්කොම දෙවල් නැතිකලා. දැන් ඉතින් මගෙ ආයේ මොනවා කියලා නැතිවෙන්නද . මම අයියට අයිති දෙයක් කියලා හිතාගෙන ඔන දෙයක් කරගන්න අයියේ….” කියල කිව්ව.
“නංගි ඔය ඇත්තමද කියන්නේ. ඕනම දෙයක් කරගන්න පුලුවන්ද? ඕනම දෙයක්? ” ඇම්ඩත් හෙනම පෙම්වතා වාගේ ඇහුවා.
“ඔව් අයියේ මම ඕන දෙයක් ඔයා වෙනුවෙන් කරන්නම් ” කෙල්ල ඇම්ඩගේ ඇඟේ ඇතිල්ලෙන ගමන් හෙනම කාමුක විදියට කෙඳිරිලි හඬින් කිව්වා.
එතකොට ඇම්ඩා මෙහෙම කිව්ව ” එහෙනං නංගී තරහ නැතුව මම මේ ගැට්ටට නගිනකං ඔය ඔටුවව පොඩ්ඩක් අල්ලගන්න පුලුවන්ද?”
.

 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මංත්‍රීබබා;8181315 said:
ඇම්ඩන්ගෙ ඇස් දෙකත් අම්බානෙක රතු වෙලාලු මූ දත්මිටිකාගෙන.අත් දෙකේ ඇගිලි ටිකත් මිටිකරගෙන...ඉන්නවලු..


හරි ඇම්ඩන් දැන් ඔයාගෙ වාරේ....ඔයාට මොනාද ඕනේ කියල කියන්න...කියල ලොක්ක කිව්වලු..


ඇම්ඩන් එක පාරම ලොක්කගෙ අම්මව මතක් කරලා හොද කුණුහරුප ටිකක් කියල..කිව්වලු
පරයෝ දැන් වත් මට ගිනි පෙට්ටියක් දීපන් අර ගන්ජා ටික ගහන්න කියලා
:lol:
 
Aug 29, 2010
299
111
0
colombo
මේක මේ පලා ට උනු කතාවක්(පලා කියන්නේ අපේ අල්ලපු වටේ ඒ කියන්නේ පරිගණක ස්කොලේ 1ක් පලා ගියාලු ගමේ.ඒ කිඅයන්නෙ හම්බතෝටින් තව 60-70km ඇතුලේ . කොහොම හරි ඉතිං ගමේ කට්ටියත් දන්නවා ඇතිනෙ මේ කොල්ලා ගමේ ඉස්කෝලෙටත් ගිහිං A/L පාස් වෙලා කැම්පසුත් ගිහිං වැඩිදුර ඉගන ගන්නවා කියලා.ගං වල ඉතිං එහෙමනෙ. පලාත් ඉතිං ඔය වගේ උඩ තියනවා නම් ඕනේ දෙයක් (1 නේ බෝලේ දකිනෙත් නැතුව rugar වලට යන්නේ )

ඔන්න අපේ පලා දවසක් උදේම එළියට බැස්සලු අවට සිරි නරඹන්න කියලා.අල්ලපු ගෙදර සුමනේ අංකලුත් ඉන්නවළු එළියේ.

සුමනේ අංකල්: ආ…පුතා, මොකද දැං කරන්නෙ?

පලා: දැන් මම කැම්පස් යනවා අංකල්

සුමනේ අංකල්: පුතා මොනාද කැම්පස් එකේ ඉගන ගන්නෙ?

පලා:කම්පියුටර් අංකල්(පලා හිතුවා මෙච්චර ඩොටේ ඉන්න සුමනේඅංකල් ඕවා වැඩිය දන්නෙ නෑනෙ. ඒක නිසා සරළව කියන්න ඕනෙ කියලා)

සුමනේ අංකල්: කම්පියුටර් මොනාද?

පලා: ඔය අර ටී වී එකේ එහෙම තියෙන්නෙ අංකල්, අර මල් පිපෙනවා, එකේක ඒවා කැරකෙනවා, ඒ වගේ ග්‍රැෆික්ස් එහෙමත් කරනවා(මු දන්නෙත් නැ තියෙන ඒවා ).

සුමනේ අංකල්: ඒවා කරලා වැඩක් නෑ පුතා. කරනවනං ජාවා තමා කරන්න ඕනෙ.

හෙන ගහපිය ගණං බලාපිය.පලාගේ සරම එතනම වැටුනලු.පලා හිතුණලු යකෝ කියපු මෝඩකං කියලා.පලා කට පියාගෙන තොල් විකාගෙනම හිටියලු ටික වෙලාවක් ගිහිං පියවි සිහිය එනකං.පලාට කලින් සුමනේඅංකල්ව සෙට් වෙච්ච කවුරු හරි ෆුල් ජාවා මාර්කටිං පාරක් දාලා තිබුන නිසා පලාටට අංකල් ඉස්සරහා චොර වෙන්න සිද්ධ වුනාලු .

නමුත් පලා තාම ජාවා මොනවද දැන් නැ,කොටින්ම මුණ පොතේ ගිණුමක් හදා ගැනත් බැ
 
  • Like
Reactions: ishara3521919
Aug 29, 2010
299
111
0
colombo
මේක අපේ පොඩි බණ්ඩා ට උන දෙයක් ... බණ්ඩා ට ඉන්නවා (හිටිය ) ලානි අන්කල් කියල කෙනෙක් ..අපෙත් බොක්කේ ෆිට් 1...
බණ්ඩාට තියනවා පට්ට සිරා ඔරලෝසුවක්. පට්ට සිරා කිව්වට පට්ට පරනයි.(මම හිතන්නේ 1 ඔරලෝසු හොයා ගන්න කලින් ඉඳල තිබ්බ 1 ක්.) ඌ කියන විදියට උට ඒක හම්බවෙලා තියෙන්නේ ලානි අන්කල්ගෙන්.
හැබැයි කොල්ලො කියන විදියට චමින්දයට ඒ ඔරලෝසුව හම්බෙච්ච හැටි වෙනම සීන් එකක්.
ලානි අන්කල් දැන් ජීවතුන් අතර නෑ. හාර්ට් ඇටෑක් එකක් හැදිල මැරුණ. මුලින්ම වෙලා තියෙන්නේ ලානි අන්කල්ට පපුවේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලේ නවත්තලා. ඔහොම නවත්තලා ඉන්නකොට පවුලෙ කට්ටිය මාරුවෙන් මාරුවට ලෙඩා ලඟ නවතිනවා. එක දවසක් පොඩි බණ්ඩා ගියා ඉස්පිරිතාලේ ලෙඩා ලඟ නවතින්න. කට්ට්ටිය ඇවිල්ලා ලෙඩ්ඩු බලලා කවලා පොවලා පොඩි බණ්ඩා ලෙඩාලඟ නවත්තලා ගියා. පොඩි බණ්ඩා කම්මැලිකමට ඇඳ ලඟ පුටුවක ඉඳගෙන පත්තරයක් කියවන්න ගත්තා.ඔහොම ඉන්නකොට ලානි අන්කල් ඔය පරන කතා එහෙම පොඩි බණ්ඩා එක්ක කියන්න ගත්තා.ලානි අන්කල් ගේ කතාව නිකන් ලංකාවේ පලවෙනි රියදුරු පුහුණුකරු වගේ .
ලානි අන්කල් එයගේ අතේ බැඳලා තිබ්බ ඔරලෝසුව පෙන්නලා මෙහෙම කිව්වා “බණ්ඩා පුතේ උඹ දන්නවද මේ ඕරලෝසුව රුපියල් ලස්සයක් විතර වටිනවා. මේක මට දුන්නේ මම පුහුනුකරපු සුද්දෙක් . සුද්දා පුහුණුව ඉවර කරලා ආපහු ඕස් ට්රය යනකොට තමා මට මේක දීල ගියේ… (කැඩිච්ච කබලක් ගන්න කව්ද කැමති ,වටින්නේ 5000 විතර ,හදන්න යනවා 10000 විතර )
ඔහොම ඉතින් ලානි අන්කල් වාට්ටුවේ නර්ස් නිදාගන්ඩ කියලා බනිනකන්ම පරන සුද්දගෙයි වැද්දගෙයි ඔක්කොම කතා කියවන්න ගත්තා.
පහුවදා පාන්දර බණ්ඩා නැගිටිනකොට ලානි අන්කල්ට හොඳටෝම අමාරුයි .ඇඟ දරදඬු වෙලා වෙව්ලනවා .දොස්තරලත් කලබල වෙලා ලෙඩා බලන්න ආවා. ලානි අන්කල්ට අන්තිමයි.ගොඩ දාන බැරි පාටයි. එකපාරටම ලානි අන්කල්ට ඇඟ දරදඬු කරන් අත් දෙක උඩට උස්සලා “බණ්ඩා පුතේ……..” කියල කෑ ගැහුවා.
බණ්ඩාත් පැනපු ගමන් මහප්පගේ අතේ තිබ්බ ඔරලෝසුව ගලව ගත්තා.
මුණු පොතේ පොඩි බණ්ඩා
p;s:ලානි අන්කල් අද අපි අතර න .ලානි අන්කල්ට නිවන් සැප ලැබේව කියා ටික්කා පාර්ථනා කරනවා
 
Aug 29, 2010
299
111
0
colombo

හොඳ ගති


ගුරුතුමිය : ළමයි ඔයාලා දන්නවා අපි පොඩි කාලේ ඉඳලම හොඳ සිත් රිවිරිත් ඉගෙන ගැනීම වැදගත්. හොඳයි කියන්න බලන්න කෙනෙක් අපිට උදව්වක් කළාම පස්සෙ කාලෙක එයාට උපකාරයක් අවශ්‍ය වෙලාවක ඒක කරන එකට කියන වචනය මොකක්ද ?
ළමයි : කළගුණ සැලකීම ටීචර්
ගුරුතුමිය : බොහොම හොඳයි. . . බොහොම හොඳයි. . . එතකොට කව්රු හරි කෙනෙක් පාරේ ඉන්න හරකෙකුට හරි බූරුවෙකුට හරි ඒ වගේ සතෙකුට හිරිහැර කරද්දී එතැනට ගිහිල්ලා ඒ සතාව බේරගන්න එකට මොකක්ද කියන්නේ් ?
ඇම්ඩන් : සහෝදර ප්‍රේමය ටීචර්

හොඳ පුරුදු


ගුරුතුමා : ළමයි අපි පොඩි කාලෙ ඉදලම හොඳ පුරුදු ඇති කරගන්න ඕනෑ. වැසිකිළි ගියාට පස්සේ හොඳට සබන් දාලා අත් දෙක සෝදගන්න ඕන. මොකද ඔය ළමයා ඔය හිනාවෙන්නෙ ?
ඇම්ඩන් : නෑ සර්. . . වැසිකිලි ගියාට පස්සේ අත් දෙක විතරක් සබන් දාල හේදුවම ඇතිද ?

බඩ යන්ඩ


හෙන බඩක් තිබූ පොරක් බඩ අඩු කර ගැනීම සඳහා බෙහෙත් ගැනීමට දොස්තර කෙනෙක් හමුවීමට ගියේය. දොස්තර හමුවීමට ගිය මේ පුද්ගලයා ලොකු බුලියකින් එකක් පිරවූ පෙති තොගයක් ද රැගෙන ගෙදර පැමිණෙනු දුටු ඔහුගේ බිරිද
‘මේ මොකද ඕයි මෙච්චර බෙහෙත් දුන්නේ, තමුසෙට බොන්ඩද ?’
බඩා : නෑ. . . බොන්ඩ නෙමෙයි. . දොස්තර කිව්වේ උදේ හවස මේ පෙති ටික සාලේ මැද්දේ හලලා එක එක අහුලලා ආපහු බුලියට දාන්ඩ කියලා. එතකොට බඩ බහියි කිව්වා.

සිංහ කූඩුව


දවසක්, හීනියට සෙට් වී පසුව තරමක් වැඩි කරගත් සත්තු වත්තේ මුරකරු බමන මතින් ගෙදර යාමට මැලිකමක් දැක්වූයේ තම බිරිද සිහි වීමෙනි. ටිකක් නිදාගෙන වෙරි මත අඩු වූ පසු ගෙදර යන්නට සිතු මුරකරුවා නිදාගන්නට සුදුසු ස්ථානයක් සොයාගත නොහැකි වූ තැන “මොනවා වුණත් කමක් නෑ” යයි සිතා හෙමින් සීරුවේ සිංහයාගේ කූඩුවට රිංගා නිදාගන්නට විය.
මඳ වේලාවක් ඉවසා වදාරා බැරිම තැන සැමියා සොයා සත්තු වත්තට පැමිණි මුරකරුවාගේ බිරිඳ සිංහ කූඩුවට වී සැපට නිදා සිටින තම සැමියා දැක මෙසේ කියා යන්නට ගියාය.
‘නෙදකින් බයගුල්ලා. . බීලා ගෙදර එන්ඩ බයේ. . . සිංහ කූඩුවට වෙලා නිදි’

වම්බටු


රජතුමා සහ අන්දරේ ගමනක් යමින් සිටියහ. අතරමගදී වම්බටු වගාවක් දුටු රජතුමා
‘අන්දරේ වම්බටු මරු එළවළුවක් නේද ?’ ඇසීය.
අන්දරේ : මේ මොනව කියනවද රජතුමා වම්බටු කියන්නේ ලෝකේ හොඳම එළවළු ජාතියක්, ෂහ් ඒ වගේ රහක්. . කියලා වැඩක් නෑ. .
සතියකට පමණ පසු නැවතත් දෙදෙනා පෙරකී වම්බටු හේන ළඟින් ගමන් කරමින් සිටින විට. . .
රජතුමා : අන්දරේ තමුසේ දන්නවද ? මට එපාම කරපු කෑමක් වම්බටු කියන්නේ.
අන්දරේ : හාපෝ මතක් කරන්ඩ එපා රජතුමනි. ගෙයි හතර මායිමට ගන්ඩ හොඳ ජාතියක් නෙමෙයි ඔය වම්බටු කියන්නේ . . .
රජතුමා : ඇ ගිය සතියේ මම කිව්වහම වම්බටු හොඳයි කියලා තමුසේ කිව්ව නේද වම්බටු කියන්නේ නියම කෑමක් කියලා ?’ අන්දරේ : ඔව් ඔව් රජතුමා ඒවා එහෙම තමයි. මම වැඩ කරන්නේ් ඔබතුමාට මිසක් වම්බටුවලට නෙමෙයිනේ.
 
  • Like
Reactions: nrjayasinghe
Aug 29, 2010
299
111
0
colombo
සංගිත සංදර්ශනයකදි එක් රසිකාවියක් වෙදිකාවෙ හිටපු සංවිධායකයෙකුට මෙහෙම කියල තියනවා:

අනේ අයියේ,එඩ්වඩ් අයියට කියන්න සිරියහනේ ගහන්න කියලා.....

එවිට සංවිධායක තුමා මෙහෙම කියලා:

නංගි,එඩ්වඩ් අයියා තාම ආවේ නැහැ.එතකම් මම මිල්ටන් අයියට කියන්නද නංගිට මේ මැයි ගහයට ගහන්න කියලා?.....
 
Aug 29, 2010
299
111
0
colombo
පොඩි කාලේ
නොතේරුන හන්දා
නිකන් හිටියා....


O/L කරනකොට
අම්මා කිව්වා...
උඹ
‍කෙල්ලෙක් එක්ක
යාළු වෙනවා එහෙම නෙවේ කියලා........
ඒක අහලා O/L කොරගත්තා.....


A/L කරද්දි
තාත්තා කිව්වා...
උඹ
කෙල්ලෝ එක්ක පලහිලව් තියාන
විභාගේ ඇණගන්නවා ඒහෙම නෙවේ කියලා‍‍....
ඒක අහලා A/L ගොඩදාගත්තා.....


ඊට පස්සේ
අයියා කිව්වා.....
උඹ
රස්සාවක් නැතිව මේ ගෙදරට
කෙල්ලෙක් ගේනවා එහෙම නෙවේ කියලා.....
ඒක අහලා රස්සාවකුත් හොයාගත්තා‍‍‍.....


මෙන්න දැන්
අක්කා කියනවා.....
උඹට
දැන් කෙල්ලෙක් එහෙම හිටියට කමක් නෑ කියලා....


හ්ම්......දැන් හොයපන්කෝ කෙල්ලෙක් .....


කෝ යකෝ කෙල්ලෝ........????
 
Aug 29, 2010
299
111
0
colombo
පෝසට් එක දැක්කාම ඔන්න හසියාටත් පොඩි කතාවක් මතක් වුනා.ඔව් ඔව් ඉතිං මේක හසියගේ අත්දැකීමක්.ටිකක් මෑතකදි වුන දෙයක්.කතාව මෙහෙමයි.

ඔන්න හසියා ඉතිං ඉරිදා බම්බලපිටියේ ක්ලාස් එකට යන්න කියලා හිතාන නැග්ගා නුගේගොඩින් 112 බස් එකට.ඒ කියන්නේ මහරගම කොටහේන බස් එක නොවැ.යන කෂ්ටිය දන්නවා ඇතිනේ ඉරිදට ඔය 112 බස් අඩුයි කියලා.ඉතිං නැග්ගාම දැක්ක ඉස්සරහා සීට් එකක් හිස් තියෙනවා.ඉතිං ගිහින් ඉදගත්තා‍.බස් එක ඉතිං කොටහේනනේ යන්නේ.නමේ හැටියටම තමයි බස්එකත්‍‍‍.කොට කොට තමයි.නු‍ගේගොඩ ඉදන් කිරුලපනට එන්න විනාඩි 20කටත් වඩා ගියා.කොහොමද යෑම.

ඉතිං ඔන්න කිරුලපනින් නැග්ගා අක්කා කෙනෙක්.බස් එකේ සෙනග සීට්ගාණට පොඩ්ඩක් වැඩියෙන් හිටියා.ඉතිං අර නැග්ග ඇත්ති හසියා ඉදන් හිටපු සීට් එක ලග තමයි ඇවිත් හිටගත්තේ.හසියා ඉතිං එච්චර ගණන් ගත්තේ නෑ.ඒත් හසියට එහා පැත්තේ හිටපු එකා නලියන්න ගත්තා‍‍‍.මැදි වයසේ පොරක් මම දැක්ක විදිහට.මිනිහා හැමවෙලේම අර මං ලග හිටපු ඇත්ති දිහා බලනවා.ආයේ මං දිහා බලනවා.මේක මහ විකාරයක්නේ.ඉතිං මම දිහා බලන වෙලාවක් ටාගට් කරල මම මිනිහා දිහා බැලුවා.බැලින්නම් මිනිහා මං දිහා නෙවේ බලන්නේ.ඉතිං හසියත් බෙල්ල අංශක 180ක් හරවලා බැලුවා මු ඔච්චර බලන්නේ මොකක්ද කියලා.ඒවලේ තමයි වැඩේ මීටර් වුනේ.අරූ බලලා තියෙන්නේ අර ඇත්තිගේ බඩ දිහා.හැබැයි ඉතිං මම ඒ බඩේ විශේෂත්වයක් දැක්කේ නෑ.අහ් නෑ නෑ...හොදට පිළිවෙලට ඇදලත් තිබුණා.මු තාමත් ඉතිං හැරි හැරි බලනවා.දැන් බස් එක තිඹිරිගස්යායෙන් ගාලු පාර පැත්තටත් හැරෙව්වා.ඒකියන්නේ ඩික්මන් රොඩ් එකට ඇතුළු වුනා.ඔන්න ඔය හරවපු ගමන්ම තියෙන බස් නැවතුමෙනුත් නැග්ගා ගැබ්බර කාන්තාවක්.ඉතිං මට සීට් දෙකක් ඉස්සරහා උන්නු එකා නැගිටලා සීට් එක දුන්නා.

මෙන්න යකෝ මට එහා පැත්තේ හිටපු එකා එකපාරටම කුලප්පු වෙලා මට කිව්වා."ගැබිණි කාන්තාවක් නැග්ගාම ඉඩ දෙන්න දන්නේ නැද්ද ?"කියලා.මම අන්දුන් කුන්දුන් වුනා.ඇයි හත්තිලව්වේ අර නැගපු ගැබිණි කාන්තාවට සීට් එකකුත් දුන්නා ඉස්සරහම හිටපු කෙනා.ඉතිං මම ගිහින් ඒ ගැබිණි කාන්තාවට කතා කරල ආ ඔයා මගේ සීට් එකෙන් ඉදගන්න කියනනද මූ කියන්නේ.ඉතිං මම හිතට ආපු ලැජ්ජාවයි කේන්තියයි යට කරගෙන ඇහුවා, "ම්මම්ම්ම් එයාට සීට් එක දුන්නනේ ඉස්සරහා හිටුපු කෙනා.අනිත් එක වෙන ගැබිණි කාන්තාවක් මෙතන නෑ නේ".එහෙම කියලා මම වට පිටත් බැලුවා මා නොදකින, මේකා දකින තවත් ගැබිණි කාන්තාවන් ඉන්නවද කියලා.ඒත් දැක්කෙ නෑ.ඊටත් වඩා දැන් බස් එකම අපි දිහා බලාගෙන.පොලොව දෙකඩ කරන් යන්න හිතුනා ඒ වෙලාවේ.පොලොවක් කොහෙද බස් එකේ....

"මු එතකොටම කියපු ඒ කෙනා ගැන නෙමෙයි අයිසේ මම කියන්නේ ඔහේ ලග හිටන් ඉන්න කෙනාටයි සීට් එක දෙන්න කිව්වේ" එහෙම කියලා මූ පොර වගේ නැගිටලා අර හසියා ළග හිටන් උන්නු ඇත්තිට කිව්වා "ආ නංගි ඉදගන්න....අද කාලේ ඉන්න උන්ට කිසිම හැදියාවක් නෑ" කියලා‍.

දැන්නම් හසියට පට්ටෙටම තද වුනා.හසිය කතා කරන්න හදනකොටම හසිය ළග හිටන් උන්නු ඇත්ති කට ඇරලා කිව්වා "වට්ද හෙල්, ආයූ ටෝකින් එබවුට් මී‍..? අයැම් නොට් මැරීඩ් යෙට්.ආ යූ මෑඩ්........?"

හිතේ තිබ්බ කේනතිය කොහෙන් ගියාද දන්නෑ, හසියට බකස් ගාලා හිනාගියා......ඒ මදිවට බස් එකේ හිටුපු ඔක්කොම හිනා වෙනවා.අර මනුස්සයට දැන් හොදටම මල.මිනිහා St.Paul's Girls' School එකට මෙහා හොල්ට් එකෙන් දඩි බිඩි ගාලා බැස්සා.මුණ ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා.අර ඇත්තිත් මුණ දෙකක් කරගෙන බැස්සා ගාලු පාරෙන්.මුණුදෙකනම් මාරම ලස්සනයි.මතක් වෙන ගානේ ලේ පිරිසිදු වෙනවා.
 
Aug 29, 2010
299
111
0
colombo
පටන්ගන්න කලින් තියෙන රැස්වීම මතකද..?

එක දවසක් මහා රැස්වීම , තව දවසක් අංශ රැස්වීම . . ඔය වගේ හැට හුට හමාරක් තියෙනවනේ. කට්ටියගේ ඇග කිලිපොලා ගියේ ඔය රැස්වීම් වල නාම ලේඛනයේ පිළිවෙලට මොනවා හරි ඉදිරිපත් කරන්න ඕනේ කියල නීතියක් ගෙනවහම.. කොහොම හරි මගේ නම තියෙන්නේ විසි පස් වෙනියට විතර.. එක නිසා කවදාවත් මම ඉන්න හරියට ඕක එන්නේ නැහැ. . ලිස්ට් එකේ අන්තිමට ඉන්න එවුන්ට ෆුල් ආතල්.. ඉතින් අන්තිමට ඉන්න එවුන් ඔය කරන ඉදිරිපත්කිරීම් ගැන කිසිම විදිහේ හැගීමක් නැහැ.

දවසක් අපි ඉස්කෝලෙට යනකොට කට්ටිය අංශ රැස්වීමට යනවා.. බස්වල යන අපි කොහොමත් ඉස්කෝලෙට යන්නේ බෙල් එක ගැහැව්වම තමයි. මමත් ගිහිල්ල වෙනද වගේ අපේ පංතියේ පෝලිමේ අන්තිමට සෙට් උනහම තමයි දැනගත්තේ.. අද ඉදිරිපත් මට කියල.. එහෙම වෙන්නේ කොහොමද මට ඉස්සෙල්ල ඉන්නේ මීයා ( මහින්ද ) නේ, මීයා කවදවත් ගියේ නැහැනේ කියල මම ලෝර්ඩ් වගේ හිටිය. ටික වෙලාවකින් පන්ති නායකයා ඇවිල්ල අද මීයා ඇවිල්ල නැහැ, එක නිසා උබට තමයි කරන්න වෙන්නේ කිලය කිව්වම තමයි මට මීයාව මරාගෙන කන්න හිතුනේ.
එකම විසදුම පැනල දුවන එක තමයි කියල හිතල වට පිට බලනකොටයි දැක්කේ.. අංශ භාර ගුරුතුමා ඇවිල්ල හිටගෙන ඉන්නවා අන්තිමට. . උදේ පාන්දර උනාට දාඩිය දානවා ඉහින් කටින්.
පන්සිල් ගන්න වෙලාවෙත් මම කල්පනා කලේ මොකද්ද කරන ඉදිරිපත් කිරීම කියල. කිසිම දෙයක් ඔලුවට එන්නෙත් නැහැ..
පිස්සුවෙන් වගේ ඈත බලාගෙන ඉන්නකොට ශක්‍ර දේවයා වගේ මීයා එනවා...වෙනද වගේ හිනා වේවි ( තාමත් මට මැවිලා පේනවා ).. අම්මෝ..හ් ඒ වෙලාවේ දැනුන හැගීම් කියල විස්තර කරන්න බැහැ.
මීයා ඇවිල්ල හිටගත්තා විතරයි මම ලගට ගිහිල්ල ( ගිය නෙවෙයි..යැවුනා ) තව මිනිත්තු දහයකින් විතර ඌට වෙන දේ ගැන පැහැදිලි කලා. ඇස්දෙක එහෙම ලොකුවෙලා.. කූරු කූරු තියෙන කොන්ඩේ එහෙම කෙලින් වෙනවා දැක්ක විතරයි.. මෙන්න මු වාෂ්ප වුනා. හැරිලා බලනකොටයි දැක්කේ ඉස්සෙල්ල මීයා දුවනවා පස්සෙන් අංශභාර ගුරුතුමා දුවනවා... ( මීයයි.. පුසයි වගේ ) යාළුවා උනත් ඕකවනම් අල්ලගන්න පුළුවන් වෙන්න දෙය්යනේ කියල තමයි මම ප්‍රර්ථනා කලේ. . රැස්වීමේ වැඩ ටික වෙලාවකට නැවතුනා මේ තරගේ හින්ද..
කොහොම හරි නිශ්ෂධ බලය පාවිච්චි කරලා මියව කුදලාගෙන අවා. ඉදිරිපත් කිරීම් ගැන හාංකවිසියක් නොදන්නා ගුරුතුමා මියවත් ඉස්සරහ තියාගෙන දෙහි කපනවා පැලෙන්න.. " මේ යකා රැස්වීම කට් කරලා කියනවා කකුලේ තුවාලෙට ප්ලාස්ටර් එකක් ගහගන්න ගියාලු... එච්චර අමාරුවක් තියෙන මනුස්සයෙක් කොහොමද මේ විදිහට දුවන්නේ, දන ගහනවා රැස්වීම ඉවරවෙනකන් ". ( ඒ කාලේ දන ගහන එක තරන් වෙන කිසිම දෙයක් කරන්න නැතුව ඇති ) අපි මෙහෙ ඉදන් මීයට විහිලු කරනකොට එකා හිනාවෙනවා.. " තව හිනාවෙන්නත් එනවා... ඇනගන්නවා ටොක්කක් " හිනාවෙනවා දැකල අංශභාර තුමාට තවත් තද වෙලා. කොහොම කොහොමහරි මේ අලකලංචිය හින්ද මල පැනල හිටිය අංශභාර ගුරුතුමා පැය බාගයක් විතර දෙහි කපපු නිසා ඉදිරිපත් කිරීම් පසුවට කල් ගියා..

යාන්තන් එදත් මම බේරුනා...
 
Aug 29, 2010
299
111
0
colombo
මෙතන ඉතිං කතා 2ක් තියනවා. කමක් නෑ නේද? මුලිංම 176 කතාව කියන්නංකො. මාතෘකාවට අදාල කතාව තියෙන්නෙනං ඊට පස්සෙ. දෙකම ටිකක් එක වගේ නිසා එකටම ලියන්න හිතුවා.
ඉබ්බා ඉස්කෝලෙ යන කාලෙ බ්‍රහස්පතින්දා හවස නුගේගොඩ ලීඩ්ස් එකෙ තිබ්බා කළුවගේ ෆිසික්ස් ක්ලාස් එකක්. ඉබ්බත් ඉතිං බ්‍රහස්පතින්දා 176 ස්කූල් බස් එකේ නැගලා නුගේගොඩ හන්දියෙං බැහැලා නාවල පාරෙ තියන ලීඩ්ස් එකට යනවා. නුගේගොඩ හන්දියෙං මුලිංම යන්නේ 176 ස්කූල් බස් එක. ඊට පස්සෙ තමා හෝමාගම ස්කූල් බස් එක එන්නෙ. හෝමාගම ස්කූල් බස් එක රන් කළේ සීනි කූරා. කොහොම හරි ඒක හන්දියට එන්න කලිං පන්තියට පැනගන්න ඕනෙ. නැත්තං විනාසයි. එක්කෝ හූ තියනවා, නැත්තං වතුර ගහනවා, ටර්ම් එක ඉවර වෙන්න ළඟ නම් බිත්තර පාරවල් වදින්නත් ඉඩ තියනවා.
ඔන්න දවසක් ඉබ්බත් බුවා වගේ 76 බස් එකෙං බැහැලා නුගේගොඩ හන්දිය මැද්දෙං පාර පනින කොට හෙන සද්දයක් ඇහිලා බැලුවා.හෙණගහපිය! හෝමාගම ස්කූල් බස් එක එනවා.බාගයක් පාර පැනලා හිටපු ඉබ්බා දඩ බඩ ගාලා ඉතුරු බාගෙ පැන්න ඉතරයි මෙන්න යකෝ මුං ටික කෑගහනවා
ඕකා පො*** කියලා.
මළකෙළියයි. ඉබ්බත් ඉතිං ඉබ්බට නෙවෙයි වගේ හිමීට ඇවිදං යනවා. මෙන්න බොලේ ඒ පාර මුං කියනවා
ඔය දුඹුරු පාට බෑග් එකක් අරං යන එකා පො*** කියලා.
දැං නං වැඩේ පොඩ්ඩක් අවුල් වගේ. ක්ලාස් යන කෙල්ලො හිනා වෙනවා. බස් හෝල්ට් එකේ ඉන්න අංකල්ලයි ඇන්ටිලයි ඔරෝනවා
icon_smile.gif
.ඉබ්බා අඩියට දෙකට එතන හිටපු රටකජු කාරයෙක්ගේ කරත්තයක් අස්සට රිංග ගත්තා.
මෙන්න යකෝ මුං ඒ පාර කෑගහනවා ඔවු ඔවු, අර රටකජු කරත්තෙ අස්සට ගිය එකා පො*** කියලා.
බේරුමක් ඇත්තෙම නෑ. ඒ මදිවට ස්කූල් බස් එක ට්‍රැෆික් එකේ හිරවෙලා. යන්නෙත් නෑ.ඉබ්බට පොළව පලාගෙන යන්න හිතිලයි හිටියේ.ඉබ්බ දඩබඩ ගාලා අර අතුරුපාරට පැනලා පන්තියට රිංග ගත්තා.
ඒ කාලෙ ඉතිං පාරෙ ඉන්න අයට කෑගහගෙන යන එකත් ලොකු වැඩක් නේ.පුදුම ආතල් එකක් ගත්තෙ.ඉබ්බා පැළවත්තේ පියතිලක සර්ගේ ගණං පන්ති ගිහිං රෑ වෙලා ගෙදර එන්නේ බත්තරමුල්ලට ඇවිත් එතනිං තව බස් එකක නැගලා. ඒ පැත්තට එන්නේ ඉබ්බයි මල්මාලුයි තව කීප දෙනෙකුයි ඉතරයි. කොල්ලො 15ක් ඉතර යුධබාහුගේ වෑන් එකේ සෙට් වෙලා බොරැල්ල පැත්තට යනවා. මල්මාල් ක්ලාස් එන්නෙ යලට මහට. මල්මාල් ඒ දවස් වල ඊස්ටන් බෑන්ඩ් එකේ ලොකු සෙනෙවියෙක්. ඊට පස්සෙ අවුරුද්දේ මල්මාල් ලොකුම සෙනෙවියා වෙලා පළවෙනි තැනත් දිනලා දුන්නා
icon_smile.gif
.
කොහොම කොහොම හරි ඉබ්බත් ඔන්න දවසක් තනියෙං අටාමාරට ඉතර බත්තරමුල්ලේ හෝල්ට් එකට වෙලා ඉන්නවා ඊළඟ බස් එක එනකං. වේගෙන් ආපු වෑන් එකක් ජරබරාස් ගාලා බ්‍රේක් ගහලා ඉබ්බ ඉස්සරහා මහපාරෙ නැවැත්තුවා. ඉක්මණටම වීදුරු කීපයක් ඇරුනා.
අඩෝ ඉබ්බා, චූ කරලා නිදා ගනිං, චූ කරපාං… කිය කිය බොරැල්ලට යන සෙට් එක කෑගහනවා.
හෝල්ට් එකේ මිනිස්සු ඉබ්බා දිහායි වෑන් එක දිහායි බල බල මේ මොකක්ද බොලේ මේ වෙන්නෙ කියලා කල්පනා කරනවා.ඉබ්බ එකසිය ගානට ඇඹරෙනවා.අන්තිමටම ඩිකා කෑගහනවා
චූ කරාට ඉතරක් මදි, හොල්ලලා නිදා ගනිං…කියලා(ඩිකා හැමදාම ඒ කෑල්ල කියනවා).
ඉක්මනට වීදුරු වහගන්න කට්ටිය වේගෙං නොපෙනී යනවා.
මේ වැඩේ කීප පාරක් වුනා.ඒක නිසා ඉබ්බට සිද්ධ වුනා බත්තරමුල්ලෙන් බහින එක අතඇරලා තව ටිකක් ඉස්සරහින් බහින්න. එතකොට ඊළඟ බස් එකක් අල්ලගන්නත් ලේසියි.දවසක් ඉබ්බයි මල්මාලුයි අළුත් තැනින් බැස්සා.සුපුරුදු ජරබරාස් සද්දෙ ඇහුනා.දැං කට්ටියා හෝ ගාලා කෑ ගහනවා.මල්මාලුත් ඉතිං සෙනෙවියනේ.ලේසියෙං අත අරින්නෙ නෑ.මල්මාල් මහ හයියෙන් කෑගහපි
ආ…කට ඇරගෙන හිටපාං…කටට චූ කරන්නෙ කටට…කියලා.
වෑන් එක වෙනදට වඩා ඉක්මණට අතුරුදහං වුනා.මල්මාල් හිටපු නිසා බේරුනා.
icon_razz.gif
හිහ්.
 
Aug 29, 2010
299
111
0
colombo
මේ සිද්ධිය වුනේ ඉබ්බා පැටියා කාලේ. හරියටම කියනවනම් ඉබ්බ 2ක වසරෙ පන්තියට ගියා ඉතරයි. ඉබ්බා ඉගෙන ගත්තේ ග්‍රෙගරි මහත්තයගේ පාරෙ තියන ඉස්කෝලෙ.ඉතිං මොකද්දෝ හේතුවකට එදා 2ක වසරෙ හිටිය බට්ටො කුරුට්ටො එළියට දැම්මා.අළුත් යාලුවොත් එක්ක කතා කර කර ඉන්න කොට ඉබි පැටියට සිරා පොරක් සෙට් වුනා. ඒ තමා ඉබ්බගෙයි නෝ මෑන්ගෙයි ප්‍රථම හමු වීම. හැබැයි අපේ යාළුවට නෝ මෑන් කියලා නම වැටුනේ නම් ඊට අවුරුදු 9කට ඉතර පස්සෙ O/L කරන කොටදියි.
දැං නෝ මෑන් හිටු කියලා ඉබ්බට ප්‍රශ්න යොමු කරනවා. ඉන්නෙ කොහෙද? අම්මා තාත්තගේ විස්තර, සහෝදර සහෝදරියො ගැන, නෝ මෑන්ගෙන් ප්‍රශ්න කෝටියයි. එදා නම් නෝ මෑන් මහ වාතයක් කියලත් ඉබ්බට හිතුනා. ඊට පස්සෙ තමා සිරාම වැඩේ වුනේ. ඉබ්බා නෝ මෑන්ගෙන් ප්‍රශ්න අහන්නේ නැතුව ඉන්න කොට මෙන්න බොලේ නෝ මෑන් සිරා කතාවකට මුල පුරපි.
නෝ මෑන්: මටත් පුළුවන් ඔයාට (ඒ කාලේ ඔයා මෙයා කියලනෙ කතා කළේ) අපේ ගෙදර ඔක්කොම විස්තර කියන්න. ඒත් තාත්තා කියලයි තියෙන්නෙ වැඩි විස්තර කියන්න එපා කියලා.
(ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් නෝ මෑන් බලා සිටියද ඉබ්බා නිහඩය)
අපේක්ෂා භංගත්වයට පත් නෝ මෑන්: මොකද දන්නවද? අපේ ගෙදර ගොඩාක් තට්ටු තියනවා. ඒකෙ දෙවෙනි තට්ටුවේ තියනවා මාර ලොකු දිස්නෙ ගහන මැණිකක්. ඒක තට්ටුවේ මැදට වෙන්න තියෙන්නේ. සිකියුරිටිලත් දාලයි ඉන්නේ. වට පිට අයවත් කවුරුත් දන්නේ නෑ.
(ඊට පස්සේ ඒකෙ දිස්නේ, දිග පළල ගැන, ඒක තියලා තියන ස්ටෑන්ඩ් එක රඟපාල මවලා දුන්නා වගේ මතකයි. කොච්චර මැවුනද කිව්වොත් චිත්‍රපටියක රූප රාමු වගේ ඉබ්බගෙ හිතේ මැවිච්ච් රූප පේළිය ඉබ්බට තාම මැවිලා පේනවා)
පොඩි වුනාට ඉබ්බත් නිකං ඇරියෙ නෑ. ඉබ්බට හිතුනා නෝ මෑන් බොරුවක් කිවුවා කියලා. බැලූ බැල්මට නෝ මෑන්ගේ හෙන මැණික් මුදලාලි කෙනෙකුගෙ පුතෙක්ගේ පෙනුම නැතැයි ඉබ්බට හිතුනා. ටික කාලයක් යනකොට මේක නම් බොරුවක්ම බව ඉබ්බට හිතුනා.
ඊට අවුරුදු 8කට පස්සේ 10යේ පන්තියේදී ඉබ්බයි නෝ මෑනුයි ආයිත් හම්බුනා. හදිසියේම දවසක් ඉබ්බට මේ කතාව මතක් වුනා. ඉබ්බා නෝ මෑන්ට කිට්ටු කරලා ඇහුවාමචං උඹලගෙ ගෙදර දෙවෙනි තට්ටුවේ තාමත් අර දිස්නේ ගහන විසාල මැණික තියනවද? කියලා
(ඉබ්බ මේ කතාව වටපිට හිටපු කට්ටියට කියලා ඒගොල්ලොත් ඉන්න තැනයි ඇහුවේ). නෝ මෑන් ලැජ්ජාවෙන් ඇඹරුනා. ඒ වෙනකොට නෝ මෑන් දියුණු වෙලා කාලානුරූපී බේගල් කියන මැෂින් එකක් බවට පත් වෙලා තිබුණා. නෝ මෑන්ගේ බේගල් ඉබ්බගේ පන්ති සගයන්ට වගේම පංති භාර සර්ටත් නිතර සිනහා ගෙන ආවා(ඒවා නිතරම අතේම පත්තු වුනා
icon_smile.gif
).
දැන්නම් නෝ මෑන් විවහප්‍රාප්ත වෙලා දරු මල්ලොත් ඉන්න වග ආරංචියි.
 
Aug 29, 2010
299
111
0
colombo
ඉබ්බගේ පන්තියට අටේදි විද්‍යාව ඉගැන්නුව සර්, ජෝන් ප්ලේයර්ට දෙවෙනි වෙන්න හිතුවෙම නෑ. ඕනෙ වෙලාවක සර්ගේ සාක්කුවේ විටමින් පෙට්ටියක් තිබුනා. වැඩියෙන් විටමින් බොන නිසාදෝ සර්ට නිතර ආපු නහය කැසිල්ලක් තිබුනා. සර් ඒකට කොයිම වෙලාවකවත් අත පාවිච්චි කළේ නෑ. සර්ට තිබුණා නහය විසින්ම නහය කසාගැනීමේ සිරා ක්‍රමයක්. සර් කටත් එක්ක නහය එහෙට මෙහෙට අඹරනවා(එතකොට නිකන් එළුවෙක් පුදුරු බුදිනවා වගේ ලුක් එකක් එනවා). සිල්වෙස්ටර් ස්ටැලොන් කට පියාගෙන කතා කරන අයිඩෙන්ටිය වගේ මේක තමා සර්ගෙ අයිඩෙන්ටිය. මේක බලලා ඉබ්බගේ ජ්‍යේෂ්ඨ පන්ති වල සහෝදරයෝ සර්ට දාලා තිබුනේ එළුවා කියලා. එළුවා කිවුවම අටේ පන්තියෙන් උඩ ඕන කෙනෙක් දන්නවා(ස’රුත් ඇතුළුව).
ඔන්න දවසක් සර් ආවා. එදා උගන්නන්න තිබුනේ ක්ෂීරපායී සතුන් ගැන. දැං සර් ක්ෂීරපායී සතුන්ගේ ලක්ෂණ සාකච්ඡා කරනවා.
සර්: ක්ෂීරාපායී සතුන් ද්වී පාර්ශ්විකව සමමිතිකයි. ඒ කියන්නේ උස අතට දෙකට කැපුවොත් හරියටම දෙකට බෙදෙනවා. (සර් ජොලි මෝඩ් එකක හිටියේ) හරියට කැපුවොත් චූ කරන එකත් ගානට දෙකට කැපෙනවා (සිනාසෙමින්…).
තවත් එකක් තමා හුස්ම ගන්නකොට උරස් කුහරයේ තියන ඉළ ඇට මෙන්න මෙහෙම උස් පහත් වෙනවා (සර් සිය දෙඅත් එක් කොට සමනළයෙක් තටු සළනවා මෙන් පෙන්වයි).
(පන්තියේ ඉස්සරහට කිට්ටු වෙන්නට හිටි සර්ගේ මුහුණ එක පාරට ක්ෂණයෙන් කළු වෙයි. ඔහු වේගයෙන් පන්තියේ දකිණු පස මැද හරියට කිට්ටු වෙයි).
සර්: මෙහෙ වරෙං තෝ මොකද්ද කිව්වේ?කාටද යකෝ තෝ එළුවා කිව්වේ?
සර් එනවිට පුටුවෙන් බාගෙට නැගිට්ටී සිටි රූපෙගේ දකුණු කන සර්ගේ වම් අතට අහු වුනා. සර් රූපෙව කනෙං ඇද්ද පාර රූපේ අඩියක් ඉතර උඩිං සර් ගාවට ඇදිලා ආවා. සර් දකුණු අතින් රූපෙට ගුටි බැට දෙනවා. රතිඤ්ඤා පුපුරනවා වගේ. චට පට ගානවා. සර්ට උපරිමේට මළ පැනලා. ඉබ්බ හිටියේ රූපෙට ඉස්සරහ පේළියේ. පන්තියේ ඔක්කොමල්ලා බිරන්තට්ටුවෙලා බලා ඉන්නවා. සර් රූපෙගේ කණ අඹරලා අත් දෙකෙන්ම ගුටි බැට දුන්නා.සර් රූපෙට පයිං එකකුත් ගැහුවා. සර් මාරාවේශ වෙලා හිටියේ. රූපෙ ෆුට් බෝලෙ වගේ ගිහිං පන්තියේ පිටිපස්සේ බිත්තියේ හප්පුනා. සර් එතනට ගිහිල්ලත් රූපෙට 2ක් 3ක් නෙලුවා. මේ ත්‍රාසජනක දර්ශනේ බලා හිටපු ඉබ්බා ඩිග් ඩිග් ගාලා ගැහෙනවා.
රූපෙ අහිංසකයා. හෝ ගාල අඩනවා. කාටද යකෝ තෝ එළුවා කිව්වේ කිය කිය සර් තලනවා. බැරිම තැන රූපෙ කිව්වුවා මම නෙමේ සර් සීනි කූරයි එහෙම කිව්වෙ කියලා.
සර්: කෝ සීනි කූරා? තමුසෙත් එනවා. ඔහොමද සර්ලට කතා කරන්නේ?
සීනි කූරව කනෙන් ඇදලා ගත්ත සර් කම්මුල් පාරවල් 2ක 3ක් දුන්නා. සීනි කූරා ඉතිං වැඩ කාරයනෙ. ප්‍රහාර වලින් ආරක්ෂා වෙන ගමන් සීනි කූරා කියාපි නෑ සර්, සර්ට නෙමේ එළුවා කිව්වෙ කියලා(කොහොමත් ඒ වෙනකොට සර්ටත් හොඳ ගණං).
සර්: එහෙනං තමුසෙ කාටද එළුවා කිව්වෙ?
මෙන්න බොලේ මූ පැනපු ගමන් කියාපි සර් ඉබ්බටයි මම එලුව කිව්වෙ කියලා. මේ අනපේක්ෂිත ප්‍රතිචාරයෙන් ඉබ්බගෙ බොක්කත් එක්ක කූල් වෙලා ගියා. දැං දීපංකො උත්තර.
සර්: කෝ කවුද ඉබ්බ කියන්නේ? (ඉබ්බා බයෙන් බයෙන් නැගිටියි)තමුසෙට මෙය එළුවද කියන්නේ?
(ඉබ්බගෙ ඔලුවත් කැරකෙන්නා සේය. සර්ව පේන්නෙත් බොඳ වෙලාද මන්දා යැයි ඉබ්බට සිතුනේය)
ඉබ්බා: (යාන්තම් වචන ගැටගසා ගනිමින්) ඔවු සර්. එකේක වෙලාවට එකේක සත්තුන්ගේ නම් කියනවා
(මට කියන්නේ එළුවා කියලා යැයි කීවොත් කොල්ලන්ව බේරාගන්නට බොරු කීවා යයි සර් ඉබ්බටත් නෙලන්නට ඉඩ ඇතැයි ඉබ්බට සිතුනේය).
ඉබ්බගේ පිළිතුරෙන් සර් සෑහීමකට පත්වූ බව පෙනුනි. රූපේ තාමත් පන්තිය පිටුපසට වී හීන් හඩ්න් අඩයි. සර්ටත් රූපෙ ගැන කණගාටුවත් ඇති වූ වග පෙණුනි.
සර්: බලනවකො. අපරාදෙනෙ තමුසෙ කරපු වැඩෙන් අර ළමයා ගුටි කෑවා. හ්ම්… ගිහින් වාඩි වෙනවා.
සීනි කූරා මදහසක් පාමින් පුටුවට ගියා. රූපෙ වාඩි වෙලා ටික වෙලාවක් යනකනුත් ඉකි ගැහුවා. ඊට විනාඩි 5කට ඉතර පස්සෙ තමා ඉබ්බට දැනුනේ හුස්ම වැටෙන වග. සර් මුකුත් වුනේ නෑ වගේ පීරියඩ් එක ඉවර වෙනකම් උගන්නලා යන්න ගියා. ඊට පස්සේ පන්තියේ හෙන ගාල ගෝට්ටිය. සිද්ධිය ගැන කතාව.
බැලින්නම් සර් අර ක්ෂීරපායී සතුන් හුස්ම ගන්න හැටි කිව්වහම සීනි කූරා රූපෙගෙං අහලා මචං, එළුවංගෙත් එහෙමද? කියලා.
රූපෙට තිබ්බ හෙන උපහාසජනක හිනාවක්. ඒක නිකං බැහැ බැහැ කිය කිය ස්ටාර්ට් වෙන එන්ජිමක සද්දෙ වගේ. ඒ හිනාවට ලක්වෙන මිනිස්සු හෙනට ලජ්ජාවට පත් වෙනවා. හරියට නිකං අර ස්කුබී ඩූ නෝන්ඩියට හිනා වෙන්නෙ, අන්න ඒ වගේ. රූපෙත් සීනි කූරට ප්‍රතිචාර හැටියට අර නෝන්ඩි හිනාව දාලා. සර්ට ඒ කතාව කොහොම එච්චර දුරට ඇහුනද මන්දා. සර්ට වැඩියම නෝටිස් වෙලා තිබුණේ රූපෙගෙ කැත හිනාව.
ඊට පස්සෙ පැයක් ඉතර යනකං ගුටි කාපු රූපෙ රතු වෙලා හිටියා. රූපෙගෙ කන හම ගිහිල්ල ලේත් ආවා. ඒ වගේ ගුටි කෑමක් නම් ආයි ඉබ්බ ලයිව් දැක්කෙ නෑ. ඒක තමා ඉබ්බ සහභාගී වෙච්ච ඇඩ්වෙන්චරස්ම රියැලිටි ෂෝ එක. ඇයි ඉබ්බත් ඒකෙ පොඩි කෑල්ලකට හිටියනෙ. හිහ්…
icon_razz.gif

 
Aug 29, 2010
299
111
0
colombo
මතකද ඒ කාලෙ කතාවක් තිබ්බ සිරිබිරියා කියලා. එකේක අය මේ කතාවට විවිධ නම් පාවිච්චි කළා. කොහොම හරි මේක ඉබ්බලගේ පන්තියටත් ආවා. පන්තියේ යාළුවෙක් හිටියා වවුලා කියලා. වවුලට මේ වගේ එකක් අහු වුනාම හරි ආතල්. ඒ වවුලගේ ටයිප් එක. වවුලගේ එහා පැත්තෙ ඉන්නෙ ගංජා මල්ලි. ගංජා මල්ලි ගොඩක් වෙලාවට ෆුල් මන්ද මෝල් පිට ඉන්නෙ. ඔන්න පීරියඩ් එකක් ඉවර වුනා. ඊළඟ පීරියඩ් එකට සර් එන්න කලිං තමා මේක වුනේ. හිටපු සර් යනකොට ආයුබෝවන් කියන්න නැගිටපු ගමන් තාම කට්ටිය හිටගෙන. ගංජා මල්ලිගෙන් සිරිබිරියා කතාව අහලා මිනිහව අමාරුවේ දාන්න වවුලට හදිස්සි වුනා. දැං වවුලා හිටගෙනම ගංජා මල්ලිට කතාව කියනවා.
මේක මේ මනමේ කුමාරයගේ මොඩිෆයිඩ් කතාවක්. ඕගොල්ලොත් ගොඩ දෙනෙක් අනිවාර් යෙන් දන්නවා ඇති
icon_smile.gif
. මෙන්න මෙහෙමයි කතාව යන්නෙ. ඔන්න මනමේ කුමාරයගේ ශිල්ප ගැන පැහැදුනු ගුරුදේවයා තමන්ගේ රූමත් දුවව මනමේ කුමාරයට සරණපාවලා දෙනවලු. කුමාරයා අළුත් මනමාළිත් අරගෙන තමංගේ රාජ්‍යයට යන්න කැලේ මැදිං එනවලු. මනමේ කුමාරි ඉතිං ළඳ බොළඳයිලු. එක පාරට කැළේ මැදිං එද්දි කොටියෙක් පැන්නලු. මනමේ කුමාරි පැනපු ගමං කුමාරයව බදාගෙන ඇහුවලු ඒ මොකෙක්ද ඒ? කියලා. කුමාරයා කිවුවලු *** ගත්තොත් කියන්නං කියලා
icon_razz.gif
. කුමාරිත් එහෙම කළාලු. ඔහොම සත්තු කීප දෙනෙක් පැනපු විදියට කතාව කියනවා. ඉතිං වවුලත් මේ ටික කිවුවා. වවුලට ඉතිං මේක හරි වැඩේ. වවුලා වට පිට කට්ටියටත් ඇහෙන්න තමා කතාව කියන්නෙ.
වවුලා දැං කතාවෙ හොඳම කෑල්ල හෙන බලාපොරොත්තු ඇතුව කියනවා.
වවුලා: ඊට පස්සෙ ඇවිදගෙන ඇවිදගෙන එනකොට සිරිබිරියෙක් පැන්නලු.
ගංජා මල්ලි සද්දයක් නැතුව ඔහේ බලා සිටියි.
වවුලා: (ටිකක් සද්දෙන්) ඊට පස්සෙ සිරිබිරියෙක් පැන්නලු.
ගංජා මල්ලි මෙලෝ ගාණක් නැතුව ඇස් ඩෙස්ක් එක උඩට යොමාගෙන ඔළුව පාත් කරගෙන ඉන්නවා. බලාපොරොත්තු බිඳ වැටිච්ච වවුලා ගංජා මල්ලිට ඇඟිල්ලෙනුත් ඇනලා ආයිත් ඒ වාක්‍යම කිවුවා. ගංජා මල්ලි නෙමේ ප්‍රතිචාර දක්වන්නෙ. දැං ඉබ්බත් ඇතුළුව පන්තියේ ගොඩ දෙනෙක්ගේ අවධානය මේ දෙන්නගෙ දිහාට ඇවිත්. බැරිම තැන වවුලා මෙහෙම කිවුවා.
වවුලා: ඉතිං අහපං ඒ මොකාද කියලා.
මෙච්චර වෙලා නිශ්ෂබ්ධව හිටි ගංජා මල්ලි
ආ…*** ගත්තොත් කියන්නං කියලා කිවුවා.
වටපිට සීන් එක බලාගෙන හිටපු එවුං හෝ ගාලා හිනා වෙනවා. වවුලට කරගන්න දෙයක් නෑ. වවුලා ඇඹරිලා ගියා. ගංජා මල්ලිට බයිට් එක දෙන්න ගිහින් වවුලා ඉල්ලං කෑවා. සෑහෙන වෙලාවක් යනකං වවුලා අනික් කට්ටියගෙං හොඳ හැටි බයිට් වුනා.
ප.ලි. ඉස්සර අටේ ඉන්න කාලෙ වවුලගේ ප්‍රියතම නිළිය තමා ජුහී චවුලා. වවුලා වචන 10ක් කිවුවොත් 9ක්ම චවුලලු. ඉතිං චවුලා කියලා කාර්ඩ් එකක් වැටුනලු. කාලයත් එක්ක චවුලා එකේ ‘ච’ යන්නෙ ඉර කැපිලා ගිහින් චවුලා වවුලා වුනා
icon_razz.gif
.
 
Aug 29, 2010
299
111
0
colombo
අවුරුද්දෙං භාගෙකුත් ගියා. දැං ඉබ්බට අටේ දෙවන වාර පරීක්ෂණේ. ඉබ්බගේ පන්තියට අල්ලපු පන්තිය දෙමළ මාධ්‍ය පන්තියක්. මෙන්න බොලේ දවසක් ඉබ්බට වඩා බාලයි වගේ පේන ගෑණු ළමයෙක් කොරිඩෝර් එක දිගේ ඇවිදගෙන යනවා. ඉබ්බගේ ඉස්කෝලෙ ඉතිං මිශ්‍ර පාසලක් නෙමෙයිනෙ. ගෑණු ළමයෙක් ඉස්කෝලෙට ආවා කියන්නේ කට්ටියට ඉතිං මාර චූන්
icon_razz.gif
. දැං කට්ටිය කොක්කු වගේ බෙලි දික් කරගෙන තුෂ්ණිම්භූත වෙලා බලාගෙන ඉන්නවා.
බැලින්නම් එහා පන්තියේ මැඩම් එයාගේ දුවව එක්කන් ඇවිල්ලා. කොහොම කොහොම හරි කතා කැරකිලා ඇවිල්ලා ඉබ්බවත් අල්ලලා කතාවක් හැදුනා. දැං කට්ටිය මේ ළමයගෙ නමවත් දන්නේ නෑ. කවුදෝ එකෙක් නමක් දැම්මා ෆාතිමා කියලා(මට හිතෙන්නේ හොර අලියා වෙන්න ඕනා). දැං ෆාතිමා දිගටම අම්මත් එක්ක හැමදාම එනවා. ෆාතිමා ඉගෙන ගත්තේ ඉබ්බලගේ ඉස්කෝලේ පේන දුරින් තිබුන අන්තර්ජාතික ඉස්කෝලෙක. ෆාතිමා එනකොට යාළුවෝ ඉබ්බට ලයින් දෙනවා. ටික දවසකින් ෆාතිමා කොරිඩෝර් එක දිගේ යනකොට යාළුවෝ ඉබ්බට හයියෙන් ෆාතිමා කියලා කතා කරනවා. බලන්න ඕනා ඒ දවස්වල කට්ටියගෙ වැඩ. ෆාතිමා එනකොට දඟලනවා, සද්ද දානවා, එක විකාරයයි(දැං මතක් වෙනකොට හිනාත් යනවා
icon_smile.gif
). කොහොම හරි ඉබ්බට ෆාතිමා කියලා කාඩ් එක වැටුනා.
ඒ දවස් වල තරුණ වයසේ හිටිය සිංහල උගන්නපු ඉබ්බලගේ අරලිය මැඩමුත් හිටපු ගමන් ඉබ්බට ෆාතිමා කියලා කතා කළා(මැඩම් ඉබ්බලගේ පන්තියත් එක්ක ෆිට). ෆාතිමා ගැන විස්තර හොයාගෙන එන අනෙක් පන්ති වල යාළුවන්ට ඉබ්බගේ යාළුවෝ තත්වේ පැහැදිලි කරලා දුන්නා. ඒකෙං මේකෙං ඉබ්බා ෆාතිමා කියලා සෑහෙන ප්‍රසිද්ධියට පත් වුනා.
ඉබ්බට ෆාතිමා කාඩ් එක වැටිලා දැං අවුරුදු 15කටත් කිට්ටුයි. තාමත් කලාතුරකින් මග තොටේදි ‘ෆාතිමා’ කියලා කතා කරනවා ඇහිලා හැරිලා බැලුවම ඒ කාලෙ පන්තියේ හිටපු යාළුවෙක් හිනා වේගෙන ඉස්සරහට එනවා. ඔන්න ඔහොම තමා ඉබ්බ ෆාතිමා වුනේ. හොර අලියනම් තාමත් ඉබ්බට කියන්නේ ‘ෆාති’ කියලා.
ෆාතිමා කාඩ් එක නිසා ඉබ්බගේ ජැක්සන් කාඩ් එක හිමීට සමනය වෙලා ගියා
icon_smile.gif
.
 
Last edited by a moderator:
Aug 29, 2010
299
111
0
colombo

ඉබ්බ combined maths ක්ලාස් ගියේ පැළවත්තේ පියතිලක සර්ලගේ ගෙදරට. ඒක ගෲප් ක්ලාස් එකක්. 30කට වඩා ඉන්න ඇති මගෙ හිතේ. බාගෙකටත් වඩා ග්‍රෙගරි මහත්තයගේ පාරෙ තියන ඉස්කෝලෙට ගියේ. ඉබ්බලගේ පන්තිය පටං ගන්නෙ හවස 6ට. හයේ ඉඳලා රෑ 8 වෙනකං තමා පන්ති තියෙන්නෙ. සඳුදා applied. සිකුරාදා pure.ටියුෂන් පන්තියෙත් මරු කට්ටියක් හිටියා. පියතිලක සර්ගේ පන්තියේ කතාත් හිමීට ලියන්න තමා ඉබ්බගේ කල්පනාව.මේවත් ඒ රස කතා වලටම තමා අයිති
icon_smile.gif
.
එදා ඉබ්බ පන්ති ගිය මුලම දවස. හරියටම කියනවනම් 2000හේ ජනවාරි 10 වෙනි සඳුදා(මේ ඊයෙ පෙරේදා ඒ පොත කබඩ් එකක් අස්සෙ තිබිලා හම්බුනා
icon_smile.gif
). ඉබ්බ කලින්ම ගිහින් සර්ගේ ඉබ්බලට උඩ බැච් එක ඇරෙනකං ගේට්ටුව ගාවට වෙලා හිටියා.ටික වෙලාවකින් පොත් මිටියක් අරගෙන සීනි කූරත් ආවා. තවත් ටිකකින් මෙන්න බොලේ හොර අලියා එනවා.දැං තුන්දෙනාම කතා කර කර ඉන්නවා.ටික වෙලාවකින් කිසිම හේතුවක් නැතුව හොර අලියා ඉබ්බයි සීනි කූරයි හිටපු තැනිං පොඩ්ඩක් එහා තණකොල ගොඩක් උඩට ගිහින් ආවා. හොර අලියා මොකටද තකහනියක් එතනට ගියේ කියලා ඉබ්බටවත් සීනි කූරටවත් තේරුනේ නෑ.මෙන්න බොලේ ඊට පස්සෙ බලනකොට හොර අලියා බලු ජරාවක් පාගගෙන ඇවිල්ලා.බලු ජරාව අහක හිටපු හොර අලියව ඇදලා අරං පෑගෙවුවා වගේ තමා පෙනුනේ. ඉබ්බයි සීනි කූරයි ඇතිවෙන්න හිනා වුණා. හොර අලියත් රතු වුණා.

පන්තියේ සීනි කූරයි හොර අලියයි ඉබ්බයි හැමදාම ඉඳගත්තෙ දෙවෙනි පේළියෙ. පළවෙනි දවසේ ඉඳලා අන්තිම දවස වෙනකම්ම.දවසක් පන්ති පටං ගන්නකොට හොර අලියා ඉබ්බටයි සීනි කූරටයි කිවුවා ටොයිලට් යන්න ඕනෙ කියලා. ඉබ්බයි කූරයි ඉතිං එච්චර ගණං ගත්තෙ නෑ.ළඟපාතක පේන්න ටොයිලට් එකක් තිබ්බෙත් නෑ. සර්ගෙ ගෙදර පිටිපස්සෙ හදපු වෙනම කෑල්ලකයි ක්ලාස් තිබ්බෙ.ඒ කාලෙ අර කරන්ට් කපන කාලෙ.සර් චාර්ජ් වෙන ලයිට් හයි කරනකං ඉටි පන්දම් වලින් තමා පන්තිය එළිය කළේ.දැං පන්තියේ මැදක් ගිහින්. හොර අලියා ඉබ්බගේ කණට කරලා කිවුවා
“දැං නම් ගොඩක් අමාරුයි මචං සර්ට කියපන්කො” කියලා.
හත් දෙයියනේ, කොහොම සර්ර්ට කියන්නද? ඒ මදිවට ඉස්සරහම පේළියෙ ඉඳං? එහාපැත්තෙ කෙල්ලො සෙට් එකකුත් ඉන්නවා. ඒ කාලෙ දන්නෙ නැද්ද, ලැජ්ජයිනෙ.ඉබ්බත් හ්ම් නොකිය හිටියා.බැරිම තැන හොර අලියා කූරට කිවුවා.
කූර කියනවා “කොහොමහරි තද කරගෙන හිටපං මචං, තව පොඩ්ඩයිනෙ” කියලා.
ඌටත් මේක කියන්න ලැජ්ජයි.දැං හොර අලියා එහාට ඇඹරෙනවා, මෙහාට ඇඹරෙනවා. ඉන්නම බැරි තැනට ඇවිත්. මට මේ දැනුත් රතු වෙලා කරත්ත රෝදෙට අහු වෙච්ච කජු ගෙඩිය වගේ තිබ්බ හොර අලියගේ මූණ මැවිලා පේනවා
icon_razz.gif
.තත්වය එන්න එන්නම දරුණු වුනා. මේ කේස් එක නිසා ඉබ්බට උගන්නන ඒවා ඔළුවට යන්නෙත් නෑ.හොර අලියට මෙතනම ගියොත් එහෙම මාර සීන් එක.
බැරිම තැන ඉබ්බ අතක් බාගෙට උස්සලා “සර්…” කිවුවා.
සර් ඉබ්බ දිහා බැලුවා.
සීනි කූරා බංකුවේ එහා කෙළවරේ ඉඳලා හොර අලියව අතින් පෙන්නලා “සර්…මේ මෙයා…” කිවුවා ඉතරයි මෙන්න බොලේ පැනපු ගමං සර් එහා පැත්තෙ තිබුණ දොරක් පෙන්නලා කියාපි
“ආ…ඔය ඔතනිං කෙළිංම ගිහින් වමට යන්න” කියලා.
පියතිලක සර්ට කොහොම දිවැස් පහළ වුණාද මන්දා.ඊට පස්සෙ ඉබ්බ දැක්කෙ හොර අලියා බංකුවෙන් අතුරුදහන් වෙලා විනාඩි 10කට ඉතර පස්සෙ දොරෙං මතු වෙනවා ඉතරයි.සර්ගෙ කතාවෙං පස්සෙ කට්ටියට හිමීට ක්ලික් වුනා මොකද වෙන්නෙ කියලා. දැං හොර අලියා පන්තියේ නෑ. පිටිපස්සෙ කට්ටිය හම්… ගානවා, මීක්…ගානවා, එකේක සද්ද.සමහරු හිමීට ඇහෙන්න නෑහෙන්න අහනවා ඒ…මොකද වුනේ? කියලා.හීන් හිනාවලුත් ඒ අතර ඇහෙනවා.ඉබ්බයි සීනි කූරයි තොල විකාගෙන බෝඩ් එක දිහාම බලාගෙන හිටියා.ටික වෙලාවකින් හොර අලියා මුකුත් වුනේ නෑ වගේ ඇවිත් බංකුවේ වාඩි වුනා. දැන් පොඩි පොඩි කසු කුසු ඇහෙනවා.විනාඩියකිං ඉතර පියතිලක සර් ඇතුලට ගියා. දැං පන්තියේ සද්දෙ.
පිටි පස්සෙ හිටපු ඌරා හරි, මයියා හරි හයියෙන් කිවුවා “ආ…සර් වතුර පාරක් ගහන්න ගියා” කියලා.
මුළු පන්තියම බක බක ගාලා හිනා වෙනවා.
කවුද මන්දා පිටි පස්සෙ ඉඳලා හයියෙන් කියනවා “ආ…කෙළිංම ගිහින් වමට යන්න…” කියලා.
ඔක්කොමලා ආයිත් හිනා වෙනවා. කොහොමහරි වැඩි හරියකට උත්තර බඳින්න වුනේ කූරටයි ඉබ්බටයි. කූරයි ඉබ්බයි හොර අලියට බණිනවා මොනාද යකෝ කළේ කියලා. කොහොම කොහොම හරි ඊට පස්සෙ හොර අලියව දැක්කම කට්ටිය කියන්නෙ
ආ… මචං, කෙළිංම ගිහිං වමට හැරෙන්න කියලයි
icon_razz.gif
.