More Court cases against Gota

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වයට විරුද්ධව නැවත වතාවක් විරෝධතා ගොනු කිරීමට සූදානම් වෙමින්.

    ඔහුගේ ප්‍රති පාර්ශවයන් විසින් මෙවර විරෝධතා ගොනු කිරීමට සූදානම් වන්නේ නාම යෝජනා භාර ගැනීමේ අවසන් කාලසීමාවෙන් පසු ලබා දෙන විරෝධතා සඳහා වූ කාලයේදීය.

    එහි දී ඔවුන් මතු කරන්නට යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය නිසිලෙස අහෝසි කර නොගත් එනිසා 19 වන සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියකුට මෙරට ජනාධිපතිවරණයකට ඉදිරිපත් කිරීම හැකියාවක් නැති බවයි.

    මැතිවරණ කොමිසම එම විරෝධතා පිළි නොගත හොත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය අභියෝගයට ලක් කිරීමටද ඔවුන් සැලසුම් කර සිටිති.

    ඊයේ අභියාචනාධිකරණ තීන්දුවෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ඇමරිකා පුරවැදි භාවය නිසි ලෙස ඉවත් කර ගැනීමක් ගැන කරුණු හෙලි නොවූ බවද ඔවුනගේ තර්කයයි.


    source
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තවත් පෙත්සම් 4ක් හෙට (07) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට නියමිතව පවතින බව වාර්තා වේ.

    ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ද හෙට දිනයේ සිදු කෙරෙන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැතිය යන පදනම මත මෙම පෙත්සම් ගොනු කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

    විශේෂයෙන්ම ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය මෙහිදී යළි අභියෝගයට ලක්වීමට නියමිතය.


    source