...... අද හෙට ඔබ මා ..........
අද හෙට ඔබ මා
අතහැර යන බව
දැනගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා
ඔබ රවටා නැත ඔබ හඩවා නැත
දැන දැන මා නම් වැරදි කලේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසට තතු නොහැගෙයි
අද හෙට ඔබ මා ……………
යොමු වී වෙනතක ඔබ තනි වු දින
තනියට සිටියේ මා පමණයි ලග
දැන් ඔබ මා රිදවා
යලි වෙනතක බැදිලා
අද හෙට ඔබ මා …………….
ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
---------------------------------------------------------------------------
........ ආදර ලොවේ අපි හමුවුනේ ......
ආදර ලොවේ අපි හමුවුනේ
කදුළැල් සළා අපි වෙන්වුනේ
සතුටින් වෙළි සුවද දි ළගහිදී
හැගුමන් අපේ වේදනා තොරනොවී
සැකයෙන් එදා අපි කිව්කතා
ආදර ලොවේ අපි හමුවුනේ
කදුළැල් සළා අපි වෙන්වුනේ
මාපිය කතා එරෙහිවු විට එදා
පැතුමන් අපේ විසුනුවී ගියෙ සදා
ආදර ලොවේ අපි හමුවුනේ
කදුළැල් සළා අපි වෙන්වුනේ
ගායනය - ජයශ්ර්
---------------------------------------------------------------------------
........ අඩවන් දෑසින් පවසනු රහසින් ........
අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්
පමා වෙවී හිඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි
සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
ජීවිත උතුරා යයි උතුරා යයි
අවුල් දුහුල්වල සිහිල් පහස මැද
රගනා රංගන නොනවත් වනු මැන
ඒ ගී හඩ මුලු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි
සුළු මොහොතයි
රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ
හෙට දින එය මිය යයි මිය යයි
ගායනය - වික්ටර් රත්නායක
-------------------------------------------------------------------------
........ ආදරේ රන් බිඟුන් නැසූ .........
ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලදේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ තමයි ලදේ
ගලන ගඟුලක් ලෙසින් දුටු
ඔබයි මිරිඟුව මුවන් නැසු
රසය ඇති කර පනක් නැසු
ඔබයි පැණි බිඳ විසක් මුසු
රුදුරු ලෙස කැළඹිලා හැමු
සුළඟ ඔබවෙයි පහන් නිවු
මෙවන් කීවත් ළදේ එසේ
සුපුන් සඳ ඔබ තමයි මගේ
ගායනය - මර්වින් පෙරේරා

