Most Downloaded Movies & TV shows on BitTorrent, 2013

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,855
    2,160
    113
    Galle


    අන්තර්ජාලයේ බිට් ටොරන්ට් බාගත කිරීම ජාලයක් වන "ටොරන්ට් ෆ්‍රීක්" වෙබ් අඩවිය විසින් මෙම වසර තුල වැඩියෙන්ම බාගත කරන ලැබුවාවූ චිත්‍රපට හා රූපවාහිණී කථාමාලා වල ලැයිස්තුවක් සකසා ඇත. මෙම සංස්කරණය සඳහා දත්ත 2013 ජනවාරි මාසයේ සිට 2013 දෙසැම්බර් මැදභාගය වන තෙක් සළකාබලා ඇති අතර් මෙම දත්ත උකහාගෙන ඇත්තේ අන්තර්ජාල ටොරන්ට් බාගතකිරීම් සේවාවල බාගත කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති ටොරන්ට් ගොනු (torrent files) පිලිබඳ දත්ත බාගත කරන මුදෘකාංග සඳහා (torrent download clients) ලබාදෙන "public BitTorrent trackers" ලෙස හැඳින්වන සේවාවන් ඔස්සේය.

    BitTorrent tracker යනු බාගත කල හැකි ගොනු පිලිබඳව නිරන්තරව යාවත්කාලීන වෙමින් එම ගොනුවෙත ටොරන්ට් මෘදුකාංග යොමුකරන සර්වර් වර්ගයක් ලෙස සරලව පැහැදිලි කල හැක. මෙයින් "PublicBitTorrent" හා "OpenBitTorrent" යන BitTorrent tracker සේවාවන් දෙක එක්ව නිරන්තරයෙන් ටොරන්ට් ගොනු මිලියන 5ක පමණ තොරතුරු යාවත්කාලීන කරගනිමින් බාගත කරන්නන් හට ලබාදෙයි.

    තවත් වාර්තාවකට අනුව ලොව වැඩියෙන්ම ටොරන්ට් බාගතකිරීම් සඳහා භාවිතාකෙරෙන "පයරට් බේ" අඩවියට අලුතින් ඇතුලත්කරන (new uploads) ලබන ගොනු ප්‍රමාණය 50%කින් පසුගිය වසර තුල ඉහල ගොස් ඇත. මෙසේ සිදුවී ඇත්තේ අමෙරිකාව තුල නිතිවිරෝධී බාගතකිරීම් සඳහා නීතිරීති ඉතා දැඩිවෙමින් පවතින වකවානුවකය.

    අමෙරිකාවේ මිනසෝටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින්ට අනුව මෙතරම් විශාල සංඛ්‍යාවක චිත්‍රපට හා රූපවාහිණී කථාමාලා ටොරන්ට් ආධාරයෙන් නීතිවිරෝධීව බාගත කරගනු ලැබුවත් චිත්‍රපට හා රූපවාහිණී වැඩසටහන් ලොවේ දැවැන්තයා වන අමෙරිකාවේ චිත්‍රපට හා රූපවාහිණී වැඩසටහන් නිශ්පාදකයින්ගේ ආදායමේ අඩුවක් දකින්නට නොමැත. උදාහරණයක් ලෙස අමෙරිකාවේ චිත්‍රපට අලෙවියෙන් 2012 වසරේ ලැබූ ආදායම ඩොලර් බිලියන 10.8 වන අතර 2013 වසරේදී එය ඩොලර් බිලියන 10.9ක්වේ. එමෙන්ම මේ ආදායම අමෙරිකාව තුල දේශීය වෙළඳපොලෙන් ලැබූ ආදායම් පමණකි. අන්තර්ජාතික වෙළඳපොලෙන් අමෙරිකානු චිත්‍රපට අලෙවි ආදායම් මෙහි ඇතුලත් කොට නොමැත. ඒ අනුව අමෙරිකානු චිත්‍රපට හා රූපවාහිණි වැඩසටහන් නිර්මාණකරුවන් අන්තර්ජාල බාගත කිරීම් නිසා තමන්ගේ ආදායම විශාල ලෙස අඩුවෙන බවට කොතෙක් තර්ක ඉදිරිපත් කලත් එම තර්ක හා ආදායම් වාර්තා නොගැලපෙන බව මෙම පර්යේශකයින් පෙන්වාදෙයි.

    2013 වසරේ වැඩියෙන්ම බාගතකරනු ලැබූ චිත්‍රපට

    2013 වසරේ වැඩියෙන්ම බාගතකරනු ලැබූ රූපවාහිණී වැඩසටහන්

     
    • Like
    Reactions: Wild-EYE

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    11.gif
    11.gif
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    HIMYM & TBBBT ඇරුනහම අනිත් ඔක්කොම මාත් බාලා තියනවා :P