News Slider
විදෙස් ආධාර ගසාකන ‘මෝට්වේෂන් අප්පච්චිගේ කැරැට්ටුව මෙන්න..! ගෝල්ෆේස් සටන අස්සේ ගලදාරී හෝටලයේ සුර සැප..!
April 21, 2022 Kamal Dhammika
තරුණ සටන්කරුවන් දිවා රෑ නොබලා ගෝල්ෆේස් සටන් බිම තුල ඉතා දුෂ්කර කොන්දේශී යටතේ අරගලයේ නිරතව සිටින විට ඇතැම් අවස්ථාවාදී, බඩගෝස්තරවාදී යුටියුබ් ක්‍රියාකරුවන් එය තමන්ගේ මඩිය තරකරගන්නා තවත් එක් තෝතැන්නක් බවට පත්කරගෙන තිබේ.
මෝටීවේෂන් අප්පච්චි නමින් පෙනී සිටින තැනැතා ඒ අතර කැපී පෙනන චරිතයකි. මෙම අරගලය තම මඩිය තරකරගන්නා අවස්ථාවක් බවට මොහු පත්කරගෙන තිබේ. ඒ බව තහවුරු කෙරෙන වැදගත්ම සාදකය වන්නේ මොහු මෙම කාලය පුරාවටම නවාතැන් ගෙන තිබෙන්නේ කොළඹ ගලදාරී හෝටයේය. එහි සුපිරි ජීවිතයක් ගතකරමින් දිනකට වරක් දෙවරක් අරගල බිමට ඇවිත් ෆේස්බුක් ඔස්සේ සජීවි යමක් පෙන්වමින් තමන් අරගලයේ ප්‍රබල කොටස්කරුවෙකු බව පෙන්වීම මොහුගේ සුපුදු දින චරියාව වී තිබේ. වරෙක මොහු ඉල්ලා සිටියේ මෙම අරගලයට මුදල් එවනවා නම් තමාට පමණක් ලබාදෙන ලෙසය.
ගලදාරී හෝටලයේ අංක 1026 දරණ කාමරයේ පසුගිය 10 වෙනිදා සිට අප්‍රේල් 19 දක්ටා රැදී සිටි මොහු ඒ සදහා කාමර කුලිය පමණක්දිනකට 10500 බැගින් රුපියල් 105000ක් ගෙවා තිබේ. එ පිලිබද සියලු තොරතුරු අප සතුවේ.
මීට අමතරව මොහු දිනපතා විවිධ කාන්තාවන් සමග මෙම ගලදාරී හෝටයේ රාත්‍රිය ගතකර තිබෙන අතර ඉතා යහමින් වියදම්කරමින් ඉතා සුඛෝපබෝගී ජීවිතයක් ගතකරමින් සිටී. දිනපතා සම්බාහන මධ්‍යස්ථානයට යෑමත් සුරූපි තරුණියන් සමග කාලය ගත කිරීමත් මොහුගේ ජීවන විලාසිතාව වී තිබේ.
මීට කලකට පෙර විවිධ රැකියා කරමින් සිටි මොහු එකල හැදින්වුයේ සංජු අමරසිංහ යන නමිනි. දියත උයන පරිශ්‍රයේ විසිතුරු මසුන් තබාගෙන ‘පිෂ් තෙරපි‘ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය මොහු පුස කලෙක පසුගිය ජනාධිවරණයේදී සජිත් පේමදාසට වැඩ කල තවත් යුටියුබ් ක්‍රියාකාරිකයෙකු වන අශේන් සමග එකතුවී මෙලෙස මෝටීවේෂන් අප්පච්චි නමින් පෙනී සිටිමින් දිලිදු ජනතාවට ආධාර උපකාර කරන මුවාවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් උපයගැනීමේ ජාවාරමට අත තැබීය.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රබල භූමිකාවක් ඉටුකල මොහු අද රටතුල රාජපක්ෂ පවුලට මතුවී ඇති දැඩි විරෝධය හමුවේ මොහු වෙස්වලාගෙන සිටින්නේ මහා දැවැන්ත රාජපක්ෂ විරෝධියෙකු ලෙසය.
මීට අමතරව මෙම මෝටීවේෂන් අප්පච්චිගේ කළු චරිතය පිලිබදව තොරතුරු රැසක් අප වෙත ලැබෙමින් පවතින අතර ඒවා ඉදිරියේදී හෙළිදරව් කිරීමටද බලාපොරොත්තු වේ.
අප රටේ ජනතාවගෙන් හා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ රට හමුවේ මහා සුද්දවන්තයින් ලෙස පෙනී සිටින මෙවැනි කපටි , දුෂිතයින්ට තව දුරටත් නොරැවටෙන ලෙසයි.
සුර සැප විදින වීඩියෝව –
https://www.facebook.com/colomboxnews/posts/3101574493435916?