Motorcycle engine bore help

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සුබ උදෑසනක් එළකිරි වැසියනි.. ඔන්න උදේ පාන්දරම මට ලොකු උදව්වක් ඕනා.. දැන් ලගකදී ඉදන් මගේ පුටාර් එකේ ඔව් ඔව් මෝටර් බයිසිකලේ එන්ජිල් ඔයිල් පිච්චෙනවා වැඩියි. එන්ජිමෙන් කිසිම ලීක් එකක් එලියට පෙන්න නෑ. සයිලන්සර් එකෙන් තෙල් එලියට එන්නෙත් නෑ. බයිසිකලෙන් සුදු, කළු කිසිම දුමක් එන්නෙත් නෑ. සාමාන්‍ය පරිදි ඒක වැඩ.

    නමුත් මේ තෙල් අඩු වෙන එකට අද සර්විස් සෙන්ටර් එකෙන් උදේ ප්‍රශ්නේ කියලා මොකද කරන්නේ කියලා අහද්දී කියුවා එන්ජිම බෝර් කරන්න වෙයි කියලා. එහෙම කරනවා නම් 8000/= වගේ යයි කියුවා වැඩ ටිකට(ටයිමින් චේන්, වෑල් අනම් මනම් එහෙම දාලා). එහෙමත් නැත්නම් හොදම විදිය තමයි බෝර් කරපු එකක් තියෙන එක කියලා කියුවා. දැන් මේ බෝර් කරපු එකක් තිබ්බහම එන්ජිමේ ආයු කාලය වැඩියි ලු. ඒක බජාජ් එකෙන්ම කරන එකක් කියලා කියුවේ.. මේක කරනවා නම් 15,000/= වගේ යයි කියුවා. එහෙම කලොත් එන්ජිම කරදරයක් නැතුව ගොඩ කාලයක් දුවන්න පුළුවන් කියුවා. දැනට මයිලේජ් එක 58500 වගේ. උදේ ඔෆිස් එන්න හදිස්සිය නිසා වැඩි විස්තර අහන්න හම්බුනේ නෑ..

    දැන් මේකේ හොදම විසදුම මොකක්ද මචංලා? මම ඔය බෝර් කරනවා කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. දන්න කෙනෙක් කරදරයක් නැත්නම් තේරුම් කරලා මෙතනින් හොදම විසදුම මොකක්ද කියලා කියන්නකෝ.. මගේ බජට් එක බැලුවොත් හොදම option එකට යන්නේ..


    fnSh5Sk.jpg

    අන්තර් ජන්ජාල පින්තුරයක්..
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    බෝර් කරන්න කලින් පිස්ටන් රිංග්ස් සෙට් එකක් දාල ගොඩ දාන්න පුළුවන් වෙයි ගලවල බලපන් .... බෝරෙ පැන්තට ගෙවිල නැතිනම් අව්ලක් නෑ.... රිංග්ස් දාල හුඟක් විට ගොඩදාන්න පුළුවන් ගානත් අඩුයි යන..... අනික බෝරෙ පදම් වෙනකම් බඩගාන්න ඕනත් නෑ...
    රු 4K විතර යයි...


     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බෝර් කරන්න කලින් පිස්ටන් රිංග්ස් සෙට් එකක් දාල ගොඩ දාන්න පුළුවන් වෙයි ගලවල බලපන් .... බෝරෙ පැන්තට ගෙවිල නැතිනම් අව්ලක් නෑ.... රිංග්ස් දාල හුඟක් විට ගොඩදාන්න පුළුවන් ගානත් අඩුයි යන..... අනික බෝරෙ පදම් වෙනකම් බඩගාන්න ඕනත් නෑ...

    ඔව් මචන් තවම ගලවලා බලන්න සෙට් උනේ නෑ. අලුත් අවුරුද්දට පස්සේ අදයි සර්විස් ස්ටේෂන් එක ඇරියේ.. බයිසිකල් පෝලිමයි සර්විස් කරන්න. මම හෙට දීලා මුලින්ම මේකට මොකක්ද කරන්න ඕනා කියලා ගලවලා බලන්න කියන්නම්??
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Ai man mehema eewa karanna wenne ??? Engine ekee awl da nathnam padina vidiye awlak da ??
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ai man mehema eewa karanna wenne ??? Engine ekee awl da nathnam padina vidiye awlak da ??

    58000 k divva kiyanne engine overhaul ekata kale hari

    Authorized service agent maintain කලේ මචන්. දැන් බයික් එකට අවුරුදු 10ක් වෙනවා. මම තමයි හැමදාම පදින්නේ. මොන මගුලක් වෙලාද මන්දා ඉතින්... :dull:
     

    apple.buddika

    Active member
  • රීබෝර් කලත් එන්ජිම පාදම් වෙනකන් 40 වඩා යන්න බෑ බන්. මමනම් කියන්නේ රීබෝර් කලානම් ඇති. piston rings දාල වැඩක් නැ බන්. එහෙම කලාට කමක් නැ උබ ඕක විකුනන්න හදනවනම්. මොකද piston rings එක තාවකාලික රැවටිල්ලක්. ඔය ඉන්දියන් ඒවගේ රින්ග් දාල දුවන්න බැ. රීබෝර් කරලා piston, val, timing chain අලුතෙන් දාල ගනින්. අලුත් එන්ජිමක තත්වෙම එනවා.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    රීබෝර් කලත් එන්ජිම පාදම් වෙනකන් 40 වඩා යන්න බෑ බන්. මමනම් කියන්නේ රීබෝර් කලානම් ඇති. piston rings දාල වැඩක් නැ බන්. එහෙම කලාට කමක් නැ උබ ඕක විකුනන්න හදනවනම්. මොකද piston rings එක තාවකාලික රැවටිල්ලක්. ඔය ඉන්දියන් ඒවගේ රින්ග් දාල දුවන්න බැ. රීබෝර් කරලා piston, val, timing chain අලුතෙන් දාල ගනින්. අලුත් එන්ජිමක තත්වෙම එනවා.

    මේකද අර 15ක් වගේ යනවා කියුව වැඩේ මචන්?? මගෙන් ඩයල් එක ඇහුවා විකුනන්නේ නැත්නම් 15ට යන වැඩේ කරමු කියලා. මම නම් මේක විකුනන්නේ නෑ..
     

    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    machan okata dana oil eka mokakda. Low quality oil demmahamath ohoma wenna puluwan. Engine pickup eka adu nethnam engine repair karana eka aparade
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com