පොදු අවශ්‍යතා
අඳුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුය.
ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතේ අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.
මාර්ග ගත ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබා ගැනීමේදී ජායාරෑප රැගෙන එම අවශ්‍ය නොවන අතර පරිඝණක ක්‍රියාවලියේදී අදාල ජායාරෑප ලබා ගනු ලැබේ.මාර්ග අපගත ක්‍රමය භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ජායාරෑප දෙකක් අවශ්‍ය වේ.
ප්‍රථම වරට රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කල යුතුය.
1 සැහැල්ලු වාහන සඳහා නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
වයස අවු:17 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකිය.
ලිඛිත පරිෂණයයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැක.
ප්‍රයෝගික පරීක්ෂණයට පෙනී සිටීමට වයස අවු:18 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුගෙන් එම්.ටී.ඒ. 31 ඒ ආකෘතියේ මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය
නව රියදුරු බලපත්‍රය - එක් වාහන පන්තියක් 1700.00
නව රියදුරු බලපත්‍රය - වහන පන්ති 02 ක් 2000.00
නව රියදුරු බලපත්‍රය - වාහන පන්ති 03 ක් හෝ ඊට වැඩි 2250.00
driving school yanna one naha,uba kage ekakin purudu weyan.ethana kon wal waddanne nathiwa yanna thiyenne,eka amaru deyak neme