Motorcycle Maintanence Tips 02

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මගේ Motorcycle maintanence Tips ත්‍රෙඩ් එකේ දෙවැනි කොටස මේ.

    අද කියන්නේ බයික් එකේ තෙල් පිරිමැහෙන විදියට දුවන්නේ කොහොමද කියල.

    01 උදේ පාන්දර ෂෙඩ් එකෙන් තෙල් ගහන්න :yes::cool:

    මේකයි හයිඩ්‍රොකාබන වල තාපාංක සාපේක්ෂව අඩුයිනේ. ඒව රත් වෙනකොට ඒකක පරිමාවක තියෙන අණු ප්‍රමාණය අඩුවෙනව ප්‍රසාරණය නිසා ;) උදේ එහෙම අවුලක් නෑ. ඒ නිසා පුලුවන් තරම් උදේට තෙල් ගහන්න. ලීටර 12ක් ගහනව නම් මිලිලීටර සැලකිය යුතු ප්‍රමාණයක තෙල් ප්‍රමාණයක් අඩුවෙන් ලැබෙන එක වලක්ව ගන්න පුලුවන්.

    02 පුලුවන් තරම් අඩුබරක් ඇතිව යන්න.

    ඉන්න හැම එකාම බයික් එකේ හේතුවක් නැතිව එල්ලන් යන්න එපා. පුුලුවන් තරම් බයික් එකට බර අඩුවෙන් දුවන්න ඒකෙනුත් සැලකිය යුතු ප්‍රමාණයකින් තෙල් ඉතිරිකර ගන්න පුලුවන්.

    03 අනුමත එන්ජින් ඔයිල් දාන්න

    මොකද සමහර එන්ජින් ඔයිල් නිසා බයික් එකේ ෆර්ෆෝමන්ස් අඩුවෙන්න පුලුවන්. :D:yes:

    04 පුලුවන් තරම් වැඩි ගියර් වල ඒකාකාරී වේගෙන් යන්න බලන්න.

    හැකි සෑම වෙලාවකම ඉහල ගියර් වල 40-50ත් අතර වගේ යන්න බලන්න. තේරුමක් නැති විදියට අැක්සලරේට් කරන්න යන්න එපා.

    05 කෙටි වෙලාවක් සඳහා බයික් එක ඕෆ් කරන්න එපා

    සාමාන්‍යයෙන් විනාඩි දෙක තුනකට වඩා නවතින්නේ නැත්නම් එන්ජිම නවත්තන්න එපා :no:

    06 ටයර්වල හුලන් ප්‍රමාණයන්.

    සාමාන්‍යයෙන් අනුමත හුලන් ප්‍රමාණයන් සති 3කට හෝ අඩුම 4කට වතාවක් වත් චෙක් කරන්න. මේකෙනුත් තෙල් ඉතිරි කරගන්න පුලුවන්.

    07 බයික් එකේ ඉස්සරහ ඩිස්ක් බ්‍රේක් තියෙනව නම් ඒගැන මේ ආකාරයට සලකල බලන්න

    සමහර බයික් වල ඉස්සරහ ඩිස්ක් බ්‍රේක් චාටර් බයික් එත තල්ලු කරන කොට තේරෙනව ටිකක් තද ගතියක්. ඒක හදාගන්න පුලුවන් බේක් ඔයිල් ගානට දාල

    08 තෙල් ෆුල් ටෑන්ක් ගහන්න එපා.

    මේකනම් එච්චරම අවුලක් නෑ බට් තියරටිකලි මේක ඇෆෙක්ට් වෙන්න පුලුවන් මොකද තෙල්වල බර වැටෙන නිසා

    09 කාබ් එක හරියට ටියුන් කරගනින්.

    මේක ටිකක් දන්න හාදයෙක්ට කියල කරගන්න ඕන දෙයක්. ඒ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම්.

    10 බයික් එකට නිර්දේෂිත විදියට පාට්ස් දාපන් :D

    මචන්ලා ලස්නට කියල 100 ටයර් එක තියෙන එකට 120 ඔබන්න යන්න එපා :growl::no: තව ෆේක් රේඩියේටර් වගේ ප්ලාස්ටික්, ෆයිබර් ගැජමැටික්ස් එන්ජිම ඉස්සරහින් එල්ලගන්න එපා. :growl::no:

    ඔය ඉහත දේවල්වලින් ඇතැම් ඒවා වැඩිය වැදගත් නෑ , ගොඩක් වැදගත් වෙන්නේ රයිඩින් ස්ක්ල්ස් තමයි. :yes::yes::cool::cool: තව බර, හුලන් වැදගත් වෙනව :cool:

    තව මතක් උනොත් මම දාන්නම්

    ත්‍රෙඩ් එක වැදගත් උනානම් රෙප් දීගෙන යන්න, හෙටත් මම දන්න දේවල් ටිකක් දාල ත්‍රෙඩ් එකක් දාන්නම් :D;):yes:
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මගෙ බයික් එකෙ මෙන් ස්ටැන්ඩ් එක ගහලා ඉස්සරහ රොදෙ අතින් කැරකෙව්වට කැරකෙන් නැ..තදයි.. බ්‍රෙක් ඔයිල් දැම්මහම හරියනවද බන්...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගෙ බයික් එකෙ මෙන් ස්ටැන්ඩ් එක ගහලා ඉස්සරහ රොදෙ අතින් කැරකෙව්වට කැරකෙන් නැ..තදයි.. බ්‍රෙක් ඔයිල් දැම්මහම හරියනවද බන්...

    පිස්සු කෙලින්න එපා යකෝ....බ්රේක් හදා ගනින් ගිහින්..නැත්තන් ඩිස්ක් එක කැපෙයි ඉක්ක්මනටම...
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ජන්තු අයියා;16855392 said:
    පිස්සු කෙලින්න එපා යකෝ....බ්රේක් හදා ගනින් ගිහින්..නැත්තන් ඩිස්ක් එක කැපෙයි ඉක්ක්මනටම...

    අම්මට හුඩු එහෙමද.. එක හදන්නෙ කොහොමද බන්..මන් ඔවා ගැන මුකුත්ම දන් නැ..
    :shocked::shocked::shocked:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අම්මට හුඩු එහෙමද.. එක හදන්නෙ කොහොමද බන්..මන් ඔවා ගැන මුකුත්ම දන් නැ..
    :shocked::shocked::shocked:

    පිස්සුද බන් බ්‍රෙක් ඔයිල් දාන්න :shocked::shocked::shocked: කිසිම ලූබ් එකක් එකක් ඩිස්ක් එකට දාන්න එපා. ගොඩක් තදයිද?, තල්ලු කරනකොට සීන් වගේ සද්දයක් එනවද? එහෙම සද්දයක් එනව නම් ඒ සද්දේ කැඩි කැඩි වගේ ඇහෙනවද?

    මේකට මචං කරන්න තියෙන්නේ මුලින්ම බලන්න ඕන බ්‍රෙක් ඔයිල් ගානට තියෙනවද කියල, තව කැලිපර් එක ගලවල ඇතුලෙ පිෂ්ටන් ටෙස් කරන්න ඕන ඔයිල් ලීක් අරව මේව තියෙද කියල.

    අර කිව්ව වගේ මේක හදා ගනින් මචං ඩිස්ක් එක කැපුනොත් අපරාදේ. බ්‍රෙක් පෑඩ් වගේ නෙමේ නේ. දන්න බාස් කෙනෙක්ට පෙන්නන්න. ඔහොම තදට පදින්න එපා. ලාවට තද ගතියක් තියෙන එක නොර්මල් එතකොට රෝදේ කරකැව්වම කැරකෙන්න ඕන වට දෙකක් වගේ. කිසිම ලූබ් එකක් නම් දාන්න එපා :no::no::no::growl:
     
    • Like
    Reactions: Juwanis_Baas

    ASR

    Active member
  • Feb 21, 2007
    740
    238
    43

    01 උදේ පාන්දර ෂෙඩ් එකෙන් තෙල් ගහන්න :yes::cool:

    මේකයි හයිඩ්‍රොකාබන වල තාපාංක සාපේක්ෂව අඩුයිනේ. ඒව රත් වෙනකොට ඒකක පරිමාවක තියෙන අණු ප්‍රමාණය අඩුවෙනව ප්‍රසාරණය නිසා ;) උදේ එහෙම අවුලක් නෑ. ඒ නිසා පුලුවන් තරම් උදේට තෙල් ගහන්න. ලීටර 12ක් ගහනව නම් මිලිලීටර සැලකිය යුතු ප්‍රමාණයක තෙල් ප්‍රමාණයක් අඩුවෙන් ලැබෙන එක වලක්ව ගන්න පුලුවන්.

    තව එකක්, ගිනි අවුවේ නවත්තල තියල ටැංකිය රත්වෙලා තියෙන කොට තෙල් ගහන්න එපා. එතකොට ටැංකිය ඇතුලෙ වාශ්ප වශයෙන් තියෙන පැට්රල් ටික පියන ඇරිය ගමන් එලියට යනව. ගහන තෙල්වලිනුත් ටිකක් වාශ්ප වෙනව ටැංකියේ රස්නෙට. බොරුනම් ටැංකිය රත්වෙලා තියෙන වෙලාවක පියන ඇරල පැත්තෙන් බලපන්.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පිස්සුද බන් බ්‍රෙක් ඔයිල් දාන්න :shocked::shocked::shocked: කිසිම ලූබ් එකක් එකක් ඩිස්ක් එකට දාන්න එපා. ගොඩක් තදයිද?, තල්ලු කරනකොට සීන් වගේ සද්දයක් එනවද? එහෙම සද්දයක් එනව නම් ඒ සද්දේ කැඩි කැඩි වගේ ඇහෙනවද?

    මේකට මචං කරන්න තියෙන්නේ මුලින්ම බලන්න ඕන බ්‍රෙක් ඔයිල් ගානට තියෙනවද කියල, තව කැලිපර් එක ගලවල ඇතුලෙ පිෂ්ටන් ටෙස් කරන්න ඕන ඔයිල් ලීක් අරව මේව තියෙද කියල.

    අර කිව්ව වගේ මේක හදා ගනින් මචං ඩිස්ක් එක කැපුනොත් අපරාදේ. බ්‍රෙක් පෑඩ් වගේ නෙමේ නේ. දන්න බාස් කෙනෙක්ට පෙන්නන්න. ඔහොම තදට පදින්න එපා. ලාවට තද ගතියක් තියෙන එක නොර්මල් එතකොට රෝදේ කරකැව්වම කැරකෙන්න ඕන වට දෙකක් වගේ. කිසිම ලූබ් එකක් නම් දාන්න එපා :no::no::no::growl:

    තල්ලු කරද්දි සින් ගාලා සද්දයක් එනවා... තව බ්‍රෙක් එක ඇල්ලුවහ ටික් ගාලා සද්දෙකුත් එනවා.. හෙට ගිහින් හදන් එන්න ඔනෙ බන්.. උදව් කරාට ගොඩක් ඉස්තුති මචන්:(
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    තල්ලු කරද්දි සින් ගාලා සද්දයක් එනවා... තව බ්‍රෙක් එක ඇල්ලුවහ ටික් ගාලා සද්දෙකුත් එනවා.. හෙට ගිහින් හදන් එන්න ඔනෙ බන්.. උදව් කරාට ගොඩක් ඉස්තුති මචන්:(

    මචං සීන් ගාල එන සද්දෙ හෙන නෝර්මල් මචං. ඒකට බය වෙන්න එපා :D:yes: කැලිපර් එක හොඳට හොල්ලල බලන්න ලාවට වගේ හෙල්ලෙනවද කියල. එ‍හෙම වෙන්න බොහෝ දුරට විදියටක් නෑ. අර සීන් සද්දෙ නම් පට්ට නෝමල් කිසිම සද්දයක් නැති වෙන්න හදන්න බෑ මචන් ඩිස්ක් බ්‍රෙක්. එහෙම හොඳත් නෑ අල්ලපු ගමන් තියෙන්න ඕන බ්‍රෙක්. :D:yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මචං සීන් ගාල එන සද්දෙ හෙන නෝර්මල් මචං. ඒකට බය වෙන්න එපා :D:yes: කැලිපර් එක හොඳට හොල්ලල බලන්න ලාවට වගේ හෙල්ලෙනවද කියල. එ‍හෙම වෙන්න බොහෝ දුරට විදියටක් නෑ. අර සීන් සද්දෙ නම් පට්ට නෝමල් කිසිම සද්දයක් නැති වෙන්න හදන්න බෑ මචන් ඩිස්ක් බ්‍රෙක්. එහෙම හොඳත් නෑ අල්ලපු ගමන් තියෙන්න ඕන බ්‍රෙක්. :D:yes:

    කාට හරි පෙන්නලාම බලනවා බන්..තැන්ක්ස් මචො ඇඩ්වයිස් එකට
     
    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    මගෙ බයික් එකෙ මෙන් ස්ටැන්ඩ් එක ගහලා ඉස්සරහ රොදෙ අතින් කැරකෙව්වට කැරකෙන් නැ..තදයි.. බ්‍රෙක් ඔයිල් දැම්මහම හරියනවද බන්...

    මචන්, බ්‍රේක් ඔයිල් දාල හරියන්නෙ නැතිවෙයි. පහල බ්‍රේක් කැලිපර් සෙට් එක ක්ලීන් කරන්න වෙනව. පුලුවන්නම්. හොද වැඩ්ඩෙක්ට කියල සම්පුර්ණ බ්‍රේක් සිස්ටම් එකම ගලවල ක්ලීන් කරල අලුතෙන් ඔයිල් දාන එක තමා හොදම වැඩේ:yes::yes::yes: