Mouse එකේ Right Click disabled කරපු Web Page වල Right Click enable කරන්නේ මෙහෙමයි

Juck22

Member
Aug 21, 2014
166
16
0
Mouse එකේ Right Click disabled කරපු Web Page වල Right Click enable කරන්නේ මෙහෙමයි

ලිපි කොපි කරයි කියලා බයට Mouse එකේ Right Click disabled කරපු සයිට් තියෙනවනේ. ඒ සයිට් කරන අය Mouse එකේ Right Click disabled කරාට පස්සේ Copy කරන්න බැහැ කියලා හිතන් ඉන්නවනම් ඒක බොරු.
මෙහෙම ගොඩක් වෙබ් පිටු වල මෙහෙම Mouse එකේ Right Click disabled කරලා තියෙනකොට ඒ වෙබ් පිටු වල තියෙන Link එකක් Image එකක් Post එකක ලියපු එක්තරා කොටසක් වත් Copy කරලා ගන්න බැරි වෙනවා.

ඉතින් මම අද ඔයාලට දෙන්නේ chrome extension එකක් මේ extension එකේ නම තමයි Enable right click" මේ extension එක දැම්මට පස්සේ Mouse එකේ Right Click disabled කරපු සයිට් වල ඔබේ පරිගනකයෙන් යනකොට Mouse එකේ Right Click Auto enable වෙනවා. extension එක පහත Link එකෙන් Download කරගන්න. මේ extension එක දැම්මට පස්සේ chrome වෙබ් බ්‍රවුසර් එකට වෙන extension වල වගේ වෙබ් බ්‍රවුසර් එකේ කොහෙවත් icon එකක් පෙන්වන්නේ නැහැ නමුත් මේ extension එක හොදින් වැඩ කරනවා.

https://chrome.google.com/webstore/...jm?utm_source=chrome-app-launcher-info-dialog

Mouse එකේ Right Click Auto enable කරාට වැඩක් නැහැ ඒ බ්ලොග් වල තියෙන මොනවා හරි දෙයක් Copy කරගන්න නම් අදාළ කොටස select කර ගන්න වෙනවා. ඉතින් ඒකට තව chrome extension එකක් තියෙනවා Allow Copy කියලා මේ extension එකෙන් පුලුවන් අදාළ කොටස select කරලා Copy කරගන්න. පහත Link එකෙන් මේ extension එක ගන්න. මේ extension එක දැම්මට පස්සේ Copy කරන ඒවා disabled කරපු සයිට් එකට ගිහිල්ලා ඔබේ chrome වෙබ් බ්‍රවුසර් එකේ තියෙන මේ extension එකේ icon එක ඔබලා enable කරගන්න ඕනේ.

https://chrome.google.com/webstore/...ah?utm_source=chrome-app-launcher-info-dialog

Source - http://www.lktips.com/2015/03/mouse-right-click-disabled-web-page.html
 
Last edited: