Move Over නීතිය කැඩීමේ ප්‍රතිඵල

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දත්තවලට අනුව අධිවේගී මාර්ගවලට වඩා සාමාන්‍ය පාරවල්වල අනතුරු සිද්ධ වෙනවා වැඩියි.හැබැයි අධිවේගී මාර්ගවල යන්න පුලුවන් වේගය වැඩි නිසා අනතුරක් වුනත් වෙන්න පුලුවන් හානිය සෑහෙන්න බරපතලයි.

    අධි වේගී මාර්ගයක වාහනයක් නවත්තගෙන ඉන්න සිද්ධ වෙනවා කියන්නේ අනතුරකට අත වැනීමක් ..අධි වේගී මාර්ගවල බ්‍රේක් ඩවුන් එකක් වෙලා හරි,නීති කඩලා හරි වාහනයක් නවත්තන්න වුනොත් සාමාන්‍යයෙන් කරන්නේ පාරේ අයිනෙන්ම වෙන් කරලා තියෙන වෙනම මං තීරුවේ නතර කරන එක.ඒත් එහෙම අයින් කරලා නැවැත්තුවා කියලා අපි 100%ක් ආරක්ෂිත කලාපයක ඉන්නේ කියලා නම් හිතන්න බෑ.

    මේ හින්දා තමයි Move Over කියන නීතිය හඳුන්වලා දීලා තියෙන්නේ.

    ඒකේදී වෙන්නේ නවත්තපු වාහනය තියෙන මං තීරුවයි ,ඊට යාබද මං තීරුවයි මගහැරලා අනිත් රථ වාහන ධාවනය කරන එක.නැත්නම් එහෙම තැනකදී වේගය අඩු කරලා ධාවනය කරන්න ඕනේ.

    hqdefault.jpg


    හැබැයි මේ නීතිය ගැන තැකීමක් නැති මිනිස්සු නිසා ජීවිත සෑහෙන්න නැති වෙනවා.පහල තියෙන වීඩියෝ එක බැලුවාම තේරෙයි මේ නීතිය කඩන උන් හින්දා මිනිස්සු ජීවිතවලින් වන්දි ගෙන හැටි.ඇමෙරිකාව වගේ රටක නම් පොලිස්කාරයෝ තමයි වැඩිපුරම වන්දි ගෙවන්නේ.අන්තිම ක්ලිප් එකේ තියෙනවා පොලිස්කාරයෙක්ගේ කීම නිසා පාරෙන් අයිනට ගිහින් ජීවිතේ බේරගන්න ගෑණු කෙනෙක්.


     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    ඔහොම තියනවනම් හොදයි... මෙහෙ මන්තීරු 2කේ අපේ උන් 4ක් කරනවන, හයිවේ ද නොර්මල්ද නැ ට්‍රැෆික්නම් වැඩිපුර මන්තීරු.. :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    ලංකාවේ ඔහොම නවත්තපු මං තීරුවයි අනිත් මන්තීරුවයි මග ඇරලා දාවනය කරන්න නම් මැද තියෙන guard rails ගලවන්ඩ වෙනවා
    ඒ මොකටද අයිනෙ එක ඇරුනම තව දෙකක් තියෙනව අපෙත්.